Skip to main content

විචාරයට පසුබිම් වන පාඩම් 01

නූතන පද්‍ය සාහිත්‍යය හා නිදහස් කාව්‍ය සම්ප්‍රදාය

නූතන පද්‍ය සාහිත්‍යයේ ආරම්භය, විකාශනය හා නිදහස්(නිසඳැස්) කවි පරපුර 

12 ශ්‍රේණිය

නිපුණතාවය
6.0 නූතන කාව්‍ය සාහිත්‍යයේ විකාශනය හා සුවිශේෂතා හදුනාගෙන කාව්‍ය විචාර සිද්ධාන්ත පිළිබඳ අවබෝධයෙන් යුතුව නිර්දිෂ්ට කාව්‍ය රස විදිමින් විචාරයෙහි යෙදෙයි.

නිපුණතා මට්ටම
6.3 කාව්‍ය විචාර සංකල්ප පිළිබඳ අවබෝධයෙන් යුතුව නිර්දිෂ්ට කාව්‍ය රසාස්වාදයේ හා විචාරයෙහි යෙදෙයි.

ඉගෙනුම් පල,

  • නිර්දිෂ්ට කාව්‍ය නිර්මාණ වල කතුවරුන්, කාලය හා සාහිත්‍ය පසු බිම විස්තර කරයි.
  • නිර්දිෂ්ට නූතන කාව්‍ය නිර්මාණවල සුවිශේෂතා පැහැදිලි කරයි.
  • නිර්දිෂ්ට නූතන කාව්‍ය වල කලාත්මක අගය විමසමින් රස විදියි.

කතෘ පිළිබඳව විස්තරය,

ජී. බී සේනානායක

උපන්දිනය- 1913 ජුලි 14 වෙනිදා
උපන් ස්ථානය- පානදුර 
විපත - 1985 මාර්තු
පාසල - කොළඹ ආනන්ද විද්‍යාලය 
කවි පරපුර- නිදහස් කවි පරපුර 

ජී. බී සේනානායක සිංහල මධ්‍යම පාන්තික ජීවිතය සිය නවකතා තුළින් නිරූපණය කල විශිෂ්ඨ ලේඛකයෙකි. සිංහල භාෂාවට නිසදැස් කවිය හදුන්වාදීමේ ගෞරවය ඔහුට හිමි වේ. කොළඹ මහජන පුස්තකාලයේ ඇති සියලුම පොත් කියවා ඇති මෙතුමා කොළඹ මහජන පුස්තකාලය තමාගේ සරසවිය ලෙස හදුන්වයි. 


ජී. බී සේනානායකයන්ගේ නිර්මාණ

පද්‍ය- දැල් කවුළුව, විඳිමි 

කෙටිකතා- පලිගැනීම, මිතුරිය, ගමන හා මුළාව 

නවකතා- මේධා, චාරුමුඛ, වරදත්ත, අවරගිර

විචාර- නවකතා කලාව, සාහිත්‍ය සේසත්, බටහිර ශ්‍රේෂ්ඨ නවකතා, විචාර ප්‍රවේශය 

පරිවර්තන- රණරාල, රුබෙයියාට්

වෙනත් - මහා ලෝභයා, හාල් මැස්සා, හීනය, මල්කුමාරි 

මොහුගේ ස්වයං ලිඛිත චරිතාපදානය " විනිවිදිමි අදුර " නම් වේ.


නිදහස් කවියේ ප්‍රථම තරංගය

සිංහල කවියේ ගී සිව්පද සිලෝ යන චිරාගත ආකෘති වෙනුවට නව කාව්‍ය ආකෘතියක් හදුන්වාදීමට පුරෝගාමී වූයේ ජී. බී සේනානායක ය. වර්ෂ 1946 දී ඔහු විසින් පල කරනු ලැබූ " පලිගැනීම" කෙටිකතා සංග්‍රහයේ ඉඳුරා ගද්‍ය හෝ පද්‍ය නොවන රචනා 8 ක් අන්තර්ගත කෙරිණි. එහි ඔහු එම නිර්මාණ ගැන මෙබඳු සදහනක් කරයි.

"මේ පොතෙහි පද්‍යාවලීන්ගේ විලාසයෙන් එන නිබන්ධ මා සලකන්නේ ගද්‍යයට ද පද්‍යයට ද අතර වන නිබන්ධ විශේෂයක් වශයෙනි. ඒවා කියවිය යුත්තේ ගද්‍ය කියවන ලෙසය. එහෙත් කියවීමේ දී ශබ්ද සංඝටනාවේ මාධූර්යය කෙරෙහි දක්වන සැලකිල්ල ගද්‍ය කියවීමේ දී ඒ අරභයා දක්වන සැලකිල්ලට වැඩි විය යුතුය"


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.



