ආදර්ශ පිළිතුරු ( අ.පො.ස සා/පෙළ 2022/23) සිංහල ප්‍රශ්න පත්‍රය
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022(2023)
සිංහල භාෂාව හා සාහිත්‍ය I
අංක 1 සිට 3 තෙක් ප්‍රශ්නවල එක් එක් වාක්‍යයෙහි තද කළු අකුරින් මුද්‍රිත කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න.
1. සිරිපාල සතු සබ්බ සකල මනාව ම ගංවතුරට විනාශ වූයේය.
(1) සියලු සම්පත්
(2) ගේ තුළ තිබූ සියල්ල
(3) ධන ධාන්‍ය ආදිය
(4) මිල මුදල්
(පිළිතුර - 1)
2. අධික බදු බර නිසා ජනතාව කබලෙන් ලිපට වැටුණහ.
(1) පෙර පරිද්දෙන් ම දුෂ්කරතාවට පත් වූහ.
(2) පෙරට ද වඩා දුෂ්කරතාවට පත් වූහ.
(3) කබල කැඩී ළිපට වැද වැටුණහ.
(4) දුෂ්කරතාව දරා ගැනීමට නොහැකි තත්ත්වයට පත් වූහ.
(පිළිතුර - 2)
3. සතුරු සේනාව වැල නොකැඩී නගරයට ඇතුළු වූහ.
(1) නැවතී නැවතී
(2) එකිනෙකා පසුපසින්
(3) රංචු වශයෙන්
(4) කඩින් කඩ
(පිළිතුර - 2)
ප්‍රශ්න අංක 4 සිට 6 තෙක් ඇති ප්‍රශ්නවල හිස්තැන් වලට වඩාත් සුදුසු පදය තෝරන්න.
4. වර්තමානයෙහි, ඩොලරයට සාපේක්ෂ ව රුපියලෙහි අගය......... වෙයි.
(1) අස්ථාවර
(2) චංචල
(3) උච්චාවචනය
(4) නිශ්චල
(පිළිතුර - 3)
5. සොර දෙටුවකු වූ ජීවදත්තගේ... වූයේ අග්නිදත්ත ය.
(1) චෞරයා
(2) වනචරයා
(3) නිශාචරයා
(4) සහචරයා
(පිළිතුර - 4 )
6. වචන මාර්ගයෙන් දෙදෙනකු අතර සිදු වනුයේ..
(1) විලාපයකි
(2) ප්‍රලාපයකි
(3) ආලාපයකි
(4) සංලාපයකි
(පිළිතුර - 4)
7. සෑම පදයක ම අක්ෂර වින්‍යාසය නිවැරදි ව යෙදී ඇති පද පේළිය තෝරන්න.
(1) පරිඝණක, අරමුණ, තෘෂ්ණාව, සෝදාපාළුව
(2) ප්‍රතිඵල, වළාකුළු, ප්‍රණාමය, විදර්ශනා
(3) ලේඛනය, සමස්ත, ගවේෂණය, කසළ
(4) පාඨමාලාව, පිළියෙළ, සන්තුෂ්ටිය, තොටුපොළ
(පිළිතුර - 3)
8. මුදුන, ගෞරව, දීකිරි, මේඝ යන වචන වල පළමු අකුරෙහි අන්තර්ගත පිල්ලම අනුපිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න.
(1) කෙටි පාපිල්ල, කොම්බුව හා ගයනුකිත්ත, දීර්ඝ ඉස්පිල්ල, කොම්බුව හා දීර්ඝත්ව ලක්ෂණය
(2) කෙටි පාපිල්ල, කොම්බුව හා දීර්ඝත්ව ලක්ෂණය, දීර්ඝ ඉස්පිල්ල, කොම්බුව හා ගයනුකිත්ත
(3) කෙටි පාපිල්ල, දීර්ඝ ඉස්පිල්ල, කොම්බුව හා දීර්ඝත්ව ලක්ෂණය, කොම්බුව හා ගයනුකිත්ත
(4) කෙටි පාපිල්ල, කොම්බුව හා ගයනුකිත්ත, කොම්බුව හා දීර්ඝත්ව ලක්ෂණය, දීර්ඝ ඉස්පිල්ල
(පිළිතුර - 1)
9. "අධිකාරී" යන පදයෙහි අන්තර්ගත ව්‍යාඤ්ජන අක්ෂර වර්ග වනුයේ,
(1) කණ්ඨජ, දන්තජ හා ඕෂ්ඨජ ය.
(2) දන්තජ, ඕෂ්ඨජ හා මූර්ධජ ය.
(3) දන්තජ, කණ්ඨජ හා මූර්ධජ ය.
(4) ඕෂ්ඨජ, තාලුජ හා දන්තජ ය.
(පිළිතුර - 3)
10. අකාරාදී පිළිවෙල නිවැරදි ව දැක්වෙන පද පේළිය තෝරන්න.
(1) කැනඩාව, ජර්මනිය, රුසියාව, ප්‍රංශය
(2) චීනය, ජපානය, භූතානය, මාලදිවයින
(3) පිලිපීනය, සිරියාව, බංගලාදේශය, රුමේනියාව
(4) යුක්‍රේනය, මැඩගස්කරය, නවසීලන්තය, බ්‍රසීලය
(පිළිතුර - 2)
11. අනුක්ත නාම පද පමණක් යෙදී ඇති වරණය තෝරන්න.
