පති ප්‍රේමය මැඩගත නොහැකිව තිබියදීත් දරුවන්ගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් කැප වූ චරිතයක් සිංහබාහු නාට්‍යයේ සුප්පා දේවිය පෙන්නුම් කළාය.
මෙම ප්‍රකාශය පිළිබඳව ලෙන අතහැර යෑම පාඩම ඇසුරින් විවරණයක් කරන්න.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නම් නාට්‍ය තුළින් අප ඉදිරියට පැමිණෙන සුප්පා දේවියගේ චරිතය අවස්ථාවක සැමියා වෙත දක්වන ප්‍රේමය හා සෙනෙහස ද අනෙක් අවස්ථාවේදී සිය දරුවන් දෙදෙනා වෙත දක්වා ලබා දෙන අසීමිත දරු සෙනෙහස යන සෙනෙවන්ත හැඟීම් දෙක අතර දෝලනය වන චරිතයක් බව මනාව පැහැදිලිය.
උපතින්ම රාජසම්පත් වලට හිමිකම් කියන සුප්පා දේවිය මාලිගයක වටිනා සැපපිලි ආභරණ සියල්ල හැර දමා පති ප්‍රේමය නිසාවෙන් පැමිණි කාන්තාවකි. රාජ වාසල තුළ නොලත් ජීවිතය සුප්පා දේවිය ලබන්නේ සිංහයා හා ඇසුරට පත්වීමෙන් පසුවය. ඇය ජීවිතය විඳින්නේ විඳීම ආරම්භ වන්නේද සිංහයා ඇසුරෙනි. එබැවින් සුප්පා දේවිය සිංහයාට බෙහෙවින් සෙනෙහසක් ආදරයක් දැක්වූවාය.
තුමුල මාලිගා
සුවඳ බොජුන් සැප සයනා
මිරි වැඩි සඟලා
මේ සියල්ල හැරදා මම
ආවෙමි වලටා
වෙසෙන ලෙසා ඔබ පිය මා
සමිඳුන් සමගා"
දරුවන් දෙදෙනා ආදරයෙන් තුරුලට ගෙන දේ ඇලයේ තබාගෙන අවංකවම මේ පවසන්නේ සුප්පා දේවියගේ ඉහ වහා ගිය පතිභක්තියට කළ පූජාවක් ලෙසිනි.
ප්‍රේමය නමිනා
වැනු පොරණ කිවිදුන් සඳ
රස මුසු බසිනා
සියලු භෝග වස්තු ඉසුරු
හරි නෙක් දනෝ
සව් සැප දෙන සිතුමිණ වන්
ප්‍රේමය සන්දා"
"ඔබ පියාණෝ නරෙකු නොව. වනයේදි මට හමුවූ සිංහ රාජයෙකි. ඔහු කෙරෙහි ඇති වූ ප්‍රේමය නිසා මම රාජ සැප හැර දමා මේ වනයෙහි වෙසෙමි දරුවනි"
මේ ආකාරයෙන් සුප්පා දේවියගේ චරිතය තුල ඇය සිය ස්වාමියා හට දක්වන උතුංග ප්‍රේමයත් අප්‍රමාණ සෙනෙහසත් පිළිබඳ වූ මේ විවරණය සපයන්නේ දරුවන් දෙදෙනා ඉදිරියෙනි. තවත් විටෙක තම පියාණන් හැරදා වනයෙන් සමුගන්නට යැයි මවට සහ දියණියට සිංහබාහු කරන ආරාධනය මත සුප්පා දේවිය මෙලෙස ඇගේ ප්‍රේමය කෙතරම් බලවත්ද ශක්තිමත්ද යැයි සනාථ කිරීමට පහත ප්‍රකාශය සමත්ය.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
යා හැකිද මේ ලෙනෙන්
අප නැතිව පියා ඔබ
ලය පැලී මැරී යයි
පුරුදු වූ වන වාසේ
මෙහි සැපත නොසෑහේද
ඔබ පියා සමඟිනා
මෙතෙක් කල් වින්දමා"
තම සැමියා හැර දමා යෑමට සුප්පා දේවියට කිසිසේත්ම සිත් නොදෙයි. කිසිම ලෙසකින් ඇය ඒ ගැන සිතා නොමැත. සිහිනයකින්වත් නොසිතූ දෙයක් ගැන ඇයට දැන් සිත් යොමන්නට සිදුවේ. ඒ දරුවන්ගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන්. ස්වාමියා කෙරෙහි වූ ඇති අනන්ත ප්‍රේමය මැඩගෙන ඈ දැන් තීරණයක් ගත යුතුය. මෙම අවස්ථාව එනතෙක්ම ඈ සිංහයා දමා යන්නට තීරණය නොකළ නමුත් තම කුසින් ජාතක වූ දරුවන් දෙදෙනා වෙනුවෙන් සුප්පා දේවිය එම තීරණයට එලබේ.
