Skip to main content

පැසුණු පැන රසාස්වාදය

සියුම් ලෙස සමාජය විවරණය කරමින් පී.බී අල්විස් පෙරේරා මහතා පැසුණු පැන පද්‍ය පන්තිය නිර්මාණය කර ඇති අයුරු විමසා බලමින් පැසුණු පැන පද්‍ය පන්තිය රසාස්වාදය කරමු.


අල්විස් පෙරේරා කවි මඟ ඔහු ජීවත් වූ සමාජ පසුබිමේ බලපෑම මත සකස් වුණි. අල්විස් පෙරේරා සිංහල කවි සරල කිරීමේ සටනට මුල පිරූ අයෙකි. "උක්දඬු දුන්න" මෙම කාව්‍ය විප්ලවයේ මුල් සන්ධිස්ථානය වූ අතර ඔහු විසින් නිර්මාණය කළ කවි පොත් ද රැසකි. විරෝධාකල්ප රැගත් ඔහුගේ දෘෂ්ටිය "අපේ හටන" ආදී නිර්මාණ තුළින් මනාව ගම්‍ය විය. ස්වභාව ධර්මය ද අපූර්ව ආකාරයකින් සිය නිර්මාණ සඳහා වස්තු විෂය කොට ගත්තේ ය. "පැසුණු පැන" පද්‍ය පන්තිය ඔහුගේ "අන්ධ කවියා" මැයෙන් රචනා වූ කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගැනුනකි. 

"පැසුණු පැන" පද්‍ය පන්තියෙහි වස්තු විෂය වූයේ එකිනෙකට වෙනස් ගති ලක්ෂණ සහිත ශාකයන්හි විවිධත්වය පිළිබඳ කුඩා දරුවකු මවක වෙත ඉදිරිපත් කරන අපූර්ව ප්‍රශ්නාවලියකි. මෙහි අරමුණ වූයේ ගස් කොළවල විවිධත්වය ළදරු මනසෙහි නැඟෙන විවිධ පැනයන් හරහා ඉදිරිපත් කරමින් ශාකවල විවිධත්වය හඳුනා ගැනීමටත්, කවියා සංකේතාත්මකව ඒ හරහා සමාජයේ පවතින සම විෂමතා පිළිබඳ අවබෝධයක් ලබාදීමත් විය. 

ඉතා වටිනා වූ සංකල්පයක් මත පදනම්ව ගැඹුරු පණිවිඩ රැසක් සමාජයට ලබාදීමට ද මෙම නිර්මාණය සමත් ය. ඒ අනුව පී.බී. අල්විස් පෙරේරා කවියා "පැසුණු පැන" පද්‍ය පන්තිය තුළ කොතෙක් දුරට සාර්ථක වී ඇත්දැයි නිදසුන් ඇසුරින් විමසා බලමු.

"මල්වල පාට අම්මේ, කවුරු ද      ගෑවේ 
 දළු අතු පැලී ඒවා කොහොමද      ආවේ
 මෙතරම් කැසුම ඇයි කසබිලියා   බූවේ
 නිදිකුම්බා කොලේ මොකට ද නිදියෑවේ"

සිව් පද ආකෘතිය යොදා ගනිමින් කවියා පද්‍ය පන්තිය රචනා කොට ඇත. සරල වදන් යොදා ගත් කවියා "මේ කැසුම, නිදියෑවේ" ආදී වචන යොදාගෙන පරිසර සෞන්දර්ය විවිධත්වය තුළ පවතින අපූර්වත්වය චිත්තාකර්ෂණීය ආයුරින් ස්පුට කරයි. මල් විවිධ පාටවලින් යුක්ත ය. ඒ ඇයි දැයි යන බව දරුවා මවගෙන් විමසයි. සමාජයේ මිනිසුන් ද මෙසේය. සෑම අයෙකුම එකම ආකාරයෙන් නොවේය. ඔවුන් තුළ පවතින්නා වූ හොඳ සහ නරක යන ඒවා එකිනෙකට වෙනස්ය. මිනිසුන්ගේ අදහස්, ආකල්ප ආදියෙහි වෙනස් බව මල්වල වර්ණයන්ගෙන් මෙන්ම හැඩයන්ගේ වෙනස් බවට ව්‍යංගාර්ථවත් කරයි. මල් පිපීමට පෙර ඒවා දළු අතු කඩාගෙන එළියට එයි. සමාජයේ සමහර මිනිසුන්ද එසේය.

