Skip to main content

ආදිවාසීන්ගේ ආහාර රටාව රචනාව

ලංකාවේ වෙසෙන ආදිවාසීන්ගේ ආහාර රටාව පිළිබඳව තොරතුරු දක්වමින් වචන 250 කට නොඅඩු රචනාවක් ලියන්න.


ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ ආහාර පාන රටාව

ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ ජීවිතය ඉතා සරල වූවකි. ආදිවාසීන්ගේ ප්‍රධාන කාර්යය වූයේ ආහාර පාන සොයා ගැනීමයි. දඩමස් හා මී පැණි ප්‍රධාන ආහාරය විය. ඔවුන්ගේ මෙම ආහාර පාන ඉතා පෝෂණීය සහ වස විසෙන් තොර සෞඛ්‍ය සම්පන්න බව පැහැදිලි වේ. මුල් කාලයේ දී ආදිවාසීන් දඩයම් කල මස් අමුවෙන් ආහාරයට ගෙන ඇත. නමුත් කල් යත්ම ගින්දරින් පුළුස්සා ආහාර ගැනීමට ආදිවාසීන් පුරුදු වී තිබේ. 

වර්තමානය වන විට දඩමස් හා මී පැණි වලට අමතරව කුරක්කන් තලප, අල රොටී, මුං ඇට, මෑ, බඩ ඉරිඟු, බත්, හතු වර්ග, වට්ටක්කා වැනි ආහාර වර්ග ද ශ්‍රී ලංකාවේ ආදිවාසීන් ආහාරයට ගැනීමට පුරුදු වී සිටී. ආදිවාසීන්ගේ ආහාර රටාවේ දැකිය හැකි සුවිශේෂීය කරුණක් වනුයේ උදෑසන, දවල් හා රාත්‍රී වශයෙන් ආහාර ලබා ගැනීම සඳහා නිශ්චිත කාලයක් ඔවුන්ට නොමැති වීමයි. කුස ගිනි ඇතිවූ විට ආහාර ලබා ගැනීම ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ සිරිතයි. 

අද වන විට ආදිවාසීන් බොහොමයක් සාම්ප්‍රදායික හේන් ගොවිතැනට හුරු වී ඇති බව අපට දැක ගත හැකි වේ. එසේ බලන විට වර්තමාන ආදිවාසීන්ගේ ආහාර රටාව කොටස් තුනකට බෙදිය හැකි වේ. එනම් ආහාර රැස් කිරීම, හේන් ගොවිතැන හා දඩයම් කිරීමයි.

මී කැඩීම, බඹර කැඩීම, අල වර්ග හෑරීම, ගඩා ගෙඩි කැඩීම හා පක්ෂි බිත්තර එකතු කිරීම ආහාර රැස් කිරීම යටතේ කතා කල හැකිය. මී මැස්සන් වැසි කාලයේ දී හා ආහාර හිග වූ විට ආහාරයට ගැනීමට මල් පැණි මී වද වල එකතු කිරීම සිදු කරයි. මෙම මී වද කැඩීම මාර්තු, අප්‍රේල් කාලයේදී ආදිවාසීන් විසින් සිදු කරයි. එසේම උස් ගල් පර්වත මුදුනේ ඇති බඹර කැඩීම සිදු කරන අතර මෙය ඉතා අනතුරුදායක කර්යයක් වෙයි.

කැලෑ වල ඇති කටු අල, ගෝනල හා හිරිතල වැනි අල වර්ග හාරා රැස් කිරීම ආදිවාසී කාන්තාවන් සිදු කරයි. මෙම අල වර්ග තම්බා හෝ පුළුස්සා ආහාරයට ගැනීමට ආදිවාසීන් පුරුදුව සිටී. 

එසේම වටු බිත්තර, මොණර බිත්තර, වලි කුකුල් බිත්තර ආදීය ආදිවාසීන් ආහාරයට ගනී. බොහෝ විට බිත්තර අමුවෙන්ම ආහාරයට ගැනීමට ශ්‍රී ලංකාවේ ආදිවාසීන් ප්‍රිය කරයි. 