(1) දරුවා, නිළියක්, හාවන්, දෙවියන්
(2) නිවටයකු, සිවලුන්, වනිතාවක්, විදේශකයන්
(3) සුද්දන්, මාළුවකු, බැතිමතෙක්, ගිරවකු
(4) බුද්ධිමතුන්, ධනවතකු, ලලනාවක, යකකු
(පිළිතුර - 4)
12. "අවුරුදු උත්සවයේ දී ඔවුහු ගගේ ඔරු පැද්දහ" යන වාක්‍යයෙහි "ගගේ" යන්නෙහි විභක්තිය කුමක් ද?
(1) සම්බන්ධ
(2) ආධාර
(3) කර්ම
(4) කරණ
(පිළිතුර - 2)
13. "පොල්තෙල්" යන්න අයත් වනුයේ,
(1) විශේෂණ සමාසයට ය.
(2) දකාරාර්ථ සමාසයට ය.
(3) අන්‍යාර්ථ සමාසයට ය.
(4) විභක්ති සමාසයට ය.
(පිළිතුර - 4)
14. "පුද්ගල + ඉක" යන ප්‍රකෘතිය හා ප්‍රත්‍ය එක් වූ විට සකස් වන පදය නිවැරදිව දැක්වෙන වර්ණය තෝරන්න.
(1) පෞද්ගලික
(2) පුද්ගලික
(3) පෞද්ගලීක
(4) පුද්ගලික
(පිළිතුර - 1)
15. මුලින් දී ඇති ව්‍යාකරණ ප්‍රවර්ගයට අයත් නොවන පදයක් සහිත වර්ණය තෝරන්න.
(1) ස්වර සන්ධි - මලසුන, පිනැති, වමත, මතැත්
(2) කෘදන්ත- බැලීම්, සැලීම්, වෙළීම්, ගැලීම්
(3) දකාරාර්ථ සමාස - අත්පා, ඇස්කන්, දෑතදෙපා, බඩකට
(4) පූර්ව ක්‍රියා - අනා, මනා, තනා, වනා
(පිළිතුර - 4)
16. අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියාවක් යෙදී ඇති වාක්‍යය කුමක්ද?
(1) කම්කරුවන් වැඩ කරද්දී ස්වාමියා බලා සිටියි.
(2) දරුවෝ උඩ පැන පැන රංගනයේ යෙදුණහ.
(3) සමන් විදේශගත වුවහොත් මම ද එහි යන්නෙමි.
(4) දරුව, ඉක්මනින් මෙහි එව'යි පියාණෝ කීහ.
(පිළිතුර - 3)
අංක 17 සිට 19 තෙක් ප්‍රශ්නවල තද කළු අකුරින් මුද්‍රිත කොටසේ අර්ථය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.
17. පර්යේෂකයා එහි කෘතිය ක් ගැන කළ සමාලෝචනය අතිශය වැදගත් ය.
(1) මැනවින් සෙවීම
(2) මැනවින් නෙත් යොමු කිරීම
(3) ගැඹුරින් සොයා බැලීම
(4) ගැඹුරින් විමසා බැලීම
(පිළිතුර - 2)
18. ඔහු සාරගර්භ දේශනයක් පැවැත්වී ය.
(1) සාරවත්භාවයෙන් පිරුණු
(2) සාරවත් ගර්භයකින් යුතු
(3) සාරවත් වූ ගැබක් ඇති
(4) සාරවත් වූ ආරම්භයක් ඇති
(පිළිතුර - 1)
19. ඔහු එකුන්තීස් වැනි වියට එළඹියේ ය.
(1) විසි එක්
(2) තිස් එක්
(3) විසි නව
(4) තිස් නව
(පිළිතුර - 3)
20. දී ඇති වචන ගොනු වතුරෙන් අන්‍යෝන්‍ය වශයෙන් සමීප කාරයයන් සමග බැඳී නොපවත්නා පද පේළිය ඇතුළත් වර්ණය තෝරන්න.
(1) ඉදල, කොස්ස, මකුළුදැල්, කුණු බඳුන
(2) හට්ටිය, මුට්ටිය, නැඹිලිය, හැන්ද
(3) පිහිය, කැත්ත, පොරව, තාච්චිය
(4) පෑන, පැන්සල, පොත, මකනය
(පිළිතුර - 3)
21. එක් එක් පද පේළියේ දක්වා ඇති පදවලට සමානාර්ථ යෙදුම් පමණක් ඇතුළත් වරණය තෝරන්න.
(1) ඝර-ගෙය, නේත්‍ර- නෙත, ශීර්ෂ- නළල, නාග- නයා
(2) පවන- වාත, සුර- අසුර, ආකාශ- අහස, මන්දිර- මැඳුර
(3) දන්ත- දත්, ක්ෂේත්‍ර- කුඹුර, වත්ත- භූමිය, සාර- සරු
(4) ලතා- වැල, රථය- රිය, පියා- පිතෘ, පාංශු- පස්
(පිළිතුර - 4)
22. මුලින් දී ඇති පදයට සමානාර්ථයක් නොදෙන පදයක් ඇතුළත් වර්ණය තෝරන්න.