කහබිලියා නම් ඉතා දරුණු ශාකයකි. එහි බූව එතරම් කසන්නේ ඇයිද යන වග ළමයා විමසයි. එසේම කහබිලියා වැනි වූ ගෑවුනහොත් කැසීම, නැතිනම් වේදනාව හෝ විනාශය ඇතිවන මිනිසුන් සමාජය තුළ ඇති තරම් දැක ගත හැකිය. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් ආශ්‍රය තුලින් තමන්ද ඒ සඳහා ඇබ්බැහිවී විනාශය ලඟා කර ගැනීමට සිදු වීම උදාහරණ ලෙස දැක්විය හැකිය. 

ඇල්ලු විටදී නිදාගන්නා නිදිකුම්බා ශාකය නම් නිහඬ ශාකයකි. එවැනි මිනිසුන් ද අප අතරම වේ. නිදිකුම්බා ශාකය එතරම් සංවේදී වුව ද එම වැලෙහි කටු ය. සංවේදී නිහඬ මිනිසුන්ගේ බාහිර පෙනුම අභ්‍යන්තරයේ නොවන බව මෙහි අවසන් පදයෙන් ව්‍යංගාර්ථවත් කරමින් දරුවෙකුගේ සිතෙහි ඇති කුඩා ගැටලු කිහිපයක් වූවද එහි ගැඹුරු අදහස් පවතින බව මෙම කවියෙන් පෙනී යයි. ඒ අනුව පාඨකයාට එය තේරුම් ගැනීමට හැකිවන අයුරින් ඉතා අපූරු ලෙස පද්‍ය පන්තියෙහි පළමු කවිය නිර්මාණය කර ඇත. 

 "පවතී අඩනහිරියා මල්වල             සද්දේ 
  කෝදුරු රංචු අට්ටික්කා ගෙඩි       මැද්දේ  
  කජු ඇට පුහුලමේ යටි පැත්තෙහි පැද්දේ
  අම්මේ කළේ මේවා කවුරු ද          බැද්දේ"

සංකේතාත්මක භාෂා භාවිතය තුළ කවියා සෑම විටකම සංකල්ප රූප මවයි. "පවතී අඩනහිරියා මල්වල සද්දේ" යන පාඨය මගින් පාඨක සිතෙහි ශ්‍රව්‍ය ගෝචර සංකල්ප රූප මවයි. මෙහි "කජු පුහුලමේ" ආදී සරල වදන් ද භාවිත කර ඇත. කෝදුරු රංචු අට්ටික්කා ගෙඩි මැද පිරී ඇති බවද දරුවා තම මවට පවසයි. එම අට්ටික්කා ගෙඩිය ඇතුලේ උපදින පරපෝෂිත ජීවියකු වන කෝඳුරුවන් ටිකෙන් ටික එම ගෙඩියම කාගෙන එළියට එන්නේ තමා උපත ලබා ගත් දේ විනාශයට පත් කරමිනි. 

සමාජය තුළ මෙවැනි මිනිසුන් ද අපට දැක ගත හැකිය. මෙම කවිය අවසන් කරන්නේ මේ දේවල් කවුරුන් කරයිද යන බව අසමිනි. එහිදී කවියා සජීවී සංවාදශීලී භාෂාවක් හා තවත් විවිධ භාෂා උපක්‍රම යොදාගෙන අපූරු ලෙස මෙම කවිය නිර්මාණය කර ඇත.

"ලස්සන රෝස මල් පඳුරට මොට ද       කටූ
 කුමටද බාදුරා මල් කොකු වලට         ගොටූ 
 කජු ලුණුමිදෙලි ගස්වල මේ ඇලෙන හොටූ
 ගෑවේ කවුද මට කිව මැන කෙනෙකු      දුටූ"

පාරම්පරික සිදුවීම් රැසක් යොදාගෙන මෙම කවිය නිර්මාණය කර තිබේ. මෙහිදී කවියා "මොටද කටු, ඇලෙන හොටු, ගෑවේ කවුද " ආදී බොහෝ සරල වදන් යොදාගෙන ඇත. රෝස මල නම් බොහෝ දෙනා ප්‍රිය කරන මල් වර්ගයකි. එහෙත් එම මලේ නටුවේ නම් තියුණු කටුය. මිනිසුන් ද එසේය. බාහිරින් ගත් කල පෙනෙන්නේ එහි ලස්සන පමණි. එහෙත් ඔවුන්ගේ ඇතුළත සිතාගත හෝ නොහැකි තරම් දරුණු බව මෙයින් ව්‍යංගාර්ථවත් කරයි. 

