Skip to main content

සිංහල විචාර 87 - අඟුල්මල් දමනය විචාර 01

අහිංසක අංගුලිමාල වීමට හේතු

අහිංසක දරුණු මිනීමරුවෙකු වූයේ කවර හේතු නිසා දැයි අඟුල්මල් දමනය පාඩමේ උදාහරණ ඇසුරින් පැහැදිලි කරන්න.

පෙර අපරදිග විචාරකයන්ගේ ගෞරව බහුමානයට පත් මෙරට යම් කෘතියක් වෙතොත් ඒ අනෙකක් නොව බුදුන් වහන්සේගේ "පුරිසදම්ම සාරතී" බුදු ගුණය මුල් කර ගනිමින් ගුරුළුගෝමී නම් පඬිවරයා විසින් රචනා කරන ලද සිංහල කතා කලාවේ සංචිප්ත රිතිය නිරූපණය කරන අමාවතුර නම් ග්‍රන්ථයයි. නිශ්චිත කාල වකවානුවක් නොදැක්වෙන මෙම කෘතියේ පරිච්ඡේද ගණනින් දහ අටකි. කතුවරයා විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීමේ අරමුණ වශයෙන් පාලි- සංස්කෘත නොදත් සාමාන්‍ය ජනයාට උපයෝගී කරගත හැකි නිර්මාණයක් වීම මෙහි විශේෂත්වයයි.

අඟුල්මල් දමනය තුළදී අහිංසක නම් සිසුවාට ඉතා දරුණු ගණයේ මිනීමරුවෙකු වීමට විවිධ කරුණු කාරණා බලපානු ලබයි. ඒ අතර පාප මිතුරන් ප්‍රධාන තැනක් ගනු ලබයි. අහිංසක තුළ පැවති දස්කම් කෙරෙහි කුහකත්වයෙන් සිටි අහිංසකගේ මිතුරන් විසින් ඔහු අසත්පුරුෂයෙකු කරනු වස් ඔහුට මුසා පවසා සිටින ලදී.

"එසේ බැවින් ශිල්ප සමහරයට උපචාර යැයි කියා මිනිස් දහසක් මරන්නට කියමි."

ගරු බුහුමනක් ලෙසින් ගුරු උපහාරයක් පුදන්නට මිනිස් දහසක් මරා ඇඟිලි ගෙන මාලයක් සකසන ලෙසින් කරුණු කාරණා ඉදිරිපත් කොට අහිංසකයාණන් නපුරෙකු බවට පත් කිරීමට මෙම පාපමිත්‍රයන් එක් සැණින් කටයුතු කළහ. එසේ හෙයින් පාප මිත්‍රයන් ඇසුරෙන් වැළකිය යුතුය යන උපදේශය අඟුල්මල් දමනය තුලින් අපට ලබා දෙයි.

"ඒ සේ වන්නා ශිල්පයට උපචාර කළාවේ"

තවද අහිංසක නම් සිසුවා තමාගේ තිබෙන ගුරු ගෞරවය දක්වාලනුවස් මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාව සිදුකිරීමට යොමුවීමට තවත් හේතු සාධකයක් වීම දැක්විය හැකිය.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.


"එය කොටුවන් මරාපියා එකක දෙකෙ කෑ ඊ ගැහැගෙන යයි"

එමෙන්ම තම ගුරුවරයාට ගරු බුහුමන් කිරීමේ දැඩි ආශාව හා කැමැත්ත තුළින් අහිංසක දරුණු ගනයේ අපරාධකරුවෙකු වූ බව අඟුල්මල් දමනය  රසවිඳිණු ලබන ඕනෑම අයෙකුට ඉතාමත් පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වන කරුණකි.

"ශිල්පයට උපචාර කොට දැලි කප්පා නහා පිළිපෙරළා මවුපියන් දකිමි"

මේ ආකාරයට අමාවතුර නම් ග්‍රන්ථය තුළ අන්තර්ගත අඟුල්මල් දමනය තුළින් අහිංසක නම් ඉතාමත් ගුණගරුක දරුවා ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට පත්වන්නට ඉහත සඳහන් කරුණු හේතු වූ බව පෙන්වා ඉහත දක්වා ඇති උදෘත තුළින් ඒවා සනාතයට පත් කළ හැකිය.



key words 

අඟුල්මල් දමනය විචාර 01

අහිංසක අංගුලිමාල වීමට හේතු විචාර 

අගුල්මල් දමනය විචාරය 

අඟුල් මල් දමනය විචාර ලිවීම 

අඟුල්මල් දමනය විචාර pdf

අඟුල්මල් දමනය 10 ශ්‍රේණිය විචාර 

agulmal damanaya vichara අගුල්මල් අඟුල්මල් දමනය විචාර

අඟුල්මල් දමනය විචාර grade 11 sinhala sahithya vichara download


Comments