Skip to main content

සිංහල විචාර 88 - අඟුල්මල් දමනය විචාරය 03

අමාවතුරෙහි භාවිත භාෂා ශෛලිය අඟුල්මල් දමනය පාඩම ඇසුරෙන් නිදසුන් සහිතව විමසන්න.

පෙර අපරදිග විචාරකයන්ගේ ගෞරව බුහුමානයට පත් මෙරට යම් කෘතියක් වෙතොත් ඒ අනෙකක් නොව බුදුන් වහන්සේගේ පුරිස ධම්මසාරති බුදු ගුණය මුල් කරගනිමින් ගුරුළුගෝමී නම් පඬිවරයා විසින් රචනා කරන ලද සිංහල කතා කලාවේ සංශිප්ත රීතිය නිරූපණය කරන අමාවතුර නම් ග්‍රන්ථයයි. නිශ්චිත කාලවකවානුවක් නොදැක්වෙන මෙම කෘතියෙහි පරිච්ඡේද ගණනෙන් දහ අටකි. කතුවරයා විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීමේ අරමුණ වූයේ පාලි හා සංස්කෘත නොදත් සාමාන්‍ය හුදී ජනයාට ධර්ම දානය ලබා දීමය.

මෙම අලංකාර කතා වස්තුව තුළදී භාෂා භාවිතය ඉතාමත් දැකුම්කලු අන්දමින් සිදු කරනු ලබන ගුරුළුගෝමීන් විසින් තම අපූර්වතම නිර්මාණය සහෘද පාඨක ජනයා වෙත ඉදිරිපත් කරනු ලබයි. එහිදී අමාවතුරේ මෙම භාෂා ශෛලිය පිළිබඳව වැඩි වශයෙන් විද්වතුන්ගේ කතාබහට ලක්වී ඇත. මන්ද එම නිර්මාණය තුළ පවත්නා සාරවත් බව සඳහා එහි පවතින භාෂා ශෛලිය මහත් සේ උපයෝගී වූ බැවිනි.

එහිදී සරල බස් වහර මෙම අමාවතුර නිර්මාණය පුරාවටම දක්නට ලැබෙන අති විශිෂ්ට පාඨක සිත් ඇද බැඳ තබාගන්නා භාෂා ශෛලියක් ලෙසින් දැක්වීම නිවැරදිය. අඟුල්මල් දමනය පාඩම තුලද ඒ සඳහා නිදසුන් ඇත. මෙම ග්‍රන්ථයේ ප්‍රධාන අරමුණ වනුයේ නොවියත් ජනයා සඳහා ද මෙය භාවිත කොට රසවින්දනය සඳහා ඉඩ සැලසීමයි. එබැවින් අමාවතුරෙහි ඇතුළත් සියලූම කොටස් පාහේ ඉතාමත් සරල ලෙසින් ඕනෑම දැනුම මට්ටමක සිටින පාඨකයන් සඳහා ඉතාමත් පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට හැකිවන අයුරින් නිර්මාණය කොට දක්වා ඇත.

"එකල්හි අඟුල් මල් මහ තෙරහු අහරකිස කොටැ බුදුන් කරා එළබැ වැඳැ එකත්පස් වැ හිඳැ"

මේ ආකාරයට ඕනෑම බුද්ධි මට්ටමකට උචිත වන පරිදි අමාවතුර කතුවරයා විසින් ඉතාමත් සූක්ෂම අන්දමින් මෙම නිර්මාණය කොට ඇත.

තවද නිර්මාණකරුවා විසින් තම නිර්මාණ භාෂා ශෛලිය ඉතාමත් කෙටි වාක්‍ය තුළින් යොදා ගැනීමේදී එහි ඇති ඉතාමත් සුවිශේෂී බව නිරූපණය කරනු ලබයි. තමා විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු කෙටි වැකි ලෙසින් අලංකාර අයුරින් ඉදිරිපත් කොට තිබීම තුළින් එහි අලංකාරීත්වය හා ආකර්ෂණීය භාවය තව තවත් වර්ධනය වනු ඇත.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.


ඒ ආකාරයෙන් කෙටි වැකි මෙන්ම දිගු වැකිද මෙම නිර්මාණය තුළ දක්නට ලැබීම විශේෂ ලක්ෂණයකි. ඒ සඳහා පහත දැක්වෙන අඟුල්මල් දමනය පාඩමේ නිදසුන් යොදාගත හැකිය.

"බ්‍රාහ්මණය, අධිවාසනා කරා"

"මෙ බුද්ධචරිතයැ"

"මේ මහතෙරනට වූ කළ අනතුරු අත්බැවැ දූ අනාගතයෙහි යම් කලෙකැ දු විපාක දෙන කර්මයෝ රාත්මැඟින් කැඩුණහ...."

මේ ආකාරයෙන් මෙම අමාවතුර අනර්ඝ නිර්මාණය තුළ ගැමි භාෂාවද අන්තර්ගත වීම මෙහි භාෂා ශෛලිය පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඉතාමත් වැදගත් වනු ඇත. අතීත මිනිසුන් හා ඉතා සමීපව ගැටෙන භාෂා විලාසයක් ලෙසින් ගැමි බස දැක්විය හැකිය. එහිදී මෙම භාෂාව ඉතාමත් අලංකාරවත් ලෙසින් මෙම නිර්මාණය තුළට එකතු කොටගෙන ඇත.

"එකල්හි අඟුල් මල් මහ තෙරහු අහරකිස කොටැ බුදුන් කරා එළබැ වැඳැ එකත්පස් වැ හිඳැ"

මෙහි අහරකිස, එකත්පස් වැ  වැනි වචන ගැමි වහරේදී යොදා ගනු ලබන වදන් ලෙසින් නිදසුන් ආකාරයෙන් දැක්විය හැකිය. ඉහත ආකාරයට අමාවතුර නම් ඉතාමත් අනර්ඝ නිර්මාණය තුළ භාෂා ශෛලිය හසුරවා ඇති ආකාරය උක්ත නිදසුන් මගින් ඉතාමත් පැහැදිලි ලෙස සනාථ කළ හැකිය.



Key words 

අඟුල්මල් දමනය විචාරය 03

අඟුල්මල් දමනය විචාර

අඟුල්මල් දමනය විචාර ලිවීම 10 ශ්‍රේණිය 

අඟුල්මල් දමනය භාෂා ශෛලිය විචාර 

අඟුල්මල් දමනය භාෂා භාවිතය විචාර 

අමාවතුර භාෂා ශෛලිය 

අමාවතුර භාෂා ලක්ෂණ

අමාවතුර භාෂා භාවිතය විචාර 

අමාවතුර භාෂා රීතිය

Comments