ගුත්තිල කාව්‍ය කතුවරයා ප්‍රතිභාපූර්ණ කවියාණන් කෙනෙක් වෙති. විචාරයෙහි යෙදෙන්න.
"ප්‍රතිභා අපූර්ව වස්තු නිර්මාණක්ෂමා"යනුවෙන් යමක් පෙර නොවූ අයුරින් ඉදිරිපත් කිරීමේ ප්‍රඥාව ප්‍රතිභාව යැයි සංස්කෘත විචාරකයෝ අර්ථ ගැන්වූහ. ඒ අනුව ප්‍රතිභාව යනු පෙර නොවූ අයුරින් යමක් නිර්මාණශීලීව කීමය. ගුත්තිල කවියා ද එවැනි ප්‍රතිභාවක් පළ කළ අයෙකි. ගුත්තිල කාව්‍යයේ එන වර්ණනා කිහිපයක් ඇසුරෙන් උක්ත කියමන සනාථ කළ හැකිය. උදේනි පුර සැණකෙළිය වර්ණනය කවියාගේ ප්‍රතිභාව කැපී පෙනෙන එක් වර්ණනාවකි. සැණකෙළියක යථා ස්වරූපය සැබෑ අයුරින් ඉදිරිපත් කළ පද්‍ය සමූහයකින් එම වර්ණනාව සමලංකෘතය. උදේනි පුර සැණකෙළිය ජීවගුණය පිරි වර්ණනාවක් ලෙස ද කවියා නිරූපණය කරන්නේ සුරාවෙන් මත් වුවෙකු ගැන ප්‍රකාශ කරමිනි.
සුරත් තඹුරු පෙතිසෙ නෙ තින්
පුවත් නොදැන බමන ග තින්
නටත් අයෙක් සුරා ම තින්"
සුරාවෙන් මත් වූවන් අපි දැක තිබුන ද ඔවුන්ගේ චර්යාවන් ද දනිමු. එහෙත් අප දන්නා දැක පුරුදු මෙකී චර්යා කවියා ඉදිරිපත් කරන්නේ ඉතාමත් අගනා ආකාරයෙනි. මෙහි එන තැනැත්තා නටයි. නටන්නෙ කිසිවක් නොදැනය. සිදු වන දේ ඔහුට කිසිදු අවබෝධයක් නැති බව ප්‍රකාශ වන අතර නැටුම නිශ්චිත හා ක්‍රමානුකූල තාල සහිත ඒවා නොවන බව ද කවියා ප්‍රකාශ කරයි. විරිත යොදාගෙන ඇත්තේ අක්‍රමවත් අංග චලනයන් වාග්චිත්‍ර බවට පෙරලමිනි. රැගත් සුරා පිරූ විතින් යන පදවල මාත්‍රා යෙදීමද අක්‍රමවත් ය. උදාහරණ වශයෙන් සුරා පිරූ ආදී තැන්වල දෙවන මාත්‍රාව ගුරු අකුරකින් ද සුරත් තඹුරු පෙති සෙනෙතින් යන පදයේ පෙති සේ යන ස්ථානවල අකුරු සියල්ල ලඝු අකුරු ය. එම නිසා නර්තනය අක්‍රමවත් බව මෙහි ශබ්දධ්වනිය තුළින් ද පැහැදිලි වේ. සුරාවෙන් අධික ලෙස මත් වූවන්ගේ නෙත් ඉතා රතු ය. එය සුරත් තඹුරු පෙති සෙ යන උපමාවෙන් ගම්‍ය කොට ඇත. තද රතු පැහැති නෙළුම් පෙති වැනිය යනු ඉතා විශිෂ්ට උපමාවකි. ස්ත්‍රීන්ගේ ලලිත්ව ය ප්‍රකාශ කිරීමටත් බුදුන් වහන්සේගේ පාද ගැන වර්ණනා කිරීමටත් නෙළුම් මල වැනි යන උපමාව බොහෝ විට යොදා ගනියි. ගුත්තිල කවියා එය වෙනස්ම ආකාරයෙන් ඉදිරිපත් කිරීම හා අවස්ථාවකට යොදාගැනීම මගින් මතු වන්නේ කවියාගේ ප්‍රතිභාව වෙයි.
උදේනි පුරවරය වර්ණනා වන තවත් කවියක් වශයෙන්,
දෙන මෙන් කන අම බින්දු
කියමින් සොඳ ගී සින්දු
ඇසුවත් සිත දුක් සින්දු"
ඉහත කවියත් මෙහි කවියත් එකම චරිතයකින් ලියවී ඇති අතර තරුණියන් ගී සින්දු කියමින් සතුටුවන බව ප්‍රකාශ කරයි. එහෙත් මෙම කවියේ මාත්‍රා පිහිටුවා ඇති ආකාරය අනුව නර්තනය ක්‍රමිකව සිදු වන බව හෙළි වන කරුණකි. කෙලමින්, දෙනමෙන්, කියමින්, ඇසුවත්, ආදී වශයෙන් යෙදෙන කාර්‍යයන් තැන තැන යනුවෙන් අනුප්‍රාසයක් ලන්දු, බිංදු, සින්දු, ආකාරයෙන් එළිසමය යොදා ගෙන ඇති අතර ලයාන්විත සුකුමල තරුණියන්ගේ රූපාවලියත් ක්‍රීඩාවේ යෙදෙන ආකාරය පාඨක මනස රැඳෙන අයුරින් නිර්මාණය කොට ඇත.
