ගුත්තිල කාව්‍ය කාල භේදය කින් තොරව රස විදිය හැක ( පුරාතන පද්‍ය )
"වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍යය සඳහා වස්තු විෂය කර ගත්තේ අතීත කතා ප්‍රවෘත්තියක් වුවද කාල භේදයකින් තොරව එය රස විඳීමට වර්තමාන සහෘදයාට හැකි වී ඇත" නිදර්ශන ඇසුරින් විමසන්න.
හෙළයේ විශිෂ්ට කතුවරයාණන් වශයෙන් නමක්වන වෑත්තෑවේ හිමියන් විසින් කෝට්ටේ සාහිත්‍යය යුගයේ දී ගුත්තිල ජාතකය මූලාශ්‍ර කොට ගනිමින් රචිත පද්‍ය සාහිත්‍යයෙහි අග්‍රගනය කෘතියක් වන ගුත්තිල කාව්‍ය සලාවත ජයපාල මැතිදුන්ගේ ආරාධනය පරිදි රචනා කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. කාව්‍ය ගණයට ගැනෙන මෙම ග්‍රන්ථයෙහි අභ්‍යන්තර නිමිත්ත වූයේ වෑත්තෑවේ හිමියන්ගේ ගුරු ගෝල ගැටුමකි. පද්‍ය පන්සිය එකොළහකින් සමන්විත වන මෙම ග්‍රන්ථය අපූරු පද්‍ය නිර්මාණයකි.
ගුත්තිල කාව්‍ය නිර්මාණ වී ඇත්තේ ගුත්තිල ජාතක කතාව ඇසුරෙනි. එබැවින් එහි අන්තර්ගත වී ඇත්තේ පැරණි කතා ප්‍රවෘත්තියකි. නමුත් කාල භේදයකින් තොරව එය රස විඳීමට හැකිය. ඒ බව නිදසුන් ඇසුරෙන් විමසා බලමු.
01. කාව්‍ය උපක්‍රම භාවිතය
02. අවස්ථා නිරූපණය
03. චරිත නිරූපණය
04. වස්තු විෂයෙහි වෙනස් කිරීම්
ආදී වූ කරුණු තුළින් වර්තමාන පාඨකයාට ද ගුත්තිලය රස විඳිය හැකිය. පද්‍ය නිර්මාණයක සාර්ථකත්වයට කවීන් මේවා සාර්ථකව යොදා ගනියි. කාව්‍ය උපක්‍රම අතර එන අර්ථාලංකාර මෙන්ම ශබ්දාලංකාර ද අවස්ථාවට උචිත අවස්ථා හා සිද්ධි නිරූපණය ද කතාවෙහි ඇතුළත් චරිත මනා ලෙස නිරූපණය මෙන්ම වස්තු විෂය එනම් මූලාශ්‍ර කොටගත් ගුත්තිල ජාතකයෙහි එන සිදුවීම් වෙනස් කර දැක්වීමක් ද ගුත්තිල කාව්‍ය තුළ දැකගත හැකිය.
ගුත්තිලයේ අර්ථාලංකාර හා ශබ්දාලංකාර විචිත්‍ර කොට අවස්ථාවන්ට උචිත ලෙස ඉදිරිපත් කිරීම එහි රසවත් භාවයට බෙහෙවින් උපකාරී වේ. පද්‍යකරණයෙහි නියැලෙන කවියා පද්‍ය පංතිය රසවත් කිරීම උදෙසා විවිධ වූ කාව්‍ය අලංකාර භාවිතයට ගනී. පද්‍යයෙහි ආභරණ වන්නේ එම නිර්මාණය සතු කාව්‍යාලංකාරයි.
