Skip to main content

සිංහල හිංදු අලුත් අවුරුද්ද රචනාව

සිංහල අවුරුද්ද පරණ සිත් අමනාපකම් දුරු කර සාමය, සතුට, සහජීවනය වර්ධනය කරයි. සිංහල අවුරුදු පිළිබඳව වචන 250 කට නොඅඩු රචනාවක් ලියන්න.


සිංහල හින්දු අලුත් අවුරුද්ද

ලොවට සම්මත අලුත් අවුරුදු වනුයේ දින දර්ශනය පටන් ගන්නා වූ ජනවාරී මස පළමු වන දාය. බොහෝමයක් රටවල් වල ජනයා මෙම ජනවාරී පළමු වන දින උත්කර්ශවත් අයුරෙන් සමරනු ලබයි. නමුත් ලාංකේය ජනයා අලුත් අවුරුදු දා ලෙස අප්‍රේල් මස සමරන අතර ජනවාරී මස පළමු වන දිනයේද සුදුසු වතාවත් සිදු කිරීමට අමතක නොකරති. 

කෙසේ නමුදු බක් මහේ සමරන අලුත් අවුරුදු පිළිබද කොහාගෙන් ලැබෙන සංකේතාත්මක හඩත්, එරබදු මලේ රක්ත වර්ණයෙන් ගස් වැල් වල නැවුම් බවත් සමගම අලුත් අවුරුදු උත්සවයද ළග ළගම පැමිණෙන බව ලාංකේය සිංහල, ද්‍රවිඩ ජනයා හැදින ගනී.

අලුත් අවුරුදු උත්සවය දිනට සිදු කිරීමට නියමිත චාරිත්‍ර වාරිත්‍ර සම්මත වශයෙන් විද්වත් මණ්ඩලයක් විසින් සකස් කොට ජොතිශ්‍ය වේදීන්ගේ මග පෙන්වීම යටතේ ඒවා ලාංකේය වැසියා අතට පත් කොට ඇත. කෙසේ නමුදු මේ අවුරුදු සැමරුම් සිංහල, දෙමළ සියලූම ජනයා එක්ව සතුටෙන් සහ සහජීවනයෙන් යුක්තව සියල්ලෝම එකට එක් වී සිදු කරනු ලබන මහා ජාතික මංගල්‍යයක් වෙයි.

ලිපගිනි මෙලවීම, ගනුදෙණු කිරීම, වැඩ ඇල්ලීම, කිරි ඉතිරවීම ආදී වූ බොහෝ චාරිත්‍ර වාරිත්‍ර සිදු කරන අතර වැඩිහිටියන්ට බුලත් දී වැදීම ආදී වූ සිරිත් ද බොහෝය. අවුරුදු දා කැවුම් කිරිබත් හුවමාරු කර ගනිමින් නිවෙස් අතර පරන තරහ කෝන්තර අමතක කර සහජීවනය වර්ධනය කර ගැනීම සුවිශේෂී වූ ලක්ෂණයකි.


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.


 



සහජීවනය, එකමුතු භාවය අලුත් කරන සිංහල හින්දු අලුත් අවුරුදු සැමරුම් මාලාවේ සුවිශේෂ අංගයක් ලෙස ගමේ අවුරුදු උත්සවය හැඳින්විය හැකිය.

සතුට සහජීවනය වර්ධනය කරන තෝ තැන්නක් බදු වූ මෙකී අවුරුදු උත්සවය තුල හමුවන ජන කෙළි ද බොහෝය. පංච දැමීම, ඔංචිලි පැදීම, කොට්ටා පොර ගැසීම, අලියට ඇස තැබීම, ගම හරහා දිවීම, කණාමුට්ටි බිදීම වැනි අතීතයේ ක්‍රීඩාවන් මෙන්ම තාක්ෂණය සමගම නව ක්‍රීඩා මෙන්ම නව සිරිත් විරිත් ද එක් වී ඇති බව පෙනේ. කෙසේ හෝ මේ සියල්ලක්ගෙන්ම සහජීවනය වර්ධනය වීම සිදු වේ.

කොහෝ හඩින් ඇරඹෙන බක් මහේ අලුත් අවුරුදු උදාව පුද්ගල එකමුතු බව ඇති කර සතුටෙන් සාමයෙන් පුරවයි.


සිංහල හින්දු අලුත් අවුරුද්ද රචනාව 01




Key words 

සිංහල අලුත් අවුරුද්ද රචනාව 

සිංහල හින්දු අලුත් අවුරුද්ද 

සිංහල අවුරුදු රචනය pdf

බක් මාසෙ මංගල්‍යය 

අවුරුද ජන ක්‍රීඩා රචනා



Comments