Skip to main content

සිංහල විචාර 70 - පේමතෝ ජායතී සෝකෝ නාට්‍යය විචාරය 07 | උසස් පෙළ

ගීතාත්මක බස් වහර

 " ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍යය රසවත් වන්නේ එහි ඇතුලත් ගීතමය බස් වහර හේතුවෙනි " විමසන්න.

ගම්පොළ යුගයේ ජීවත්ව සිටි දෙවැනි ධර්ම කීර්ති ස්වාමීන් වහන්සේ විසින් පාලි රසවාහිනිය මූලාශ්‍ර කොට ගෙන සද්ධර්මාලංකාරය රචනා කරනු ලැබීය. සද්ධර්මාලංකාරයෙහි අන්තර්ගත ස්වර්ණතිලකා කතා වස්තුව තේමා කොටගෙන එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍යය නිර්මාණය කරන්නට විය. නාට්‍ය ධර්මී ගණයට අයත් මෙම නාට්‍ය සෑම විටම කාව්‍යාත්මක බස් වාරයක් තුළින් රචනා කොට ඇති අයුරු නිදසුන් ඇසුරෙන් විමසා බලමු.

නාට්‍යයක් සෑම විටම නිර්මාණය කරනුයේ සංවාද නැතිනම් දෙබස් උපයෝගී කරගනිමිනි. දෙබස් ලෙසින් ගලායන නාට්‍යය දෘෂ්‍ය ගෝචර මෙන්ම ශ්‍රව්‍ය ගෝචර ද වන බැවින් නාට්‍ය රඟ දැක්වීමේදී ප්‍රේක්ෂකයා හට එය වඩාත් සමීප කරවීම සඳහා කාව්‍යාත්මක බස් වහරකින් යුතුව දෙබස් නිර්මාණය කරයි. සෑම සංවාදයක්ම සුගායනීය බවකින් යුක්ත වේ.

" අද යමියි හෙට යමියි
  ඔබ තුමා කියන මුත් 
  පිළින දුන් පරිදි මට 
  නොයන්නෙහි සේවයට
"

සෑම පද්‍ය ඛණ්ඩයක්ම මාත්‍රා දහය බැගින් සමානව රචනා කොට ඇති අයුරු ඉහත දෙබස තුළින් පෙනී යයි. මාත්‍රා ගණන සමානවීම සුගායනීය බවකින් යුක්ත වීමට ප්‍රබල හේතුවකි. "අද යමියි හෙට යමියි" ආදී තැන්වල යෙදී ඇති සමාන අක්ෂර සුසංයෝජනයද අනුප්‍රාසාත්මක ගුණයකින් යුක්ත නිසා පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයෙහි ශෘති ශ්‍රව්‍ය රසය වැඩි කරයි.

පේමතෝ ජායතී සෝකෝ නාට්‍යය පුරාවටම ප්‍රබල කාව්‍යෝක්ති දැක ගත හැකිය. යම් හැඟීමක් වචනාර්ථයෙන් ප්‍රකාශ කිරීම උදෙසා භාවිත කරන භාෂාත්මක යෙදුම් කාව්‍යෝක්ති නම් වේ. එවැනි කාව්‍යෝක්ති ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍ය පෙළෙහි බොහෝ දක්නට ලැබෙයි.

"ගල් ටැඹක් සේ නොසැලෙනා අප ඇදුරුතුමා අද පරඩැලක් සේ "

"සුළඟේ පාවෙන, දුබල වූයේ 
 කුමන හේතුද 
 සිප් සයුරේ පතුලට ම කිමිදෙමින් 
 නොමසුරුව   
 දෙන අපට"


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.

කාන්තාවක දැකීමෙන් තම ගුරුතුමා මානසික පීඩාවට ලක්ව ඇති බව අවබෝධ කරගත් සිසුන් අතරින් අග්නිදත්ත තම ගුරුවරයාට සිදු වී ඇති දෙය පිළිබඳව ප්‍රකාශ කරන දෙබස් ඛණ්ඩය ඉහත නිදසුනෙහි දක්වා තිබේ. උක්ත නිදසුනේ සඳහන් වූයේ ගුරුතුමා පිළිබඳව අග්නිදත්තයන්ගේ සිතෙහි ඇති අවබෝධයකි. එහෙත් ගුරුවරයා දුර්වල මනසක් ඇති තැනැත්තෙක් බවට පත් වූ ආකාරය ‍ප්‍රකාශ කළ විශිෂ්ට කාව්‍යෝක්ති යොදා ගනිමින් නිර්මාණය කොට තිබේ. ගුරුවරයාගේ පෙර පැවැති නොසැලෙන ස්වභාවය "ගල් ටැඹක් සේ" යන යෙදුමෙන් ද ඔහු ක්ෂණිකව දුර්වලයෙකු බවට පත් වූ ආකාරය "පරඩැලක් සේ" කාවයෝක්තියෙහි මැනවින් ප්‍රකාශිත ය. ගල් ටැඹක් සේ කිසි විටෙකත් නොසැලෙන ගුරුවරයා පසුව පොඩි සුළඟටත් සෙලවෙන පරඬැලක් සේ බව පවසා ඇත්තේ අලංකාර වූ උපමාවන් දෙකක් උපයෝගී කර ගනිමිනි. උපමාවට බඳුන් කල යුතු සුදුසුම දේ උපමා කොටගෙන නිර්මාණය කොට ඇති අතර ඒ හරහා ප්‍රේක්ෂකයා යම් දෙයක් සිතීමට ද යොමු වේ. උපමා, රූපක මඟින් රසවත්ව සියුම් අර්ථයක් ප්‍රකාශ කළ හැකිය. සරච්චන්ද්‍රයන් බොහෝ අවස්ථාවල දී එවැනි උපමා රූපක බහුල ලෙස භාවිතයට ගනිමින් මෙම පේමතෝ ජායතී සෝකෝ නාට්‍යය පෙළ රසවත් නාට්‍යමය වින්දනයක් අත්පත් කර දෙන නාට්‍යයක් බවට පත්කොට ඇත.

