Skip to main content

එස් මහින්ද හිමි පිළිබඳ රචනාව

ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් ජාතික වීරයෙකි. එස් මහින්ද හිමියන් පිළිබඳව විස්තර දක්වමින්, එස් මහින්ද හිමියන් පිළිබඳ අගයමින් රචනාවක් ලියන්න.


එස් මහින්ද හිමි

දකුණු ඉන්දියාවේ නැගෙනහිර හිමාලයේ පිහිටි සිකීම් නම් කුඩා රටෙහි උපත ලද ඇස්. කේ තෂිනම්ගල් කුඩා කල සිටම විවිධ වූ දස්කම් පෑ දරුවෙකි. දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ තෂිනම්ගල් කුඩා කලම දෙමාපියන් මිය ගියේය. දොළොස් වියැති තෂිනම්ගල් සිය වැඩිමල් සොහොයුරා වූ පැවිදි දිවියට එළඹ සිටි සිකීම් පුණ්ණජී හිමියන්ද, ජර්මන් ජාතික හිමි නමක් වූ ඤාණතිලෝක හිමියන්ද සමග ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ බව සදහන්ය.

මෙම පිරිසගේ මුල්ම නවාතැන් භූමිය වූයේ පොල්ගස්දූවේ ආරාමය යි. භාශාව පිළිබදව හසළ ලෙස පොල්ගස්දූවේන් උගත් තෂිනම්ගල් රත්ගම ශ්‍රී චූලසුමන නම් වූ හිමිගේ ශිශ්‍යයකු වශයෙන් ඉතා කීකරුව ගුණගරුකව සිට අමරපුර නිකායෙන් පැවිදි දිවියට එළබිණි. ඒ දොඩම්දූවේ පැවති ශෛලබිම්බාරාමයේදී ය.

එස් මහින්ද හිමියන් පසුව දෙවන වරටත් 1930 වසරේ වෙනත් නිකායකින් එනම් ශ්‍යාමොපාලී නිකායෙන් ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද නාහිමියන් යටතේ දෙවන වතාවටද බුදධ ශාසනයට එක් වූයේ අති පහන් සිතිනි.

සිංහල, පාලී, සංස්කෘත යනාදී භාශා ත්‍රිත්වයෙන්ම හසළ දැනුමකින් යුක්ත වූ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු කලේ පාසල් ගුරුවරයෙක් ලෙසිණි.


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.


 



එස් මහින්ද හිමියන් රචනා කල තවත් ග්‍රන්ථයන් ලෙස ඔවා මුතු දම, කව්මිණ, කව්මුතු, ළමා කව් කළඹ, දරු නැළවිල්ල යනාදී ළමා ග්‍රන්ථයන්ද කුසුමාංජලී, රත්නාවලී කාව්‍යය වැනි කෘතීන් දැකිය හැකි වන අතර දෙවැනි රාජසිංහ චරිතය, මහා පරාක්‍රමබාහු කුමාර කාලය, ශ්‍රී පාද ආදීය උන් වහන්සේගේ ගද්‍ය කෘති අතරට ගැනේ. 

කුඩා කල සිටම විශිෂ්ට ධර්මදේශකයෙකු වූ ඇස් මහින්ද හිමි අයුක්තිය, අසාධාරණය නොඉවසූ අතර ඒ වෙනුවෙන් හඬ නැගීය. 

එකල ඉංග්‍රීසි පාලනය යටතේ නිවට නිවාලුව සිටි සිංහලයන් අවධි කරමින් නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කල ජාතික වීරයෙකු ලෙස ඇස් මහින්ද හිමියන් සිහිපත් කල යුතුය.

එස් මහින්ද හිමියන්ගේ පද්‍ය නිර්මාණ අතර වූ නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය, ලංකා මාතා, දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල යනාදිය තුළින් ජනතා හදවත් තුල ජාතිකානුරාගය ඇති කිරීමට ඇස් මහින්ද හිමියන් සමත් වූහ.

ලංකාවෙහි නූපන් ලංකා පුත්‍රයෙක්, එවන් උදාර මිනිසෙක්, ජාතික වීරවරයෙක්1951 මාර්තු 16 වැනි දා අපවත් වීය.



Key words

එස් මහින්ද හිමි

එස් මහින්ද හිමි ගැන තොරතුරු

එස් මහින්ද හිමි

ඇස් මහින්ද හිමි ගැන තොරතුරු

ඇස් මහින්ද හිමි ගැන තොරතුරු

එස් මහින්ද හිමි ලියූ කවි

ටිබෙට් ජාතික එස් මහින්ද හිමි

ඇස්.මහින්ද හිමි

එස් මහින්ද හිමි ගැන විස්තර

ඇස් මහින්ද හිමි

එස්.මහින්ද හිමි

Comments