සතර කන් මන්ත්‍රණය විචාරය ( උපාය කෞශල්‍යය )
මහෞෂධ පණ්ඩිතයන්ගේ උපාය කෞශල්‍ය හේතුවෙන් වේදේහ රාජ්‍යය ආරක්ෂා වූ ආකාරය පැහැදිළි කරන්න.
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ දහහතර වන සියවසේ ලියවී ඇත. කුරුණෑගල යුගයේ රජ කළ සතර වන පරාක්‍රමබාහූ රජතුමාගේ අමාත්‍යවරයෙකු වන වීරසිංහ පතිරාජ ඇමතිගේ අනුග්‍රහයෙන් මෙය ලියැවිණි. මෙයට මූලාශ්‍ර කොට ගෙන ඇත්තේ පාලී ජාතකට්ඨකථාවයි. මෙහි ජාතක කථා 547 කි. උම්මග්ග ජාතකය මෙහි එක් ජාතක කථාවකි. එය මෙහි එන දීර්ඝතම කථා වස්තුවයි. උම්මග්ග ජාතකය රචනා වී ඇත්තේ මහෞෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය ප්‍රකාශ කිරීමටයි. පහත උද්ධෘත වලින් මහෞෂධ පඬිතුමාගේ උපාය කෞෂල්‍ය හොඳින්ම සනාත වේ.
"ඇතුළු නුවර හුන් දිළිදුන් පිටත් කරවා පිට නුවර ලැවූ සේක. පිට රටින් දනවුවලින් සතර වාසල නියම් ගම් සතරින් වස්ත්‍රාභරණ ධනධාන්‍යාදීන් සමෘද්ධ වූ ඉසුරුමතුන් ගෙන්වා ඇතුළු නුවර වැස්වූ සේක. බොහෝ ධනධාන්‍ය රැස් කරවූ සේක"
ගිරා පෝතකයන් විසින් සතර කන් මන්ත්‍රණය දැන ඒ අවස්ථාවේ මහෞෂධ පන්ඩිතයන් හට පැවසූ විට මහෞෂධ පඬිතුමා විසින් තම රාජ්‍ය වන මියුලු නුවර හෙවත් මිථිලාව ආරක්ෂා කර ගැනීමට උපාය කෞශල්‍යයෙන් යුතුව හා තම බුද්ධි මහිමයෙන් මියුලු නුවර ආරක්ෂා කරගැනීමට මෙසේ උපක්‍රමයක් යෙදීය. එනම් ඇතුළු නුවර වාසය කළ සියලූම දිළිදු ජනයා පිට නුවරට යවා පිට නුවරින් ඉසුරුමතුන් ඇතුළු නුවරට ගෙන්වීය. එමගින් ඇතුළු නුවර සුරක්ෂා වනවා සේම තම ඇතුළු නුවර සිටි දිළින්දන් පිට නුවරට ගොස් ඔවුන්ද ඉසුරුමතුන් බවට පත් වේ. එයින් කිසිවෙකුටත් හානියක් සිදු නොවේ. මිථිලාවද සුරක්ෂිතය.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
එමෙන්ම,
"බෝධීසත්වයන් වහන්සේ විසින් ඒ ඒ රජ්ජුරුවන් සමීපයෙහි සිටුවන ලද පුරුෂයෝ ද......."
මෙතුළින් ගම්‍යමාන වන්නේ මහෞෂධ පඬිතුමා උපායශීලීව කටයුතු කළ බැවින් එක් සියයක් රාජධානී පමණක් නොව මියුලු නුවරද ආරක්ෂා වූ ආකාරයයි. කේවට්ටයා හා ඔහුගේ සේනාව එක් සියයක් රාජධානි වලට කුරුබිලියෙන් ඇතුළුව සාකච්ජා මාර්ගයෙන් හෝ යුද්ධ කොට හෝ එම රාජධානි අල්ලා ගැනීමට යන අවස්ථාවේ මහෞෂධ පඬිතුමා විසින් ඔහුගේ උපායශීලීත්වය උපයෝගී කොට ගෙන වේදේහ රාජ්‍ය චරපුරුෂයන් එක් සියයක් රජ දරුවන් ළග රදවා තැබූ බව ඉහත සදහන් උද්ධෘතයෙන් සනාත වේ.
"සැට රියන් උණ දණ්ඩක් ගෙන්වා සරියේ දෙකක් කොට පළා ඇතුළ පිට ගැට හාරවා ශුද්ධ කොට නැවත එක් කොට තබා සමින් වසා......"
ඉහත උද්ධෘතයෙ සදහන් වන්නේ කේවට්ටයන් විසින් වේදේහ රාජ්‍යට ගෙන එන පැන් නවතාලීමට යෙදූ උපක්‍රමයෙන් මහෞෂධ පඬිතුමා විසින් වේදේහ රාජ්‍ය ආරක්ෂා කර ගත් ආකාරයයි. එහිදී සැට රියන් උණ දණ්ඩක් ගෙන මැටි හා ඇඹුල බිජු සිටුවා ඇතුළු නුවර ජලය ඇති බව පෙන්වා කේවට්ටයන් ගෙන් තම රාජ්‍ය ආරක්ෂා කර ගත් ආකාරය ඉහත උද්ධෘතයෙන් සනාත වේ.
"නැගී සිටුව ආචාරිනී , නැගී සිටුව ආචරිනී මම බාලයෙමි......."
ඉහත උද්ධෘතය තුළින් සඳහන් වන අවස්ථාව වන්නේ බමුණන් දෙදෙනා එක් ස්ථානයකට රැස් වී මුලින්ම වදින බමුණාගේ රාජ්‍ය පරාජයය පත් වන ලෙස කේවට්ට බමුණා යෙදූ උපක්‍රමය දැනගත් මහෞෂධ පඬිතුමා මෙයින් ජය ගැනීමට යෙදූ උපක්‍රමය නම් අශ්ඨවංක මාණික්‍ය ගෙන එය තම දෙපතුල් ලගට වැට්ටූහ. ඉන්පසු කේවට්ට බමුණා මැණිකට ඇති ආශාවට එය ගැනීමට නැමුණු අවස්ථාවේදී කේවට්ට පරාජයට පත් විය. එසේ නොවුනා නම් වේදේහ රාජ්‍ය සතුරන් අතට පත් වනු ඇත.
ඉහතින් සදහන් සියළු උපුටනයන් තුළින් ගම්‍යමාන වන්නේ රන් ගල් ගුහාවක් රක්නා සිංහයෙකු මෙන් මහෞෂධ පඬිතුමා වේදේහ රාජ්‍ය ආරක්ෂා කල ආකාරය යි.
- දිසල්ජා කෝණාර-
Key words
සතර කන් මන්ත්‍රණය විචාර ලිවීම
සතරකන් මන්ත්‍රණය විචාරය
උපාය කෞශල්‍යය
මහෞෂධ පඩිතුමාගේ උපාය කෞශල්‍යය
සතර කන් මන්ත්‍රණය විචාර pdf
මහෞෂධ පඬිතුමා කේවට්ට බමුණා
සාමාන්‍ය පෙළ සතර කන් මන්ත්‍රණය විචාර
විචාර උදාහරණ සතර කන් මන්ත්‍රණය
Comments