" පොපි දෙවා මුව තඹර 
  තොල් පෙති එළඳ රුසිරු 
  නද බඹරු මෙන් විහිද වූ "

බමර ගණයාගෙන් ගැවසී උපුල් විලක සිරිය කාව්‍යාත්මකව ඉදිරිපත් කරමින් ඒ සියල්ල ස්වර්ණතිලකාගේ රූපශ්‍රීය හා මධුරස නාදය සමඟ සමපාත කිරීමට දරන උත්සාහය ඉහත ගී ඛණ්ඩයෙන් දිස්වේ. පේමතෝ ජායතී සෝකෝ නාට්‍ය තුළ දිස්වන සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ගායක කණ්ඩායමේ කාර්යභාරය යි. ඔවුන්ව යොදාගෙන ප්‍රධාන චරිතයක චිත්ත අභ්‍යන්තරයේ සැඟව පවත්නා සිතුවිලි උද්දීපනය කොට පෙන්වීමට සරච්චන්ද්‍රයන් සමත් ය. 

ඉහත දැක්වූ ගී ඛණ්ඩයෙහි "මුව තබර" ආදියේ රූපකාත්මක යෙදුම් දැක ගත හැකි අතර එවැනි රූපකාදීය භාවිතයෙන් ස්වර්ණතිලකාගේ රූපයේ සුන්දර බව පවසාලන්නේ උපමාත්මක යෙදුම් හරහාය.

 "ළදකගේ ඇස් මිනි පහන් ලෙස

පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයේ ගායන ප්‍රජාව ලවා කියවන මේ ගීත කොටස උද්දාලගේ ප්‍රේමණීය සිත උත්කර්ෂණයට නන්වන්නකි. උපමා අලංකාරයෙන් යුතුව කාව්‍ය ප්‍රබන්ධය කරන නිර්මාණකරුවා රිද්මයානුකූල බසින් නිරූපණය කරන්නේ ප්‍රකෘති ජීවිතයට බැසගත් උද්දාලගේ යථා ජීවිතයයි. සරච්චන්ද්‍රයන් තමාගේ පේමතෝ ජායතී සෝකෝ නාට්‍ය සඳහා මෙලෙස උපමා රැසක් සහ රූපකාර්තවත් භාෂාවක් යොදා ගනී. එය නාට්‍යයෙහි ශබ්ද රසයට මෙන්ම අර්ථ රසයටත් ප්‍රභාල හේතුවකි. සාමාන්‍යයෙන් නාට්‍යයක වාචිකාභිනය ධ්වනිතාර්ථවත්, සංකේතාර්ථවත් ස්වභාවයක් නොගනී. භාෂාවේ ඇති ධ්වනිතාර්ථවත් හා සංකේතාත්මක භාවය වඩාත් වැදගත් වන්නේ නාට්‍යකරුවාට වඩා කවියෙකුට ය. එහෙත් සරච්චන්ද්‍රයන්ගේ "ප්‍රේමතෝ ජායතී සෝකෝ" නාට්‍යයෙහි ඇතැම් දෙබස් හා සංවාද ධ්වනිතාර්ථ මෙන්ම සංකේතාර්ථ සහිත බව පැවසිය යුතුය. 

 "යෞවනයේ සුවඳ මල් ද 
  යෞවනයේ මිහිරි පල ද 
  සරසවියේ පුදසුන මත 
  මැල වී ඇත තිබූ අයුරු"

පේමතෝ ජායතී සෝකෝ නාට්‍ය පෙළ අතර දක්නට ලැබෙන සංවාද පුරාවටම ධ්වනිතාර්ථවත් ලක්ෂණ සේම සංකේතාත්මක භාෂා ලක්‍ෂණ ද පාඨකයාගේ මනසට අපූර්ව වින්දනයක් අත්පත් කර දේ. ප්‍රේමය පිළිබඳව හැඟීම් සමුදායක් හා ඒවා නැති වීම පිළිබඳව වූ කතා පුවත ධ්නිතාර්ථව නාට්‍යකරුවා ඉදිරිපත් කරයි. සුවඳ මල්වලින් සංකේතවත් වන්නේ තරුණ සිත් වල ආදර හැඟීම නිසා හටගන්නා ආශ්වාදනීය සිතුවිලි ය. යෞවනයේ මිහිරි ඵල මඟින් ප්‍රේමය අත්පත් කර ගැනීම සමඟ තරුණ සිතක ඇතිවන අනිර්වචනීය සුන්දර හැඟීම සංකේතවත් කරය.

