ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍යය විචාරය ( ස්වර්ණතිලකා කතා වස්තුව හා ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍යය අතර වෙනස)
ස්වර්ණතිලකා කතා වස්තුව හා සරච්චන්ද්‍රයන් විසින් රචිත ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍යය තේමාව අතර ඇති වෙනස නිදසුන් ඇසුරෙන් විමසන්න.
බුදුන් වහන්සේ විසින් දේශනා කළ ශ්‍රී සද්ධර්මරත්නයට අලංකාරයන් ලෙස වැඩ සිටි දෙවන ධර්ම කීර්ති ස්වාමීන් වහන්සේ විසින් ගම්පොල යුගයේ සද්ධර්මාලංකාරය නිර්මාණය කරනු ලැබීය. එම සද්ධර්මාලංකාරය නිර්මාණය කරනු ලැබූවේ පාලි "රසවාහිනිය" නමැති ග්‍රන්ථය මූලාශ්‍ර කොට ගෙනය. එලෙස නිර්මාණය කරනු ලැබූ සද්ධර්මාලංකාරයෙහි එන තවත් එක් අපූර්ව කතා වස්තුවක් ලෙස "ස්වර්ණතිලකා" කතා වස්තුව පෙන්වා දිය හැකිය.
දෙවන ධර්ම කීර්ති ස්වාමීන් වහන්සේ විසින් නිර්මාණය කරනු ලැබූ ස්වර්ණතිලකා කතා වස්තුව තේමා කොට ගනිමින් නැතහොත් මූලාශ්‍ර කොට ගෙන එදිරිවීර සරච්චන්ද්‍ර මහතා විසින් "ප්‍රේමතෝ ජායතී සෝකෝ" නාට්‍ය නිර්මාණය කරනු ලැබීය. සද්ධර්මාලංකාරයෙහි ස්වර්ණතිලකා කතා වස්තුව හා එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍ය තේමාව අතර බොහෝ වෙනස්කම් දැකගත හැකිය. එහි පවත්නා වූ වෙනස්කම් මොනවාදැයි නිදසුන් ඇසුරෙන් විමසා බලමු.
ස්වර්ණතිලකා කතා වස්තුවෙහි අරමුණ වූයේ,
"ස්ත්‍රීහු නම් පුරුෂයන් වකුවා කරන හෙයින් මායා රූපයක් වැනියහ. ඇදහිලි නොකොට හැකි හේන් මිරිඟු ජලයක් වැනිය"
"එබඳු ස්ත්‍රීන් කෙරෙහි යම් කිසි පුරුෂෙයකු විශ්වාස කෙරේ නම් හෙතෙම මනුෂ්‍යයන් කෙරෙහි අධමයා නම් වේ. "
ඉහත පාඨයන්ගෙන් පෙනීයන පරිදි ස්ත්‍රීන්ගේ දුර්ගුණයන් පෙන්වා දෙමින් ප්‍රේමයේ කිසිදු සුන්දර බවක් පෙන්වා නොදෙමින් ස්වර්ණතිලකා චරිතය උපයෝගී කරගෙන ස්ත්‍රීන් තුළ පවතින දුර්ගුණය පෙන්වා දෙන අතරම, සමාජයේ සාරධර්ම පෝෂණය කරන්න පාඨකයා වෙත කතාවස්තුවෙහි චරිත උපයෝගී කොටගෙන ඇත.
එහෙත් එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යයෙහි එවැනි වූ අරමුණු නොවීය. සරච්චන්ද්‍රයන් ප්‍රේක්ෂකයාට ධර්මෝපදේශ ලබාදීම හෝ හොද නරක පෙන්වා දෙමින් යහපත් සමාජයක් නිර්මාණය කිරීමක් හෝ අරමුණු කොට නොගන්නා අතර නාට්‍යයේ අරමුණ වූයේ ප්‍රේමයේ සුන්දරත්වය වර්ණනා කරමින් එලෙස ප්‍රේමය නිසා පුද්ගල හැසිරීම් පෙන්වා දෙමින් ප්‍රේමය වර්ණනයට ලක් කිරීමයි.