ආදිවාසීන් ආහාර පිසීමේදී ස්වාභාවික ද්‍රව්‍ය වලින් සාදාගත් රසකාරක භාවිත කරයි. විවිධ පත්‍ර වර්ග සහ ඇට වර්ග, ගස් වල පොතුද එසේ භාවිත කරයි.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය. 


ආදිවාසීන් ඉතා දක්ෂ දඩයක්කරුවන් වෙයි. සතුන්ගේ පාසටහන් හා සතුන්ගේ ශබ්ද වලින් ඒ කුමණ සතුන් දැයි හදුනාගෙන ඒ පසු පස ගොස් දඩයම් කිරීමට ඔවුන්ට හැකියාව ඇත. ආදිවාසීන් මහලු සහ ගැබ්බර සතුන් දඩයම් නොකරයි. දුන්න, කෙටේරිය, හෙල්ල, තුවක්කුව වැනි ආයුධ භාවිත කරමින් දඩයම සිදු කරයි. මුවන්, හාවන්, ඉත්තෑවන්, මීමින්නන්, කබල්ලෑවන් වැනි සතුන් ද මොණරුන්, වලිකුකුලන් වැනි පක්ෂීන් ද ආදිවාසීන් විසින් දඩයම් කරනු ලබයි. 

උගුල් ඇටවීම, බොරු වලවල් කැපීම, මලපුඩු ඇට වීම, ගල් හැබක හා ලැබ වැනි විවිධ උපක්‍රම සතුන් දඩයම් කිරීමේ දී යොදා ගනී. එසේම දඩයම් බල්ලන් පුරුදු පුහුණු කිරීමට හා රැක බලා ගැනීමට ආදිවාසීන් පුරුදුව සිටී.

ආහාර සකසුරුවමින් භාවිත කරන ආදිවාසීන් ඒවා කල් තබා ගැනීමට ද විවිධ උපක්‍රම භාවිත කරනු ලබයි. එලෙස දඩමස් කල් තබා ගැනීම සදහා දුම් ගැසීම සිදු කරයි. තවද මී පැණි තුල බහා මස් කල් තබා ගැනීම ද සිදු කරයි. නිසි අධ්‍යාපනයක් නොමැති වූවද මෙවැනි දේ ඔවුන් සිය අද්දැකීම් තුලින් ඉගෙන ගෙන ඇති බව පැහැදිලි වෙයි. 

ආදිවාසීන් දිගු කාලයක් ජීවත් වීමට ප්‍රධාන රහස වනුයේ ඔවුන්ගේ ආහාර රටාවයි. ඔවුන් ලබා ගන්නා ආහාර වර්ග සේම ඒවා සකසන ආකාරය ද සෞඛ්‍ය සම්පන්න වීම හා කෘතීම ද්‍රව්‍ය භාවිත නොවීම මෙයට හේතු වෙයි. මේ අනුව පැහැදිලි වන කරුණ නම් අගය කල යුතු සුවිශේෂී වූ ආහාර රටාවක් ශ්‍රී ලංකාවේ ආදිවාසීන් සතු වන වගයි.



Key words 

ආදිවාසීන්
ශ්රී ලංකාවේ ආදිවාසීන් රචනා
ආදිවාසීන්ගේ ආහාර 
ආදිවාසීන්ගේ ආහාර රටාව 
ආදිවාසීන් ගැන තොරතුරු
ශ්රී ලංකාවේ ආදිවාසීන් රචනා pdf
ආදිවාසීන්ගේ ආහාර පාන
ආදිවාසීන්ගේ ආහාර රටාව රචනාව 
ආදි වාසී වැදි ජනයාගේ ආහාර රටාව 
වැදි ජනයාගේ ආහාර 
ආදිවාසීන්ගේ ආහාර රචනය
ආදිවාසීන් දඩයම් වැදි ජන ආහාර
ආදි වාසීන්ගේ ආහාර
ශ්රී ලංකාවේ ආදිවාසීන් රචනා download 
ආදිවාසීන්ගේ ආහාර
ආදිවාසීන්ගේ තොරතුරු pdf
ශ්රී ලංකාවේ ආදිවාසීන් රචනා ලිවීම
ආදිවාසීන් ගැන තොරතුරු
ආදිවාසීන්ගේ ආහාර පාන

Comments