Skip to main content

සිංහල හින්දු අලුත් අවුරුද්ද රචනාව

සිංහල හින්දු අලුත් අවුරුද්ද ලංකාවේ ප්‍රධානතම සංස්කෘතික මංගල්‍යය වේ. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද පිළිබඳව සාමාන්‍ය හැදින්වීමක් කරමින් වචන 250කට නොඅඩු රචනාවක් ලියන්න.



සිංහල හින්දු අලුත් අවුරුද්ද

ඉතා ඈත අතීතයක පටන් පැවත එන්නා වූ මහා කලා සංස්කෘතික මංගල්‍යයක් වන සිංහල හින්දු අලුත් අවුරුද්ද සූර්යා මීන රාශියෙන්, මේෂ රාශියට සංක්‍රමණය වීම මූලික කොට ගෙන සෑම වසරකදීම මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි. 

විවිධ ආගමික විශ්වාසයන් සමග බැඳී ඇති මෙම අලුත් අවුරුදු සැමරුම බෞද්ධ හා හින්දු ආගමිකයන් තමන්ට අනන්‍ය වූ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින් වෙනස් වූ ආකාර දෙකකින් සමරනු දැකීමට හැකි වේ. ලංකාව තුල බහුතරය බෞද්ධයන් වන හෙයින් ශ්‍රී ලංකා රජය නිල වශයෙන් සිංහල බෞද්ධ සිරිත් විරිත් අනුගමනය කරමින් සිංහල හින්දු අලුත් අවුරුද්ද වසරක් පාසා සමරනු ලබයි.

සාම්ප්‍රදානුකූලව නක්ෂත්‍ර කරුවන් සකසන නැකත් පත්‍රය අනුව සියලු දෙනා එකම වේලාවක සියලු වැඩ නවතා, පුන්‍ය කටයුතුවල යෙදී, අලුත් අවුරුද්ද ලැබූ පසු එකම වේලාවක ලිප ගිනි මොලවා, එකම කිරිබතක් පිළියෙල කර, එකම නැකතකදී ආහාර අනුභව කරයි, ගනුදෙනු කරයි, නැකතට වැඩ අල්ලයි.

සාමාන්‍ය පරිදි බක් මස 13 හා 14 දිනයන් සිංහල අවුරුදු නිවාඩු දිනයන් වේ. එම දින දෙකෙන් පසුවද නැකැත් යෙදෙන අතර හිස තෙල් ගෑම, රැකී රක්ෂා සදහා පිටව යෑම එලෙස යෙදෙන ප්‍රධානතම නැකත් වේ. 

සූර්යයා මූලික කරගනිමින් සමරනු ලබන මෙම අලුත් අවුරුදු සැමරුම සූර්ය මංගල්‍යය යන නමින්ද හදුන්වනු ලබයි. නන්දසේන රත්නපාලයන් පවසන පරිදි අතීතයේ පැවත ඇති සූර්ය දේව වන්දනාව ආශ්‍රයෙන් අලුත් අවුරුදු සැමරුම ආරම්භ වන්නට ද ඇත.

සිංහල හින්දු අලුත් අවුරුද්ද හා බැඳුන ජන ක්‍රීඩා ද බොහෝය. අතීතයේ සිට පැවත එන එම ක්‍රීඩා නූතනයේ බොහෝ විට අවුරුදු උත්සව සැමරුම් උළෙල වලට පමණක්ම සීමා වේ. කොට්ට පොර ගැසීම, ලිස්සන ගස නැගීම, කබ ඇදීම, ඔංචිලි වාරම්, රබං තරග ආදිය එලෙස අලුත් අවුරුද්දට සීමා වන තරග අතර වේ.

අලුත් අවුරුදු කුමරා කුමරිය තේරීම, සිඟිති අවුරුදු කුමරා කුමරිය තේරීම, කිරිකැවීම, අලියට ඇහැ තැබීම, කනා මුට්ටි බිදීම ආදිය නූතනයේ බෙහෙවින් ප්‍රචලිත බව දැකිය හැකිය.


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.

 


සිංහල හින්දු අලුත් අවුරුද්ද හා සබැදි ගොවි ගැමි ජනතාව අතර පැවත එන්නා වූ විශාල චාරිත්‍ර වාරිත්‍ර ප්‍රමාණයක් පවතින අතර ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඒවායේ සුළු සුළු වෙනස්කම් ද දැකිය හැකිය. 

වර්තමාන කාර්ය බහුල සමාජය තුල සිංහල හින්දු අලුත් අවුරුද්ද නව්‍යකරණය වීම සාමාන්‍ය වන අතර එහි මූලික හරය වන සාමය සමගිය සමානාත්මතාවය ආදිය පවත්වා ගනිමින් අලුත් අවුරුද්ද සැමරීම සිදු කල යුතුය. අනාගත පරපුර සඳහා ද සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර දායාද කරමින් එවා නිසි ලෙස පවත්වා ගත යුතුය.


සිංහල හින්දු අලුත් අවුරුද්ද රචනාව 02




Key words 

සිංහල හින්දු අලුත් අවුරුද්ද රචනා

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද රචනා

සින්හල අලුත් අවුරුද්ද රචනා

උත්සවය සිංහල දෙමළ අලුත් අවුරුද්ද රචනා

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද රචනා

අලුත් අවුරුදු රචනා pdf

සිංහල හින්දු අලුත් අවුරුද්ද රචනා pdf

Comments