ආදරණීය පාසල රසාස්වාදය (ඉදිරි පෙළ සිසු නඩය සරදම් සිනා දී..🥲)
වත්මන් අධ්‍යාපන පද්ධතිය තුල දෘශ්‍යමාන වන සැබෑ ගැටළුවක් කේන්ද්‍ර කර ගනිමින් නන්දන වීරසිංහයන් "ආදරණීය පාසල" නම් පැදි පෙළ රචනා කොට ඇත. එහිදී ඔහු තමා ඉගෙනුම ලැබූ සිය පාසල ඉස්මරණය කරමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියා වලියේදී පන්ති කාමරය තුල වූ සම විෂමතා සියුම්ව විවේචනය කරනු ලබන අයුරු දැකිය හැකිය.
තාමත් පෙර සේම
එදා තිබූ තැනමය
මගේ පැරණි පාසල"
යනුවෙන් පාසල පෙන්වා දෙයි. ඉන් නොනවතින නන්දන වීරසිංහ කවියා පාසල් පද්ධතිය තුළදී විධිමත්ව අධ්‍යාපනය ලත් හෝ නොලත් බොහෝ පිරිස් එදත් අදත් හෙටත් මුහුණ දෙන සර්වකාලීන ගැටළුවක් පිළිබඳව යථාර්ථවාදීව හා සංවේදීව කතා කරන අයුරු දැකිය හැක.
අපවෙත සුරත දිගු කොට
බැරි එවුන් යැයි
හෙළා දුටු එ දවස
ඉදිරි පෙළ සිසු නඩය
සරදම් සිනා දී
ප්‍රීති සිත් වියරු කල තැන
මගේ ශුද්ධ වූ පාසල"
පාසල් පද්ධතිය කෙරෙහි කථකයා තුල ඇත්තේ ඝෘන ආකල්පයකි. පසු පෙළ අසුන් ගත කථිකයා ගුරුවරයාගේ භූමිකාව මැනවින් නිරූපණය කරයි.
බැරි එවුන් යැයි
හෙළා දුටු එ දවස"
පසුපෙළ අසුන් වල සීමිත වරප්‍රසාද නොලත් පසුපස සිසු දරුවන්ට කතා කිරීමට හෝ ප්‍රශ්න ඇසීමට හෝ සිය අදහස් ප්‍රකාශ කිරීමට කිසිදු අයිතියක් නොදුන් බවත් " වැඩ බැරි එවුන් යැයි" අවඥා සහගතව දෝෂ දර්ශනයට ලක් කරන අයුරු කවියා දැඩි කලකිරුනු ස්වබාවයකින් යුතුව කතා කරයි. ගුරුවරයාගේ එකී තාඩන පීඩන, ගර්ජන තර්ජන, අපහාස හා උපහාස ඉදිරියේ අන්ත අසරණ වන පසුපෙල සිසුන්ට පිළිසරණක් වෙනවා වෙනුවට ඉදිරි පෙළ වැඩ හැකි එවුන්,
සරදම් සිනා දී.. "
උපහාසාත්මකව සරදම් සිනා සී ප්‍රීතියට පත් අයුරු කවියා සිහිපත් කරන්නේ දැඩි කලකිරුණු සිතිණි.
එදා සිට අද වන තුරුම කිසිදු වෙනසක් නොවී සම්ප්‍රදායිකව සිදු වූ ඇතැම් ක්‍රියා කලාපයන් කවියා විවේචනාත්මකව බැහැර කරයි.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
සමත් අය හට තිළිණ පුද දෙන
මෙත් සිහිල් ආදර
වදන් වෑහෙන මහ සබයකි.
තවම පැසසුම් ලබන
ඉදිරි පෙළ සිසු කැළ"
වැඩ බැරි උන් නඟා සිටුවන්නට වෙහෙසෙනවා වෙනුවට වැඩ හැකි උන් අගයන්නට තිළිණ ප්‍රදානෝත්සව සූදානම් කරවන පාසල් පිරියන සම්බන්ධයෙන් කථකයා තුල ඇත්තේ දොම්නසකි. වත්මන් අධ්‍යාපන ක්‍රම වේදය තුළ දැකිය හැකි දුබලතා නන්දන වීරසිංහ කවියා උපහාසාත්මකව ඉදිරිපත් කරනුයේ සරල භාවනීය වදන් මාලාවක් උපයුක්ත කොට ගෙනය. වත්මන් අධ්‍යාපනය තුල සිය හදෙහි කැකෑරෙන වේදනාත්මක හැගීම් ප්‍රබලව ඉදිරිපත් කරන්නට අවැසි උත්තම පුරුෂ කථන ක්‍රම භාවිතයට ගන්නා කවියා කාරුණික වී තිබීමද පැදි පෙළේ රසෝද්දීපනයට හේතු වී ඇත. එමෙන්ම කවියා හිතා මතා යෙදූ කවියේ ගාම්භීර උත්පාදනයට හේතු වී ඇත. ඒ බැව්,
තවමත් පෙර සේම..." යන්න තුළින් වූවද ඒ බව අවබෝධ කොට ගත හැකිය.
පළමු වැනියන් නොම දැක
කන්ද නොනැගම පෙර මෙන්
එකම තැන ලැග හිඳිමින්
පෙරමුණට සටන් සගයන් එවන
ආදරණීය පාසල"
දක්ෂතා සපිරි සිසුන් පමණක් දැක ඔවුන් අගයමින් හා දිරිගන්වමින් ක්‍රියා කරන්නට වත්මන් පාසල් පිරියන වෙහෙසීම නිසා හා වැඩ බැරි වුන් නඟා සිටුවන්නට විධිමත් වැඩ පිළිවෙලක් පාසල් පිරියන තුළ නොවූ නිසා,
එකම තැන ලැග හිඳිමින්"
මේ අයුරින් වත්මන් අධ්‍යාපනය දිනෙන් දින කඩා වැටෙන ආකාරය කථකයා පෙන්වා දෙයි.
එමෙන්ම වත්මන් අධ්‍යාපනය උගතුන් බුද්ධිමතුන් බිහි කරනවා වෙනුවට "එකම තැන ලැග හිදිමින් පෙරමුණට සටන් සගයන් එවන" හමුදා, පොලීසිය වැනි සටන් පෙරමුණට දරුවන් පෙළ ගැස්වූ අයුරු කථකයා කල කිරීමෙන් කතා කරයි.
නූතන සමාජයේ විධිමත් පාසලක අධ්‍යාපනය ලැබුවෙකු මුහුණ දෙන සැබෑ අභියෝග සහ පාසල් අධ්‍යාපනයේ දී සාක්‍යතා ඇති හා නැති දරුවන් අතර සමවිෂමතා මැනවින් පෙන්වා දීමේදී කවියා නිසදැස් පද්‍ය ආකෘතිය ද සංකේත මුසු සරල බස ද උපයුක්ත කොට ගන්නා අතර අවැසි තැන උචිත උපමාද මගින් කවියේ රසෝද්දීපනය ඇති කරන අයුරු විචාරක ඇගයීමට ලක් කර ඇත.
උසස් පෙළ කලා අංශය
කුඩා බෝලාන මහා විද්‍යාලය හම්බන්තොට
Comments