කවියක අර්ථාලංකාරය පමණක් නොව ශබ්දාලංකාරය ද එක සේ වැදගත් වේ. අනුප්‍රාසය, එළිවැට, එළිසමය ශ්‍රව්‍ය මාධූර්ය ඇති කරයි. මෙම පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයෙහි අනුප්‍රාසාත්මක හා එළිවැට, එලිසමය සහිත අපූර්ව පද සංගටනා යොදා තිබීම නිතර නිතර දක්නට ලැබේ. 

    "ස්වර්ණතිලකා විය ඇගෙ නම 
     ස්වර්ණ වර්ණය ඇගේ දේහය 
     ස්වර්ණ මාලා කළඹ සදිසිය ම්
     සිහින් සිරුරින් නිකුත් රශ්මිය"

උක්ත පද ඛණ්ඩයෙහි යෙදී ඇති පද සංඝට්ටනා ශැති රම්‍යභාවය ඇති කරන්නේ නිරායාසයෙනි. ස්වර්ණතිලකා, ස්වර්ණ වර්ණය, ස්වර්ණමාලා ආදී තැන්වල ස්වර්ණ යන වචනය නැවත නැවත යෙදීමෙන් අනූප්‍රාසාත්මක බවක් ඇති වේ. ඒ තුළින් නාට්‍ය සඳහා ගීතාත්මක බවක් එක් කරලන්නේ සුදුසු කාව්‍ය උපක්‍රමයක් ලෙසයි.

මූලාශ්‍රයෙන් උපුටා ගැනුණු පාලි ගාථා ඛණ්ඩද පේමතෝ ජායතී සෝකෝ නාට්‍ය තුළින් හමු වේ. 

"සංසග්ග ජාතස්ස බවන්ති ස්නේහා 
 ස්නේහත්වයං දුක්ඛ මිදං පහෝති 
 ආදී නවන් ස්නේහ ජං පෙක්ඛමානෝ 
 ඒකො වරෙ බග්ග විසාණ කප්පෝ "
"ලල නා නානි චලලෝචනානි
 තරුණාරුණානි චලිතා ධරාණි 
 මනුජෝ යො නෙත්ති පියං කරෝතී 
 සකු නීච ජාතිම පිතං නෝ ජහාති"

එලෙස හමුවන ගාථා ඉහත පරිදි වේ. 

තවද, පේමතෝ ජායතී සෝකෝ නාට්‍යකරුවා සංස්කෘත රාග ආභාෂය ලබමින් රාගේෂ්වරී රාගයේ දීප් චග්දී තාලයට අනුව ඇතැම් සංවාද රචනා කරනු ලබයි.

" ස්නේහ වූ කල මිනිස් කෙනෙකුට
  අන්තයෙහි ඇති වන්නේ දුකමයි 
  මිනිස් සිත නිති වෙනස් වෙන්නේ 
  මිනිස් සිරුර ද දිරා යන්නේ

පැරැණි කවි සමයෙහි පිළිගත් ඇතැම් පිළිගැනීම් කාව්‍ය නිර්මාණයෙකු භාවිතයට ගැනීම පොදු ධර්මතාවයකි. ස්ථීරසාර බව හඟවන්නට මහාමේරු පර්වතය යොදා ගැනීම පැරැණි කවි සංකල්පයකි. සප්ත මහා සාගරය කවි සමයෙහි මුණගැසෙන ඒවා මිස ප්‍රකෘති ලෝකයෙහි මුණගැසෙන ඒවා නොවේ. පහත කවි නිර්මාණය වී ඇත්තේ සම්ප්‍රදායික කවි සම්ප්‍රදායට අනුකූලව බව පැහැදිලිය.

 "පංච මධුරා පුරේ රජ හට 
  පවා දීමේ ඵලය කින්දෝ 
  පැහැර ගෙන ගොස් සැඩොල් දෙටුවා
  අතට කුමට ද භාර දෙන්නේ 
  සිටිය හොත් ජීවත්ව එළ ද "

ඒ අනුව ඉහත දැක්වූ නිදසුන් තුළින් පෙනී යන්නේ ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍යය සෑම විටම කාව්‍යාත්මක බස් වහරක් තුළින් රචනා කොට ඇති බවයි. එහිලා එදිරිවීර සරච්චන්ද්‍රයන් බෙහෙවින් සමත් ය.


H.M ශෂිකා ලක්මාලි
උසස් පෙළ කලා අංශය
මප/ව/මඩුල්ල ද්විතීයික පාසල






key words
ගීතාත්මක බස් වහර පේමතෝ ජායතී සෝකෝ
ගීතමය බස පේමතො ජායතී සොකෝ
Githamaya bas vahara
ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍යය විචාරය 


Comments