Skip to main content

වැද්දන්ගේ ජීවන රටාව ගැන රචනාවක්

වැද්දන්ගේ ජීවන රටාව 

විජයාවතරණයෙන් පසු කුවේණියගේ දරුවන් ඇතුළු පිරිස් වන ගත වීමෙන් නූතන වැදි ජනතාව නිර්මාණය වී ඇති බව කියැවේ. මෙම වැද්දන් එදා සිට අද දක්වාම කැලෑව තුලම ජීවත් වෙමින් කෑලෑ වලට අනුගත වී සිටී. 

එනිසා වැද්දන්ගේ ජීවන රටාව ගැන සැලකීමේ දී, වැද්දන්ගේ ජීවන රටාව කැලෑව තුල ජීවත් වීම සඳහා විශේෂයෙන් සැකසී ඇති බව පැහැදිලි වේ.

වැද්දන්ගේ ජීවන රටාව සාමාන්‍ය සිංහල ජනයාට වඩා බෙහෙවින් වෙනස්ය. රෙදි පිලි වලින් සකසා ගත් ඇඳුම් පැළදුම් වැද්දන්ට නොමැත. වැද්දන් තම ඇදුම් කොල අතු වලින් සකසා ගනී. ඇතැම් විට සතුන්ගේ සම් වලින් සකසා ගනී. වැද්දන්ගේ ජීවිතය බෙහෙවින් සරලය.

වැද්දන්ගේ ජීවන රටාව අධ්‍යයනයේ දී සැලකිය යුතු වැදගත්ම අංශයක් ලෙස ඔවුන්ගේ ආහාර පාන දැක්විය හැකිය. ආදි කාලයේ සිට දඩයම වැද්දන්ගේ ප්‍රධාන ආහාර උපාය මාර්ගය විය. දඩමස් අමුවෙන්ම ආහාරයට ගැනීමට අතීත වැද්දන් පුරුදුව සිට ඇත. පසු කාලීනව දඩමස් පුළුස්සා කෑමටද වැද්දන් පුරුදුව ඇත. ආදිවාසීන් ඉතා දක්ෂ දඩයක්කරුවන් වෙයි. 

සතුන්ගේ පාසටහන් හා සතුන්ගේ ශබ්ද වලින් ඒ කුමණ සතුන් දැයි හදුනාගෙන ඒ පසු පස ගොස් දඩයම් කිරීමට තරම් ඔවුන් දක්ෂ වේ. ආදිවාසීන් මහලු සහ ගැබ්බර සතුන් දඩයම් නොකරයි. දුන්න, කෙටේරිය, හෙල්ල, තුවක්කුව වැනි ආයුධ භාවිත කරමින් දඩයම සිදු කරයි. මුවන්, හාවන්, ඉත්තෑවන්, මීමින්නන්, කබල්ලෑවන් වැනි සතුන් ද මොණරුන්, වලිකුකුලන් වැනි පක්ෂීන් ද ආදිවාසීන් විසින් දඩයම් කරනු ලබයි. 

දඩමස් සේම මී පැණි සඳහා ද වැද්දන් ඉමහත් රුචිකත්වයක් දක්වයි. මී පැණි හා ඹබර පැණි රැස් කිරීම දුශ්කර කටයුත්තක් වූවද වැද්දන් ඒ සඳහා පුහුණු වී සිටී. ගඩා ගෙඩි නැතිනම් කැලෑ පලතුරු වර්ග වනාන්තරයෙන් රැස් කර ගැනීම වැද්දන්ගේ ජීවන රටාවේ තවත් කොටසකි. කැලෑ වල ස්වභාවිකව හැදී ඇති කටු අල, ගෝනල හා හිරිතල වැනි අල වර්ග හාරා එකතු කිරීම වැදි කාන්තාවන් සිදු කරයි. මේ අල වර්ග තම්බා හෝ පුළුස්සා ආහාරයට ගැනීම වැද්දන් සිදු කරයි. 

නෑ යකුන් ඇදහීම වැද්දන්ගේ ජීවන රටාවේ කොටසකි. තම ඥාතීන් මිය ගිය පසුව නෑ යකුන් ලෙස ඉපිද තමන් සමීපයේ ජීවත් වන බව වැද්දන් විශ්වාස කරයි. මෙම නෑ යකුන් සතුටු කිරීමට විවිධ පූජාවන් ද වැද්දන් විසින් පවත්වනු ලබයි. 

විවිධ ලෙඩ රෝග සුව කර ගැනීමටත්, ගොවිතැන් සරු කර ගැනීමේ අරමුණිනුත්, ඹබර පැණි සරු කර ගැනීමටත් ආදිවාසීන් විවිධ ශාන්ති කර්ම සිදු කරමින් තම නෑ යක්කුන් ඇදහීම නැතිනම් සතුටු කිරීම වැද්දන්ගේ ජීවන රටාව තුල දැක ගත හැකිය.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය. 




කළු බණ්ඩාර දෙවියෝ, කුකුළා පොල කිරි අම්මා, ඉරුගල් බණ්ඩාර දෙවියෝ, සඳු ගල් බණ්ඩාර දෙවියෝ ආදී මල ගිය නෑයකුන්ගේ පොරව, දුන්න, මාල වළලු ආදියට වැදුම් පිදුම් කිරීමින් ඔවුන් සතුටු කිරීම ආදිවාසීන් පාරම්පරිකව සිදු කරනු ලබයි.

ඉහත ඉදිරිපත් කල කරුණු අනුව පෙනීයන්නේ, වනාන්තරය තුල ඇති සීමිත සම්පත් ප්‍රමාණයක් භුක්ති විදිමින් සරල, නීරෝගී දිවි පෙවෙතක් ගත කරන වැද්දන්ගේ ජීවන රටාව අගය කල යුත්තක් යන්නය.



Key words 
වැද්දන්ගේ ජීවන රටාව ගැන රචනාවක්
වැද්දන්ගේ ජීවන රටාව රචනා
වැද්දන්ගේ ජීවන රටාව පිළිබඳ රචනා
වැද්දන්ගේ ජීවන රටාව ගැන රචනා
වැද්දන්ගේ ජීවන රටාව ගැන රචනා pdf
Weddange jiwana ratawa rachana
Weddange jeewana ratawa rachanawa
Veddange jeevana ratawa rachana pdf
Adiwasinge jeewana ratawa rachana
Adiwasin gena thorathuru
Adiwaseen gena thorathuru

Comments