ලංකාවේ ජන සමාජය දෙස බලන විට අතීතයේ සිට පැවත එන බොහෝ විශ්වාසයන් ගැමියන් තුල පවතින බව දැකිය හැකිය. එම ගැමි විශ්වාස පිළිබඳව වචන 250 කට නොඅඩු රචනාවක් ලියන්න.
ගැමි විශ්වාස
ලංකාව යනු ආසියාතික රටකි. ආසියාතික රටවල බොහෝ වශයෙන් ගැමි විශ්වාසයන් යම් යම් සිද්ධීන් අරමුණු කොට ගෙන ගොඩ නැගේ. එසේම ලාංකීය සමාජයේ ද බහුල වශයෙන් විවිධ වූ ගැමි විශ්වාසයන් දක්නට ලැබෙයි. ගැමියන්ගේ කුමන කාර්‍යයක් සිදු කිරීමටත් මූලික වන්නේ ගැමි විශ්වාසයන් ය. රටවල් අනුව මෙන්ම ලංකාවේද ප්‍රදේශයෙන් ප්‍රදේශයට එකම ගැමි විශ්වාසය විවිධ වූ අයුරින් විශ්වාස කරයි.
ලාංකේය ජන සමාජයේද පැතිර පවතින ගැමි විශ්වාසයන් බොහෝමයකි. නිදසුන් ලෙස ගතහොත් නිවසක ඉදිරිපස එනම් ප්‍රධාන දොරටුව ඉදිරිපස තැඹිලි ගස් පැළ කිරීම අසුබ දෙයක් බව විශ්වාස කරන ගැමියන්, ගස පීදෙන විට නිවසේ ගෙහිමියට අසුබ පල ගෙන දෙන බව පවසයි. නමුදු නිවස ඉදිරිපිට වැටකෙයියා පැළයක් සිටුවීම සුබ දායකය දෙයක් බව විශ්වාස කරයි. එම පැළයට ජලය දැමීම තුළින් නිවැසියන්ගේ අපල දුරු වන බවට විශ්වාසයක් අපේ ලාංකේය ජන සමාජයේ පවතී.
තවද කළු කූඹීන් නිවස තුළට පැමිණීමද අපල ගෙන දෙන්නක් බවට විශ්වාස කෙරේ. තවද නයකු පිඹිද එයද ගෙහිමියාට අසුභදායී දෙයක් ලෙස සැළකේ. තවත් අසුභදායී දෙයක් ලෙස මිරිස් ගල මැදින් වල ගැසෙන සේ ගෙවී යෑම සඳහන් වෙයි.
නිවසක ගේ කුරුල්ලන් සිටීම සුභදායක දෙයක් සේ විශ්වාස කරයි. එහෙයින් පැරණි සමාජයේ සෑම නිවසකම පාහේ ඔවුනට කූඩූ සෑදීමට පරණ කඩදාසී පෙට්ටියක් හෝ මැටි මුට්ටියක් තැබීම සිදු කරයි. කබරගොයෙකු නිවස තුළ සිටීමද වඩාත් අසුභ දායක කරුණක් ලෙස විශ්වාස කරන ගැමියන් තලගොයාගේ පැමිණීම සුභ නිමිත්තක් ලෙස විශ්වාස කරනු ලබයි.
තවද පොල්කිච්චන් නිවස තුළට පැමිනීමද අසුභ දායී දෙයක් ලෙසට විශ්වාස කරන ගැමියා ඔත්තේ සංඛ්‍යාවක පොල්කිච්චන් සක්ඛ්‍යාවක් මිදුලට පැමිණ කෑ ගැසූහොත් එය මරණයේ පණිවුඩයක් ගෙන එන බවට විශ්වාස කෙරේ. කෙසේ නමුත් පොල්කිච්චන් ගේ පැමිණීම අසුභදායී දෙයක් ලෙසට පිළිගැනේ. උලමකුගේ කෑ ගැසීමද ඉතා අසුබ බවට ගැමියන් විශ්වාස කරයි. කෙසේ නමුදු මරණ බියත් මරණයේ පණිවිඩයත් එකවර ගෙන එන අති භයානක හඬක් සහිත කුරුල්ලෙක් බව උලමා හෙවත් යක් කුරුල්ලා ගැන ගැමියන්ගේ විශ්වාසයයි. උලමා ගැමියන් හදුන්වන්නේද මූසල කුරුල්ලෙකු ලෙසයි.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
තවද, ගැමියන් ගමනක් යෑමට පිටත් වන විට හූනන් හැඩීම, කෑරලකු කෑ ගැසීම, දරුවන් නොමැති වද ගැහැණියක් මුණ ගැසීම, අවි ආයුධ, උදලු ආදිය රැගත් පුද්ගලයකු හමු වීම, මහලු පුද්ගලයකු හමු වීම, යනාදී සිද්ධීන් වූවහොත් ගමන නතර කිරීම හොද යැයි විශ්වාස කරයි. නැතිනම් එම ගමන ප්‍රමාද කල යුතු බව විශ්වාස කරයි.
තවද, ගැමි සමාජයේ මෙන්ම වර්ථමාන කාලයේද සමහරෙක් පෙදෙස් වල වැඩිවියට පත් ගැහැණු දරුවන් සවස 6න් පසුව තනියම පිටට නොයවයි. ඔවුන්ට රාත්‍රී කාලයේ එළි මහන් ස්ථානවල ස්නානය කිරීමට පවා ඉඩ ලබා නොදෙයි. ගැහැනු දරුවන්ට දහවල් කාලයේ රතු, කලු වැනි වස්ත්‍ර ඇදගෙන එළියට යෑමටද ඉඩ නොදෙයි.
දිගු නියං කලකට පසුව කපුටන් මඩ වලක ස්නානය කිරීම ශුබ බව විශ්වාස කරයි. එසේ වූවහොත් වැසි ලගම බවට විශ්වාසය පවතී. තවද කුකුළකුගේ හඬද සුබ නිමිත්තකි. නමුදු කිසිදිනක නොහඬලන කිකිළියක හැඩලූවහොත් එය ද ඉතාමත් අසුභ දායී දෙයක් බව විශ්වාසයේ පවතී.
මේ ආදී අයුරින් අතීත, වර්ථමාන භේදයකින් තොරව මුල් කාලයේ සිටම පැවත ආ ගැමි සමාජ විශ්වාසයන් සමාජයේ මෙන්ම ගැමි මනස තුළද කිදා බැස ඇති බව පැහැදිලිය දැක ගත හැකිය.
Key words
ගැමි විශ්වාස
ඇදහිලි සහ විශ්වාස
ඇදහිලි හා විශ්වාස රචනා
සමාජ විශ්වාස
සමාජ විශ්වාසයන් රචනාව
Gemi wishwasa pdf
ගැමි විශ්වාස pdf download
Comments