එස්. පණීභාරත මහතා ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් සිදු කළේය. එස්. පණීභාරත මහතාගේ සේවය අගයමින් එස්. පණීභාරත මහතා පිළිබඳව වචන 250 කට නොඅඩු රචනාවක් ලියන්න.
එස්. පණීභාරත මහතා
ශ්‍රී ලාංකේය ජාතිකත්වය පෙර අපරදිග සෑම සන්ධිස්ථානයක් පාසාම රැගෙන ගිය හෙළයේ යුග පුරුෂයාණන් ලෙසින් නම් ලත් එස්. පණීභාරත මහතා 1920 පෙබරවාරි 24 වන දින අල්ගම මැදගම දී උපත ලැබුවේය. නර්තන කලාසූරි ලෙසින් විරුදාවලියට පාත්‍ර වී මහත් ප්‍රසිද්ධියක් උසුලනු ලැබූ එස්. පණීභාරත මහතා තම ශ්‍රී ලාංකික ජාතිකත්වය විදෙස් රටවලට පවා රැගෙන ගිය උත්තරීතර යුග පුරුෂයෙකු බව නොරහසකි.
එස්. පණීභාරත මහතානන්ගේ දරුවකු වන උපුලී පණිභාරතද, චන්න විජේවර්ධන, අසේකා විජේවර්ධන හා දයාසිරි ජයසේකර යන අයවරුන්ද ඥාතීන් වන අතර මොවුන් සමාජයේ ඉහළම ගෞරවයක් හා ප්‍රසිද්ධියක් ලැබූ පිරිසකි. උපතින්ම බෞද්ධයෙකු වන එස්. පණීභාරත මහතා ආගම දහමට ඉතාමත් ලැදි අයෙකු වීමද පණීභාරතයන්ගේ ජීවන තොරතුරු පිළිබඳ දක්වාලීමේදී වැදගත් වනු ඇත.
එස්. පණීභාරත මහතා උඩරට නර්තනය ඉගෙනගෙන එහි ප්‍රවීණයෙකු විය. තවද එපමණකින් සෑහීමකට පත් නොවූ එස්. පණීභාරත මහතා පහතරට හා සබරගමු නර්තන සම්ප්‍රදායන්හිද ප්‍රවීණයෙක් වූවා පමණක් නොව බෙර වාදනයෙහිද බලියාගය, මූර්ති හා චිත්‍ර කලාව, සංගීතය යන අංශයන් තුළින්ද ඉතා කෙටි කාලයක් තුළ තම දක්ෂතා ඉදිරිපත් කොට ප්‍රවීණයෙක් බවට පත්විය.
රවීන්ද්‍ර තාගෝර්ගේ භාරතයේ ගීත නාටක වල රඟපා පණීභාරත නම් ගෞරව නාමයද ලබා ගනිමින් ලංකා මෑණියන් හට විශාල කීර්තියක් අත්පත් කර දීමට එස්. පණීභාරත මහතාගේ දක්ෂතා වලට හැකියාව ලැබුණි. එහිදී 1944 ශිෂ්‍යත්වයක් ලබාගෙන ශාන්ති නිකේතනයට පැමිණ කතකලී මඩිපුරි මෙන්ම බොහොමයක් ඉන්දීය නර්තන හදාරා එයින් ලැබුවා වූ පන්නරයෙන් එම පණිභාරත නම් වූ ගෞරව නාමය එතුමාට එක් වුණි.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
තනතුරු අතින් පොහොසත් වූ එස්. පණීභාරත මහතා කොළඹ රාජකීය විද්‍යාලේ හා මීරිගම ජ්‍යෙෂ්ඨ පාඨශාලාවේ නැටුම් ගුරු තනතුර, රජයේ ලලිත කලා ආයතනයේ විදුහල්පති වැනි තනතුරු බොහොමයක් ලබා ගනිමින් රටට දැයට අතිමහත් මෙහෙවරක් ඉටු කළ උතුම් යුග පුරුෂයෙකු ලෙසින් හැඳින්වීම නිවැරදිය.
එස්. පණීභාරත මහතා විසින් ග්‍රහපලය, මොණර නැටුම, නාරිලතා නැටුම ආදී මුද්‍රා නාට්‍යද අශෝකා, සිකුරු තරුව, කුරුලු බැද්ද වැනි චිත්‍රපටයන් තුළින් තම දක්ෂතාවයන් ප්‍රේක්ෂක සහෘද ජනයා වෙත ත්‍යාගයන් ලෙසින් තිළිණ කරන ලදී.
රටක් ලෝකයක් කම්පාවට පත් කරමින් එස්. පණීභාරත නම් අති විශිෂ්ට කලාකරුවාගේ අභාවය 2006 පෙබරවාරි 20 වන දින නර්තනයට රන්සලකුණක් එක් කරමින් සිදු විය.
- දසුනි මහවත්ත -
Key words
එස්. පණීභාරත මහතා
එස්. පණීභාරත මහතා රචනාව
එස්. පණීභාරත මහතා පිළිබඳව රචනා
පනි භාරත මහතා රචනාව
ආචාර්ය එස් පනීභාරත පණීභාරත එස් පණිභාරත
එස් පණිභාරත
පණිභාරත මහතා
ආචාර්ය එස් පණීභාරත මහතා
පණීභාරත මහතා රචනා
පණීභාරත මහතා ගැන තොරතුරු
පණීභාරත මහතා
Comments