(1) පොත- ග්‍රන්ථය, පුස්තකය, නිර්මාණය, ගත
(2) ශෛල- ගල, සෙල්, ශිලා, පහණ
(3) හිරු - දිනපති, දිනමිණ, සහසකර, දිනිඳු
(4) ස්ත්‍රිය- වනිතාව, කාන්තාව, මහිලා, ගැහැනිය
(පිළිතුර - 1)
23. විරුද්ධාර්ථවත් පද යුගලයක් ඇතුළත් නොවන වරණය තෝරන්න.
(1) කීර්ති- අපකීර්ති
(2) ප්‍රබල- දුබල
(3) මර- අමර
(4) අඳ- ගොළු
(පිළිතුර - 4)
24. වැරදි අදහස දෙන ප්‍රකාශය තෝරන්න.
(1) "අ+උ" යන අකුරු දෙක සන්ධි වීමෙන් "එ" යන්න සැකසේ.
(2) "දෙව්ලොව" යනු විභක්ති සමාස පදයකි.
(3) "කුමාරතුංගයෝ" යන්නෙහි අනුක්ත රූපය "කුමාරතුංගයන්" යන්න යි.
(4) "ධීමත්" යනු අස්ත්‍යර්ථයේ තද්ධිත පදයකි.
(පිළිතුර - 1)
25. පහත දැක්වෙන වාක්‍ය අතුරින් මනා පද ගැලපීමෙන් යුක්ත, අර්ථාන්විත වාක්‍ය තෝරන්න.
(1) අධර්මයෙහි නියුක්ත වූවෝ ධාර්මිෂ්ඨයෝ ය.
(2) පරහීතකාමීන්ගේ මුඛ්‍ය අවධානය ආත්මලාභය සපුරාලීම යි.
(3) ජීවන අත්දැකීම් වනාහි නිර්මාණකරණයේ දී ඉතා වැදගත් ය.
(4) සමූහික ක්‍රියාකාරකම් සියල්ල හුදකලා ව ම සිදුකිරීම පහසු ය.
(පිළිතුර - 3)
අංක 26, 27 ප්‍රශ්න යටතේ දක්වා ඇති අදහසට වඩාත් ම ගැළපෙන ප්‍රස්ථාව පිරුළ අන්තර්ගත වර්ණය තෝරන්න.
26. පිහිටක් බලාපොරොත්තුවෙන් ගිය විට විපත්තියකට මුහුණ පෑම
(1) නැග්ග ඉණිමගට පයින් ගහනවා වගේ.
(2) වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටුණා වගේ.
(3) වක්කඩේ හකුරු හැංගුවා වගේ.
(4) කන්න දුන් අත සපා කනවා වගේ.
(පිළිතුර - 2)
27. සුළු දෙයකින් උඩඟු බවට පත්වීම
(1) කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වාගේ.
(2) බල්ලන්ට ලෙලි පොල් දුන්නා වාගේ.
(3) ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ.
(4) පනින රිළවුන්ට ඉණිමං බැන්දා වගේ.
(පිළිතුර - 1)
28. පූර්ව ස්වර ලෝප සන්ධියට හා පරස්වර ලෝප සන්ධියට අදාළ නිදසුන් පිළිවෙලින් දැක්වෙන වරණය තෝරන්න.
(1) ඇදුරුතුමා, මැදැඟිල්ල
(2) මැදැඟිල්ල, පිනැති
(3) ඇදුරුතුමා, පිනැති
(4) මැදැඟිල්ල, ඇදුරුතුමා
(පිළිතුර - 4)
අංක 29, 30 යටතේ දක්වා ඇති ප්‍රශ්නවල ව්‍යාකරණුකූලව නිවැරදි වාක්‍ය තෝරන්න.
29.
(1). රටක වැසියෝ සමගියෙන් ජීවත් විය යුත්තාහ.
(2) විකුමැත්තන් සෑම විට ම නුවණැත්තන් නො වෙති.
(3) ගොවියෝ කුඹුරු සාද්දී ගෙවිලියෝ ආහාර රැගෙන යති.
(4) ප්‍රකට ගායකයෙක් වූ සනත් නන්දසිරි දක්ෂ සංගීතඥයෙක් ද විය.
(පිළිතුර - 1)
30.
(1) පැල්පත් පෙළ සුළි සුළඟින් විනාශ වූහ.
(2) ක්‍රීඩිකාව ධාවන තරඟයෙන් ජය ගත්තේ ය.
(3) රාජ්‍ය නායකයා විදේශ ගත වෙති'යි වාර්තාකරුවෝ කීහ.
(4) නිවේදකයා ද නිවේදිකාව ද වේදිකාව මතට නැග්ගා ය.
(පිළිතුර - 3)
31.
ගුණපාල නිවටයෙකු.......හිස නැමුවේ ය.
ආරක්ෂක අමාත්‍යාංශය රටෙහි ආරක්ෂාව...... පිහිටුවා ඇත.
අසරණ දරුවන්...... පිළිසරණක් වන්න.
වැද්දා සිය බල්ලා.....වනයට ගියේ ය.
ඉහත වාක්‍යවල හිස්තැන් පිරවීම සඳහා වඩාත් යෝග්‍ය නිපාත පද අනුපිළිවෙල කුමක් ද?