නව කාව්‍ය ආකෘතියට නම ලැබීම

1954 දී ජී. බී සේනානායක "රුබයියාට්" කාව්‍ය සිංහලයට නැගීය. මේ නව කාව්‍ය මාර්ගයට "නිදහස් කවි" යන නාමය තබන ලද්දේ එහිදීය.

"මෙහි එන පද්‍යාවලිය මා සිංහලයට පරිවර්තනය කලේ සිංහල කාව්‍ය සම්ප්‍රදායට අයිති කිසි පද්‍ය විශේෂයක් අනුගමනය කිරීමෙන් නොවෙයි. අනුගමනය කරන ලද්දේ නිදහස් පද්‍ය යන නමින් බටහිරි හදුන්වනු ලබන පද්‍ය විශේෂයකි.

"ඉංග්‍රීසි කවීහු මෙවැනි පද්‍ය Free verse හා Verse libre යන නම් වලින් හදුන්වයි. සිංහලෙන් නිදහස් පද්‍ය රචනා කිරීම කෙරෙහි අවුරුදු ගණනක සිට මගේ සිත යොමු වී ඇත. "පලිගැනීම" නැමැති මගේ පොතෙහි කෙටිකතා අතර වන රචනා මා ලිව්වේ නිදහස් පද්‍ය ක්‍රමයට අනුව ය. ඒවා හැකි තරම් ගද්‍ය ට ආසන්න කිරීමට මම තැත් කළෙමි. ඊට පසු අත්හදාබැලීම් වශයෙන් තවත් පද්‍ය ලිවීමි. එහි පරමාර්ථය වූයේ පද්‍ය රචනය එපමණ ගද්‍යයට ආසන්න නො කල යුතුය යන්නයි" 

සාම්ප්‍රදායික සිංහල කවියේ ඡන්දස, එළිසමය, විරිත යන සීමාවන්ගෙන් නිදහස්ව සිදු කරන කාව්‍ය නිර්මාණයන් නිසා මෙම කවි ක්‍රමයට "නිදහස් කවි" යන නම යෝජනා විය. 


නිදහස් කවි "නිසදැස් කවි" ලෙස නම් ලැබීම

1956 දී සිරී ගුනසිංහ "මස් ලේ නැති ඇට" පද්‍ය සංග්‍රහය පළ කලේය. එහි අන්තර්ගත සියලු කවි මේ නව ආර අනුව ලියා තිබුණි. ඔහු ඒවා "නිසඳැස් කවි" නමින් හැඳින්වීය. 

චන්දසක් නැති හෙවත් නිර් චන්දැස් යන අරුතින් "නිසඳැස්" යන නම තබා ඇත. 

"මස් ලේ නැති ඇට" පද්‍ය සංග්‍රහය දොරට වැඩීම සමග නිසඳැස් කවි ක්‍රමයට විරුද්ධ අදහස් ප්‍රකාශ වන්නට විය. එහෙත් එම විවේචන නිසාම නිසඳැස් කවි වඩා ජනප්‍රිය වන්නට විය.

මෙම විරෝධතා වලට කවි ක්‍රමයේ අලුත් කම පමණක් හේතු නොවීය. මෙම කවීන් වස්තු විෂය කර ගත් අද්දැකීම් සහ පදනම් කර ගත් ජීවන දර්ශනය සමාජයේ සාම්ප්‍රදායික සදාචාරාත්මක පදනම් දෙදරුම් දෙන සුළු වීම බොහෝ සෙයින් හේතු විය.


නිදහස් කවියට එල්ල වූ විරෝධතා

කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ කීර්තිමත් කවියෙකු ලෙස සැලකෙන පී. බී අල්විස් පෙරේරා මහතා මෙසේ අදහස් දක්වා ඇත.

" ගද්‍ය ගීත නමින් අලුතක සිට පහළ වී ඇති මහා වසංගතය තරම් විපතක් මෙතෙක් සිංහල කවියට වැද්ද නොදුන්නේය. කිසිම ශාස්ත්‍ර යුක්තියකට නැති මේ විකාර ගද්‍ය ගීත අකුරු ලිවීමට හැකි ඕනෑම බූරුවකුට ලිවීමට පුළුවන. ඊට දක්ෂකමක් හෝ උගත්කමක් උවමනා නැත. වැකියක් කඩ කඩා ලියන්නට පුළුවන් නම් එයම ප්‍රමාණවත්ය.