වන වාසෙන් මේ පුතු සමගා
දරුවන් දෙදෙනා
හට සෙත් ලැබෙනා
මග ඔස්සේ යා යුතු වන්නේ
නොසැලී කිසි මෙම වේලේ
දෙවියන් බාරයි මාත් සමිදා
වෙත නොවනුයේ කෝපා
දරුවන් සන්දා කරණෙමි මෙබන්දා
සිහිවේ හැමකල් හද සෝ කෙන්
සමාවනු ඇත වරදා"
සුප්පාදේවිය සිය සැමියා හැර පියා යන්නේද හද ශෝකෙන් මිස සහමුලින්ම මකා දමා නොවේ. ඔහුගේ රැකවරණය දෙවියන්ට භාර කරමිනි. වන ලොවෙහි අධිපති දෙවියන්ටත් දෙව්ලොවෙහි අධිපති දෙවියන්ටත් දැන් සැමියාද දරුවන්ද තෝරගන්නට සිදු වී ඇත. මෙකී අවස්ථාවේදී ඉතා අපහසුවෙන් වුවද දරුවන් ගැන සිතා ඔවුන්ගේ අනාගතය ගැන සිතා දරු දෙදෙනා තෝරා ගනී.
උත්තරීතර ජන්ම ලද්දී
උරුම වූ යස ඉසු රටා
මටද හිමි වේ වංග රාජ්‍යයේ....."
මෙලෙසද තීරණය කරන ඈ නාට්‍ය තුළ මෙලෙස ද පැවසේ.
"කුමක්දෝ මේ පාපේ, ලෙනේ මේ විසීමේ සෙතක්දෝ"
මෙලෙස සිතා තම පුතු සමග සුරතල් දියණියද කැටුව සුප්පාදේවිය වංග දේශය සොයා මගට බැස්සාය. ඒ දරුවන්ගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙනි, දරු දෙදෙනා පැතූ ලෝකය සිතු ලෝකය ළඟා කර දීමේ අරමුණින්.
ඉහත තොරතුරු වලින් අපිට පෙන්වා දෙන්නේ සුප්පා දේවිය සතු ස්වාමි භක්තිය මෙන්ම ප්‍රේමයද මැඩගත නොහැකිව සිටියදී දරු දෙදෙනාගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් කැප වූ ආකාරයයි.
Key words
ලෙන අතහැර යෑම විචාරය
ලෙන අතහැර යෑම සුප්පාදේවිය
ලෙන අතහැර යෑම සිංහබාහු
සුප්පා දේවියගේ චරිතය විචාරය
lena atha hera yema vichara
lena athahera yama vicharaya
සුප්පා දේවියගේ චරිතය
සුප්පා දේවිය ලෙන අතහැර යෑම
සුප්පාදේවිය විචාරය
සුප්පා දේවියගේ චරිතය විචාරය
සුප්පා දේවියගේ චරිතය විචාරය pdf
Comments