Skip to main content

සිංහල රචනා 25 - අධ්‍යාපනය යනු

අධ්‍යාපනය යනු රචනාව

අධ්‍යාපනය යන්න හදුන්වා ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව අදහස් දක්වමින් වචන 250 කට නොඅඩු රචනාවක් ලියන්න.




අධ්‍යාපනය යනු

"අධ්‍යාපනය" යන වචනය සවන වැටීමත් සමගම අපගේ මනසට ගලා එන්නේ පාසලේ පංති කාමරයක් තුළට වී ගුරුවර ගුරුවරියන් උගන්වන විශයන් පිළිබදව ඉගෙනීමයි. සම්මත වශයෙන් පවතින මෙම අධ්‍යාපන ක්‍රියාවලියට රජය විසින් අති විශාල මුදල් ප්‍රමාණයක් බැර කොට තිබේ. නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතා ඊට සියලුම ඉඩ කඩ සපයා ඇත. නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ඵල නෙලා ගන්නා ශිෂ්‍ය පරපුර සාර්ථක ලෙස ලාංකේය ශ්‍රම බලකායට එක් වේ. එයිල් රටේ ආර්ථිකයද වර්ධනයට හේතුවක් වේ. 

පෙර පාසලෙන් ආරම්භ කරන විද්‍යාරම්භනය ඉන් පසු ප්‍රාථමික අධ්‍යාපනයටත්, ද්විතීය අධ්‍යාපනයටත්, උසස් අධ්‍යාපනයටත් පිවිසෙති. පාසල් අධ්‍යාපනයට පැමිණි සිසුන්ට අති විශාල මුදලක් ලාංකේය රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වෙන් කොට ඇති බව අප සෑම දෙනාම දන්නා කරුණකි. නමුත් සමහර අවස්ථාවන්හීදී නිසි පරිදි ලැබෙනවාද යන්නත් ප්‍රශ්නාර්ථයක් දනවයි ..?.

කෙසේ නමුදු අපේ රටේ උසස් අධ්‍යාපනය හදාරන බොහො සිසුන් රැකියා විරැකියාවෙන් පෙළේ. ඔවුන්ට ගැළපෙන රැකියා නොමැති වීමත්, ආර්ථික ගැටලු හේතුවෙන් රැකියාවන්ට ගැළපෙන අවැසි පාඨමාලාවන් හැදෑරීමට නොහැකි වීමද හේතුවෙන් ඔවුහු මුලු රටටත්, සමාජයටත්, නිවසටත් සෑම සියළු දෙනාටම පාහේ බරක් වී ඇත. ලාංකීය පාසල් අධ්‍යාපනය මගින් විභාග සමත් වී උසස් අධ්‍යාපනය ලැබූවද අවශ්‍ය කුසලතා සංවර්ධනය වන ක්‍රියාදාමයක් නොපවතී. අධ්‍යාපනය ලැබූ පසු තවත් පාඨමාලා නොමැතිව රැකියා සොයා ගැනීම අපහසුනම් ඒ ලබා දුන් අධ්‍යාපනයේ විධිමත් බව, ප්‍රායෝගික බව අපැහැදිලිය. එසේනම් විශ්වවිද්‍යාල සිසුන්ගේත්, පාසල් සිසු පරපුරගේත් කුසලතා වර්ධනය වීමට අවශ්‍ය ක්‍රියාදාමයන් තවදුරටත් සිදු කිරීමට පියවර ගත යුතුය.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.


අද එනම් වර්ථමාන සමාජය වන විට සමාජය තුළ ජීවත් වීමට නම් අධ්‍යාපනය අවම වශයෙන් 13 වන වසරට වත් හදාරා තිබිය යුතුය. එසේ නොවුනහොත් සමාජයෙන් කොන් වේ. ප්‍රශ්න වලට මුහුණ පෑමට සිදු වේ. 

"ඉගෙනීම කටු ඉත්තකි
 එහි ඵලය මල් ඉත්තකි"

යන කියමන අධ්‍යාපනයට හොදින්ම ගැළපේ. මන්දයත් අධ්‍යාපනය ලැබීමට අසීමිත දුක් කම්කටොළු බොහෝමයකට මුහුණ දීමට සිදු වේ. අසීමිත කැප කිරිම් ප්‍රමාණයකුත් සිදු කිරීමට සිදු වේ. ඒ මන්ද යත් විනෝද චාරිකා, විනෝද ක්‍රියා, සමාජය හා එක්වීම්, උත්සව අවස්ථාවන් වැනි සියල්ලක්ම පාහේ අපට කැපකිරීමට සිදු වේ. නමුත් ඒ කැපවීම් අවසානයේ නෙළන්නේ දස දෙස සුවද පතුරන මල් ඉත්තක්මය. එක් මලක් නොව ඒ මල් ඉත්තක්මය. ඉන් පසු ජීවිතයේ සාර්ථකත්වය තම ඇසට පෙනීමට ඇත. අධ්‍යාපනය ජීවිතයට මැනිකක් බඳුය. වෙහෙස වී මැණික සොයාගෙන අලෙවි කළ පසු මුලු දිවියම ආලෝකමත් වේ.

අධ්‍යාපනය කිසිදු දිනක නිමා නොවේ. අප මිය යන තුරුම අධ්‍යාපනය, දැනුමක් ලබයි. අපද අපට හැකි සෑම අවස්ථාවකම අපව දැනුමෙන් පෝෂණය කර ගැනීමට වග බලා ගනිමු.




Key words 

අධ්‍යාපනය යනු

අධ්‍යාපනය පිළිබඳ නිර්වචන

නිදහස් අධ්‍යාපනයේ පියා රචනා pdf

13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය 

අධ්‍යාපනය 

අධ්‍යාපනය පිළිබඳ දාර්ශනික මත

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය pdf

අධ්‍යාපනය යනු රචනා


Comments