පේමතෝ ජායතී සෝකෝ නාට්‍යය විචාරය (උද්දාල චරිතය)
එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් රචිත ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍යයේ එන උද්දාල චරිතය විමසුම.
ගම්පොළ සාහිත්‍යය යුගයේදී දෙවන ධර්ම කීර්ති හිමි විසින් රචිත සද්ධර්මාලංකාරය පාලි රසවාහිනිය නැමැති ධර්ම ග්‍රන්ථය මූලාශ්‍ර කොටගෙන නිර්මාණය කරනු ලැබූ ගද්‍ය නිර්මාණයකි. එම ගද්‍ය නිර්මාණය මූලාශ්‍ර කොට ගෙන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් "ප්‍රේමතෝ ජයති සෝකෝ" නාට්‍යයෙහි යෙදෙන්නට විය. එම නාට්‍යය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය නිර්මාණ අතර වූ තවත් අපූර්ව වූ නිර්මාණයකි.
නාට්‍ය නිර්මාණයක ප්‍රධානතම දේ වන්නේ නාට්‍යයෙහි අන්තර්ගත චරිත යි. එබැවින් කතුවරයා නාට්‍ය නිර්මාණයේදී චරිත නිරූපණය කෙරෙහි උනන්දුවක් යොමු කළ යුතුය. ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍යයෙහි ප්‍රබල චරිතයන් දෙකකි. ඒ ස්වර්ණතිලකා චරිතය හා උද්දාල චරිතය යි. එම චරිත දෙක හැරුණු විට අවශේෂ චරිත ලෙස ශිෂ්‍ය චරිතයන් තුනක් හමු වේ. මේ සියලු චරිත අතර වඩාත් කතා බහට ගැනෙන්නේ බ්‍රාහ්මණ උද්දාල චරිතය වේ. එහිදී එය සරච්චන්ද්‍රයන් නිර්මාණය කර ඇති අයුරු විමසා බලමු.
නාට්‍ය ආරම්භයේදීම පළමුව වේදිකාවට පිවිසෙනුයේ උද්දාල බ්‍රාහ්මණය යි. ඔහු එලෙස නාට්‍ය ආරම්භ වෙත්ම වේදිකාවට පැමිණෙනුයේ කැළඹෙන ස්වභාවයකි නි. මෙලෙස උද්දාලගේ පිවිසීම ප්‍රේක්ෂක සිත් තුළ ගැටලුවක් ඇති කරයි. කෙසේ වෙතත් නාට්‍ය ආරම්භයේදීම ප්‍රේක්ෂකයාට සිතෙනුයේ උද්දාල බ්‍රාහ්මණයා කලබලකාරී තැනැත්තෙකු ලෙසයි.
"මුළු ගත වෙවුලයි දහලිය වැගිරේ"
මේ අනුව ඔහුගෙන් හමුවන්නා වූ පළමු චරිත ලක්ෂණය එයයි.
සිසුන් පන්සියයක් දෙනා හට ශිල්ප ලබා දෙන්නා වූ රාජ්‍ය සේවයේ නියුතු දක්ෂ බුද්ධිමත් උද්‍දාල බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නා වූ තැනැත්තෙ කි. මව හා පියා යන දෙදෙනාම කුලයෙන් පාරිශුද්ධ උසස් කුලවල විය. බ්‍රාහ්මණ දිවියක් ගත කරන මේ බ්‍රාහ්මණයා කාන්තාවන් පිළිකුල්ව දකියි. ඔහු රජගෙට යන අතරතුර දී කාන්තාවන් හමුවුව හොත් එම මඟ දිගට කිරි පැන් සොළොස් කළයක් ඉස්සවා මුහුණ කිරි පැනින් සෝදා පිරිසිදු කරන්නේ කාන්තාව චපල යැයි සිතාය. සිසුන් හටද ලබාදෙනුයේ එම ශිල්පයමය. සිසුන්ට අවවාද ලබාදී ඇත්තේ සිප් සැලටද කාන්තාවන්ට පිවිසීමට ඉඩ නොදීමටය. සිසුන් ද උද්දාල බ්‍රාහ්මණයාගේ බස් අසමින් එම මගම ගමන් කරයි.
