පෙමතො ජායතී සොකො නාට්‍යයේ විචාරය (සිසුන්ගේ චරිත)
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පෙමතො ජායතී සොකො නාට්‍යයෙහි එන සිසුන්ගේ චරිත පිළිබඳව විමසුම.
ගම්පොළ සාහිත්‍ය යුගයේ දී දෙවන ධර්ම කීර්ති නම් හිමි නම විසින් රචිත "සද්ධර්මාලංකාරය" පාලි "රසවාහිනිය" නමැති ධර්ම ග්‍රන්ථය මූලාශ්‍ර කොට ගෙන නිර්මාණය කරනු ලැබූ වටිනා වූ ගද්‍ය නිර්මාණයකි. එම ගද්‍ය නිර්මාණයෙහි එන අපූර්ව වූ කතා වස්තුවක් වන ස්වර්ණතිලකා කතා වස්තුව තේමා කොට ගනිමින් මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් "පෙමතො ජායතී සොකො" නාට්‍යය නිර්මාණය කර ඇති අතර සරච්චන්ද්‍රයන්ගේ අනෙක් නාට්‍ය නිර්මාණ මෙන්ම සාර්ථක නිර්මාණයක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. මෙහිදී නාට්‍යකරු තමාගේ දක්ෂතාවයන් උපරිම අයුරින් භාවිතයට ගනී.
නාට්‍ය නිර්මාණයක ප්‍රධානතම අංගය වන්නේ චරිත නිරූපණයයි. නාට්‍යයෙහි චරිතයන් උපයෝගී කර ගනිමින් නාට්‍යය ඉදිරියට ගෙන යනු ලබයි. එබැවින් නාට්‍යකරුවා ප්‍රධාන චරිත මෙන්ම සෙසු චරිත නිරූපණයේදී ද එය සාර්ථක අයුරින් සිදු කළ යුතුය. පෙමතො ජායතී සොකො නාට්‍ය නිර්මාණය ගත් විට එහි ප්‍රධාන චරිත දෙකක් හා සෙසු චරිත තුනක් හමු වේ. "දප්පුල, අග්නිදත්ත, පිංගල යන සිසුන් තිදෙනාගේ චරිත ද උද්දාලගේ හා ස්වර්ණතිලකාගේ චරිතය මෙන් නිර්මාණය කළ යුතුය. මෙම කතාවස්තුවෙහි තවද සෙසු චරිත හමුවන අතර මෙම චරිත තුන ඒ අතර ප්‍රබල වේ. නාට්‍යය වෙනත්ම මාර්ගයකට ගෙන යාමට මෙම චරිත තුනට හැකි වී ඇති අතර ඔවුන් තුළ පැවති චරිත ලක්ෂණ සරච්චන්ද්‍රයන් පෙන්වා දෙන ආකාරය නිදසුන් ඇසුරෙන් විමසා බලමු.
මෙම පෙමතො ජායතී සොකො නාට්‍යය සඳහා තේමා කරගන්නේ ස්වර්ණතිලකා කතා වස්තුවයි. එහෙත් ධර්මකීර්ති හිමියන්ගේ ස්වර්ණතිලකා කතා වස්තු තුළ මෙලෙස සිසුන් නම් වශයෙන් ප්‍රකාශ නොකරන අතරම ඔවුන් පිළිබඳව වැඩි යම් වූ දෙයක් ද නොපවසාලයි. මෙම සිසුන් තුළ පැවැති ප්‍රධානතම යහපත් වූ ලක්ෂණය වන්නේ ඔවුන් නිතැතින්ම ගුරු භක්තියෙන් කටයුතු කළ සිසුන් වීමයි. ඔවුන් ද ගුරුවරයාගේම මතය අනුගමනය කොට ගුරුවරයා යන මාර්ගයෙහි ගමන් කරන සිසුන් පිරිසකි.