(1) මෙන්, කැටුව, උදෙසා, වෙනුවෙන්
(2) කැටුව, මෙන්, වෙනුවෙන්, උදෙසා
(3) මෙන්, උදෙසා, වෙනුවෙන්, කැටුව
(4) වෙනුවෙන්, උදෙසා, මෙන්, කැටුව
(පිළිතුර - 3)
32. පහත දැක්වෙන වාක්‍ය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක් ද?
"ගාට ගාට ඉන්නැතුව වතුර පනිට්ටුව ඇන්න වර"
(1) සෙමින් සෙමින් වතුර බාල්දිය රැගෙන එන්න.
(2) ප්‍රමාද වෙවී නොඉඳ වතුර පනිට්ටුව රැගෙන එන්න.
(3) ප්‍රමාදී ව වතුර පනිට්ටුව රැගෙන එන්න.
(4) සෙමින් සෙමින් ඇවිදිමින් වතුර බාල්දිය ගෙනෙන්න.
(පිළිතුර - 2)
33. ස්ථිරවාසීතාව යනුවෙන් හඳුන්වන්නේ,
(1) ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසුන් සංචාරක ජීවිතයෙන් මිදී නිවාස තනා ගැනීම යි.
(2) ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසුන් සංචාරක ජීවිතයේ දී තාවකාලික නිවාස තනා ගැනීම යි.
(3) ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසුන් සංචාරක ජීවිතයෙන් මිදී එක් තැනක දිගුකලක් වාසය කිරීම
(4) ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසුන් තැනින් තැන සංචාරය කරමින් ජීවත්වීම යි.
(පිළිතුර - 3)
34. පහත සඳහන් කවියේ හතරවන පදය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.
ලීල් නැතිව නිසරුව තෙපලන්නේ
මහල්ල නුඹගේ හිමි ද අසන්නේ
වාල් තමාවත් ඇද්ද ඉතින්නේ
...........................................................
(1) හැම කල් මළ දා දෝ සැප වන්නේ
(2) පෙර කල් ජාතියෙ පැතුවා වැන්නේ
(3) පර මල් පිදුවාදෝ පල දුන්නේ
(4) වාල් විදින දුක මෙනුඹ විඳින්නේ
(පිළිතුර - 4)
35. 'සාහිත්‍ය නිර්මාණයක් පරිශීලනයෙන් පසිඳුරන් මගින් පාඨක මනසට පිවිස පාඨකයාගේ භාව ප්‍රබෝධනයට හේතුවන වචන සංයෝජනය' යන්න සඳහා වඩාත් සුදුසු යෙදුම වන්නේ,
(1) අතිශයෝක්තය යි.
(2) සංකල්ප රූප යි.
(3) අනුප්‍රාසය යි.
(4) උපමා යි.
(පිළිතුර - 2)
36. 'භාෂාව හා සංස්කෘතිය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවකි.' යන වාක්‍යයේ 'අවියෝජනීය' යන්නෙන් අදහස් කරන්නේ,
(1) වෙන් කළ නොහැකි යන්න යි.
(2) වෙන් කළ හැකි යන්න යි.
(3) එකිනෙකට නොගැළපෙන යන්න යි.
(4) එකිනෙක හා ගැටෙන යන්න යි.
(පිළිතුර - 1)
37. පුරාණ කමත් භාෂාවේ "අළුහන් වැඩීම" යනු
(1) කොළ මැඬීමට හරකුන් එකට ඈදා ගැනීම යි.
(2) අලුයම් කාලයේ කමතට ගොයම් ගෙන ඒම යි.
(3) ගොයම් පෑගු පසු පිදුරු ඉවත් කිරීම යි.
(4) අළුවලින් කමතේ යන්ත්‍රයක් ඇදීම යි.
(පිළිතුර - 4)
38. ලීලා, ගම්පෙරළිය, යුගාන්තය යන නවකතාවල රචකයා වන්නේ,
(1) ගුණදාස අමරසේකර මහතා ය.
(2) මාර්ටින් වික්‍රමසිංහ මහතා ය.
(3) පියදාස සිරිසේන මහතා ය.
(4) ඒ.වී සුරවීර මහතා ය.
(පිළිතුර - 2)
39. තලමල පිපිලා නාට්‍යයේ ඇතුළත් චරිතයක් නො වේ.
(1) හේතු
(2) රංබරණා
(3) සිරිමාන්න
(4) ගුණවංශ
(පිළිතුර - 3)
40. පහත සඳහන් වාක්‍යයේ අදහසට වඩාත් සමීප අදහස දෙන වාක්‍යය තෝරන්න.
"මිනිසා විසින් නිර්මාණය කරන ලද හෝ ස්වාභාවික ව ඇතිවන, තාක්ෂණික ව හෝ ක්‍රමානුකූල ව වර්ධනය වූ, එයට ගොදුරු වන ජනතාවට විවිධ සුවිශේෂ පියවර අනුගමනය කිරීමට සිදුවන සිදුවීමක් ආපදාවක් වේ"
(1) ආපදාවක් යනුවෙන් හඳුන්වන්නේ මිනිස් නිර්මාණයක් හෝ ස්වාභාවික ව ඇති වී වර්ධනය වූ ජනතාවට විවිධ බලපෑම් ඇති කරන සිදුවීම් ය.
