සූර්ය බලශක්තිය පිළිබඳ රචනා
නූතන ලෝකය මුහුණ පා සිටින බල ශක්ති අර්බුදයට කදිම විසදුමක් ලෙස පුනර්ජනනීය බලශක්තියක් වන සූර්ය බලශක්තිය හැදින්විය හැකිය. සූර්ය බලශක්තිය පිළිබඳ පහත ඡේදය අනුව යමින් වචන 250 කට නොඅඩු රචනාවක් ගොඩ නගන්න.
දිනෙන් දින ඉහළ යන විදුලිබිල පාරිභෝගිකයන්ට මෙන් ම රාජ්‍ය ආයතනවලට ද දරා ගත නොහැකි මට්ටමක පවතී. වසරෙන් වැඩි කාලයක් දැඩි හිරු රශ්මියක් පවතින ශ්‍රී ලංකාව වැනි රටක සූර්ය බල ශක්තිය උත්පාදනය කිරීම අපහසුතාවයකින් තොර ව සිදු කළ හැකි ය. මේ සඳහා අවශ්‍ය වන තාක්ෂණික දැනුම සහිත විද්‍යාඥයන් පුහුණු කිරීමට සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගැනීමෙන් මේ අර්බුදයට පිළියම් සෙවිය හැකි ය.
පිළිතුර
(මෙය හුදෙක් ආදර්ශ රචනයක් පමණි)
සූර්ය බලශක්ති උත්පාදනය අගයමු
තප්පරයෙන් තප්පරය දිනෙන් දින දියුණු වන ලොව තුළ පුනර්ජනනීය බලශක්ති කෙරෙහි ඇත්තේ ඉතාමත් උසස් ස්ථානයකි. මන්ද, වර්තමානය තුළ පවතින උද්ධමනයත්, ඒ ආශ්‍රිතව පැන නගින ආර්ථිකමය හා අනෙකුත් ගැටලු මුල් කරගෙනය. එහි දී දිනෙන් දින ඉහළ යන විදුලි බිල පාරිභෝගිකයන්ට මෙන්ම රාජ්‍ය ආයතන වලටද දරාගත නොහැකි මට්ටමක පවතී. එහිදී විකල්පයන් අතරින් වසරෙන් වැඩි කාලයක් දැඩි හිරු රශ්මියක් පවතින ශ්‍රී ලංකාව වැනි රටක සූර්ය බල ශක්තිය උත්පාදනය අපහසුතාවයකින් තොරව සිදුකළ හැකිය. එහිදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් පැවතුනද මෙම සූර්ය බල ශක්තිය තුළින් විදුලිය උත්පාදනය කිරීම තුළින් ඉතාමත් ලාභදායි හා උචිත නිෂ්පාදනයකට යොමු විය හැකිය.
ලොව බිලියනයට මුළු ජනගහණය ළඟා වන ලෝක රටවල් පොසිල ඉන්ධන සංචිත ප්‍රමාණය අඩුවීම සහ පැන නගින පාරිසරික සමතුලිතතා ගැටලු හේතුව මූලික කොට ගෙන මෙවැනි සූර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය සම්පත් මගින් විදුලිය නිපදවනු ලබයි.
සුර්‍ය බලශක්තිය යනු සූර්ය ප්‍රභවයෙන් පෘථිවියට ළඟාවන (0-1100w/m2) තාප බලපෑමක් ඇති කරන පුනර්ජනනීය ශක්තියයි.
උණුසුම, සිසිලනය සහ විදුලි උත්පාදනය වැනි බොහෝ යෙදවුම්වල එය භාවිත වේ. මෙම සම්පත තුළින් ඉතා ලාභදායි තත්ත්වයක් උදා කරලීම පිණිස අවශ්‍ය වන තාක්ෂණික දැනුම සහිත විශේෂඥයින් පුහුණු කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, සේම සූර්ය බලශක්තිය පිළිබඳව පුද්ගලයින් උනන්දු කරවීම වැනි ක්‍රියා තුළින් සිදු කළ හැකිය.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
පුනර්ජනනීය බලශක්තියක් වන සූර්ය බලශක්තිය යොදාගෙන විදුලිය නිපදවීම තුළින් මෙරට පමණක් නොව සෑම රටක් තුළම අර්බුදකාරී තත්ත්වයන් පහව යනු ඇත. නූතනයේ අත්‍යවශ්‍ය වී ඇති විදුලි බලය නිපදවීමට ලාභදායී හා ඵලදායී විසඳුමක් ලෙස මෙය වර්ධනය කල යුතුය. ඒ අනුව සූර්‍ය බලශක්තිය උපයෝගී කොට ගෙන විදුලිය නිපදවීමට කටයුතු කොට නව තාක්ෂණික දැනුමෙන් යුතු ශක්තිමත් ජාතියක් ලෙස අනාගත ලොව සදහා පියමන් කරමු.
- දසුනි මහවත්ත -
Key words
සූර්ය බලශක්තිය
සූර්ය ශක්තිය රචනා
බලශක්ති අර්බුදය රචනා pdf download
පුනර්ජනනීය බලශක්ති
බලශක්ති සංරක්ෂණය pdf
බලශක්ති අර්බුදයට විසදුම්
බලශක්තිය යනු කුමක්ද
Surya Bala shakthiya rachana
Comments