ගුරුදේවයනි අපගේ
හිද ගන්න මේ අසුනේ
සැනසිල්ලේ අප සමඟ
කියනු මැන සිදුවූයේ
කිමද මේ ඔබතුමට "
ස්වර්ණතිලකා නම් තරුණිය දැක ඇයගේ රූපයෙන් උමතුව ඇයව තමාගේ කර ගැනීමට සිතන උද්දාල බමුණා ස්ත්‍රී ලෝලී සිතින් කටයුතු කරන අතර තම හැඟීම් පාලනය කරගත නොහැකිව කැලඹුණ ස්වභාවයකින් යුතුව කටයුතු කරයි. එසේ හැසිරෙන ඔහු තමාගේ සිසුන් වෙත ගොස් කලබලකාරී අයුරින් කටයුතු කරයි. උද්දාල එසේ කටයුතු කළ ද ගුරුවරයාට තිබූ ගැටලුව කුමක්ද යන්න නොදන්නා නිසා ගුරුවරයාගෙන් ඒ බව විමසීමට දප්පුල විසින් උද්දාලට සන්සුන්ව හිඳගන්නා ලෙස පවසයි. තමාගේ ගුරුවරයාට කරදරයක් වූ බව දැකීමෙන් එයට හේතුව පවා නොදැන සිසුන් ගුරුවරයාව සනසන්නට උත්සාහ කරයි. සිසුන්ගේ භක්තිය ප්‍රකට වන පළමු අවස්ථාව ලෙස මෙය පෙන්වා දිය හැකිය.
භක්ති අදර අපේ "
හේතුව කුමක්ද යන්න සොයාගත් සිසුන්ට ඇතිවන අනෙක් ගැටලුව නම් එසේ සිදු වූ ගුරුවරයාට භක්තිය හා ආදරයෙන් කුමක් කළ යුතුද යන්න සිතයි. මෙමඟින් ප්‍රකට වන්නේ ඔවුන් තුළ පැවති භක්තියයි.
ආචාරින් වෙත බැතියෙන් හිඳිනුයේ
අප හැම දෙනගේම හද තුල ඇත්තේ
ඔබ හද තුළ ඇති එම ආදරයයි"
තම ගුරුවරයාගේ වෙනස් වීමට හේතුව දැනගත් සිසුන් ගුරුවරයාගේ එම තැවුල නිවාලීමට සිතයි. පෙමතො ජායතී සොකො නාට්‍ය පුරාවටම ගුරුවරයාගේ ගැටලුව සිසුන් තමාගේ කරගනී. ස්වර්ණතිලකා හා උද්දාල විවාහ වූ පසුව ද සිසුන් තම ගුරුවරයාට භක්තියෙන් හා ප්‍රේමයෙන් කටයුතු කරන්නේ විවාහ දිවියෙන් පසු සාර මසක් මුළුල්ලේ තමාට ශිල්ප ලබා නොදුන් බව ද අමතක කරමිනි.
උපායක් සොයන්නෙමු
දප්පුලය ඔබ කියත"
ගුරුවරයාට සෙත පතන සිසුන් උද්දාල ස්වර්ණතිලකාවගෙන් බේරා ගැනීමට යැයි සිතා උපායක් කල්පනා කරයි. උද්දාල ස්වර්ණතිලකා සමඟ විවාහ වන්නේ තමාගේ කැමැත්ත මතයි. එහෙත් සිසුන් ඒ බව නොසිතා ගුරුවරයා ගැන පමණක් සිතා ස්වර්ණතිලකාව මරා දැමීමට පෙළඹේ. සිසුන්ගේ සෑම වදනක් තුළින්ම ගුරුවරයාට තමාගේ සිතෙහි ඇති භක්ති ප්‍රේමය කෙතරම් ද යන්න මනාව පැහැදිලි වේ. ඔවුන් සෑම විටකම සිතන්නේ ගුරුවරයාගේ රැකවරණය පිළිබඳව ය.
පෙමතො ජායතී සොකො නාට්‍යයේ උද්දාල යනු බ්‍රාහ්මණ දිවියක් ගත කළ තැනැත්තෙක් වන අතර පෙරදී කාන්තාවන් දුටු විටෙක කිරිපැනින් මුව දොවන අතරම යන මාර්ගය දිගට කිරිපැන් සොළොස් කාලයක් ඉස්සවාලයි. කාන්තාව පිළිකුලෙන් දකින උද්දාලගේ සිසුන් ද එලෙස කාන්තාව පිළිකුල් කරයි. ස්වර්ණතිලකා හා ඇයගේ පියා උත්තර මධුරාපුර සිට පංච මධුරාපුරට ආ ගමන වැරදීමකින් සිප්සැල දැක සිප්සැලට යයි. එහිදී සිසුන් ඇයව පන්නා හරින්නේ ගුරුවරයාගේ මාර්ගයේම යමිනි.