(2) ආපදාවක් යනු මිනිසා නිසා හෝ ස්වාභාවිකව හෝ ඇති වී විවිධ හේතුමත වර්ධනය වූ ඊට මුහුණ දෙන ජනතාවට ඒ වෙනුවෙන් සුවිශේෂ මැදිහත්වීම් කිරීමට සිදුවන සිදුවීමකි.
(3) ආපදාවක් නමින් හඳුන්වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා හෝ ස්වභාවික ව හෝ ඇතිවී වර්ධනය වී ඊට මුහුණ දෙන ජනතාවට ඒ වෙනුවෙන් සුවිශේෂ ව කටයුතු කිරීමට සිදුවන සිදුවීමකි.
(4) ආපදාවක් යනු මිනිසාගේ නිර්මාණයක් හෝ ස්වභාවික ව ඇතිවන්නක් වන අතර එය තාක්ෂණික ව හා ක්‍රමානුකූලව වර්ධනය වී ඊට මුහුණ දෙන ජනතාවට විවිධාකාර විශේෂ මැදිහත්වීම් කිරීමට සිදුවන සිදුවීමකි.
(පිළිතුර - 4)
සිංහල භාෂාව හා සාහිත්‍ය II
1. (i) සිට (x) තෙක් ඇති සියලුම අනුකොටස් වලට කෙටි උත්තර ලියන්න. කිසියම් අනු කොටසකට ඔබ උත්තර නොලියන්නේ නම් එහි අංකය ලියා ඉදිරියෙන් ඉරක් අදින්න.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
(i) පහත සඳහන් වාක්‍යයේ ඇතුළත් මූර්ධජ අක්ෂර සහිත වචන දෙකක් ලියන්න.
"විදුහලේ දියුණුව වෙනුවෙන් සියලු ළමයි තම ශ්‍රමය හා කාලය කැප කරති"
(ii) පහත සඳහන් වාක්‍යයේ ඇතුළත් අව්‍ය සමාසයට අයත් වචන දෙකක් ලියන්න.
" අනවශ්‍ය කලබලයකින් තොර ව, ලයිස්තුවේ නම් සඳහන් අනුපිළිවෙලට, අලුත් පොත් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස විදුහල්පතිතුමා ළමයින්ට දැන්වීය"
(iii) පහත සඳහන් පද නිවැරදි ව විසන්ධි කර ලියන්න.
(අ) නැණැති
(ආ) අත්‍යවශ්‍ය
(iv) පහත සඳහන් වාක්‍යයේ අක්ෂර වින්‍යාසය දෝෂ සහිත වචන දෙකක් ඇත. එම වචන දෙක පමණක් නිදොස් කර ලියන්න.
" ප්‍රකාශන විලාසය යනු ලේඛකයා සිය වාංමාලාවෙන් තෝරා ගන්නා වචන ගළපා සිය ලේඛනය නිර්මාණය කිරීමේ දී අනුගමනය කරන තානය, තාලය හා වාගලංකරන ආදිය යි"
(V) පහත සඳහන් අදහස් වලට ගැළපෙන තනි පදය බැගින් ලියන්න.
(අ) වනාන්තරයෙහි හට ගන්නා ගින්න
(ආ) සැම කල්හිම පවතින
(vi) පහත දැක්වෙන වාක්‍ය සදොස් ය. ඒවා නිදොස් කර ලියන්න.
(අ) ශිෂ්‍යයෝ සිංහරාජයට ඇතුළු වූහ'යි වනාරක්ෂක නිලධාරීහු අනුමාන කරති.
(ආ) ළමයින් හෝ දෙමාපියෝ හෝ ශ්‍රමදානයට සහභාගී වෙති.
(Vii) පහත සඳහන් පද වලට විරුද්ධාර්ථවත් පදය බැගින් ලියන්න.
(අ) දුර්ලභ
(ආ) ජංගම
(Viii) පහත සඳහන් යෙදුම් වල තද කළු අකුරින් මුද්‍රිත පද අයත් වන ක්‍රියා පද ප්‍රවර්ගය නම් කරන්න.
(අ) විනෝද චාරිකාව අතරතුර දී ශිෂ්‍යයෝ ගී ගයමින් ප්‍රීති වූහ.
(ආ) "සැලළිහිණිය වදු කැලණිය පුරවරට"
(ix) පහත සඳහන් යෙදුම්වල පළමුවැනි වචනය සමඟ දෙවැනි වචනයේ නොගැලපීමක් ඇත. වඩාත් ගැළපෙන සේ පළමුවැනි වචනය හෝ දෙවැනි වචනය සකස් කර ලියන්න.
(අ) විදෙස් ප්‍රවෘත්ති
(ආ) කල්‍යාණ මිතුරා
(X) පහත සඳහන් වාක්‍ය කර්තෘ කාරකයට හරවා ලියන්න.
(අ) රියැදුරන් විසින් රථ පෙළපාළියක් සංවිධානය කරන ලදී.
(ආ) නිවේදකයා විසින් රසිකයන් වෙත ගායකයෝ හදුන්වා දෙනු ලබති.
