ගුත්තිල කාව්‍යයේ රචනා රීතිය (පුරාතන පද්‍ය)
ගුත්තිල කාව්‍යයේ රචනා රීතිය ජන කාව්‍ය සම්ප්‍රදායේ හා ව්‍යක්ත කාව්‍ය සම්ප්‍රදායෙන් ගොඩනඟා ගත්තකි. සුදුසු නිදර්ශන ඇසුරින් විමසන්න.
හෙළයේ විශිෂ්ට කතුවරයාණන් වශයෙන් නමක්වන වෑත්තෑවේ හිමියන් විසින් කෝට්ටේ සාහිත්‍යය යුගයේ දී ගුත්තිල ජාතකය මූලාශ්‍ර කොට ගනිමින් රචිත පද්‍ය සාහිත්‍යයෙහි අග්‍රගණ්‍ය කෘතියක් වන ගුත්තිල කාව්‍ය සලාවත ජයපාල මැතිදුන්ගේ ආරාධනය පරිදි රචනා කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. කාව්‍ය ගණයට ගැනෙන මෙම ග්‍රන්ථයෙහි අභ්‍යන්තර නිමිත්ත වූයේ වෑත්තෑවේ හිමියන්ගේ ගුරු ගෝල ගැටුමකි. පද්‍ය පන්සිය එකොළහකින් සමන්විත වන මෙම ග්‍රන්ථය අපූරු පද්‍ය නිර්මාණයකි. ගුත්තිල කාව්‍ය නිර්මාණ වී ඇත්තේ ගුත්තිල ජාතක කතාව ඇසුරෙනි.
ගුත්තිල කාව්‍යයේ රචනා රීතිය ජන කාව්‍ය සම්ප්‍රදායේ හා ව්‍යක්ත කාව්‍ය සම්ප්‍රදායෙන් ගොඩනඟා ගත්තකි. ඒ බව නිදසුන් ඇසුරෙන් විමසා බලමු.
ගුත්තිලයේ ශ්‍රේෂ්ඨත්වයට හේතු පාදක වන කරුණු අතර වෑත්තෑවේ හිමියන් යොදාගත් රචනා රීතිය ප්‍රධාන තැනක් ගනියි. එය වූ කලී අප රට ජන කාව්‍ය රීතියත් ව්‍යක්ත(රාජසභා සතු රීතිය) කවි රීතියත් අපූර්ව වූ සමායෝජනයකින් නිපදවා ගත්තකි.
සරල සුගම ධ්වනිතාර්ථවත් අර්ථ, ශබ්ද, රස පූර්ණ විවිධ රිද්ම හා තාලානුරූපව සුගායන කරමින් රස විඳීමට හැකි බොහෝ කාව්‍ය ලක්ෂණවලින් අපගේ ජන කවිය පෝෂිතිය. සම්භාව්‍ය ව්‍යක්ත කාව්‍ය සම්ප්‍රදාය බොහෝ විට සංස්කෘත අලංකාරවාදී සිද්ධාන්ත මත වැඩිනි. සංස්කෘත කවි සමයේ අර්ථාලංකාර, ශබ්දාලංකාර, ව්‍යක්ත භාෂාව, ව්‍යංගාර්ථ බොහොමයක් ව්‍යක්ත කාව්‍ය සම්ප්‍රදාය තුළ දක්නට ලැබේ.
"වෑත්තෑවේ හිමියන් ගුත්තිලය ලීවේ ජන කවියකු ලෙසිනි. කතා නායකයා කියන දේවල් වහ වහා පිළිවෙලින් කීමෙන් කතාවට එක පිට එක නැග එන තරංගාවලියක ස්වරූපය දීම ජන කවියේ ලක්ෂණයකි."
(සිංහල සාහිත්‍යය නැගීම)
උපතේ සිට කුමර අවධිය, තරුණ අවධිය පසුකරමින් බඹදත් රජු රාජ්‍ය සේවයට පත් වූ ආකාරය දක්වා විස්තර කරන ආකාරය උක්ත ලක්ෂණයන්ට කදිම නිදසුනකි.
විදුමිනි රුවණ කර යුත්
පසිඳු මහ ධන වත්
සරල සුගායනීය බවක් සේම, කියන දේ වහ වහා පිළිවෙළකින් කීම ගුත්තිල කාව්‍ය අධ්‍යයනයේ දී දක්නට ලැබේ. ගුත්තිල කතුහිමි බොහෝ විට යොදා ගන්නේ කට වහරට සමීප වූ භාෂාවකි. ඇතැම් අවස්ථාවලදී ව්‍යක්ත භාෂාව ද කතු හිමියන් භාවිතා කරයි.