මල් අතර තවත් මලකි බාදුරා මල. ඒ මල සුවඳය. එම සුවඳට ඇදෙන සතුන් ආහාරයට ගෙන එම මල ජීවත් වන්නේ පරපෝෂිත මලක් ලෙසය. මෙම බාදුරා මල වැන්නන් ද අප අතර වෙයි. විවිධ ක්‍රම ඔස්සේ තමා ළඟට ගෙන තමාගේ සුඛ විහරණය උදෙසා දහස් ගණන් දෙනා විනාශයට ගෙන යන බව ආදී ජීවිතාදර්ශ මෙමගින් ලබා දෙයි.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
 

"සමහර මල් තිබේ ලස්සන එමට     ඇත
 එනමුදු සුවඳ නම් ගෑවුනු තැනක    නැත
 සමහර මලක තනි සුදු මැලි පැහැය ගත
 තිබුනත් සුවඳ පිනවයි දුටු අයගේ     සිත"
           ‍
පද්‍ය පන්තිය මාත්‍රා දහ අටක් සහිත සමුද්‍රඝෝෂ විරිතෙන් නිර්මාණය කර ඇත. මල් වර්ග දෙකකි. එකක් ලස්සන නැති සුවඳ ඇති ඒවාය. අනික සුවඳ ඇති එහෙත් ලස්සන නැති ඒවාය. සුදු පැහැති මල් නම් බොහෝමයක් සුවඳය. එහෙත් එහි පාට සුදු මැලි ය. එහි සුවඳ සිත පිනවයි. ලස්සන මලක් දුටුවහොත් ඇස් පිනවයි. ලස්සන මල බොහෝ විට සුවඳමල තරම් වටින්නේ නැත. එනම් එහි ලස්සනෙන් ප්‍රයෝජනයක් නැත. මිනිසුන් ද එසේම ය. 

රූපයෙන් ලස්සන වූ සමහරුන්ගේ අදහස් ආකල්ප, සිතිවිලි ලස්සන නොමැතිය. එහෙත් රූපයෙන් අවලස්සන මිනිසුන් බොහෝමයක්ගේ සිත් ලස්සන විය හැකිය. පිරිසිදු විය හැකිය. එවැනි අය සුවඳ මල් වැනිය. ඔවුන් ආශ්‍රය කිරීමට සුදුසුය. ප්‍රයෝජනයක්ද ඇත. යනුවෙන් ගැඹුරු වූ අරුතක් මල්වල ස්වභාවයෙන් පෙන්වා දෙමින් කවියා මෙම කවිය නිර්මාණය කර ඇත.

" කළු මැදිරිය කළුය ඇට්ටේරිය සුදු             වේ
 කොස් කහ, පතඟි රතු එක කැලයට පොදුවේ
 හටගත් ලී මෙසේ නෙක පැහැයට       බෙදුවේ
 අම්මේ කව්ද පවසනු මැන පින්            සිදුවේ"
 

ගස් වර්ග නම් බොහෝය. ඒවා වටිනාකමින් අඩු සහ වටිනාකමින් වැඩි ලෙස වර්ග දෙකකින් යුක්ත ය. කළු මැදිරිය කළු ය. එහෙත් එහි වටිනාකම වැඩිය. ඇට්ටේරිය ගස නම් සුදුය. එහෙත් එහි වටිනාකම අඩුය. මිනිසුන් ද එසේය. 

සමාජයේ පවතින්නා වූ කලු සුදු භේදය කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවත් බැලිය යුත්තේ ඔවුන්ගේ, ඔවුන් තුළ පවතින්නා වූ හොඳ සහ නරක යන බවත් මෙයින් ව්‍යංගාර්ථවත් කරයි. එකම කැලයක ගස්වල ලී විවිධ වර්ණ ගනියි. කොස් ලී කහ පැහැති ය. පතැඟි ලී රත් පැහැවේ. කිසිදු විටෙකත් එම ගස් දෙකෙහි වර්ණය වෙනස් නොවේ. සමාජයේ මිනිසුන් ද එසේම විවිධාකාර වර්ණයන්ගෙන් යුක්තය. කිසි දිනක ඔවුන්ගේ එම විවිධාකාර බව නොවෙනස් වී සියල්ලෝම එකෙකු මෙන් නොවන බව කවියා මෙයින් ව්‍යංගාර්ථවත් කරමින් මවගෙන් අසන ගැටළුවක් ලෙස එය නිර්මාණය කර තිබේ. 