සීමාව ඇතුළත
නැත වසර ගැහැණුන්ට"
කුමරුවෝ වෙමු"
නාට්‍යයෙහි සිසුන් විසින් තම ගුරුතුමා වූ උද්දාල හඳුන්වා දෙනුයේ මෙසේය. සිසුන් ගුරුවරයා පිළිබඳව හොඳින් අවබෝධ කොටගෙන සිටි අතර ඔවුන් හට ලබා දුන් අධ්‍යාපනය ද එවැනි අධ්‍යාපනයක් විය. විවාහ නොවී සිටි මේ බමුණා දැඩි අයුරින් හැසිරෙයි.
උද්දාල බමුණා ... චරිතයකි. මුලින් කාන්තාවන් දුටු විට කිරි පැනෙන් මුව දොවා යන මාර්ගය කිරිපැන් සොළොස් කලයක් ඉස්සවාලයි. එලෙස බ්‍රාහ්මණ දිවියක් ගත කරන බව සමාජයට පෙන්වමින් කටයුතු කළ ද ඔහු ස්වර්ණතිලකාව දුටු පසු පෙර දිවියේ සියල්ල අමතක කර හැසිරෙනුයේ ඔහු නැතිනම් නිහඬ සිතුවිලි වලින් ජීවත් වූ පුද්ගලයෙකි.
කාන්තාව පිළිකුලෙන් දුටුව ද උත්තර මධුරාපුරයෙන් පිටුවහල්ව පැමිණි ස්වර්ණතිලකා නම් සැඬොල් දියණිය දැක ඇයගේ රූපයෙන් උමතු වූ උද්දාල බ්‍රාහ්මණයා ඇයව ලබා ගැනීමට කල්පනා කරමින් තම ශිල්ප ලබාදෙන සිසුන්ගෙන් පවා උපකාර පතයි.
විපතක්ය මට මහත්"
"දුන්නේ උපදෙස් මාය
දැන් ඔබෙන් උපදෙසක්
මට ලබා ගන්ට වේ
කියව මට කුමක් හෝ
විගස අස්වසනු මා"
බුද්ධිමත් තැනැත්තෙකු වුවද තම සිතෙහි ඇති හැඟීම් පාලනය කර ගත නොහැකිව මෙලෙස තමාට නුසුදුසු ක්‍රියාවන්වල පවා නියැලෙන්නෙකු ලෙස උද්දාල චරිතය නිරූපණය කරයි.
ස්වර්ණතිලකාව දැක ඇයගේ රූපයෙන් මුළාවට පත් උද්දාල තමා කවුරුන්ද යන බව පවා අමතක කොට ස්ත්‍රී ලෝලීව කටයුතු කරයි. පෙරදී කාන්තාවන් පිළිකුල් කළ ද රූපයෙන් රූමත් වූ ස්වර්ණතිලකාගේ රූපයෙන් ප්‍රතිපත්තිගරුක බව නැති විය. ප්‍රතිපත්ති මත සිසුන් මෙහෙයවමින් බ්‍රාහ්මණ දිවියක් ගත කළ තැනැත්තෙකු ලෙස ප්‍රේක්ෂකයා වෙත සිසුන් විසින් හඳුන්වා දෙන්නේ මෙසේය.
දුටුවාහු නම් කතක
පෙර පුරුදු විලසට
කිරිපැනින් මුව දොවා"
"ගැහැණු නම් පිළිකුල් ය
පහ කරනු මැන අවැසී
ඔබතුමා කියන සේ
ගෑණු නම් පිළිකුල් ය"
මෙවැනි වදන් තුළින් ඔහුගේ බ්‍රාහ්මචාරී දිවිය මනාව ප්‍රකට කරයි.
උත්තර මධුරාපුරෙහි උපන් ස්වර්ණතිලකා නම් සැඬොල් දියණිය බොහෝ රූමත් තරුණියක වූ නිසාම ඇයව විවාහ කර ගැනීමට බොහෝ දෙනා කැමති විය. දිනක් සැඩොල් බ්‍රාහ්මණ පුත්‍රයා ඇයව විවාහ කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පැමිණ ඇය ඔහුව ප්‍රතික්ෂේප කිරීම නිසා කෝපයට පත්ව උත්තර මධුරාපුර රජු හට කේලම් පැවසීය. ඒ ඇසූ රජු කෝපයෙන් ඔවුන්ව රටින් පිටුවහල් කළ පසු අසරණව පංචමධුරාපුර බලා පිටත්ව යයි. එලෙස ගිය පසු පෙර පැවසූ කාන්තාවන් පිළිකුල්ව දකින උද්දාල බ්‍රාහ්මණයා ස්වර්ණතිලකාව දැක ඇගේ රූපයෙන් උමතු වී ඇයව ලබා ගැනීමේ අරමුණින් ක්‍රියා කරන අතර ඇය ලබා ගැනීමට සිසුන්ගෙන් පවා උපකාර පතයි. ඔහු එම අවස්ථාවේ හැසිරෙනුයේ ස්ත්‍රී ලෝලී තැනැත්තෙකු ලෙසනි. ස්වර්ණතිලකාගේ රූපයෙන් උමතුවට පත් අන්ධ වූ බමුණා ඇයව තමාගේ කර ගැනීමට ස්ත්‍රීලෝලී ලෙස කටයුතු කරයි.