ගුරුන් පෙම් කොඳ තරිදුව
දිසිපින් පිඬු බඳුව
සොඳුරු ගුත්තිල නමින් පසිදුව "
ගුත්තිල කතුවරයා මෙහිදී සංස්කෘත කවි සමයෙහි කතා පුවතක් යොදා ගනියි. එහිදී ව්‍යක්ත යෙදුම් කතුවරයා භාවිත කරයි. ගුරුවරයාගේ සිත් කුමුදු මල්වලට සමාන කර ඇති අතර එය ව්‍යක්ත කවි සම්ප්‍රදායේ එන අර්ථාලංකාරයකි. වයංන්ගාර්ථය කවිය තුළ ගැබ් වී ඇත. රූපකාලංකාර මේ තුළින් ඉස්මතු වී පෙනේ. මනා වූ පරිකල්පන ශක්තියෙන් යුක්තව ගුත්තිල කතුවරයා රචනා කරනු ලබන උදේනිපුර සැණකෙළි වර්ණනය තුළද මෙම ලක්ෂණය දැකගත හැකිය.
බඳවා රන් දද පියකරු
සිටුවා දොර දොර රබතුරු
තබවා පුන්කුඹු විසිතුරු "
සරල සුගංමය රිද්මයානුකූල භාෂා සම්ප්‍රදාය ජන කවියට නෑකම් කියයි. එළිවැට, එලිසමය, අනුප්‍රාසය, කවියාගේ ව්‍යක්ත කාව්‍ය සම්ප්‍රදායෙහි සම්මිශ්‍රිත රීතියට කදිම නිදර්ශන යි. අවට පරිසරයෙන් ගත් දේවල් කවිය වර්ණනයට හසුකර ගැනීම ජන කවියාගේ ලක්ෂණයයි. එසේම උදේනි පුර සැණකෙළි වැනුමේ විශිෂ්ටතම නිර්මාණයක් වන "රැගත් සුරා පිරූ විතින්" කවිය ද ව්‍යක්ත කාව්‍ය සම්ප්‍රදායේ ව්‍යාකරණ අංග රැකීමේ ලක්ෂණයට කදිම නිදර්ශනයකි.
"නටත් අයෙක් සුරා මතින්"මෙය ව්‍යාකරණයේ ප්‍රබල අවස්ථාවකි. ගුත්තිල කතුවරයාගේ ව්‍යක්ත භාෂාවෙහි සාර්ථක බාවය ඉස්මතු වී පෙනේ. මෙහිදී මාත්‍රා හතරෙන් හතරට යතිය තැබීම මෙහි සුගායනීය බව සේම අවස්ථාව වර්ණනයෙහි උචිත භාවයට මනා සේ ගැලපී ඇත.
පැද සුර ගඟ රළ වට කළ සුලකුළු
නද සිරි සර පා මෙන් රන් ගිරි කුළු
ඇඳ පිරිසිදු සුදු සිනිදු කසී සළු"
"නිති නිරිඳුගේ රැක වලෙහි නියුක්තො"
වාචයාර්ථය තුළ වෙනත් අර්ථයක් ද ව්‍යංගාර්ථය තුළ වෙතත් අර්ථයක් ද දක්නට ලැබෙන කාව්‍යයකි. දෙවන පදයට පූර්ව දක්නට ලැබෙන්නේ වියත් වහරකි. "අති කවි" යන්නද එවැනි වහරකි. අවශේෂ පද ජනවහරේ යෙදුම් ය. අතිශයෝක්ති අලංකාරය කවියේ නිරූපණය වේ. සංවාදශීලීත්වයද ගුත්තිලය තුල මනාව දක්නට ලැබෙන ලක්ෂණයකි. ජන කාව්‍ය රටාවේ ලක්ෂණයක් වන මෙය පාඨකයාගේ සිත ක්ෂණිකව ග්‍රහණය කර ගැනීමට හැකි ලක්ෂණයකි. සම වැටුප් ඉල්ලීම, රජුන්ගේ විමසුම ආදී වර්ණනා තුළ ද මෙම ලක්ෂණය ස්පුට වෙයි.
මේ උභය අංශයෙන්ම සුසංයෝජනයෙන් රචිත ගුත්තිල කාව්‍ය අපේ සිව්පද කාව්‍යාවලියේ මුදුන් මිණ සේ හැඳින්වීම ඉතාමත් යෝග්‍ය බැව් කිව යුතුය.
උසස් පෙළ කලා අංශය
මප/ව/මඩුල්ල ද්විතීයික පාසල
Comments