"ලෙලි කටු පැගිරි කෙඳි සහිතව හට  ගත්තයි 
  පැණි රහ කහට රහ පල ඇති බව   ඇත්තයි 
  සමහර ගෙඩි ඇඹුල් සමහර ගෙඩි   තිත්තයි 
  ඇයි මේ වෙනස අම්මේ විමසිය          යුත්තයි"

දිවකට දැනෙන රස වර්ග පහකි. කැලයක හටගන්නා ගෙඩිවල රස ද එසේම ය. එකක් පැණි රසය. එකක් කහට රසය. එකක් ඇඹුල් රසය. එකක් තිත්ත රසය. සමාජයේ මිනිසුන් ද මෙසේය. ඔවුන් විවිධ හැඩයන්ගෙන් මෙන්ම විවිධ රස වලින් ද යුක්ත ය. තවද, මෙම රසයන්ගෙන් එකිනෙකා කැමති රස වෙනස්ය. 

බොහෝ දෙනෙකු පැණි රසට කැමති වුවද අපට පැණි රස පමණක් සැමදා රස විඳිය නොහැක. තිත්ත රස ද විඳීමට සිදු වේ. එනම් අපට ජීවිතයේ සොඳුරු ඇත්දැකීම්, සිදුවීම් සිදුවිය හැකි අතර ඒවාට අප කැමති වුවද ජීවිතයේ කටුක, අසතුටු අත්දැකීම් වලට ද අපට මුහුණ දීමට සිදු වෙයි. එම දෙකම අප සතුටින් විඳ දරා ගත යුතුය, යන්නා වූ අගනා ආදර්ශය මෙම කවියෙන් ලබා දීමට කවියා සමත් විය. මෙහි පද්‍ය සියල්ල අවසාන වන්නේ "ත්තයි" යන අකුරු තුනෙනි. එම නිසා මෙම කවියෙහි පමණක් නොව සියලු කවි වල එළිසමය හොඳින් ම රැක ඇත.

කවියා මෙහිදී යොදාගෙන ඇත්තේ "මෙතරම් කැසුම, නිදියෑවේ, මොටද කටු, ගෑවේ කවුද , මොකද අනේ, හැදුවේ කවුද" වැනි සරල වදන් ය. එම නිසා එය පාඨකයාට තේරුම් ගැනීමට පහසු විය. 

මෙහි, "කෝදුරු රංචු අට්ටික්කා ගෙඩි මැද්දේ", "කජු ඇට පුහුලමේ යටි පැත්තේ මැද්දේ", "ඇයි දෝ වරා මල් සුළඟට ඉගිලෙන්නේ" වැනි පාඨයන් තුළින් පාඨක සිතෙහි දෘෂ්ටි ගෝචර සංකල්ප රූප මවන අතර,

 "පවතී අඬන හිරියා මල් වල සද්දේ" යන පාඨයෙන් ශ්‍රව්‍ය ගෝචර සංකල්ප රූප හා "මෙතරම් කැසුම ඇයි කහඹිලිය බුවේ", "කෝමාරිකා මද සීතල මොකද අනේ"
ආදී පාඨයන් තුළින් ස්පර්ශ ගෝචර සංකල්ප රූප මවමින් අනුප්‍රාසය ද යොදාගෙන පද්‍ය පන්තියෙහි ශබ්ද රසය වැඩි කරයි.
 
ඒ අනුව පද්‍ය පන්තියෙහි කවි අධ්‍යයනයෙන් පෙනී යන්නේ පී.බී. අල්විස් පෙරේරා විසින් නිර්මාණය කළ "පැසුණු පැන" පද්‍ය පන්තිය ඉතා සාර්ථක ලෙස නිර්මාණය කර ඇති අතර එම නිර්මාණයෙහිලා කවියා බෙහෙවින් සමත් වී ඇති බවය.

H.M ශෂිකා ලක්මාලි
උසස් පෙළ කලා අංශය
මප/ව/මඩුල්ල ද්විතීයික පාසල






Key words 

පැසුණු  පැන 
පැසුණු පැන පද්‍ය රසාස්වාදය 
පැසුනු පැන රසාස්වාදය pdf
පැසුනු පැන විචාරය 
පැසුණු පැන pdf download 
රසාස්වාදය පැසුණු පැන 
උසස් පෙළ විචාර පැසුණු පැන 
උසස් පෙළ රසාස්වාද පැසුණු පැන



Comments