සීමාව ඇතුළත
නැත වසර ගැහැණුන්ට "
ඔවුන්ට ලැබුණු ගතානුගතික අධ්‍යාපන ක්‍රමය තුළ මෙම සිසුන්ගේ හැසිරීම මෙලෙස පෙන්නුම් කරයි. ඔවුන් කිසි විටෙකත් තම අධ්‍යාපන ක්‍රමයෙන් පරිබාහිරව කිසිවක් නොසිතන සිසුන් ලෙස ප්‍රේක්ෂකයා ඉදිරියෙහි නිර්මාණය කරයි. උද්දාල ස්වර්ණතිලකා සමඟ විවාහ වූ පසු සාරමසක් මුළුල්ලේ සිසුන් හට ශිල්ප ලබා දීමට නොයයි. ශිල්ප ලබා ගැනීමේ අරමුණින් සිසුන් දිනපතා සිප්සැලට ගිය ද ගුරුවරයාගේ නොපැමිණීම මත කනස්සල්ලට පත් සිසුන් සිත් පීඩා විඳිමින් නොයෙකුත් කටයුතු කරයි.
දැක ගන්නට ඇදුරු තුමා
බැසයත්ම හිරු යලිත්
අඳුරු පිනි හදවතින්
පිවිසෙමුය
අඳුර පිරිකුටි තුළට
තව රැසක් තාපයෙන්
පහන් කරනට "
අපේක්ෂා භංගත්වයට පත් සිසුන් පිරිසක් ලෙස පෙමතො ජායතී සොකො නාට්‍යයෙහි මෙම සිසුන් පෙන්වාදිය හැකිය.
ගුරුතුමා වෙනුවෙන් කටයුතු කරන අග්නිදත්ත සෑම විටම ගුරුවරයාගේ සිතුවිලි ගැන යථාර්ථවත්ව බලයි. එහෙත් දප්පුල හා පිංගල සිතන්නේ වෙනස්ම අයුරෙනි. එහෙත් පසුව අග්නිදත්තයන් ද දප්පුල හා පින්ගල සිතන අයුරින්ම සිතා බහුතර මතයට අනුව කටයුතු කරයි.
අප හැම දෙනගෙ ද හද තුළ ඇත්තේ..."
අග්නිදත්ත මෙසේ පවසයි,
ඇදුරු තුමට
අප කෙලෙසද
ඔවා දෙන්නේ "
මේ අනුව බහුතර මතයට අනුව කටයුතු කරන සිසුන් ලෙස පෙමතො ජායතී සොකො නාට්‍යයෙහි මෙම සිසුන් පෙන්වා දිය හැකිය.
ඔවුන්ට ලැබුණු අධ්‍යාපන ක්‍රමය තුළ ඔවුන් කිසිදු අවස්ථාවක අනිකා ගැන නොසිතයි. තමාගේ ශිල්ප ගැන සිතා ස්වර්ණතිලකාව මරා දැමීමට උපායක් යොදවන්නේ ආත්මාර්ථකාමී ලෙස ය.
සිත්වලට පිවිසුනේ සිසුන්ගේ
උපන් හදවතින් වෙත් ද
ඒ සා කුරිරු මොළ ඇතෙකු රා පොවා
ගෙනෙන ලෙස අණ කළේ "
මෙයින් පෙනී යන්නේ ඔවුන් පරාර්ථකාමී නොවන අමානුෂීය සිත් ඇති තරුණයන් බවය. පෙමතො ජායතී සොකො නාට්‍යයට මූලාශ්‍ර වූ ස්වර්ණතිලකා කතා වස්තුවෙහි මෙලෙස සිසුන්ගේ චරිත හමු නොවන අතර එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යය තුළ මෙලෙස ශිෂ්‍ය චරිත හමු වන අතර ඔවුන් තුළ පැවැති චරිත ලක්ෂණ ඉහත දැක්වූ ආකාරයට පෙන්වාදිය හැකිය.
උසස් පෙළ කලා අංශය
මප/ව/මඩුල්ල ද්විතීයික පාසල
Comments