Skip to main content

උග්ගසේන සිටුපුත්හුගේ වස්තුව විචාරය 01

සද්ධර්මරත්නාවලියේ උග්ගසේන සිටුපුත්හුගේ වස්තුවෙහි එන උග්ගසේන නම් සිටු පුත්‍රයා ජීවිතයේ අභියෝග ජය ගත් කෙනෙකි. සිටු පුත්‍රයාගේ චරිතය ඇසුරින් විමසන්න.

දඹදෙණි යුගයේ දී "ධර්මසේන නම් යතිවරයාණන් වහන්සේ" විසින් රචිත සද්ධර්මරත්නාවලිය පාලි ධම්මපදට්ට කතාව ඇසුරින් ලියා ඇති ජනප්‍රිය බණකතා සංග්‍රහයක් වශයෙන් හැඳින්විය හැකිය. සද්ධර්මරත්නාවලියෙහි එන 256 වන කතා වස්තුව වන උග්ගසේන සිටු පුත්හුගේ වස්තුවෙහි ආ ප්‍රධානතම චරිත ද්විත්වය වන්නේ උග්ගසේන සිටු පුත්‍රයාගේ සහ විද්දත් දියණියගේ චරිත වේ.


Download PDF


ධර්මසේන හිමියන් උග්ගසේනයන් අභියෝග හමුවේ නොසැලෙන ජයග්‍රහණය උදෙසා ක්‍රියා කරන චරිතයක් සේ නිරූපණය කර ඇති ආකාරය පහත පරිදිය. 

"ලදොත් ජීවත් වෙමි. නොලදොත් මියෙමි සිතාගෙන නොකා නොබී හැඳට නැගීලා වැද හොත්තාහ."

විද්දත් දූගේ නර්තනයෙන් ප්‍රමෝදයට පත් උග්ගසේනයෝ ඇය ලබාගන්නට දරන ප්‍රයත්නය කතුවරයා මැනවින් විශද කරයි. තමාගේ අභිප්‍රාය සාර්ථක කර ගනු වස් ඒකායන අධිෂ්ඨානයෙන් ක්‍රියා කරන්නට උග්ගසේන සිටු පුතා පෙළඹෙයි. මෙහිදී ඔහු මුහුණ දුන් ප්‍රබලතම අභියෝගය වූයේ නටන ගයන විද්දත් දියණිය සරණ පාවා ගැනීමයි. මේ වෙනුවෙන් ආහාර පාන පවා නොගෙන ඇඳට නැගී නිද්‍රා සෙයියාවෙන් සිට තම ජීවිත පරිත්‍යාගයෙන් උපවාසයක් අරඹන්නේ හිතුවක්කාරයකු ලෙසිනි. 

උග්ගසේන ජීවිත අභියෝගයට නොසැලී අභීතව මුහුණ දෙන ආකාරයත් මැනවින් ධ්වනිත කරයි. උග්ගසේනයන්ගේ සිතැඟි වෙනස් කිරීමට නොහැකි වූ නිසාම අවසානයේ උග්ගසේන ප්‍රථම අභියෝගය සිතු අයුරින්ම ජයගනී.

"ගැල රකිනවුගේ පුත, බර උසුලන්නවුගේ පුත, කුමකුත් නොදන්නවුවගේ පුතැ කිය කියා නළවයි."

ශිල්ප ශාස්ත්‍ර නොදත් උග්ගසේනගේ චරිතය උට්ඨාන වීර්යයෙන් පොහොසත් චරිතයක් ලෙස විවරණය කිරීමට ධර්මසේන හිමිපාණෝ සමත් වූහ. සියලු අභියෝග අභිබවා ජයගත හැක්කේ නොසැලෙන වීර්යයෙන් පමණක් බව කතු හිමියන් අපට උග්ගසේනගේ මාර්ගයෙන් පසක් කරයි. ධනයෙන්, බලයෙන්, කුසලයෙන් පිරි දිවි පෙවෙතක් ගත කළ සිටුපුත්‍රයාට ඔහු නොසිතූ විරූ අනේක විධ දුක් කම්කටොලු රැසකට මුහුණ දීමට සිදුවෙයි. 

මෙවැනි දුෂ්කර වූත් කටුක වූත් පැවරෙන කාර්යයන් නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරන සිටු පුත්‍රයාට කිසිදු කායික මානසික සහනයක් නොලැබෙයි. විද්දත් දියණියගේ අහංකාර පෙරදැරි අපහාස වලින් සිටු පුත්‍රයා පන්නරය ලබා ගනී.

" උග්ගසේන සිටු පුත්‍රයාණෝ ද කර ග රහත් වන්නා සේ නොවන මුත් හුණදඩු අග දී පිළිසිඹියාපත් රහත්ව.."


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය. 


උග්ගසේන සිටු පුත්‍රයාද මාමණ්ඩිය වෙතින් ශිල්පය හරිහැටි උගෙන තමන් උපන් රජගහ නුවරදීම ප්‍රථම සංදර්ශනය පවත්වන්නට තීරණය කළේය. එයෙදී තමා සතු ශිල්පය බුදුන් වහන්සේ ප්‍රමුඛ බොහෝ දෙනා ඉදිරියේ එළි දැක්වූ ආකාරය කතුවරයා විග්‍රහ කරන්නේ මනසින් අපි ඒ ස්ථානයට ගෙන යමිනි. තමන් පානා කෙලිසෙල්ලම් උග්ගසේනයන් පමණක්ම බැලූ හෙයින් ඔහු දොම්නසට පත් වූ ආකාරයත් මුගලන් තෙරුන්ගේ ඇරයුමෙන් කෙළිසෙල්ලම් පෑ අවස්ථාවේ බුදුන් වහන්සේ තම දක්ෂතා නැරඹීමේ රුචියෙන් පැමිණියේ යැයි සතුටූ ආකාරයත් කතු හිමියන් මනාවට හෙළිකරයි.

මේ ආකාරයෙන් නොනිත් ආශාවෙන් ජීවිත අභියෝග උට්ඨාන වීර්යයෙන් ජයගත් උග්ගසේන සිටු පුත්‍රයා බුදු මුවින් දේශනා අසා රහත් ඵලයට පැමිණ ඒහි භික්ෂු බාවයෙන් මහණ වීමට තරම් වාසනා ගුණයෙන් පිරිපුන් චරිතයක් සේ විවරණය කිරීමට සද්ධර්මරත්නාවලී කතුවරයා කටයුතු කර තිබේ. පරම සැපත වූ නිවන් මග පවා සාක්ෂාත් කර ගැනීමට උග්ගසේන සිට පුත්‍රයාට හැකි වූයේ තමා ඉදිරියට එන අභියෝග හමුවේ නොසැලී ජයගත් නිසාවෙනි.

- දිනූෂා ගමගේ

Comments