දී ඇති ඡේදයට අනුගතව ජල සම්පත පිළිබදව වචන 250 කට නොඅඩු වන සේ රචනාවක් ලියන්න.
ලෝකයේ බොහෝ රටවල පවතින්නේ පානය කිරීම සඳහා භාවිත කළ නොහැකි දූෂිත ජල මුලාශ්‍රයන් ය. මෑතක් වනතුරු ම ශ්‍රී ලංකාවේ ජල මූලාශ්‍රය මානව පරිභෝජනයට යොදා ගත හැකි මට්ටමේ පැවතුණ ද මේ වන විට ඒවායේ බහුතරයක් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින බව පර්යේෂකයෝ පවසති. කර්මාන්තශාලාවලින් අවිධිමත් පරිදි අපද්‍රව්‍ය මුදාහැරීම ජල දුෂණයට බලපාන ප්‍රමුඛතම සාධකයක් වන බැවින් එය වැළැක්වීමට පවත්නා නීති රීති දැඩි කිරීමත් නව නීති හඳුන්වා දීමත් මෙහි දී සිදු කළ යුතු ය.
පිළිතුර
ජල සම්පත සුරකිමු
ජලය මිනිසාගේ ජීවයයි. ජල සම්පත ආරක්ෂා කිරීම ලෝකවාසී සියල්ලන්ගේම වගකීමක් මෙන්ම යුතුකමක් ලෙස දැක්වීම ඉතාමත් නිවැරදිය. මන්ද යත් මිනිසාගේ මූලික අවශ්‍යතාවන් අතුරින් ප්‍රමුඛතවම ඇත්තේ ජලයයි. ජල සම්පත විනාශ වීම තුළින් මුළු මහත් සත්ත්ව ප්‍රජාවටම හානිකර තත්ත්වයන් උදා වනු ඇත.
මෑතක් වනතුරුම ලංකාවේ ජල මුලාශ්‍රයන් මානව පාරිභෝජනයට යොදාගත හැකි වුවද මේ වනවිට ඒවායින් බහුතරයක් පාරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින බව පරීක්ෂකයෝ පවසති. එහිදී මූලිකවම වශයෙන් කර්මාන්ත ශාලාවලින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය ජලයට මුදා හැරීම තුළින් මෙම ජල අපිරිසිදු වීමේ ක්‍රියාවලිය වැඩි වශයෙන් සිදු වන බව උගතුන්ගේ මතයයි. මෙම කැලි කසල ජලයට මුදා හැරීම තුළින් පානීය ජල මූලාශ්‍ර අපිරිසිදු වීම, සත්ත්වයින් සඳහා විවිධ හානිකර තත්ත්ව ඇතිවීම, ලංකාවට අනන්‍ය වූ ශාක සම්පත් විනාශ වීම, පිරිසිදු පානීය ජල හිඟය ඇතිවීම, විවිධ ලෙඩ රෝග ඇති වීම, මරණ ප්‍රමාණය ඉහළ යාම, අසාත්මිකතා ඇතිවීම වැනි විවිධ හේතූන් රාශියකට මුල පුරන්නෙකි.
තවද ජල සම්පත අපවිත්‍ර වීම කෙරෙහි විවිධ මානුෂීය ක්‍රියාකාරකම් හා සත්ව ක්‍රියාකාරකම්ද හේතු පාදක වනු ඇත. නමුත් වර්තමානයේ දියුණුවෙමින් පවතින කර්මාන්ත ලෝකය තුළ මෙම කර්මාන්තශාලා තුළින් නිකුත් කරනු ලබන අහිතකර වායූන් හා කැලි කසල හේතුවෙන් ස්වභාවික පරිසරයට බොහෝ සෙයින්තර්ජන එල්ල වෙමින් පවතිනු ඇත. මන්ද මෙහි අඩංගු අහිතකර රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය ස්වභාවික ජල මූලාශ්‍ර පද්ධති වලට විවෘත කර දැමීම තුළින් එහි පවිත්‍රතාවයට ප්‍රධාන ලෙසින් තර්ජනයක් ඇති කරනු ලබයි.
මෙම කර්මාන්තශාලාවලින් එක් රැස් කොට මුදා හරිනු ලබන අපද්‍රව්‍ය නිසි කළමනාකරණයකින් යුතුව මුදා හැරීම තුළින් සිදුවන අහිතකර ප්‍රතිඵල රාශියකට තරයේ පිළිතුරු ලබාදිය හැකි වනු ඇත. එහිදී ප්‍රධාන වශයෙන් රටක් ලෝකයක් තුළ පවත්නා මෙම කර්මාන්ත ආශ්‍රිතව ඇතුළත් නීති රීති රෙකුලාසීන් තර කිරීම මෙම ගැටලුවට පිළියම් ලෙස යොදාගත හැකිය.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
එහිදී 'සෞභාගයේ දැක්ම' ප්‍රතිපත්ති රාමුවේ පනස් එක වැනි පිටුවේ පැහැදිලිව සඳහන් කොට ඇත්තේ ජල මූලාශ්‍රයන් සහිත ජල පෝසක ප්‍රදේශවලට කිසිදු හානියක් නොකර ඒවා ආරක්ෂා කළ යුතු බවයි. ඒ අනුව එම ප්‍රදේශ තුල පරිසරයට ජල සම්පතට හානි දායක වූ කර්මාන්තශාලා ඇත්නම් ඒවා වසා දැමීමට වුවද කටයුතු කළ හැකිය.
තවද " 2025 සැමට ජලය' යන ප්‍රතිපත්තියද මීට නිදසුන් ලෙස යොදාගත හැකිය. තවද මේ පිළිබඳ ජනයා දැනුවත් කිරීම හා මෙම පරිසරයට මෙන්ම ජල සම්පතට ද ඇති කරන අහිතකර කටයුතු සිදු කිරීම තුළින් අනාගතයේ සත්වයා මුහුණ දීමට යුතු අහිතකර බලපෑම් පිළිබඳ දැනුවත් කොට ඔවුන් මෙම ක්‍රියාවලියෙන් මුදවාලිය යුතුයි. එහිදී ඉතාමත් දැඩි ලෙස නීති රීති හා අදාල අණ පනත් ක්‍රියාවට නැංවිය යුතුව ඇත
ඒ ආකාරයෙන් ජල දූෂණය වැළැක්වීමට අදාළව සියලු පියවරයන් අනුගමනය කරමින් අනාගත තිරසර සංවර්ධනයක් පිළිබඳ බහුතරයක් මහජනයා තැබූ බලාපොරොත්තු බිඳ වැටීමේ ආරම්භයට නිමාව තබමින් මෙවැනි අදූරදර්ශී ක්‍රියාවන්ගෙන් පාඩම් ඉගෙන ගෙන දූරදර්ශී තිරසර සංවර්ධන ප්‍රතිපත්තින් ක්‍රියාත්මක කරමින් ජල සම්පත ආරක්ෂා කර ගනිමු.
- දසුනි මහවත්ත -
Key words
ජල සම්පත සුරකිමු රචනා
ජලය රචනාව ජල සම්පත සුරකිමු රචනා
ජල සම්පත සුරකිමු රචනා වචන 250
ජල සම්පත සුරකිමු රචනා වචන 150
ජල සම්පත සුරකිමු රචනා pdf
ජල සම්පත සුරකිමු රචනා 6වසර
ජල සම්පත සුරකිමු රචනා grade 11
ජල සම්පත සුරකිමු
Jala sampatha surakimu rachanawa