මූසිල ගාන්ධර්වයා වෙළඳ ජනයාගේ සිත් පොළඹවා ගැනීමට වීණා වාදනය කළ අයුරු මහත් පරිශ්‍රමයකින් එය කලත් ඵලක් නොවන ආකාරයත් ගුත්තිල කවියා වර්ණනා කරන්නේ අපූර්වත්වයෙන්ය. උපහාස රසයෙන් අනූන ප්‍රබල අවස්ථා නිරූපණයක් වන්නා සේ ම පාඨකයා කුතුහලයෙන් පුරවා ගන්න කී හෙයින් කවියා වක්‍රව වර්ණනා කරන්නේ ගුත්තිල ගාන්ධර්ව වරයාය.
දනෝ වෙත්වයි මනන ඳ
කරන මෙන් වෙන න ද
මැදුම් සැදුමෙන් සදා එමස ඳ"
මූසිල ගාන්ධර්ව වරයා වෙළෙන්දන් ගේ සිත් පිනවීමට මහත් වෙහෙසක් දැරීය. විටෙක මධ්‍ය ස්වරයෙන් තත් සකස් කරන අතර තවත් විටෙක උස් ස්වරයෙන් තත් සකසයි. ඒත් වෙළෙන්දෝ තුටු වූයේ නැත. ප්‍රබල අවස්ථා නිරූපණය මගින් මූසිල ගැන අනුකම්පාවක්ද, උපහාසාත්මකයක්ද, ජනිත කරයි. මින් පෙනී යන්නේ කතුවරයාගේ ප්‍රතිභා ශක්තියයි. මූසිල ගුත්තිල ඇදුරුගේ නිවසට ගොස් වීණාව වාදනය කළ අවස්ථා මෙහි වීණා වාදනයේ ඇති දුර්වලතාවයන් මනාව හෙළි කරයි.
ඔහු වයන බව නොමදැ න
කතී වෙණ මී ය න
සුසූයයි අත ගැසූ සැකයෙ න"
එහෙත් ගුත්තිල ඇදුරු වෙතින් මූසිල වීණා ශිල්පය ඉගෙන ගෙන ගුත්තිල මූසිල වීණා තරඟ අවස්ථාව ඉතා ප්‍රබල ලෙස වර්ණනාවට ලක් කරයි. මින් කතුවරයාගේ ප්‍රතිභාව මොනවට පැහැදිලි වේ ද අපූර්ව පරිකල්පන ශක්තිය අලංකාරයෝක්ති භාවිතය, විරිත් භාවිතය පිළිබඳ කවියාගේ හසළ බුද්ධිය ප්‍රකට කරයි. ගුත්තිලගේ වීණා නාදය දසත පැතිර යන ආකාරය ශ්‍රව්‍යගෝචර සංකල්ප රූප මවන්නකි.
ගිය ගිය තැන ඉස්වා රන් මුතු මිණි
ගිය ගිය දිය නද එන මෙන් ගෙන මිණි
සිය සිය ගුණයෙන් වෙණ නද නික්මිණි"
පද්‍යයෙහි වර්ණ සංයෝග බැහැරින් පරික්ෂා කරත් එහි ඇති අපූර්වත්වය ප්‍රකට වන කරුණකි. දිය දිය, ගිය ගිය, සිය සිය ආදී අනුප්‍රාසය වීණා නාදය රිද්මයානුකූලව තරංගාකාරයෙන් පැතිර යන බව අවබෝධ කරයි. කෙරෙමින්, රන්, එනමෙන්, ගුණයෙන් වැනි යෙදුම් ද එයට උදව් සපයයි. සපැමිණි, මුතුමිණි, ගෙනමිණි, නික්මිණි වැනි පදවල යෙදී ඇති මිණි යන යෙදුම වීණා නාදයේ මිහිරි හඬ ඇසීමට සලස්වයි. ස්වභාවික සංසිද්ධීන් අපූර්ව පරිකල්පන වලට හසු කිරීමෙන් වීණා වාදන මිහිරියාව ඉදිරිපත් කිරීමට කවියා දක්ෂ වේ.
උක්ත කරුණු මගින් සනාථ වන්නේ ගුත්තිල කවියාගේ අපූර්ව වූ ප්‍රතිභාපූර්ණ කවීත්වය යි.
- දසුනි මහවත්ත -
Comments