Skip to main content

සිංහල රචනා 10 - ජන මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය රචනාව

"ජනමාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය" යන මැයෙන් වචන 250 කට නොඅඩු අර්ථවත් රචනාවක් ගොඩ නගන්න.


ප්‍රජාතන්ත්‍රවාදය හා ජන මාධ්‍ය නිදහස

" මාධ්‍ය නිහඩ වූ කල දෙවියෝ නිහඩ වෙති. යුක්තිය නිද්‍රෝප ගත වේ. ප්‍රජාතන්ත්‍රවාදය අර්ථ ශුන්‍ය වෙයි. සෑම දෙයක්ම ගනඳුර විසින් ගිල ගැනේ"

                 -ජන මාධ්‍ය විශේෂඥයෝ-


ජනතාව විසින් ජනතාව පාලනය කිරීමේ රටාව ප්‍රජාතන්ත්‍රවාදය ලෙස සරලව හැඳින්වෙයි. 

වර්තමාන ලෝකය ගත් කල බොහෝ ආණ්ඩුක්‍රම අතර ජනප්‍රියතම ආණ්ඩු ක්‍රමය වන්නේද ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයයි. ‍ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය වන්නේ ද මූලික මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමයි. එනම් අධ්‍යාපනය ලැබීමේ නිදහස, රැකියාවක් කිරීමේ නිදහස, දේපළ පරිහරණය කිරීමේ නිදහස හා තාක්ෂණය හා ලේඛන නිදහස ආදිය යි.

ඉතා විශාල ප්‍රේක්ෂක පිරිසක් ඇමතීම සඳහා අතීතයේ පටන් ක්‍රමිකව නිර්මාණිත කලාව ජන මාධ්‍යය ලෙස දැක්විය හැකිය. ජනමාධ්‍ය යන යෙදුම වර්ෂ 1920 දී පමණ නිර්මාණය වූයේ රටවල් පුරා විකාශනය වූ ගුවන් විදුලි සේවා සහ විශාල වපසරියක සංස්කරණය වූ පුවත්පත් සාගරා හරහා ය. එහෙත් ජනමාධ්‍ය යන යෙදුම මාධ්‍ය අංශය නිර්මාණයට පෙර සිටම පැවතිණි. වොෂින්ටනයේ නිව්සියම් හි ප්‍රදර්ශනයට තබා ඇති ලේඛන ගත ජනමාධ්‍ය යන වදනද මෙයට සාමානය. එයින් අදහස් කෙරෙන්නේ මහජනතාවට පුවත් සහ විනෝදාස්වාදය ලබාදෙන සියලු මාධ්‍යයන්ගේ එකතුව යන්න ය.

සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදය යන්න අර්ථ ගැන්වෙන්නේ ජනමාධ්‍ය නිදහස තිබීම තුළිනි. කිසියම් රටක ජනමාධ්‍ය නිදහස නොමැති නම් එහි ප්‍රජාතන්ත්‍රවාදයක් ද නොමැත. රටේ ප්‍රබලතම නිදහස පැවතිය යුත්තේ ජනමාධ්‍යයට ය. එසේම අනිත් අතට, ජනමාධ්‍ය එම නිදහසින් අයුතු ලෙස ප්‍රයෝජන නොගත යුතුය. තමා ඉදිරිපත් කරන දෑ සත්‍ය විය යුතුමය. අනුන්ට නින්දා අපහාස නොවිය යුතුමය. මේවා ජනමාධ්‍ය සතු යුතුකම් හා වගකීම් ලෙස දැක්වීම නිවැරැදිය.


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.



ජනමාධ්‍ය සතුව සමාජය වෙත ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් තිබෙන අතරම ජනමාධ්‍යයේ නිදහස සුරැකීම සඳහා රජයේද වගකීම් නැතුවාම නොවේ. තම ඕනෑ එපාකම් සපුරා ගැනීම උදෙසා ජනමාධ්‍ය කිසිසේත් යොදා නොගත යුතුය. එමෙන්ම මාධ්‍යයට අනවශ්‍ය බලපෑම් නොකළ යුතුය. රජය විසින් මාධ්‍යකරුවන්ගේ නිදහස සුරක්‍ෂිත කළ යුතුය. එසේම මාධ්‍ය වෙත නිසි රැකවරණයත් ලබාදිය යුතුය. 

තවදුරටත් මාධ්‍ය සදාචාරය ද විධිමත් කළ යුතුය. සියලු මාධ්‍ය කරුවන් දේශපාලනයේ බිල්ලක් හෝ අතකොලුවක් නොවිය යුතුය. සෑම අවස්ථාවකදීම රටේ යහපත වෙනුවෙන් ඇප කැප විය යුතුය. එසේ වූ පසුබිමක ජනමාධ්‍ය නිදහස තහවුරු වෙත්ම ප්‍රජාතන්ත්‍රවාදී දේශයක් පවතිනු ඇත.

- විදුෂි නතාෂා -
(සංඝමිත්තා බාලිකා විද්‍යාලය
කිරිඳිවැල)





Key words 

ප්‍රජාතන්ත්‍රවාදය හා ජන මාධ්‍ය නිදහස රචනාව 
ප්‍රජාතන්ත්‍රවාදය හා ජනමාධ්‍ය නිදහස pdf
ප්‍රජාතන්ත්‍රවාදය රචනා pdf download 
ජනමාධ්‍ය නිදහස සුරැකීම රචනාව Al

Comments