ප්‍රේමතෝ ජායතී භයන්
ප්‍රේමතෝ විප්ප මුත්තස්ස
නත්ථි සෝකෝ කුතෝ භයං "
නාට්‍ය ආරම්භයේදී පළමු අංගය තුළින්ම ගායකයන් විසින් මෙලෙස ගායනාවක් ඉදිරිපත් කරයි. මෙම ගාථාවේ තේරුම නම්, "ප්‍රේමය නිසා ශෝකය ඇති වේ. ප්‍රේමය නිසා බය ඇති වේ. ප්‍රේමයෙන් මිදුණු කළ ශෝකයක් හෝ බයක් නැත." යන්නය. සරච්චන්ද්‍රයන් සනිටුහන් කරන්නේම ප්‍රේමය මූලික කොට ගෙන ය. තවද ස්වර්ණතිලකා උද්දාල හා විවාහ වූ පසු ඔවුන් දෙදෙනා ගත කළ ප්‍රේමණීය ජීවිතය ද වර්ණ කරන්නේ ප්‍රේමයේ සුන්දරත්වය ප්‍රේක්ෂකයාට පෙන්වා දෙමින් ය.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
ඒ අනුව නාට්‍ය නිර්මාණයේදී කතා වස්තුව මූලාශ්‍ර කොට ගත්ත ද එම නිර්මාණ දෙක තුළ අරමුණු දෙකක් යොදා ගනිමින් නිර්මාණය කර ඇත. එම නිර්මාණ තුළ පවතින එක් ප්‍රධානතම වෙනස්කමක් ලෙස මෙය පෙන්වාදිය හැකිය.
ස්වර්ණතිලකා කතාවස්තුව කතා දෙකක් යොදාගෙන නිර්මාණය කොට ඇත. ඒ ස්වර්ණතිලකාගේ පෙර ආත්මය හා පසු ආත්මය ලෙසයි. වර්තමාන කතාවෙහි ස්වර්ණතිලකා රූපවත්ව ඉපදීමට හේතු පැවසීම ද කතු හිමියන් අතීත කතාවක් යොදාගෙන ඇත. අතීත කතාවෙහි පෙර ආත්මයෙහි ස්වර්ණතිලකා හා ඇයගේ මව ලෙස චරිත දෙකක් ඇසුරින් කතා වස්තුව නිර්මාණය කොට තිබේ.
"තවද මෙහි තුන්වන ස්වර්ණතිලකා වස්තුව නම් කවර යත් එහි පිළිවෙල කතාව මෙසේ දතයුතු "
මෙහි ආරම්භයේ පළමුව දක්වන්නේ අතීත කතාවයි. පසු වර්තමාන කතාව නිර්මාණය කොට තිබේ.
"ගිය ජාතියෙහි ඒ කුමාරිකාවෝ ..."
වර්තමාන කථාවේ ස්වර්ණතිලකා යහපත් වූ රූපයක් ඇතිව ඉපදීමට ද කුලයන් අතර පහළම නැතහොත් හීනම කුලය සේ සැලකෙන චණ්ඩාල කුලයෙහි ඉපිදීමට ද හේතුව පැවසීමට කතු හිමි අතීත කතාවක් යොදා ගෙන ඇත.
තවද නාට්‍ය තුළ වර්තමාන කතාවෙහි තවත් බොහෝ සිදුවීම් සිදුවේ. එනම් ස්වර්ණතිලකා ලබා ගැනීමේ නොහැකිව සිත පීඩාව නිසා රාජ්‍යයන් පහක රජවරු තමාගේ කඩුව ගෙන බෙල්ල කපාගෙන මියෙන්නට විය.
