ගුත්තිල වෙණ නද (විරිත් භාවිතය)
01). ඒ ඒ අවස්ථාවලට ගැලපෙන ලෙස විරිත වෙනස් කිරීමට කතුවරයා තුළ වූ ප්‍රතිභාව ගුත්තිල කාව්‍ය වඩාත් රසවත් වන්නට හේතු වී ඇත. ගුත්තිල වෙණ නද පාඩමේ උදාහරණ දෙමින් පැහැදිලි කරන්න.
ගුත්තිල වෙණ නද විරිත් භාවිතය
සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන කෝට්ටේ යුගයේ පද්‍ය සාහිත්‍යයේ ඇති වුණු ප්‍රබෝධයට පැරකුම්බා රජුගේ විශාල අනුග්‍රහයක් හිමි වී ඇත. එසේම එම සාහිත්‍ය ප්‍රබෝධය සදහා වෑත්තෑවේ හිමි, රාහුල හිමි වැනි සාහිත්‍ය නිර්මාණකරුවන්ගේ සාහිත්‍යමය නිර්මාණ බොහෝ වැදගත් විය.
මෙම ගුත්තිල කාව්‍ය සංග්‍රහය නිර්මාණය උදෙසා හේතුකාරකය වූයේ වෑත්තැවේ හිමියන්ගේ ගුරු වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි හා තමන් අතර ඇති වූ සිත් තැවුලකි. රාහුල හිමි වෑත්තෑවේ හිමියන්ට තමා අප්‍රසාද බව හැගවීමට, තම අතවැසියෙකු අමතා දිනපතා වෑත්තෑවේ හිමිට පලා කොළ තුන් පංගුවක් බෙදන ලෙසට උපදෙස් ලබා දුන්නහ. මෙම පල නොකියා පලා බෙදීම වටහාගත් වෑත්තෑවේ හිමි තම ගමට වැඩම කළේය. පසුව තමා ආකෘතඥයකු නොවන බව රාහුල හිමිට දැන්වීම සඳහා ගුත්තිල කාව්‍ය සංග්‍රහය පබැදිණි. වෑත්තෑවේ හිමි ගුත්තිල කාව්‍ය සංග්‍රහයේ ගුත්තිල පඬිතුමා ලෙස රාහුල හිමිත් තමා මූසිල ලෙසත් මෙකී කාව්‍ය නිමවා ඇත.
මූසිල රාජ සභාවේ සේවයට ගුත්තිල ඇඳුරිදුගේ සහයෙන් ඇතුළත් විය. ටික කලක් ගෙවී ගිය පසු තමන් සහ තම ගුරුවරයා එක සමානය' යි සලකා සම වැටුප් ලබා දෙන ලෙස රාජ සභාවේදී රජු හට පැවසීය. මෙහිදී ගෝලයා ගුරුවරයා තරම්ම දක්ෂ යැයි නොපිළිගත් අතර රජුගේ නියෝගයකට අනුව මූසිල තම ගුරු හා වාදයකට එළැඹිණි. මෙහිදී ගුත්තිල කාව්‍ය අලංකාරවත් කිරීමට කතුවරයා විසින් විවිධ උපක්‍රම භාවිතා කර ඇත. එයින් එකක් ලෙස විරිත් භාවිතය හැඳින්විය හැකි අතර එතුළින් අර්ථ රසයත් ශබ්ද රසයත් යොදා ඇති අයුරු ඉතා අලංකෘත බැවින් මෙය ගුත්තිල වෙන නද තුළින් විමසා බලමු.
සව් සත සතන් තුටු කොට
සුර ගඳඹුන් ලෙසට
පටන් ගෙන වෙණ ගායනාවට
ගී විරිතෙන් ආරම්භ කර ඇති මෙය ගුත්තිල ඇඳුරුතුමා සහ මූසිල තරුණයා දෙපස සිට සියලූම සත්වයන්ගේ සිත් තුළ සතුට වඩවන දිව්‍ය ගාන්ධර්වයන් මෙන් මෙම වීණා වාදන තරගයට සූදානම් වූ අයුරු මෙම කවියෙහි ඇතුළත්ය. තවද මෙහි ගී විරිත වැනි කෙටි විරිතක් භාවිත කර ඇති නිසා කතාව ගලා යෑමට ද වඩා පහසුය. තවද මෙහි අග එළිවැට යොදා ගෙන ඇත. මෙහි මාත්‍රා නවය, එකොළහ, නවය, දහහතරක් වේ.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
ගිය ගිය තැන ඉස්වා රන් මුතු මිණි
ගිය ගිය දිය නද එන මෙන් ගෙන මිණි
සිය සිය ගුණයෙන් වෙන නද නික්මිණි"
පෙද විරිත හෙවත් පදක විරිත භාවිත කර ඇති මෙම කාව්‍යයේ අරුත ලෙස වීණ වාදන තරඟයෙන් ගුත්තිල ඇඳිරිඳු ලැබූ විජයක් ග්‍රහණය ලොවෙහි ප්‍රකට කරවා ගිය ගිය ස්ථානයේ රත්රන්, මුතු, මැණික් විසිරුවමින් පිටව ගිය ජන ඝෝෂාව සිය සිය ගුණයකින් වීණා නාදය නික්ම වූ බව ප්‍රකාශිතය. මෙහිදී විරිත් භාවිතය නිසා අර්ථ රසය මෙන්ම ශබ්ද රසයත් බෙහෙවින් වර්ධනය වී ඇත. තවද මෙය මාත්‍රා 16කින් යුක්තය.