සුරත් තඹරු පෙති සෙ නෙතින්
පුවත් නොදැනු බබන ගතින්
නටත් අයෙක් සුරා මතින් "
උදේනි පුර සැණකෙළි වර්ණනාව මනා වූ සජීවී වර්ණනයකි. මෙය ජාතක කථාවේ නොමැති වුවද මනා වූ පරිකල්පනයකින් යුතුව මෙම කතා පුවත කතුවරයා ඉදිරිපත් කරයි. අවශ්‍ය පරිදි මූලාශ්‍රය වෙනස් කරමින් අවස්ථානෝචිත උපමා භාවිතය හා එළිවැට, එළිසමය, අනුප්‍රාසය ආදි වූ ශබ්දාලංකාර ආරක්ෂා කර ගනිමින් ව්‍යාකරණ අංගවලට ද මුල් තැන ලබාදෙමින් රචිත මෙය පාඨකයාට රසයක් ලබා දේ. සුරා බී මත් වූ අයෙකු නිරූපණය කිරීම උදෙසා උචිත විරිත් භාවිතය තුළ කාව්‍යයේ සාර්ථකත්වය මනා සේ ගැබ්වී ඇත. මෙය සර්වකාලීනව රසවිඳිය හැක්කේ මේ නිසාවෙනි.
අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ හැකියාව "ප්‍රතිභාව" ලෙස හැඳින්වේ. තම පරිකල්පන ශක්තිය තුළින් යම් වස්තුවක ඇති යම් යම් පැතිකඩයන් කාව්‍යාලංකාරවලට හසු කරගෙන කාව්‍ය රචනා කිරීම ලෙස ද එය හැඳින්විය හැකිය. නවීනත්වය, වර්ණනා චාතූර්යය යන නම්වලින් ද මෙය හැඳින්විය හැකිය. ගුත්තිලය නිර්මාණය වී ඇත්තේ සරල බස් වහරක් යොදා ගනිමිනි. කතුවරයා බරණැස් නුවර වර්ණනය සිදු කරන්නේ කෙටි විරිතකිනි. කිව යුතු දේ ඉතා පැහැදිලිව, සරලව ප්‍රකාශ කරයි.
පසු කරන සිව් සිරි බර
බරණැස නම් පවර
පුරෙක් විය දඹ දිව්හි පුවතර"
මෙහි මාත්‍රා 09,11,09,11කින් යුක්ත ගී විරිත භාවිතා කොට ඇත. සරල බස් වහර තුළින් පැවසිය යුතු දේ සෘජුවම හා සරලව ප්‍රකාශ කරයි. සිව්පද ආකෘති යොදා ගන්නා කවිය එළිසමය රැක ඇති අයුරු දැකිය හැකිය. ඉතා සරල වචන හරඹයකින් උදේනිපුර කාන්තාවන් තම සතුට ප්‍රකාශ කරන ආකාරය සිත්හි මවන්නේ සහෘදයාගේ හිත් පිනවන ශබ්ද රසයෙනි. අග මුල තුළ ස්වභාවෝක්තිය ගැබ්කොට ඇති ආකාරය චමත්කාරය.
දෙන මෙන් කන අම බින්දු
කියමින් සොඳ ගී සින්දු
ඇසුවන් සිත දුක් සිංදු "
තවද ,
සුරඟන රැගුමේ ඇති උපමාලංකාර කවි ද දැකිය හැකිය.
අත් ලෙළ දිදී විදුලිය පබා
රන් රසේ එක් වන ලෙසේ
වෙණ නා නු පා තබ තබා
කම් පසේ දෙන සැර ලෙසේ
දෙස බල බලා නෙතගින් සබා
මම් කෙසේ පවසමි එසේ
පර සුර ළදුන් දුන් රඟ සොබා"
මෙම කවිය රංගනයේ සමාරම්භය සනිටුහන් කරන ත්‍රාසය රසය ඉස්මතු කර දක්වන්නේ අර්ථ, ශබ්ද, ධ්වනිගතව කාලානුරූපව ගායනා කිරීමේ දී ගුත්තිලයන්ගේ වීනාවෙන් නිකුත් වන මධුර මනෝහර වීනා නාදය පාඨකයාගේ ශ්‍රවනේන්ද්‍රියන් තුළට ප්‍රවිශ්ට කිරීමට තරම් සමත් නිර්මාණයකි. එම නිසාම එය කාල භේදයකින් තොරව පාඨකයාට අපූර්ව වූ රසයක් ලබා දෙයි. උචිත උපමාලංකාර තුළ සංකල්ප රූප මවාලයි. අනුප්‍රාසය, එලිසමය ආදීය සේම දීර්ඝ ස්වරාන්ත වචන කවියා යොදා ගැනීම තුළ පාඨකයාට ලබා දෙන රසය අතිමහත්තය.
