Skip to main content

සිංහල රචනා 19 - අලි මිනිස් ගැටුම රචනාව

අලි මිනිස් ගැටුම දිනෙන් දින ඉහළ යෑම  දිනෙන් දින අලි ඇතුන් මිය යෑමට ප්‍රබල හේතුවක් වී ඇත. අලි මිනිස් ගැටුමින් පීඩා විදින ගැමියන්ගේ දුක ඉවරයක් නැත. මේ පිළිබඳව අවධානය යොමුකර වචන 250 කට නොඅඩු රචනාවක් ලියන්න.



අලි මිනිස් ගැටුම

ගල් යුගයේ සිටම මිනිසා අලි ඇතුන් සමග සමීප සම්බන්ධතාවක් පවත්වා ඇති බවට ඕනෑ තරම් සාක්ෂි පවතී. ගල් ගුහා වලින් හමුවූ චිත්‍ර අතර ගවයා හා බල්ලා සේම අලියාගේ රුව ද පැහැදිලිව දක්‌නට ලැබෙයි. අතීතයේ පටන්ම අලි ඇතුන් හීලෑ කර බොහෝ ප්‍රයෝජන ලබා ගැනීමට මිනිසා කටයුතු කර ඇත. නූතනයේ පෙරහැරකට පමණක් සීමා වෙමින් පවතිනුයේ එසේ අනාදිමත් කාලයක පටන් පැවත ආ අලි මිනිස් සබැඳියාව බව ඔබ අප වටහා ගත යුතුය.

වියැකී යන අලි මිනිස් සබැඳියාව වෙනුවට වර්ධනය වනුයේ අලි මිනිස් ගැටුමක් වීම අතිශය කණගාටුදායක කාරණාවකි. සීමිත සම්පතක් වන භූමිය සඳහා වන අරගලය අලියා සහ මිනිසා අතරට ද පැමිණ තිබීම වර්ථමාන ලංකාව මුහුණ දෙන කර්කශ අද්දැකීමක් බවට පත්ව ඇත.

වසර හැටකට අදික කාලයක සිට පැවත එන්නා වූ මෙම අලි මිනිස් ගැටුම විසදීමට යෙදූ බොහෝ උපායන් නිශ්ඵල වූයේ මිනිසා තරම ඉක්මවා භූමිය අයිතිකර ගැනීම නිසා යැයි හැගේ. ගොඩ බිම වාසය කරන දැවැන්තයා, අලි ඇතුන් වන අතර ඔවුන්ගේ වාසස්ථාන වන කැලෑ මිනිසා ක්‍රමයෙන් අත්පත් කරගැනීම සමග ආහාර හා ජලය හිග කමින් අලි ඇතුන් ගම් වැදීම සිදුවෙයි.

අලි මිනිස් ගැටුමට රජය විසින් මේ දක්වා ලබා දුන් විසදුම් නම් අලි වැට, සහ අලි වෙඩිය. අලි වැට තරමක් හෝ සාර්ථක විසඳුමක් වීමට තිබුණ ද අලි වැට ඉදිකිරීමෙන් පසු නඩත්තුවක් නොවීම නිසාත් බුද්ධිමත් සත්ත්වයෙකු වන අලියා අලි වැට හරහා ඒමට උපාය ඉගෙන ගැනීමත් නිසා අලි වැට අසාර්ථක වී ඇත.

අසාර්ථක විසදුම් හමුවේ අලි මිනිස් ගැටුමින් බැට කන ගැමියන්, අහිමි වන ජීවිත අසීමිත ය. ඔවුනට රාත්‍රියට නින්දක් නැත. කොයි මොහොතේ අලි ඒවිද පහර දේවිද යැයි බියෙන් ලේ පිච්චෙන ගැමියන්ගේ දුක හරියාකාරව දැනෙනුයේ ඔවුනටම පමණි.


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.



විධිමත් වැඩ පිළිවෙලක් තුල අලි ඇතුන්ට නිශ්චිත භූමියක් වෙන් කර දී අලි ඇතුන් සංරක්ෂණය කල යුතුව ඇත. එසේ අලි ඇතුන්ට වෙන්වන කැලෑ ප්‍රදේශය තුල ප්‍රමාණවත් ජලය හා ආහාර ඇති බවට තහවුරු කල යුතුය. අලි ඇතුන්ට අයිති වනබිම් වලින් මිනිසුන් ඉවත් කල යුතුය. නො  එසේනම් අලි ඇතුන් ගම් වැදීම පාලනය කල නොහැක.

අලි ඇතුන් සංචාරක ව්‍යාපාරය සඳහා අගනා සම්පතකි. අලි ඇතුන් සංරක්ෂණය කර සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් එම ප්‍රදේශ විධිමත් ලෙස යොදාගත යුතුය.

අලි මිනිස් ගැටුමට තිරසාර විසඳුම් ලබා නොදෙන්නේ නම් ගම් වදින අලි ඇතුන් වෙඩි කා මියයෑමෙන් සීමිත සම්පතක් වන අලි ඇතුන් ලංකාවෙන් වද වී යන දිනය ඉතා ලඟය.




Key words 

අලි මිනිස් ගැටුම රචනා pdf

අලි මිනිස් ගැටුම

අලි මිනිස් ගැටුම රචනා

අලි මිනිස් ගැටුමට විසදුම්

අලි මිනිස් ගැටුමට විසදුම් රචනා

අලි මිනිස් ගැටුමේ බලපෑම

අලි මිනිස් ගැටුමට හේතු

අලි මිනිස් ගැටුම pdf

අලි මිනිස් ගැටුම් හා ජන ජීවිතය

අලි මිනිස් ගැටුම යනු

Comments