පූජනීය ස්ථානයක් ලෙසින් ප්‍රකට සිරිපාදය ගැන අතීත තොරතුරු ද විමසා බලමින් රචනාවක් ගොඩ නගන්න.
අසිරිමත් සිරිපාදය ගැන බිදක්
සුමන සමන් දිව්‍ය රාජයා වැඩ වසන සමනොල සිරිපා අඩවියේ පිහිටි සිරිපාදය බෞද්ධයින්ගේ නොමද වන්දනාමානයන්ට පාත්‍ර වූ සුප්‍රසිද්ධ පූජා ස්ථානයකි. තුන්වන වරට ලක්දිවට වැඩි බුදු රදුන් තම වම් සිරිපාද සලකුණ සමනොල කන්ද මුදුනෙහි සටහන් කල බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. නූතනයේ "ශ්‍රී පාදස්ථානය" නැතහොත් සිරිපාදය යනුවෙන් හදුන්වනුයේ එම සිරි පතුල ලාංජනය හා ඒ ආශ්‍රිතව බිහිවූ බෞද්ධ සිද්ධස්ථානය යි.
රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකරය අතර පිහිටියා වූ සිරිපා කන්ද මීටර 2243 පමණ උස බව සඳහන් වේ. කදු මුදුනට නැගීම සඳහා මාර්ග කිහිපයක් ම පවතී.
සමනොල කන්ද මුදුනේ සටහන් කර ඇති සිරිපා සලකුණ ගෞතම බුදු රජාණන් වහන්සේගේ බව බෞද්ධයින් විශ්වාස කරන පරිදිම දමිල ජනතාව එම පාද සලකුණ ශිව දෙවියන්ගේ පා සලකුණ බවට විශ්වාස කරයි. එසේම තවත් පිරිසකගේ විශ්වාසය වනුයේ එය ආදම් ගේ පා සලකුණ බවයි.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
වර්ෂ දෙදහස් පන්සීයක පමණ බෞද්ධ ඉතිහාසය ගවේෂණයේ දී සිරිපාදය වැඩිමනක් බෞද්ධයින් හා සම්බන්ධ බව පෙනීයන කරුණකි.
අතීතයේ සිට පැවත එන පරිදි සිරිපාද වන්දනා සමය උදුවප් මාසයේ ආරම්භ වී වෙසක් පොහොය දිනයෙන් අවසන් වේ.
සිරිපා කරුණා කිරීම දැනටත් වඩා අතීතයේ ඉතා දුෂ්කර ගමනක් වූ බව පැහැදිලි වේ. අනෙකුත් කාල වල දී අධික වර්ෂාව හා මීදුම නිසාවෙන් සිරිපාදය කරුණා කිරීම සිදු නොකරයි. සිරිපාදය කරුණා කිරීම හා සම්බන්ධ ආවේණික වචන මාලාවක් ද පවතී. නඩය, නඩේ ගුරු, කෝඩුකාරය, කිරිකෝඩු, දඩුකෝඩු, පේවීම ආදී වචන ඒ අතර නිතර භාවිත වේ.
සිරිපා වන්දනාවේ දී හමුවන ප්‍රසිද්ධ ස්ථාන කිහිපයකි. ඒ අතරින් සීත ගගුලෙන් නා පිරිසිදුව සුමන සමන් දෙවිදුන්ට භාර හාර වී සිරිපා වන්දනා කිරීම සිදු කරයි. ඉදි කටු පානෙහි, ඉදි කටු නූල් දවටා හැරමිටි පානෙහි හැරමිටියක් එල්ලා, තුන් සරණේ කවි කියමින් සිරිපා කරුණා කිරීම සිදු කරයි.
ධම්මං සරණේ සිත පහදාගෙන
සංඝං සරණේ සිවුරු දරාගෙන
ඉඤ්ඤයි තුන් සරණේ අදහාගෙන"
වන්දනා කරුවන් සූර්ය උදාවට ප්‍රථම සමනොල කදු මුදුනට නැගීමට උත්සුක වනුයේ කදු මුදුනේ සිට සූර්ය උදාව නැරඹීමටය. ඉතා මනස්කාන්ත දර්ශනයක් වන මෙය නිතැතින්ම කටුක ගමනක ගමනාන්තයේ ගත සිත විඩාව නිවාලයි.
සිරිපාද වන්දනා සමයේ දහස් ගණන් බැති මතුන් සාම්ප්‍රදායන් රැක ගනිමින් සිරිපා කරුණා කිරීම අදටත් දැක ගත හැකිය. එහෙත් ඇතැමුන් හුදෙක් විනෝදය සඳහා යන ගමනක් කර ගන්නා සිරිපා වන්දනාව නිසා වෙන් ශ්‍රද්ධා සම්පන්න බැති මතුන්ට බධා වනවා පමණක් නොව සංවේදී පරිසර පද්ධතියක් වන සිරිපා අඩවියට ද ප්‍රබල ලෙස බලපෑම් ඇති වේ. විශේෂයෙන්ම පොලිතීන්, ප්ලාස්ටික් වැනි නොදිරන කසල මෙම සංවේදී පරිසර පද්ධතිය විනාශයට ඇද දමයි.
පරිසරය රැක ගනිමින්, සාම්ප්‍රධායන්ට ගරු කරමින්, මතු පරම්පරාවකටත් සිරිපාද කරුණා කිරීමට ඉඩකඩ සලසාලමින්, සිරිපාද කරුණා කරන ඔබ සැමට සුමන සමන් දෙවි පිහිටයි!
Key words
සිරිපාදය ගැන රචනා
ශ්‍රී පාදස්ථානය රචනාව
සිරිපා කරුණාව රචනා pdf
සිරිපාදය ගැන රචනා pdf
සිරිපාදය ගැන තොරතුරු
සිරි පාදය පිළිබඳ රචනා
සිරි පාදය තොරතුරු
සිරිපාදය ගැන විස්තර
සිරිපාදය ඉතිහාසය
Comments