උම්මග්ග ජාතකය සතර කන් මන්ත්රණය විචාර
කුරුණෑගල යුගයෙහි විරචිත පන්සිය පනස් ජාතක පොත වූ කලී බෝසත් අවධියෙහි කථා රැගත් හුදී ජන හද පහන් සංවේගය උදෙසා රචනා වූ සදහම් ග්‍රන්ථයකි. පාලී ජාතකට්ඨකථාව ඇසුරින් විරචිත මෙය චායානුවාදයෙන් විනා පදානුගතික පරිවර්තනයක් නොවේ. කථා වස්තු 547 කින් පරිමිත මෙකී ග්‍රන්ථයෙහි ජාතක කථාවක් කොටස් ත්‍රිත්වයකින් සමන්විත වේ. කෙසේ නමුදු මෙම ජාතක පොත් වහන්සේ මූලීක කොට ගෙන රචිත පරිවාර ග්‍රන්ථද බොහෝ ප්‍රමාණයක් වේ. එයින් එක් පරිවාර ග්‍රන්ථයක් ලෙස උම්මග්ග ජාතකය හදුන්වා දීමට හැකිය. උම්මග්ග ජාතකය රචනා කිරීමේ අරමුණ වූයේ වේදේහ රජුට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කටයුතු කළ මහෞෂධ පඬිතුමාගේ බුද්ධි බල මහිමය ප්‍රකාශ කිරීමටය. කිසිදු ජීවියකුගේ ජීවිත හානියකින් තොරව උපායශීලී ලෙස සිදුකරන මෙකී කාර්යයන් සැබැවින්ම විශ්මය දනවයි.
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු අදාල විචාරයට පිවිසිය හැකිය.
සතර කන් මන්ත්‍රණය විචාරය 01 (මහෞෂධ පඬිතුමාගේ උපාය කෞෂල්‍ය)
සතර කන් මන්ත්‍රණය විචාරය 02 ( මහෞෂධ පඬිතුමාගේ හා කේවට්ට බමුණාගේ සම විෂමතා)
සතර කන් මන්ත්‍රණය විචාරය 03 ( කේවට්ට බමුණාගේ චරිතය)
සතර කන් මන්ත්‍රණය විචාරය 04 ( භාෂා රීතිය)
සතර කන් මන්ත්‍රණය විචාරය 05 ( භාෂා භාවිතය)
සතර කන් මන්ත්‍රණය විචාරය 06 ( මහෞෂධ පඬිතුමාගේ උපාය කෞෂල්‍ය)
චූලනී බ්‍රහ්මදත්ත රජුට අනුශාසක වූ කේවට්ට නම් ආචාර්යවරයෙක් සිටියේය. සකල විද රාජ්‍යන් රජු සතු කරවමින් තමන්ද ඔහුට පුරෝහිතව සේවය කරන කේවට්ටාචාරීන්ගේ සතර කන් මන්ත්‍රණය වනාහී එහි ඵලය යි.