මූසිලයන්ගේ මුල් වීණා වාදනය වෙළඳුන් දකින්නේ නව්‍ය උචිත උපමා භාවිතයක් සමඟයි. එහිදී ගී විරිත කෙටි කාව්‍ය තුළ අර්ථ රසය ඉස්මතු කරයි.
රන් විසු රැල් කොලහල වන බියෙනේ "
ගුත්තිල ජාතකයේ සඳහන් නොවන රසවත් අවස්ථා ගුත්තිල කාව්‍යය තුළ අපට හමුවේ. උදේනිපුර සැණකෙළි වර්ණනය එයට කදිම නිදසුනකි. කතුවරයාගේ පරිකල්පන ශක්තිය තුළ පාඨකයාට අපූර්ව වූ රසයක් ලබාදෙයි.
ලිහිණියකු අත් පසුවන
ගනිමින තැත් කරන
එකතු වෙවී ගායනා කෙරෙමින "
වෙළඳුන් සතුටු කිරීමට මූසිල දරන උත්සාහය මෙම කවිය තුළින් කියැවේ. මෙම අවස්ථා හා කවියා යොදා ගන්නා වචනාර්ථය හා ව්‍යංගාර්ථය තුළ මනා වූ ගැලපීමක් දක්නට ලැබේ. ඒ තුළ පාඨකයා කාව්‍ය තුළ වූ නාට්‍යමය රසයක් ලබයි. අවස්ථාවන්ට උචිත උපමා භාවිතය තුළ මෙම අවස්ථා ප්‍රතිනිර්මාණය කිරීම තුළින් කවියා පද්‍යයෙන් ලැබෙන රසය තීව්‍ර කර ඇත.
ගුත්තිල කතුවරයාගේ ප්‍රතිභා පූර්ණත්වය සෑම කවියකින්ම පාහේ ප්‍රත්‍යක්‍ෂ වන අතර ඒවා සහෘදයාගේ සිතෙහි අවස්ථා හා සිද්ධි වශයෙන් නිරූපණය කිරීමට තරම් ශක්තිමත්ය. විශේෂයෙන් උදේනි පුර සැණකෙළි වර්ණනාව එවැනි අවස්ථාවක් ලෙස දැක්විය හැකිය.
තබමින් පද තල අනුරු
බිඳිමින් දනවන නුවරු
කෙළිමින් යෙති බැඳ බහුරු"
උත්සව සිරියෙන් මිනිසා පමණක් නොව පරිසරයම ප්‍රබෝධමත් වී ඇති අයුරු පෙන්වා දෙන කතුවරයා උත්සවශ්‍රීයෙන් මධු (මත්) පානයෙන් මත් වී නටන ජනයාගේ හැසිරීම චිත්‍රණය කොට දක්වයි.
සුරත් තඹුරු පෙති සෙනෙතින්
පුවත් නොදැන බමන ගතින්
නටත් අයෙක් සුරා මතින් "
මෙම අවස්ථාවන් හැරුණු විට උදේනිපුර සැණකෙළි වර්ණනාවේ අවස්ථා නිරූපණය ද, මූසිල වීණා වාදනය කරන අවස්ථාවද, ගුත්තිල ශිල්ප දෙන ආකාරය ආදී සෑම අවස්ථාවකම ඉතා සාර්ථකව නිරූපණය කොට තිබේ.
