සිංහබාහු නාටකයේ දෙවන අංකය ලෙස දිවෙන ලෙන අතහැර යෑම සරච්චන්ද්‍රයන්ගේ ගීත ප්‍රබන්ධයන්ගෙන් අපූරුවට රසවත් වී ඇත. ලෙන අතහැර යෑම පිළිබඳ කෙටි විචාරයක යෙදෙමු.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා සිංහබාහු නාටකයේ ලෙන අතහැර යෑම පරිච්ඡේදයට තේමාව ලෙස ගෙන ඇත්තේ අසිරිමත් කුටුම්බ ජීවිතයක් ගත කල පවුලක දරුවන් වැඩිවිය පැමිණ ස්වාදීනව සිතන්නට පටන් ගත් විට පවුලේ ඇලුම් බැලුම් විපර්යාසයකට භාජනය වන සැටි පිළිබද විවරණයක් ලෙසිනි. එනිසා මෙය කතාන්දරයක් නටා පෙන්වවීමක් පමණක් නොවන්නේය. සංවේදී හදවත් අපේක්ෂා භංගත්වයට පත්ව හා ජීවන අත්දැකීම් තුළ කම්පිත වීමෙන් ක්‍රියා කරන ආකාරය නිරූපණය වන හැගීම් දෘෂ්ඨි කාව්‍යකි.
සිංහබාහු නාට්‍යයෙහි ගීතමය භාෂා රීතිය පිළිබද අවධානය යොමු කිරීමේදී එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ භාෂා හැකියාව ලෙන අතහැර යෑම පරිච්ඡේදය තුළින් පවා මනාව ප්‍රකට වේ.
"නුඹගේ ද නුඹ නැගණියන්ගේ ද යහපත පිණිස මම නුඹ පියාණන් හැරපියා යන්නට සනිටුහන් කර ගතිමි. මා මෙසේ කරන්නේ හද තුළ ඇති මහත් වේදනාවකිනි. දිවි හිමියෙන් මා ඒ වේදනාවෙන් පෙළෙන බව දනිමි. යමු දරුවනි."
සිංහබාහූ විසින් ලෙන් දොර පෙරළු පසු සුප්පා දේවිය දරු දෙදෙනා කැටිව ලෙන අතහැර යෑමට මගට බසින විට ප්‍රකාශ කරන මේ ගද්‍ය වාක්‍ය ඛණ්ඩය තුළ යෙදෙන බස් වහර ඇගේ වේදනාව මැනවින් කියා පෑමට සමත්කම් දක්වයි. මෙම පාටය සාමාන්‍ය ලෙස කියවීමේදී පවා ස්වරාත්මක රසයක් ජනිත වේ. සරච්චන්ද්‍රයන්ගේ භාෂා හැකියාව එයයි.
"ඔබ පියාණෝ නරයකු නොව, වනයේහී දී මට හමුවුණු සිංහ රාජයෙකි. ඔහු කෙරේ ඇති වූ ප්‍රේමය නිසා රජ සැප හැර දමා වනයෙහි වෙසෙමි දරුවනි."
ඉහත උපුටා ගන්නා ලද පාඨයෙහි නරයකු, සිංහ රාජයෙකි, ප්‍රේමය, වනයෙහි යන පද පාලී සංස්කෘත බසින් උපුටා ගෙන අවශ්‍ය පරිදි ගලපාගත් තත්සම ඒවා වේ. මෙකී වචන ලෙස ගත් වහර සංකලනය ගත් කළ, මෙම කියමන වඩාත් සනිටුහන් වන්නේ "ඉන්නිසි" කවි හා ගීත වලිනි.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
සිංහබාහූ නාටකයෙහි භාෂාවේහි දක්නට ලැබෙන තවත් එක් සුවිශේෂීත්වයක් වන්නේ පද්‍ය තුළ කියැවෙන අර්ථයයි. ගීත, ස්වර, රාග, තාල විසින් සංගීත ලක්ෂණ ඉස්මතු වන සේම ගද්‍ය, පද්‍ය වචන මලා තුල වඩා හොදින් අර්ථය ඉස්මතු වීම ලෙන අතහැර යෑම පරිච්ඡේදය තුල දැකිය හැකිය.
භාහු බෙලෙන් දා
වෙමි සේ තිදසින් දා
කුරිරු ගිජින් දා
කුඹු තල සින් දා
ලමි සේ කෙසරින් දා
මා පිය මිගිදා කරනා විකුමන්
ඇයි මට බැරි වන්නේ
තර කර ගිලිනා ඇති දොර තදිනා
ඉවත දමා වෙරෙනා
මහ හඬ හඩිනා පහරා සැණිනා
පෙරළමි බාහුවෙනා"
සරච්චන්ද්‍රයන්ගේ ගී කාව්‍ය බස මාලයක් සේ එකිනෙක සමග බද්ධව පවතින්නා වූ ආකාරය ලෙන අතහැර යෑම පරිච්ඡේදය තුළ දිගින් දිගටම පෙන්නුම් කරයි. ඔහු යොදා ගන්නා ශබ්ද හෝ රාග තාල අනුව යමින් මෙම සම්බන්ධතාවය ගොඩ නැගී ඇති බව පැහැදිලිය.
රන් මිණි බරණා
සිනිදු වස්ත්‍ර හැදලා රන්
මිරි වැඩි සගළා
පින් පිඩ වැනි මා මෑණිය
කියනු නොවළහා
ඇයි ද වල්කලා පොරවා
ලෙන තුළ ඉන්නේ "
සිංහ සීවලී සිය මවගෙන් ප්‍රශ්ණ කරන මේ තර්ග ගීය නූර්ති ගී තනුවකට අනුව යමින් පදස් අමුණා සකස් කර ගත්තකි.
හට දා වූ මම වෙමි දෙටු දූ"
නැමැති ගීයද දකුණු පළාතේ ප්‍රකට දරු නැළවිලි ගීයක තනුවට අදාළ ගැළපුමකි.
නුඹවත් නොසිටියේ ......"
හිස මත දෙදුරුම් දී......"
රස මුසු බසිනා
සියළු භෝග වස්තු ඉසුරු
හරි නෙක් දනෝ
සව් සැප දෙන සිතුමිණ වන්
ප්‍රේමය සන්දා"
වැනි ගීත වල උපමා, රූපක, තියුණු කාව්‍ය නාටක රස ජනනය කිරීමට යොදා ගෙන ඇති කාව්‍ය භාෂාව සුවිශේෂී වේ.
මේ අනුව ගද්‍යයේ පද්‍යයේ හා ගීතයේ ආකෘතියට හා රසභාවයටත් හානියක් නොවන ලෙස මෘදු මොලොක් හා ලයාන්විත කාව්‍යමය හා භාව ගීතමය බස් වහර තුළින් ගම්‍යමාන වන්නේ සිංහබාහූ කෘතියෙහි මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විද්වත් භාවයයි.
Key words
ලෙන අතහැර යෑම විචාරය pdf
ලෙන අතහැර යාම විචාර pdf download
සිංහබාහු විචාරය
Sinhabahu vichara pdf
Lena hera yama vichara
සිංහබාහු විචාර ලිවීම
ලෙන අතහැර යෑම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
ලෙන අතහැර යෑම සිංහබාහු
Lena athahera yama vichara
Comments