පිළිතුරු
(i) දියුණුව, ළමයි
(ii) අනවශ්‍ය, අනුපිළිවෙල
(iii) (අ) නැණ + ඇති
(ආ) අති + අවශ්‍ය
(iv) විලාසය, වාගලංකරණ
(v) (අ) ළැව්ගින්න
(ආ) සදාතනික, සර්වකාලීන
(vi) (අ) ශිෂ්‍යයන් සිංහරාජයට ඇතුළු වූහ'යි වනාරක්ෂක නිලධාරීහු අනුමාන කරති.
(ආ) ළමයි හෝ දෙමාපියෝ ශ්‍රමදානයට සහභාගි වෙති.
(vii) (අ) සුලභ
(ආ) ස්ථාවර
(viii) (අ) මිශ්‍රක්‍රියා
(ආ) විධික්‍රියා
(ix) (අ) විදෙස් පුවත් / විදේශ ප්‍රවෘත්ති
(ආ) කල්‍යාණ මිත්‍රයා/ කළණ මිතුරා
(x) (අ) රියැදුරෝ රථ පෙළපාලියක් සංවිධානය කළහ / කළාහු ය/ කළෝ ය.
(ආ) නිවේදකයා රසිකයන් වෙත ගායකයන් හදුන්වා දෙයි.
2. පහත දැක්වෙන (අ), (ආ), (ඉ), (ඊ) යන විස්තර අතුරෙන් එකක් තෝරාගෙන වචන 250කට නො අඩු වන සේ රචනයක් ලියන්න. යෝග්‍ය මාතෘකාවක් ද යොදන්න.
(අ) ලෝකයේ බොහෝ රටවල පවතින්නේ පානය කිරීම සඳහා භාවිත කළ නොහැකි දූෂිත ජල මුලාශ්‍රයන් ය. මෑතක් වනතුරු ම ශ්‍රී ලංකාවේ ජල මූලාශ්‍රය මානව පරිභෝජනයට යොදා ගත හැකි මට්ටමේ පැවතුණ ද මේ වන විට ඒවායේ බහුතරයක් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින බව පර්යේෂකයෝ පවසති. කර්මාන්තශාලාවලින් අවිධිමත් පරිදි අපද්‍රව්‍ය මුදාහැරීම ජල දුෂණයට බලපාන ප්‍රමුඛතම සාධකයක් වන බැවින් එය වැළැක්වීමට පවත්නා නීති රීති දැඩි කිරීමත් නව නීති හඳුන්වා දීමත් මෙහි දී සිදු කළ යුතු ය.
පිළිතුර
ජල සම්පත සුරකිමු රචනාව
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු අදාල පිටුවට පිවිසිය හැකිය.
(ආ) දිනෙන් දින ඉහළ යන විදුලිබිල පාරිභෝගිකයන්ට මෙන් ම රාජ්‍ය ආයතනවලට ද දරා ගත නොහැකි මට්ටමක පවතී. වසරෙන් වැඩි කාලයක් දැඩි හිරු රශ්මියක් පවතින ශ්‍රී ලංකාව වැනි රටක සූර්ය බල ශක්තිය උත්පාදනය කිරීම අපහසුතාවයකින් තොර ව සිදු කළ හැකි ය. මේ සඳහා අවශ්‍ය වන තාක්ෂණික දැනුම සහිත විද්‍යාඥයන් පුහුණු කිරීමට සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගැනීමෙන් මේ අර්බුදයට පිළියම් සෙවිය හැකි ය.
පිළිතුර
සූර්ය බලශක්ති උත්පාදනය අගයමු රචනාව
(ඉ) කාටුන් යනු මෙරට ළමා පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් විශේෂයකි. බහුතරයක් කාටූන් නිර්මාණවල අන්තර්ගත වන්නේ විදේශීය පසුබිමක් සහිත අද්භූත කතා ප්‍රවෘත්තීන් ය. ළමයින් අතර වඩාත් ජනප්‍රිය මේ නිර්මාණ විශේෂය සඳහා ශ්‍රී ලාංකේය සමාජ සංස්කෘතික පසුබිම පිළිබඳ ව කියැවෙන ජනකතා යොදා ගැනීමට අවධානය යොමු කළහොත් දේශීය සම්ප්‍රදායේ පැතිකඩ ගණනාවක් ළමා මනසෙහි රෝපණය කළ හැකි ය.
(ඊ) ඖෂධ හිඟය, පුහුණු වෛද්‍යවරුන්ගේ හිඟය මෙන් ම වෛද්‍ය උපකරණවල හිඟය ද හේතුවෙන් මෙරට රෝගීන්ට විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අවකාශය අහිමි වෙමින් පවතී. මේ ගැටළු වලට ස්ථීරසාර පිළියම් සොයන අතරේ මෙරටට ආවේණික වූ පාරම්පරික ව පවත්වා ගෙන එනු ලබන දේශීය වෛද්‍ය සම්ප්‍රදාය විධිමත් ව වැඩිදියුණු කිරීම කෙරෙහි ද අවධානය යොමු කිරීම කාලෝචිත ය.
3. පහත සඳහන් පාඨය වචන 60-70 අතර වන සේ සාරාංශ කොට ලියන්න. ඔබේ සාරාංශයේ වචන සංඛ්‍යාව උත්තරය අග සඳහන් කරන්න.
