Skip to main content

සිංහල රචනා 11 - නවීන තාක්ෂණයේ අහිතකර බලපෑම් රචනාව

නවීන තාක්ෂණය හා මිනිසා අතර දැඩි බැදීමක් පැවතියද එම තාක්ෂණයේ අහිතකර බලපෑම් මිනිසාටම අභියෝගයක් වෙමින් පවතී. මේ පිළිබඳව රචනාවක් ගොඩ නගන්න.


නවීන තාක්ෂණයේ අහිතකර බලපෑම්

"සංගීතය හා චිත්‍ර කලාව මෙන් තාක්ෂණය ද ජාත්‍යන්තර භාෂාවක් බවට පත් වෙමින් ඇත."

- රසල් සාමි -

රසල් සාමි වරක ප්‍රකාශ කරන ලද ඉහත දැක්වෙන මසුරන් ප්‍රකාශය කෙතරම් දුරට සත්‍ය දැයි අද ලෝකය දෙස පියවි සිහියෙන් යුක්තව බලන කල්හි වටහා ගැනීම එතරම් අපහසු නොවේ.

මිනිසා ස්වභාවයෙන්ම ආශ්චර්යවත් දෙයට ඇලුම් කරන බවත්,  නවීන විද්‍යාවේ තාක්ෂණයේ බීජය වන්නේ ද එම ඇලුම්කමය යන ප්‍රකාශයත් ඉතා නිවැරදි ය. එයින්ම නවීන විද්‍යා තාක්ෂණ ඥානයට මිනිසා අසීමාන්තිකව යොමුවීමට බලපෑ කරුණු හෙළි පෙහෙළි වෙයි. එසේම මා මෙන්ම ඔබත් දැනුවත්ව හෝ නොදැනුවත්ව දැනටමත් මේ නවීන විද්‍යා තාක්ෂණයේ පාලනයට හසුවී ක්‍රියා කරයි. පොදුවේ එය සාමාන්‍ය කරනයට ලක් වී ඇති නිසා එය වෙන් කර හඳුනා ගැනීම පවා නූතනයේ දුෂ්කරය.

අසිරිමත්භාවය, ආකර්ෂණය, වේගවත්භාවය, පහසුව හා අලුත් දෑ සමග සම්බන්ධ වීමට ඇති සහජ ආශාව නිසා දරුවෝ නවීන විද්‍යාව හා තාක්ෂණයට ඇලුම් කරති. එපමණක් නොව මෑත කාලයේදී ලෝකයට බලපෑ කොරෝනා වසන්ගතය නිසාවෙන් ද විද්‍යාව හා තාක්ෂණයට සිසු දරුවන් අසීමාන්තිකව යොමුවීමට හේතුවක් වූයේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමය අනිවාර්යය වූ නිසාය.

නවීන තාක්ෂණය වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ට ද තම තමාගේ කටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා ඉතා පිටිවහලක් බව සත්‍ය වේ. එසේම තාක්ෂණයෙන් ඈත් වූ කල ලෝකය හා සම සමව තරග කිරීමට නොහැකි වන බවද සත්‍ය වේ. එසේ හෙයින් සියළුම මානවයන් හට තාක්ෂණය හා බැදී කටයුතු කිරීමට සිදුවී ඇත.

එසේ නමුත් නවීන විද්‍යාව හා තාක්ෂණයට සිසු දරුවන් අසීමාන්තිකව යොමු වීම නිසා ඔවුන් නොදැනුවත් ව ගැටලු වලට මුහුණ දී ඇත. විද්‍යා තාක්ෂණ ඥානයෙහි පිහිටෙන් බිහිවූ පරිගණකය, දුරකථනය, විද්‍යුත් තැපෑල, අන්තර්ජාලය හා මුහුණු පොත ආදී සෑම උපකරණයකම ඇත්තේ ගබඩා කරන ලද කෘතීම දැනුම් සමූහයකි. ඒවායෙහි කිසිදු මානුෂික වටිනාකමක් නැත. පරිගණකයට, මුහුණු පොතට අසීමාන්තිකව යොමු වූ විට දරුවා තුළින් මානව ගුණධර්ම ගිලිහී යයි. සහජීවනය සාමූහිකත්වය ආදී ගුණධර්ම දරුවාට නුහුරු නුපුරුදුවේ. පරිගණක යන්ත්‍රයකට මෙය හොඳය, මෙය නරකය කියා තේරුම් බේරුම් කළ නොහැක.