චරිත නිරූපණය තුළ ද මෙම කියමන විමර්ශනය කළ හැකිය. ගුත්තිලයේ ගුත්තිල ඇදුරු හා මූසිල ලෙස ප්‍රධාන චරිත දෙකකි. එම චරිත නිර්මාණය කර ඇත්තේ සංකීර්ණ මානුෂීය සම්බන්ධතා අන්තර්ගත වන පරිද්දෙනි. එසේ සජීවී චරිත නිරූපණය ද වර්තමාන පාඨකයාට මේ රස විඳීමට ප්‍රබල කාරණයකි.
දෙමව්පිය කී මෙහෙ වර
නොකළහොත් අන දර
වෙතැයි! ඔහුගේ නුගුණ තෙරසම"
ගුත්තිල ඇඳුරු මූසිලයන්ගේ දුර්ගුණ දැන ඉගැන්වීම ප්‍රතික්ෂේප කොට තිබුනද දෙමව්පියන්ගේ කීම මත නැවත මූසිලයන්ට ශිල්ප ලබාදීම තුළින් ගුත්තිලයන්ගේ මානුෂීය ධර්මතාවලින් යුතු චරිත නිරූපණය වර්තමාන පාඨකයාටද අපූර්ව වූ රසයක් ලබාදීමට හේතු කාරණා වේ.
ගුත්තිල ඇදුරු ශිල්ප දීමට නොහැකි බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අන්ධ දෙමව්පියන්ගේ බස් අසයි. එහිදී ගුත්තිල කෙරෙහි සානුකම්පිත දෘෂ්ටියක් හෙලන අතර යහපත් තැනැත්තෙකු ලෙස ඔහුගේ චරිතය නිරූපණය කරයි. කතුවරයා ඉන්පසු මූසිලගේ චරිතය අප ඉදිරියෙහි නිරූපණය කරන්නේ විචාරශීලීව බැලීමට ඉඩ සලස්වමිනි. ඔහු රාජ්‍ය සේවයට ගොස් සම වැටුප් ඉල්ලීම තුළ මුසිලයන්ගේ සිතෙහි සිතුවිලිවල කිලිටි, අපිරිසිදු බව පෙන්නුම් කරයි.
කළේ ඔහු පර තෙරට මැනවින්..."
කතුවරයා ගුත්තිලයන් කෙරෙහි සානුකම්පිත දෘෂ්ටියක් හෙළයි. එම සානුකම්පිත දෘෂ්ටියෙහිලා කතුවරයා මූසිලයන්ගේ චරිතය නිරූපණය කරවයි. ජාතක කතාවට වඩා වෙනස් අයුරින් උදේනි පුරවරයේදී මූසිල අපට මුණ ගැසේ.
පසිඳුව වසන ඉඳුරා
වෙණ නද වයන මියුරා
නමෙන් මූසිල ගඳභ ඇදුරා "
මෙලෙස මූලාශ්‍රය එනම් ගුත්තිල ජාතකය වෙනස් කරමින් ගුත්තිල කාව්‍යයෙහි ඇතැම් තැන් වෙනස්කොට ඇති අයුරු දැක ගත හැකිය. වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍ය සඳහා වස්තු විෂය කර ගත්තේ ගුත්තිල ජාතකයයි. එය අතීත කතා ප්‍රවෘත්තියකි. එසේ වුවද ගුත්තිල කාව්‍යය කාල භේදයකින් තොරව එය රස විඳීමට සාර්ථක කාව්‍ය උපක්‍රම භාවිතය, අවස්ථා හා සිද්ධි නිරූපණය, චරිත නිරූපණය හා වස්තු විෂයෙහි වෙනස් කිරීම් ආදී තවත් දේ යොදාගෙන වර්තමාන පාඨකයාට රස විඳීමට හැකි සේ සර්ව කාලීනව නිර්මාණය කර ඇති අතර ඒ තුළ වෑතෑවේ හිමි බෙහෙවින් සමත්ය.
උසස් පෙළ කලා අංශය
මප/ව/මඩුල්ල ද්විතීයික පාසල
Comments