"මුළුගත වෙව්ලයි දහඩිය වැගිරියේ කිසිකල් නැති අප ඔබ තුම දුටුවේ "
එකලස් කර ගන්නා තුරු මා සිත
ගොස් දැන් සැතපෙන්නෙමි. "
විපතක් ය මට මහත්
නොදැනීය පුවත් කිසි
සිත මාගේ වියල්ලය "
උද්දාලගේ ඇරයුමෙන් ස්වර්ණතිලකා උද්දාල සමග විවාහ වෙයි. ප්‍රේමණීය දිවියක් ගත කරන ඔවුන් දෙදෙනාගෙන් උද්දාල කටයුතු කරනුයේ තමාගේ තත්ත්වයට නොගැළපෙන අයුරිනි. ඔහු එම සාරමස මුළුල්ලේම රාජ සේවයට මෙන්ම සිසුන්ට ශිල්ප ලබා දීමට ද නොයයි. ඇයව ලබා ගැනීමට පෙර සිසුන්ගෙන් උපදෙස් පතන්නේ ද ඇයගේ ඉදිරියෙහි තමාට නොගැළපෙන අයුරින් ක්‍රියා කරන්නේ ද ස්ත්‍රීලෝලී හැඟීම් නිසාවෙනි.එම හැඟීම් පාලනය කරගත නොහැකිව සමාජය ඉදිරියෙහි හාස්‍යයට හා උපහාසයට ද ලක්වීමට සිදු විය.
නාට්‍ය අවසානයේදී සිසුන් යෙදූ උපක්‍රමය නිසා ස්වර්ණතිලකාට මිය යන්නට සිදුවිය. එසේ ස්වර්ණතිලකාට මියෙන්නට සිදුවූයේ තමා කළ වරදක් නිසා නොවීය. උද්දාල බ්‍රාහ්මණයා පෙර ලබාදුන් ශිල්පය අනුව ගිය සිසුන් තම ගුරුතුමා ස්වර්ණතිලකාගෙන් මුදවා ගැනීමට හා සිසුන්ට නැවත ශිල්ප ලබා ගැනීමට සිතා සිසුන් විසින් ස්වර්ණතිලකාව මරා දමන අතර ඒ බව දැනගත් උද්දාල බමුණා ස්වර්ණතිලකාගේම දර සෑයට පැන මියෙන්නට විය.
එකම ගින්නට පුද කරන්නට
එකම අළුගොඩ වී දැවෙන්නට
සැනසුමකි ඔහුට එය "
කෙතරම් බුද්ධිමත් යැයි පැවසූ කෙනෙකු වුවද කාන්තාවක් අහිමි වීමේ වේදනාව ඉවසාගත නොහැකිව තමාගේ විනාශය ඛේදනීය කරගත් තැනැත්තෙකු ලෙස අවසානයේ උද්දාල චරිතය විවරණය කරයි.
කතාවස්තුවේ හමු වූ බොහෝ චරිතයන් නාට්‍යයෙහි හමු වුවද ඔවුන් තුළ පැවති චරිත ලක්ෂණ එකිනෙකට වෙනස් ය.එහෙත් උද්දාල චරිතයෙහි චරිත ලක්ෂණ එකිනෙකට සමාන වේ.
ඒ අනුව ඉහත දැක්වූ චරිත ලක්ෂණ වලින් හෙබි චරිතයක් ලෙස උද්දාල චරිතය "පෙමතෝ ජායතී සොකො" නාට්‍ය තුල එදිරිවීර සරච්චන්ද්‍රයන් ප්‍රතිනිර්මාණය කොට ඇත.
උසස් පෙළ කලා අංශය
මප/ව/මඩුල්ල ද්විතීයික පාසල
Comments