මත් උවදුර හේතුවෙන් තරුණ පරපුරට සිදුව ඇති බලපෑම සුලුපටු නොවේ. එනිසා මත් උවදුරින් තරුණ පරපුර බේරා ගත යුතුය. මේ කාරණය පිළිබඳව වචන 250 කට නොඅඩු රචනයක් ගොඩ නගන්න.
මත් උවදුරෙන් තරුණ පරපුර බේරා ගනිමු
"ජීවිතං අනියතං මරණං නියතං"
ඉහත දැක්වූ බුද්ධ දේශනාවට අනුව නම් ජීවිතය අනියත බවත් මරණය නියත බවත් පැවසේ. එහෙත් අප මරණය අප වෙතට කැඳවා ගන්නේ නම් එය නොමැනවී බව ද වටහා ගත යුතුය.
අද අපේ රටෙහි මිනිස් ජීවිත අකාලයෙහි බිලිගන්නා දසමාර පුත්‍රයන් බවට පත්ව ඇත්තෝ නම් මත් මාරයෝ ය. එයිනදු ඔවුන් වඩාත් බලපෑම් කර ඇත්තේ තරුණ ජීවිත වලට වීම මහත් අභාග්‍යයකි.
රටෙහි අනාගතය භාර ගැනීමට සිටින තරුණ පරපුර මත් උවදුර නම් වූ මාරයා තලා පෙලා දමා පරඬැල් කොට හමාරය. එපමණක්ද නොව රට ආර්ථිකමය හා සදාචාරමය වශයෙන්ද ලෝකාන්ත ප්‍රපාතය තරම් පහළට ඇද දමා ඇත්තේ ද මත් රකුසාමය.
භූගෝලීය වශයෙන් ලංකාවේ පිහිටීමත්, මත් ද්‍රව්‍ය ව්‍යාපාරයෙහි නිරතව සිටින අරාබි රටවල් ආසන්නයෙහි දූපතක්ව රට පිහිටීමත්, ලංකාවේ ක්‍රියාත්මක වන විවෘත ආර්ථික ක්‍රමයෙහි පවතින අධික විවෘතභාවයත්, ලංකාවේ පවතින දේශපාලන තත්ත්වයත්, නීතියෙහි ආධිපත්‍යය හා අධිකරණයෙහි ස්වාධීනත්වය බිඳවැටීම වැනි ඝෘජු හා වක්‍ර හේතු කාරණා මත් උවදුර මෙතරම් සීඝ්‍රයෙන් පැතිර යාමට බලපෑ හේතුවේ.
රොබට් බර්ට්න් වරෙක ප්‍රකාශ කලේ "ලෙඩ දුක් මිනිසා කායිකව පමණක් නොව අධ්‍යාත්මිකව ද පරිහානියට පත් කරන බව" යි. එයින් යමෙකුගේ කායික හා මානසික සෞඛ්‍යයෙහි වැදගත්කම අවධාරණය කෙරේ. මත් උවදුර නිසා මිනිසාට මුලින්ම අහිමි වන්නේ කායික හා මානසික සෞඛ්‍යය යි. එපමණක්ද නොව කුටුම්භ ජීවිත හා සමාජ සබඳතා බිඳ වැටීම, පවුලේ ආර්ථිකය කඩාවැටීම, සොරකම්, ස්ත්‍රී දුෂණ, මැරකම්, මිනීමැරුම් වැඩිවීමට ප්‍රබල හේතුවක් වන්නේ ද මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම හෙවත් මත් උවදුර වේ. "කුඩුකාරයෝ චෞරයෝ ය" යන්න ප්‍රකට කියමනක් වී ඇත්තේ සත්‍යයක් ගැබ් වී ඇති බැවිනි.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
වසංගත රෝගයකට නම් කෙසේ හෝ මුහුණ දිය හැකිය. එහෙත් මත් උවදුර නම් වසංගතයට මුහුණ දීමට නම් අප දැනටත් වඩා දස ගුණයකින් ක්‍රියාත්මක විය යුතුව ඇත. මත් උවදුර මැඩලීමට දැන් ගන්නා පියවර ඉබි ගමනක් නම් එය චීටාවෙකු දුවන වේගයට පරිවර්තනය කරගත යුතුය. සැබැවින් ම මත් උවදුර මර්දනය කළ හැකිය. නීති පද්ධතිය ශක්තිමත් කිරීම, නීතියෙහි ආධිපත්‍යය තහවුරු කිරීම, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය සඳහා පවතින නීති දැඩි කිරීම, ප්‍රචාරණ දැන්වීම් වලට දැඩි සීමා පැනවීම, විවෘත ආර්ථික ක්‍රමයෙහි සිදුරු වසා දැමීම, මත්ද්‍රව්‍ය භාවිතයෙහි ආදීනව ගැන වැඩ මුළු සංවිධානය කොට ජනතාව දැනුවත් කිරීම ද මෙකී මත් උවදුර මැඩ පැවැත්වීමට යම් දුරකට දායක කරගත හැකිය.
කෙසේ කීවත් ලංකාවේ නීතිය නම් ක්‍රියාත්මක වන්නේ අමුතුම ආකාරයකට බව කිව යුතුයි. සෑම විටම වතුර බහින්නේ මිටි තැනිනි. නීතිය සමානව ක්‍රියාත්මක නොවන තාක් මෙකී මත් උවදුර ගැටලුවට විසඳුමක් නම් නැත. තරුණයන් ක්‍රීඩාව හා කලාස්වාදය වින්දනයට යොමු කොට ඔවුන්ගේ විවේක කාලය අර්ථවත් ව ගත කරන්නට යොමු කරවන්නේ නම් තරුණ පරපුර මෙකී මත් උවදුරට යොමු වීම වළක්වා ගැනීමට මහෝපකාරී වේ.
"සුසාන භූමියක් වටා වැටක් බැදීම නිශ්ඵල දෙයකි. ඒ මන්ද කිවහොත් ඇතුලේ ඉන්න අය එලියට පනින්නේ නැත. එලියේ ඉන්න අය ඇතුලට යාමට කැමති නැත." යන සුප්‍රකට කියමනට අනුව මත් උවදුර නිසා සුසානගත වූ අය එළියට ගැනීමට වෙර දරා කිසි පලක් නැත. කළ යුත්තේ එලියේ සිටින අය සුසානයට අකමැත්තෙන් වුවද ඇතුළු වීමට හෝ කරවීමට දරන උත්සාහය කෙසේ හෝ නතර කිරීමය. එසේ වූ දින එය රටෙහි දියුණුවේ රන්දරටු විවර වන දිනය වෙනු ඇත.
(සංඝමිත්තා බාලිකා විද්‍යාලය
කිරිඳිවැල)
Key words
මත් උවදුර හා තරුණ පරපුර
මත් උවදුර සිංහල රචනා pdf
මත් උවදුර හා තරුණ පරපුර රචනා
මත් උවදුර සිංහල රචනා
මත් උවදුර
මත් උවදුර පිටු දකිමු රචනා
මත් උවදුර පිටු දකිමු
මත් උවදුර හා තරුණ පරපුර pdf
මත් උවදුර දුරලමු
මත් උවදුර යනු
මත් උවදුර රචනා
math uwadura sinhala rachana
Math uwadura essay
Comments