"දේවයන් වහන්ස නුඹ වහන්සේගේ කන මෑතකට නමාලුව මැනැවි. මේ මන්ත්‍රණය සතර කන් මන්ත්‍රණය නම් වන්නේ ය. ඒ හෙයින් නුඹ වහන්සේගේ දෙකන හා මාගේ දෙකන මුත් අනෙක් කනකට නොයා යුතු වන්නේ ය. "
උම්මග්ග ජාතකයේ ඉතා සිත් ගත් අගනා අංගය ලෙස සමාජයේ උසස් තැනක් හිමිකරගෙන සිටින ප්‍රභූ ජනයා වෙත එල්ල කෙරෙනු තියුණු ආයුධයක් ලෙස සමස්ථ කතාවම රාජ කුලයේ අය හා ඔවුනට පුරෝහිත කම් කළ බමුණන් ද හාසයට ලක් කෙරේ. මෙහි සදහන් මුල් පෙළේ චරිත වන රජවරුන් බමුණු අනුශාසකයන් මෙතරම් නිවට නියාලූ වූ පුද්ගලයන් වන්නේ දැයි කතුවරයා සෘජුවම හෙළි කරයි. ඔවුන් ගත කළ ජීවිතයේ කුහක බව, ඔවුන්ගේ සිතුම් පැතුම්, ගති පැවතුම් ආදිය මොනවට නිරූපණය කරයි. ඔවුන් බොහෝ අවස්ථවලදී සාමාන්‍ය මිනිසුන්ට වඩා ලාමක ගති ඇත්තන් සේ හැසිරෙන අයුරු කතුවරයා කථා රසය නො අඩු කොට දක්වයි.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
එසේ වූ රාජ්‍ය ලෝභයෙන් මඩනා ලද සතර කන් මන්ත්‍රණය කෙසේ ද යත්,
" දේවයන් වහන්ස, අපි සේනාව රැස් කොට ගෙන පළමු කොට කුඩා නුවරක් වට කොට ගනුම්හ. මම කුරුබිලියෙන් ඇතුළු නුවරට වැද, ඒ නුවර රජ්ජුරුවනට, දේවයනි, තොප හා අප හා සටන් කොට කාරියක් නැති හුදෙක් අප නතු වව"
කතා රසයත්, ධර්මයත් එකට පිඩු කොට ද්විමය ශක්‍යතාවක් කතා කරු සතුව මෙකී සතර කන් මන්ත්‍රණය අසා සිටි මහෞෂධ පණ්ඩිතයන් ගේ ගරා පෝතකයා හැසිරෙන ආකාරය සිනහ උපදවීමට සමත් වේ.සතර කන් මන්ත්‍රණය දැනටත් සය කන් මන්ත්‍රණය වූ බවද පසුව සියක් කන් මන්ත්‍රණය වන බව පවසා ඔහුගේ මුවට වර්චස් පිඩක් හෙලා යාමෙන් කේවට්ට බමුණා උපහාසයට ලක් කරයි. මෙකී පුවත් ගිරවානන් විසින් මහෞෂධ පඬිතුමාට කියන ලදී. පසුව වේදේහ රජානන්ද දත්හ. කෙසේ වූවද මෙකී මියුලු නුවර හැර සෙසු රාජ්‍යන් කේවට්ට උපදෙස් අනුව තමා නතුවට ගැනීමට චූලනී බ්‍රහ්මදත්ත රජු සමත් විය. එසේ වූවද සකල විද රජවරුන් මරු මුවට පත් කිරීමට කේවට්ට දැරූ උත්සාහය විපරීත වන්නේ මහෞෂධ පඬිතුමා ගේ නුවණ කාරණා කොට ගෙනයි.
"මස් අව්ලු ආදියත් කෑ නිදෙම්හ යි වාසි බෙණෙමින් සිංහ නාද ඇසූ මුව පල්ලන් පරිද්දෙන් තොපගේ අභීත ශබ්දයෙන් ම උන් භය ගන්වා............"
මෙහි ඵල ලෙස චූලනී බබදත් රජු කේවට්ටයන්ගෙන් මහෞෂධ පඬිතුමාගේ තරම දැන අකැමැත්තෙන් මියුලු නුවර වටලෑමේ අදහස ක්‍රියාත්මක කළහ.
කතුවරයාද තමාගේ භාශා ශක්‍යතාවය ඉහළින්ම උපයෝගී කොට ගෙන සතර කන් මන්ත්‍රණය මෙසේ රචනා කොට ඇත.
- දිසල්ජා කෝණාර-
Key words
උම්මග්ග ජාතකය සතර කන් මන්ත්රණය විචාර pdf
උම්මග්ග ජාතකය විචාර
උම්මග්ග ජාතකය සතර කන් මන්ත්රණය විචාර pdf
උම්මග්ග ජාතකය සතර කණ් මන්ත්‍රණය
උම්මග්ග ජාතකයේ විචාර pdf
උම්මග්ග ජාතකය සතර කන් මන්ත්රණය විචාර pdf
සතර කන් මන්ත්රණය විචාර
උම්මග්ග ජාතකය සතර කන් මන්ත්රණය විචාර pdf
අනුමාන විචාර සතර කන් මන්ත්‍රණය
Comments