Skip to main content

සිංහල රචනා 17 - සීගිරිය පිළිබඳ රචනාව

කලාගාරයක් වන් වූ සීගිරිය 1982 දී ලෝක උරුමයක් ලෙසින්ද නම් කලහ. සීගිරියේ වටිනාකම පෙන්වා දෙමින් සීගිරිය පිළිබඳව නිර්මාණාත්මක රචනාවක් ගොඩ නගන්න.


ලෝක උරුමයක් වූ සීගිරිය

ලෝකයම පුදුම කල නිර්මාණයක්, ලාංකේය කලා ගාරයක්, ලාංකේය ඉංජිනේරු තාක්ෂණය ලොවට කියාපාන උද්‍යාන සහ බෞද්ධ භික්ෂූන්ගේ ගල් ලෙන් ආරාම වලින් වට වූ කාෂ්‍යප රජුගේ බල කොටුව, අපූර්ව වූ මාලිගාව, "සීගිරිය".

සීගිරිය ලාංකේය අපට මහත් වූ අඩම්බරයක් ගෙන දෙන අපේම නිර්මාණයක් වන්නේය. ප්‍රාග් ඓතිහාසික යුගයේදී පවා මානවයින් ජීවත් වූ බවට සාධක පවතින සීගිරිය අනාදිමත් කාලයක පටන් බෞද්ධ භික්ෂූන්ගේ ආරක්ෂිත වාසස්ථානයක්ව පැවතිණ. 

අඩි 660 ක් පමණ උස ඇති සීගිරිය මහා පර්වතයකි. රාවණා රජුගේ ද බල කොටුව වූයේ සීගිරිය බවට ද විශ්වාසයක් පවතී. කෙසේ වෙතත් සීගිරිය ලොව අටවන පුදුමය ලෙසින් ද සැලකීමට හේතු වූ බොහෝ නිර්මාණයන් කාෂ්‍යප රජ දවස නිර්මාණය වී ඇති බවට මූලාශ්‍ර පවතී.

ක්‍රි.ව 5 වන සියවසේ දී රජකම් කල කාෂ්‍යප රජු සීගිරි පර්වතය මුදුනේ තම මාලිගය ඉදිකරවූයේ සියවස් ගණනාවක් අනාගතයේ දී පවා එය ලෝකයට පුදුමයක් වන අන්දමින් වීම පුදුම සහගත වන්නේය.

සීගිරියේ නිර්මාතෘ කාෂ්‍යප රජු මියගිය පසු බෞද්ධාරාම ලෙස කාලයක් පැවති සීගිරිය 15 වන සියවස පමණ වන විට වල් වැදීමට පටන් ගත්තේය.


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.



බ්‍රිතාන්‍ය ජාතික ජෝන් ස්ටීල් නම් තැනැත්තෙකු විසින් සීගිරි නටබුන් ගවේෂණය කල බව සදහන් වේ. සීගිරිය ආකර්ෂණීය වීම සදහා ප්‍රධාන ලෙස හේතු වූ සීගිරියේ බිතු සිතුවම් එදා 500 ක් පමණ තිබී ඇති මුත්, අද වන විට සීගිරි බිතු සිතුවම් 21 පමණ ඉතිරිව ඇත. සීගිරි බිතු සිතුවම් නිසාම බොහෝ සෙයින් කතා බහට ලක් වූ සීගිරියේ, කුරුටු ගීත සඳහා ද ඉහළ අගය කිරීමක් හිමි විය. 

මෙම සීගිරියේ කුරුටු ගීත සීගිරිය ආශ්‍රිත වන්දනා ගමන් ගිය පුද්ගලයින් අතින් නිර්මාණය වන්නට ඇති බව විශ්වාස කරයි. මෙහිදී සීගිරි කුරුටු ගී කියැ වූ පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතාගේ නාමය අමතක කල නොහැක්කකි. සෙනරත් පරණවිතාන මහතා සීගිරිය ගැන ලොවටම කියමින් සීගිරියේ කතාන්දරය (Story of Sigiriya ) කෘතිය රචනා කළේ ය.

දෙස් විදෙස් සංචාරකයින්ගේ ප්‍රධාන නැවතුම් පොළක් වන සීගිරිය පාසල් දූ දරුවන් අනිවාර්යයෙන්ම වරක් හෝ නැරඹිය යුතුම ස්ථානයක් වන්නේය. 

එදා ලක්වැසි රජ දූ දරුවන් අපට උරුම කර දුන් අතීශය සුවිශේෂී වූ, අනන්‍ය වූ අනර්ඝ වූ සීගිරිය අපේ අනාගත පරපුරට ද රැක දීම නූතන අපගේ වගකීම වන්නේය.




Key words 

සීගිරිය
සීගිරිය රචනා සිංහල
සීගිරිය ගැන රචනාවක්
සීගිරිය ඉතිහාසය
සීගිරිය රචනාව 
සීගිරිය පිළිබඳ තොරතුරු pdf
සීගිරිය රචනා සිංහල pdf
සීගිරිය රචනා සිංහල pdf download 
සීගිරිය රචනා සිංහල Ol
සීගිරිය රචනා සිංහල Al 
Sigiriya rachanawa
සීගිරිය ගැන රචනා
කාෂ්‍යප රජුගේ සීගිරිය 
අට වන පුදුමය සීගිරිය

Comments