ජන මාධ්‍ය නියාමනය මගින් අපේක්ෂා කෙරෙන අරමුණු දෙකක් පවතී. ඒවායින් එකක් වන්නේ මාධ්‍ය භාවිතය ප්‍රමිති සහගත එකක් බවට පත් කිරීම ය. අනෙක වන්නේ මාධ්‍යයේ පවතින සමාජ වගකීම පිළිබඳ අදහස් තහවුරු කිරීම ය. මාධ්‍ය නියාමනයේ ද ස්වරූප දෙකක් හදුනාගත හැකි ය. අදාල නියාමනය ක්‍රියාවලිය මගින් ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වයේ වර්ථමාන ස්වරූපය හදුනා ගැනීම සහ එහි අනාගත පැවැත්ම පිළිබඳ අවශ්‍ය ප්‍රතිපත්තිමය රාමුව සකස් කිරීම ය. සෘජු හා වක්‍ර යන ආකාර දෙකින් නියාමන ක්‍රියාවලිය සිදු වේ. එහිදී සෘජු නියාමන ක්‍රියාවලියට අදාළව රාජ්‍ය අණපනත්, නීතිරීති හා කෙටුම්පත් සම්බන්ධ ප්‍රායෝගික භාවිතය කෙරෙහි අවධානය යොමු කෙරේ. වක්‍ර නියාමනය යනු ස්වයං නියාමනය යි. ඒ යටතට මාධ්‍ය ආචාරධර්ම අයත් වේ. මාධ්‍ය නිදහස අපේක්ෂා කරන ජනමාධ්‍යවේදීන් විසින් වඩාත්ම අපේක්ෂා කරනු ලබන්නේ ස්වයං නියාමනය යි. ඉහත සඳහන් කෙරුණු ද්විත්ව නියාමන ක්‍රියාවලිය මගින් ජනමාධ්‍ය කිසියම් පාලනයකට අනුකූල වේ. එහි දී හිමිකාරීත්වයේ අරමුණු සංස්කෘප්ත කිරීම පමණක් ජනමාධ්‍යවේදීහු අපේක්ෂා නො කරති. නිදහස් මාධ්‍ය සංස්කෘතියේ ගොඩනැගීම මෙන් ම ලිබරල්වාදී වෙළඳපොළ ආර්ථික රටාව හමුවේ වඩාත් පුළුල් මධ්‍ය ක්‍රියාකාරිත්වයක් ද ඔවුහු අපේක්ෂා කරති. මාධ්‍ය නියාමනය සඳහා පූර්ණ වශයෙන් රාජ්‍ය මැදිහත්වීම පමණක් ප්‍රමාණවත් නො වේ. වඩාත් යෝග්‍ය වන්නේ ඒ සඳහා ස්වයං නියාමනය පිළිබඳ ජනමාධ්‍යවේදීන්ගේ ආකල්ප දියුණු කිරීම ද ඊට සමගාමී ව සිදු කළ යුතු වීම යි. වඩාත් ඵලදායී මාධ්‍ය නියාමනයක් සිදු වන්නේ එවිට ය.
4. පහත සඳහන් පාඨය කියවා අසා ඇති ප්‍රශ්නවලට උත්තර සපයන්න.
සාමූහික ආයාසයෙහි සහ පොදු අරමුණු සඳහා වැඩ කිරීමෙහි පුහුණුවක් ලබා ගැනීම සඳහා නාට්‍යයෙහි ඇති වටිනාකම ක්‍රීඩාවෙහි ඇති වටිනාකමට නොදෙවැනි බව ප්‍රකාශ කිරීම යෝග්‍ය ය. ක්‍රීඩාවෙන් නොලැබෙන වාසි දෙකක් නාට්‍යයෙන් ලැබේ. එනම්, නාට්‍ය කටයුතුවල දී වඩා විශාල කෞශල්‍ය සංඛ්‍යාවක් පුහුණු කිරීමට අවස්ථාව ලැබීම සහ මේ සියලුම කෞශල්‍ය සඳහා යම්කිසි ප්‍රමාණයක උත්පාදක ශක්තියක් ලැබීමට හැකි වීම ය. තමා අවසානයේ දී රඟපාන කොටස නළුවා විසින් මවනු ලබන බව අමතක නො කළ යුතු ය. අධ්‍යක්ෂට කළ හැක්කේ, එය කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ ව නළුවාට ඉගි කිරීම පමණකි. එහෙත් එය නළුවා සදහා මැවීම නම් ඔහුට කළ නො හැකි ය. වේදිකා සැරසිලිකරු, ඇඳුම් සැලසුම්කරු, වෙස් ගැන්නුම්කරු සහ ආලෝක සැලසුම්කරු යන තැනැත්තන්ට හිමි වන්නේ ද එවැනි ම තත්ත්වයකි. නාට්‍ය මගින් යම්කිසි අදහස් ප්‍රකාශ කිරීම ප්‍රථමයෙන් නිෂ්පාදකයාගේ සිතෙහි ජනිත වේ. එය පසුව ප්‍රකාශ වන්නේ එය නිෂ්පාදනය කිරීමෙහි ලා සම්බන්ධ වන විවිධ පුද්ගලයන් විසිනි.