මෝටර් රථවල අනතුරුදායකත්වය සම්බන්ධයෙන් රජය පැනවීමට යන්නේ කවර නීතියක් දැයි තවම නිශ්චය නැත. සමහර විට සිගරට් පැකට්ටු වල මෙන් "මෙය සෞඛ්‍යයට අහිතකරයි" යන ලේබලය මෝටර් රථ වල ද ඇලවීමට අන්තිමේ දී නියම කරන්නට පුළුවන. මෙය සියළු විද්‍යා තාක්ෂණ උපකරණ සම්බන්ධයෙන් එලෙසම අදාළය. එබැවින් විද්‍යා තාක්ෂණ උපකරණ වනාහි සියලු අවශ්‍යතාවන් ඉටුකරවා දෙන සුර දූතයන් ලෙස අර්ථ ගන්නවා ගැනීම මිනිසා මිනිසාටම සිදු කර ගන්නා මහා විනාශයක් වන්නේය.


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.



නවීන විද්‍යාව හා තාක්ෂණයට අසීමාන්තිකව යොමු වීම නිසා උද්ගත වී ඇති බරපතළ ගැටලුවක් වන්නේ විකෘති මානසිකත්වයන් දරුවා තුළ නිර්මාණය වීමයි. අන්තර්ජාලයට හොද හෝ නරක කියා දෙයක් නැත. අසභ්‍ය වෙබ් අඩවි වලට ප්‍රවේශ වීමට ලිංගික කුතුහලයෙන් පිරි සිසු දරුවන් පෙළඹෙයි. ඒවාට ඇබ්බැහි වීමෙන් විකෘති ආශා ඇතිවීම නොවැළැක්විය හැකිය. මෑතකදී අනාවරණය වූයේ අන්තර්ජාලයෙහි හෝ මුහුණු පොතෙහි එක දිගට යෙදී සිටින්නන් ස්නායු ආබාධයන්ට ගොදුරු වන බවයි. එය නම් අතිශය භයානක තත්ත්වය කි. 

හුදෙකලා වීම, දෙමාපිය නෑ මිතුරන් සමඟ ගනුදෙනු මගහැරීම නිසා සිසු දරුවන් වඩ වඩාත් මානසික පීඩිතයන් බවට පත්ව ඇත්තේ ය. ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය ආදී සංවේදී භාවමය හැගීම් යටපත් කොට කෘතීම බුද්ධිය එන්නත් කරවීම නවීන විද්‍යාව සහ තාක්ෂණයේ ඇති සාහසිකත්වය යි. එසේ බිහි වන්නා වූ හිත් පිත් නැති දැනුම පමණක් ඇති මිනිස් යන්ත්‍රයකින් තමාට හෝ සමාජයට හෝ කිසි සෙතක් නැත.

එබැවින් නවීන විද්‍යාව හා තාක්ෂණයට බිලිව එහි ගොදුරු බවට පත් වන්නට නියමිත ජාතියෙහි කොදු නාරටිය වන් සිසු දරුවන් එකී ව්‍යසනයෙන් ගලවා ගැනීම වැඩිහිටි පරපුරෙහි වගකීමක් වන්නේ ය. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ "මොනවද මුත්තේ" කාව්‍ය ප්‍රබන්ධයෙහි කියවෙන්නාක් මෙන් ම "ඒ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි ආයුබෝවන් මුත්තේ මම යන්නෙමි" යනුවෙන් දරුවන්ට කට පුරා කියන්නට හැකි වන අයුරින් වැඩිහිටියන් දරුවන්ට නිසි මඟ පෙන්විය යුතු වන්නේ ය. 

- විදුෂි නතාෂා -
(සංඝමිත්තා බාලිකා විද්‍යාලය
කිරිඳිවැල)






Key words 

තාක්ෂණය හා මිනිසා රචනා
විද්‍යාව හා තාක්ෂණය රචනා
විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව රචනා pdf
විද්‍යාව හා තාක්ෂණය අහිතකර බලපෑම රචනා
විද්‍යාව තාක්ෂණය ගැන රචනා
විද්‍යාව  හා තාක්ෂණය රචනා pdf download 
Vidyawa ha thakshanaye ahithakara balapema rachanawa

Comments