තවද,
ජී. මලල්ගොඩ මෙසේ පවසයි.
කිළුටු කර හෙළ               බස්
රැගෙන ආගන්තුක        වෙස්
මරා ගෙන කවි                 ගස්
උපත ලද පිළිලයකි   නිසඳැස්


ධර්ම ශ්‍රී කුරුප්පු ද මෙසේ පවසයි,

අදහස් වැරූ බොල් වැකි පිස්සුවෙන්    ලියා
චන්දස් බැහැර කළ මේවා කවියි         කියා
රසවත් වහර රැක ගත යුතු මගින්  නොයා
නිසඳැස් කයි බඳිති කවි බැරි      මනුස්සයා 

නිසඳැස් කවියේ විශේෂතා

සාම්ප්‍රදායික සම්මත සිංහල කවියේ ඡන්දස, විරිත, එළිසමය යන නියමයන්ට යටත් නොවී යම් ලයකට අනුකූලව නිදහස් ලෙස පද්‍ය පාද වෙන් කිරීම.

කවියාගේ අභිමතය පරිදි පද්‍ය ඛණ්ඩ වෙන් කිරීම.

යම් රිද්මයකට කියවිය හැකි වූවත් තාලයකට ගායනා කල නොහැකි වීම.

ආකෘතියේ ශ්‍රව්‍ය ගෝචර ස්වරූපයට වඩා දෘශ්‍ය ගෝචර ස්වරූපයක් දක්නට ලැබීම.

නිදහස් කවිය යනු හුදු සිංහල පද්‍යයේ ආකෘතික විප්ලවයක් පමණක් නොව වස්තු විෂයෙහි හා භාෂාවේද සිදුකල විප්ලවයක් බව පැහැදිලි වීම.


පුරෝගාමී නිදහස් කවීන් දෙදෙනාගේ කාව්‍ය නිර්මාණ වල කැපී පෙනෙන ලක්ෂණ.

මිනිස් දිවියේ සංකීර්ණ අත්දැකීම් කවියට නැගීම

පරිසර වර්ණනා හෝ සමාජයීය අනුභූතීන් ට වඩා මනෝභාව විෂයීය අනුභූතීන්ට මුල් තැන දීම.

මේ අනුව එතෙක් කවියට විෂය දාර්ශනික සංකල්ප විචාර චින්තා වැනි දේ විෂය කර ගැනීම. 

අමුතු ජීවන දර්ශනයක් ඉස්මතු කිරීම.

රූපකාර්ථවත් භාෂාවට මුල් තැන දීම.

ජී. බී සේනානායකගේ කාව්‍ය නිර්මාණවල භාෂාවේ උපමා රූපක ආදී අලංකාර බහුල නොවීම. 

සිරී ගුනසිංහගේ කාව්‍ය නිර්මාණ වල නව උපමා රූපක සුලභ වීම හා සංකේතාත්මක ස්වරූපයක් පැවතීම. 

සාමාන්‍ය රසිකයාට පහසුවෙන් ගෝචර නොවන එක්තරා බුද්ධි මට්ටමක රසිකයන්ට ගෝචර වන ස්වරූපයේ නිර්මාණ වීම.


නිදහස් කවි මග තව දුරටත් පෝෂණය කළ පුරෝගාමී කවීහු,

1. ගුණදාස අමරසේකර 

2. මහගම සේකර 

3. විමල් දිසානායක

මෙම කවීන් විසින් ජන කවියේ සුලක්ෂණ යොදා ගනිමින් නිදහස් කවිය පෝෂණය කර ඇති බව පැහැදිලි වෙයි.

නිදහස් කවියේ පැවති දැඩි බුද්ධිමය ස්වරූපයෙන් එය මුදවා ගෙන ජන කාව්‍ය රීතියේ ලක්ෂණ සමග මුසු කිරීමට මහගම සේකර හා ගුණදාස අමරසේකර යන කවීන් දෙදෙනා සමත් වූහ.

ගුණදාස අමරසේකර නිදහස් කවියෙකු ලෙස කවියට එළඹ පසුව එය අංශභාග කාව්‍ය ක්‍රමයක් යැයි බැහැර කළේය.

පාදක කර ගත් වීඩියෝව පහතින් දැක්වෙයි,




Key words 

නිසදැස් කාව්‍ය සම්ප්‍රදය 

උසස් පෙළ නූතන පද්ය සංග්රහය pdf

නූතන පද්ය විචාර pdf

නිසදැස් කවි පරපුර

නූතන යුගයේ කවීන් pdf

නූතන සිංහල කවිය

නිදහස් කවි පරපුර 

නිදහස් කවි පද්‍ය විචාර pdf download 

Nidahas kawi parapura vichara

Nidahas kawiya


Comments