ඩෙංගු මාරයා පැරදවීමට සිත් යොමුකරවමින් නිර්මාණාත්මක රචනාවක් ගොඩ නගන්න.
ඩෙංගු මර්දනය කරමු
අද දින අප රට ඇඳගෙන යාමට කර ගහන ඔබ අප පමණක් නොව හෙට දින අප රට ජාතිය බැබළවීමට සිටිනා සිඟිති මල් කැකුළු පවා රුදුරු ලෙස බිලි ගන්නා ඩෙංගු මාරයා සිත් පිත් නැති සතෙකු යැයි හැගේ. ලංකාවේ හමුවන මදුරු විශේෂ 140ක් පමණ අතරින් ඊඩිස් ඊජිප්ටයි හා ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ දෙක පමණක් මෙකී මාරයාගේ වේශයෙන් පැමිණෙන බව සඳහන් වේ. වෛරස වාහකයින් ලෙස හඳුන්වන මෙකී ඊඩිස් වර්ගයේ මදුරුවන් තුල පවතින ඩෙංගු වෛරසය මිනිසාගේ ශරීර ගත වූ විට ඒ මිනිසා ඩෙංගු රෝගියෙකු බවට පත් වෙයි.
එසේනම් මිනිසා මෙකී ඩෙංගු රෝගියෙකු බවට පත් වීම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍යයෙන්ම කල යුතු වන්නා වූ දෙය නම් පෙර කී ඩෙංගු මදුරු විශේෂ මර්දනය කර දැමීමයි.
මෙම ඩෙංගු මදුරුවන්ගේ විශේෂත්වය නම් ඔවුන් බිත්තර දමනුයේ පිරිසිදු ජලයේ බව පරීක්ෂණ මගින් අනාවරණය කරගෙන තිබෙයි. එසේ හෙයින් පිරිසිදු වතුර සහිත තැන් ඩෙංගු මදුරුවන් හට නිරාවරණය කිරීම හැකිතාක් අඩු කල හැකි නම් ඩෙංගු මදුරුවන් බෝවීම සැලකිය යුතු ලෙස පාලනය කල හැකිය.
ප්ලාස්ටික් බෝතල්, ටයර්, පොලිතීන් ආදිය බැහැර කිරීමේදී වඩාත් සැලකිලිමත්ව එවා ජලය රැදෙන අයුරින් පරිසරයට එක් කිරීම නොකල යුතුය. ඩෙංගු මාරයා පැරදවීම කිසිසේත් තනි පුද්ගලයෙකුට හෝ කිහිප දෙනෙකුට කල හැක්කක් නොවේ. ඔබ ඔබේ නිවස සහ වට පිටාව පිරිසිදුව හා ඩෙංගු මදුරුවාට වාසස්ථානයක් නොවන සේ පවත්වා ගත යුතුය. එසේම අනෙකුත් සියලු දෙනාම තම තමන්ගේ නිවාස හා අවට ඩෙංගු මදුරුවාට වාසස්ථානයට ඉඩ නොලැබෙන සේ පවත්වාගත යුතුය.
එදිනෙදා භාවිතයට ගන්නා වතුර ටැංකිය පවා නිරතුරුව ආවරනය කර තැබිය යුතුය. එය ජලයෙහි පිරිසිදු බව රැක ගැනීමට ද උපකාරී වනු ඇත.
නූතන කාර්ය බහුල ජීවිතය තුළ අප අතින් සිදුවන සුලු වරදකින් අප ඩෙංගු මාරයාට වාසස්ථානයක් සපයා දෙනවා විය හැකිය. ඔබ හදිස්සියට විසි කරන යෝගට් කෝප්පයක් ඩෙංගු මදුරුවන් දහස් ගණනකට නිවහනකි. එම නිවහනේ බිහිවන ඩෙංගු මදුරුවෙකු නිසා මීළගට මියැදෙන්නේ ඔබේම සහෘදයෙකු විය හැකිය. නැති නම් ඔබ ම විය හැකිය.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
රජයට හෝ සෞඛ්‍ය අංශයට හෝ පරිසර සංවිධාන වලට හෝ ඩෙංගු මාරයා පරාද කල නොහැකිය. ඔවුන්ගෙන් ඉටු විය යුතු කාර්යභාරයක් ඇත. නමුත් වැඩි බරක් ගත යුත්තේ මම, ඔබ හා අප සියලු දෙනාම බව අවධාරණය කල යුතුය.
ඔබගේ ජීවිතය, ඔබගේ ලඟම සහෘදයන්ගේ ජීවිත වෙනුවෙන් ඩෙංගු මදුරුවාට ශාප කරනවා වෙනුවට, අඩුම තරමින් සතියට එක් දිනක එක පැයක් හෝ වෙන් කර ඩෙංගු මාරයා පැරදවීමේ ක්‍රියාන්විතයට දායක වන්න. ඔබ කැප කරන වටිනා කාලයට මහන්සියට ප්රතිලාභ ලෙස ලැබෙන්නේ ජීවිතයි. ඒ ඔබේ සමීපතමයන්ගේ ජීවිතය, දරුවාගේ ජීවිතය, දෙමාපියන්ගේ ජීවිතය, ඔබේ ජිවිතය වනු ඇත.
- admin -
Key words
ඩෙංගු මර්දනය කරමු රචනා
ඩෙංගු රචනා
ඩෙංගු මර්දනය කරමු
ඩෙංගු උවදුර දුරු කරමු රචනා
ඩෙංගු උවදුර රචනා pdf download
ඩෙංගු උවදුර පිටුදකිමු රචනා
ඩෙංගු මර්ධනය
ඩෙංගු උවදුර තුරන් කරමු රචනා
ඩෙංගු උවදුර මර්දනය කරමු රචනා
ඩෙංගු උවදුර දුරු කරමු රචනා
ඩෙංගු මදුරුවා
ඩෙංගු උවදුර පිටුදකිමු රචනා pdf
Dengu uwadura mardanaya karamu
Comments