ලෙළ දිදී විදුලිය පබා
රන් රසේ එක්වන ලෙස වෙණ
නාද නූපා තබ තබා
කම්පසේ දෙන සැර ලෙසේ දෙස
බල බලා නෙතගින් සබා
මම් කෙසේ පවසම් එසේ වර
සුර ලදුන් දුන් රඟ සුබ"
මෙම කවිය නුපුන් සඳ විරිතෙන් ලියා ඇති අතර මෙහි මාත්‍රා විසි හයක් යුක්තය . මෙහි අර්ථ රසය, ශබ්ද රසය අපූරු ලෙස ගැබ් වී ඇත. තවද අනුප්‍රාසවත් බස් වහරක්ද යොදාගෙන ඇත. දෙව්ලියන්ගේ ආභරණවලින් දිස් වන විදුලිය මෙන් ලෙලදෙන ප්‍රභාව දෙමින් රත්රන් හා රසදිය එක්වන මෙන් වෙන ණදට අනුව පා තබමින් අනංගයා ඊතල ප්‍රහාර දෙන ආකාරය මෙන් නෙත් කොනින් බලමින් සභාව තුළ රඟ දැක්වූ අපූර්ව නර්තන විලාසය මම කෙසේ පවසම් දැ' යි කවියා පවසයි. මෙහි විරිත් භාවිතය අපූරු අතර උපමා යෙදූ අයුරු සකු සමය ඇසුරු කරගත් වියත් කවියෙකුට සමීපය.
දිගු සුනිල් වර ලෙස ගොතා
මන් මදා කිතු ලිය ලෙසින් උර
තුර සරා දිලි මුතු ලතා
මන් නදා වන මිණි මෙවුල් නද
වෙණ නදින් එක් කොට ඉතා
උන් එදා දුන් රඟ දුටෙන් තව
සක් සැපත් කවරෙක් පතා"
මෙම කවියෙහි ද නුපුන් සඳ විරිත භාවිතා කර ඇත. එමගින් කවියේ අර්ථ රසය මෙන්ම ශබ්ද රසයද විදහා දක්වයි. දෙව්ලොවෙහි පිපෙන මදාරා මල් ගෙන සිනිදු වූ දික් වූත් නිල්වන් කේශ කල්‍යාණය ගොතා, අනංගයාගේ කීර්ති ලතාව මෙන් දිලිසෙනා මුතු වැල් ලය වටා දවටා සිත් සතුටට පත් කරන මිණි මෙවුල් නද හා වීණා නද අපූර්ව ලෙස ගලපා රඟ දැක්වූ රංගනය හා සසඳා බැලූ විට ශක්‍රයාගේ සම්පත් කුමක් දැයි සිතිණි.
මෙයින් බලන කල විරිත් භාවිතය නිසා ගුත්තිල කාව්‍ය කෙතරම් අලංකාර වූයේ ද කිවහොත් කියවන්නා තුළ ඇතිවන්නේ මේ කෙරේ දැඩි ඇල්මක් බව අප කාටත් ගම්‍යමාන වේ.
Key words
ගුත්තිල වෙණ නද
ගුත්තිල වෙණ නද විචාර
ගුත්තිල වෙණ නද විචාර ලිවීම
ගුත්තිල වෙණ නද විචාර pdf
ගුත්තිල කාව්ය විචාර pdf
ගුත්තිල කාව්ය විචාර 10 වසර pdf
ගුත්තිල කාව්ය රසාස්වාදය
ගුත්තිල වෙණ නද විචාර 10 වසර pdf
ගුත්තිල වෙණ නද 10 වසර