අනාගත පරපුර බිලි ගන්නා මත්ද්‍රව්‍ය උවදුර
මත්ද්‍රව්‍ය උවදුර නිසාවෙන් තරුණ ජීවිත පරිහානියට ලක් වීම නූතනයේ ඉතා සුලභය. මේ පිළිබඳව අවධානය යොමුකර වචන 250 කට නොඅඩු රචනාවක් ලියන්න.
මත්ද්‍රව්‍ය උවදුර
නානා විධ වූ ස්වරූපයන් ගන්නා දුම්වැටි, මත්පැන් හා මත්ද්‍රව්‍ය වර්ථමාන ලෝකයේ තරුණ පරපුර දෙස නෙත් අයා ගෙන බලා සිටින මාරාන්තික රකුසන් වේ. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ජපානය, කැනඩාව වැනි සංවර්ධනය වී පවතින රටවල් මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, මියන්මාරය, තායිලන්තය ආදී රටවල් එක සේ මෙම මාරාන්තික වසංගතය හමුවේ අසරණ වී ඇත. පසුගිය දශක කිහිපය තුළ මෙහි ප්‍රවණතාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්ථා වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ථා වලට අනුව මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්වැටි මුලු මහත් විශ්වයටම අභියෝගයක් වී හමාරය. ඔවුන්ගේ සංඛ්‍යා දත්ත ලේඛන වලට අනුව වාර්ශික වශයෙල් ලක්ශ විස්සකට ආසන්න පිරිසක් මත්ද්‍රව්‍ය නිසා උන්මත්තකයන් බවට පත් වන බව සොයාගෙන ඇත. ශ්‍රී ලංකාවේ තත්වයද මේ හා සමානවම ක්‍රියාත්මක වේ . මත්පැන් භාවිතා කරන්නා දුම්වැටි ද භාවිතා කරන නිසා රුධිර පීඩනය ඉහළ යෑමත්, නිකොටීන් නිසා රුධිර නාල එකට ඇලීමත් හේතු කොට ගෙන හෘද රෝග සෑදේ. හෘද රෝග සුව වීමේ, සුව කිරීමේ සම්භාවිතාවය ඉතා අඩු වන අතර ඉක්මනින් මරණය ගෙන දෙයි. මේ සියල්ලට හේතුව මත්ද්‍රව්‍ය යි.
අපේ රටේ මත්පැන්, දුම්වැටි, මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යෑමත් සමග තරුණ පරපුර දුසිරිත් කෙරෙහි යොමු වී ඇති ප්‍රමාණය වැඩි වී ඇති බව පොලිස් දෙපාර්තමෙන්තුව පවසයි. දෛනික වැඩ කටයුතු නිම වී ඇගපත විඩාව නිවා ගැනීම සදහාත්, චිත්ත පීඩා දුරු කර ගැනීම සදහාත් මත්පැන් භාවිතා කිරීමට පටන් ගත්තද මංගල සාද, අවමංගල උත්සව, උපන්දින සාද, සුහද හමු, ප්‍රිය සම්භාශණ ආදිය සදහා පමණක් නොව සාංඝික දානය දිනටත් මත්පැන් භාවිතයට සමාජය පුරුදු වී සිටීම ඉමහත් කණගාටුදායක ය. මෙයින් පැහැදිළි වන පරිදි ජීවිතයේ දුක සැප යන සෑම අවස්ථාවකදීම පෙරමුණ ගනිමින් ඇත්තේ මත්පැන් ය.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
සුළුවෙන් පටන් ගෙන මහා පරිමාණයෙන් අවසන් වන, දිගු කාලීනව භාවිතා කරන දෙයක් බවට මත්පැන් පත් වී ඇත. අබ්බැහිකම නිසා ඇතැමුන්ට මත්පැන් නැතිවම බැරිය. එයින් සිදුවන හානිය ඔවුන් නොදන්නවාද නොවේ. ජන්මෙට වඩා පුරුද්ද ලොකු කොට සළකන නිසා තමාට, තම පවුලට, සමාජයට හා රටට සිදු වන හානිය, ඉතාම බරපතලය. පවුල් ආරවුල්, මිනී මැරුම්, ස්ත්‍රී දූශණ, මං කොල්ල කෑම් අනතුරු වලින් 80% කට වඩා සිදු වන්නේ මත්පැන් නිසා බව සොයා ගෙන ඇත.
පොදු ස්ථාන වල "දුම් බීම තහනම්" ලෙස ලියා තිබුණද දුම් පානය කරන්නාට එය නොපෙනේ. ඔහු වීරයකු සේ සිතා පිට කරන දුම් රොද වලින් අවට සිටින කී දෙනෙකුගේ පෙණහළු දුම් වලින් පිරී යන්නේ දැයි ඔහුට නොදැනේ.
මත්පැන්, මත්ද්‍රව්‍ය වලින් සිදු වන හානිය අවම කර ගැනීමට රජය විශාල දායකත්වයක් සැපයිය යුතුය. ඒවා නිශ්පාදනය හෝ ආනයනය කිරීම සීමා කිරීමට කටයුතු කළ යුතුය. "මතට තිත" වැනි අක්‍රියාකාරී වැඩසටහන් වලට වඩා අධික බදු පැනවීම වැනි සක්‍රීය ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය. ජාතියේ ජීවනාලිය බදු වූ තරුණ පරපුර මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් මුදවා ගැනීමට දෙමව්පියන්ද හැකි සෑම උත්සාහයක්ම ගත යුතුය.
මතින් තොර, දුමින් තොර ලොවක් ඉදි කරන්නට නම් දෙමාපිය වැඩිහිටි සෙනෙහස ඔවුන් වෙත වැඩියෙන් ලබා දී ආදරයෙන් කරුණු පහදා දිය යුතුය.
වර්ථමානයේ ශ්‍රී ලංකාව අනුගමනය කිරීමට සැළසුම් කර ඇති වැඩසටහන් වල සාර්ථකත්වයක් දක්නට ඇත. මත්පැන් අලෙවි කරන ආයතන සදහා නව බලපත්‍ර නොදීම, විදේශ වලින් ආනයනය කරන මත්පැන් සදහා අධික බදු පැනවීම වැනි දෑ සාර්ථකත්වයට පත්ව ඇත.
සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව, මත්ද්‍රව්‍ය නිවාරණ කාර්‍යංශය, ශ්‍රී ලංකා රේගුව ආදී රාජ්‍ය ආයතන මෙන්ම යොවුන් මිතුරෝ, ජාතික තරුණ සේවා සභාව වැනි අර්ධ රාජ්‍ය සංවිධානයන්ද මත්ද්‍රව්‍ය නිවාරණයට දරන්නා වූ පරිශ්‍රමය අගය කල යුතු වන්නේ ය.
- දිසල්ජා කෝණාර-
Key words
මත්ද්රව්ය නිවාරණය pdf
මත්ද්රව්ය හා තරුණ පරපුර රචනා
මත්ද්රව්ය යනු
අයිස් මත්ද්රව්ය
මත්ද්රව්ය
මත්ද්රව්ය හා තරුණ පරපුර pdf
මත්ද්රව්ය නිවාරණය
මත්ද්රව්ය හා පාසල් සිසුන්
මත්ද්රව්ය වර්ග
මත්ද්රව්ය උවදුර රචනා
මත්ද්රව්ය නිවාරණය presentation
මත්ද්රව්ය රචනාව pdf download
Comments