තමාගේ රඟ දැක්වීමෙහි ඇති උසස් පහත් බව නාට්‍යයෙහි අනෙකුත් නළුවන්ගේ රඟ දැක්වීම මත මුළුමනින් ම රැඳී ඇත්තේ ය යන වටිනා පාඩම ද නළුවා ඉගෙන ගනියි. නළුවකුට තනිව ම කොටසක් රඟ පෑමට සිදු වන්නේ කලාතුරකිනි. සුළු කොටස් රඟපාන්නවුන්ගේ සහාය නොලැබෙන්නේ නම්, නළුවකුට නාට්‍යයක ප්‍රධාන කොටසක් රඟපාන විට පවා උසස් තත්ත්වයකට පත් විය නො හැකි ය. එබැවින්, නාට්‍ය නිෂ්පාදනයෙහි ප්‍රධාන හෝ අප්‍රධාන හෝ යනුවෙන් රඟ දැක්වීම් කොටස් නොමැති බවත්, නාට්‍යය වනාහි විවිධ අවස්ථාවන්හි දී වේදිකා භාණ්ඩ එහා මෙහා ගෙන යන සහායකයන් විසින් පවා අත්‍යවශ්‍ය කාර්යයන් ඉටු කරනු ලබන සාමූහික ප්‍රයත්නයක් බවත් යනුවෙන් යම් කිසිවකු කරන ප්‍රකාශයෙහි කිසියම් අර්ථයක් ඇත්තේ ය. එබැවින්, නාට්‍ය රඟ දැක්වීම සම්බන්ධයෙන් ලබා ගන්නා අත්දැකීම, පොදු අරමුණක් සඳහා ක්‍රියා කිරීමේ දී පෞද්ගලික කීර්තිය ලබා ගැනීමෙන් තොර ව මුළු ආයාසය සාර්ථක කර ගැනීම සඳහා සහාය වීමේ ද තෘප්තියක් ලබා ගතහැකි මගක් වශයෙන් ළමයින්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නේ ය.
නාට්‍යයක් නිෂ්පාදනය කිරීම නිසා අන් කිසිදු සාමූහික ක්‍රියාවක් මගින් ඇති නොවන පමණට පුද්ගලයන් සමූහයක් අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇති වෙතැයි පැවසීම නිවැරදි ය. නාට්‍යයක් නිෂ්පාදනය කිරීමේ දී කලාකරුවෝ එනම්, පුද්ගලාර්ථවාදීහු ද බොහෝ විට අල්ප නොවූ මමත්වයක් ඇති පුද්ගලයෝ ද විශාල සංඛ්‍යාවක් එක් වෙති. නිෂ්පාදකයා ද සිය නළුනිළියන්ගේ දුර්වලකම් අවංක ව පෙන්වා දෙන විට ඒවා පිළිගැනීමට ඔවුන්ට සිදු වේ.
(i) මේ ඡේදයෙහි සඳහන් වන පරිදි නාට්‍යයෙන් ලබාගත හැකි වාසි දෙක මොනවාද?
(ii) කිසියම් නාට්‍යයක අන්තර්ගත වන අදහස ප්‍රකාශයට පත් කරන්නෝ කවරහු ද?
(iii) නාට්‍යයකින් නළුවකු ඉගෙන ගන්නා පාඩම කුමක්ද?
(iv) නාට්‍යයක් රඟ දැක්වීම සම්බන්ධයෙන් ලබාගන්නා අත්දැකීම ළමයින්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නේ කවර හෙයින් ද?
(v) නළුනිළියන්ගේ දුර්වලකම් අවංක ව පෙන්වා දෙනු ලබන්නේ කවරෙකු විසින් ද?
පිළිතුරු
(i)
* නාට්‍ය කටයුතු සිදු කිරීමේ දී වැඩි කෞශල්‍ය සංඛ්‍යාවක් පුහුණු වීමට අවස්ථාව ලැබීම.
* නාට්‍ය කටයුතු සිදු කිරීමේ දී පුහුණු කරන කෞශල්‍යයන් සඳහා යම් උප්පාදන ශක්තියක් ලැබීමට හැකි වීම.
(ii) නළුනිළියන්, වේදිකා සැරසිලිකරු, ඇඳුම් සැලසුම්කරු, වෙස් ගැන්නුම්කරු සහ ආලෝක සැලසුම්කරු
(iii) තමාගේ රඟ දැක්වීමෙහි ඇති උසස් පහත් බව නාට්‍යයෙහි අනිකුත් නළුවන්ගේ රඟ දැක්වීම් මත මුළුමනින් ම රැඳී පවතින බව
(iv) පොදු අරමුණක් සඳහා ක්‍රියා කිරීමේ දී පෞද්ගලික කීර්තියක් ලබා ගැනීමෙන් තොරව මුළු ආයාසය සාර්ථක කර ගැනීම සඳහා සහය වීමෙන් තෘප්තියක් ලැබිය හැකි වීම.
(v) නිෂ්පාදකයා
Update soon..
Key words
2022 O/L sinhala paper with answers
2022 Ol සිංහල ප්‍රශ්න පත්‍රය
Ol sinhala pass papers with answers 2022
Sinhala OL questions and answers
අ.පො.ස සාමාන්ය පෙළ 2023
පසුගිය විභාග ප්රශ්න පත්ර හා පිළිතුරු සාමාන්ය පෙළ
o/l අනුමාන ප්රශ්න පත්ර 2023
වාර විභාග ප්රශ්න පත්ර 2023
Comments