Skip to main content

පරිසරය සුරකිමු රචනාව

පරිසරය මිනිසාට ජීවත් වීමට අවශ්‍ය සියලු දේ සපයා දෙයි. නමුත් අනුවන මිනිසා පරිසරය විනාශ කරයි. පරිසරය සුරැකීමට සිත් යොමු කරමින් වචන 250 කට නොඅඩු රචනාවක් ලියන්න.


පරිසරය සුරකිමු

පරිසරය යනු අප අවට වටපිටාවයි. මිනිසාද පරිසරයේම කොටසක් ලෙස සැලකීම නිවැරදිය. පරිසරය කියූ සැනින් මතකයට නැගෙනුයේ ගස් වැල් සහ සතා සිව්පාවන් ය. ගංඟා, ඇල දොළ සහ කදු වැටිය. ගස් වැල් සදහා පරිසරයේ වැඩි වටිනාකමක් දිය යුතු වනුයේ මිනිසා සහ සියළු සතා සිව්පාවන්ගේ ජීවය රැදී ඇත්තේ ගස් වැල් ලබා දෙන ආහාර හා ඔක්සිජන් මත වන නිසාය. 

අතීතයේ මිනිසා එක් ගසක් කැපූවිට ගස් දහයක් සිටුවීමට වගබලා ගත්තේ එතරම්ම පරිසරය මිනිසාගේ පැවැත්මට වැදගත් ප්‍රයෝජන රැසක්ම ලබා දෙන නිසාය. ඒ අතීත මුතුන් මිත්තන්ගේ ආදර්ශ ගෙන අපි ද පරිසරය සුරකිමු.

ලොව ජීවීන් ජීවත් වන එකම ග්‍රහලෝකය වන්නේ පෘතුවිය යි. එම පෘතුවි පෘශ්ඨයෙන්ද වැඩිම ප්‍රමාණයක් වසාගෙන ඇත්තේ හරිත ශාඛයන්‍ ය. එනම් හරිත ලෝකය වන වනාන්තරය ය. ජාතියේ ජීවනාලිය බදු වූ පරිසරය සුරැකීම ලොව පුරා ජනතාවගේ මෙන්ම ශ්‍රී ලාංකේය ජනයාගේ වගකීමකි. යුතුකමකි. 

ඉවක් බවක් නොමැතිව පරිසරය එළි පෙහෙළි කර මහා විනාශයක් ලඟා කර ගැනීමට දරන උත්සාහයක් නූතන ලෝකයේ දැකිය හැකිය. ශ්‍රී ලංකාවේද මෑත කාලීනව අදික උණුසුමකින් යුතු කාළගුණික විපර්‍යාසයන්ද ඇති වන්නේ පරිසර සම්පත, වන සම්පත විනාශ මුඛයට ඇද දමන හෙයිනි. මිනිසා හරිත ශාක මත යැපෙන ජීවියෙකු වන හෙයින් අපේම ජීවිත රැකගැනීම වෙනුවෙන් අපි පරිසරය සුරකිමු.

ලොව පුරා මෙන්ම ලංකාවේද ජෛව විද්‍යාත්මක වටිනාකමකින් යුක්ත වනාන්තර පද්ධතීන් ද පවතී. සිංහරාජ වනාන්තරය, වැනි වනාන්තරද දුර්ලභ ශාඛ හා සත්ත්ව විශේෂයන්ද අවුරුදු සිය දහස් ගණනක් ඉපැරණි නමුත් දිනින් දින වර්ධනය වන හෝර්ටන් තැන්න වනාන්තරය තුළින්ම දැකගත හැකිය. වටිනාකමින් අදික දැවමය ශාඛ, ඖෂධ පැලෑටී වටිනා රසවත් පළතුරු වර්ග රැසක්ද පරිසරය දරා සිටින්නේ අප වෙනුවෙන් නිසාවෙන් ඒ පරිසරය අපි සුරකිමු.


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.



අතීත මුතුන් මිත්තෝ පරිසරය සුරැකීම නිසා අද අප යහතින් ජීවත් වේ. අනාගත පරපුර වෙනුවෙන් ඒ පරිසරය අප සුරැකිව තබා ගන්නවා ද යන්න නම් විශාල පැනයකි. පරිසරයට අහිතකර රසායන නිපදවමින්, භාවිත කරමින්, ඒවා පරිසරයට මුදා හරින මිනිසා පරිසරයේ ප්‍රධාන සතුරා වී තිබීම කණගාටුදායක තත්වයකි. හැකිතාක් පරිසරයට හිතකාමී ද්‍රව්‍ය පරිහරණය කරමින්, පරිසරයට ජීර්ණය වන ද්‍රව්‍ය පමණක් මුදා හරිමින් මතු පරපුර වෙනුවෙන් අපගේ යුතුකම් කොටස ඉටු කරමින්, අපි පරිසරය සුරකිමු.





Key words 

පරිසරය සුරකිමු

පරිසරය සුරකිමු රචනාව 

පරිසරය සුරකිමු රචනා pdf

පරිසරය ගැන විස්තර

පරිසරය රචනා pdf download 

පරිසරය රචනාව 

පරිසරය සුරැකීම රචනාව 

Comments