"අනුන් බණන නින්දා බසට භයින් ස්වර්ණතිලකාව අන්තඃපුරයට ගත නොහේ..."
"මෙබඳු වූ වර්ණ සෞන්දර්යයක් හා රූප සම්පත්තියක්..."
එහෙත් නාට්‍යය තුළ වර්තමාන කතාවක් හා අතීත කතාවක් අන්තර්ගත නොවන අතර වර්තමාන කතාවෙන් පමණක් නාට්‍ය නිර්මාණය කොට ඇත. කතාවස්තුවේ වර්තමාන කතාවේ මුලින් සිදු වූ රජවරු හමුවීම, එම රජවරු තමන් විසින්ම මිය යෑම ආදී සිදුවීම් නාට්‍යය පිටපතින් ඉවත්කොට ඇති අතරම ඉන් අවශ්‍යම සිදුවීම් පමණක් යොදා ගෙන නාට්‍ය නිර්මාණය කොට ඇත. එය ද මෙම නිර්මාණ දෙකෙහි හමුවන තවත් එක් ප්‍රධාන වෙනස්කමකි.
කතා වස්තුවේ එන ස්වර්ණතිලකා සහ පියා තමා විසූ උත්තර මධුරාපුරයෙන් නික්ම පංච මධුරාපුරය බලා පිටත්ව යයි. කතාවේ ස්වරණතිලකා තමා පෙර ආත්මයේ කළ ප්‍රාර්ථනයෙන් සුන්දර වූ රූප සම්පත්තියකින් උපත ලබා උසස් කුලවල පුරුෂයන් පමණක් ප්‍රාර්ථනා කරමින් පහත් කුලවල පුරුෂයන් ප්‍රතික්ෂේප කරයි. ඒ බව දත් උත්තර මධුරාපුර රජු උද්දාල බ්‍රාහ්මණයෝ සොයා යන ලෙස පැවසූ විටදී ස්වර්ණතිලකා හා පියා පංච මධුරා පුරයට යන්නේ උද්දාල බ්‍රාහ්මණයා විවාහ කර ගැනීමේ අරමුණෙනි.
" එසේ වී නම් පංචමධුරා නම් නුවර උද්දාල නම් බමුණෙක් වෙසෙයි. ඒ බ්‍රාහ්මණයා ඉතා ජාති..."
" ඒ බමුණා හා සහවාසය කෙරේව යි..."
කතා වස්තුවෙහි ස්වර්ණතිලකා සහ පියා පංචමධුරාවට ගිය පරිද්දෙන්ම නාට්‍යයෙහි ද ස්වර්ණතිලකා සහ පියා පංචමධුරා පුරයට යයි. එහෙත් නාට්‍යයේ ඔවුන් දෙදෙනාම පංච මධුරාපුරයට යන්නේ උද්දාල විවාහ කර ගැනීමේ අරමුණකකින් නොවේ. කතා වස්තුවේ පරිදි ස්වර්ණතිලකාව විවාහ කර ගැනීමට සැඬොල් බ්‍රාහ්මණ පුත්‍රයා පැමිණෙන අතර කතාවෙහි ස්වර්ණතිලකා බ්‍රාහ්මණ පුද්ගලයා ප්‍රතික්ෂේප කරන්නේ කුලවන්ත පුරුෂයින් පතාය. එහෙත් නාට්‍යයේ ස්වර්ණතිලකා තමාගේ සිතෙහි ඇති වූ පිළිකුල නිසා බ්‍රාහ්මණ පුත්‍රයාව ප්‍රතික්ෂේප කරයි. එසේ ප්‍රතික්ෂේප කල නිසා ඒ කෝපයෙන් බ්‍රාහ්මණ පුතු උත්තර මධුරා නුවර රජු වෙත ගොස් එය පැවසූ පසු ඒ පිළිබඳ කිසිවක් නොවිමසූ රජු ස්වර්ණතිලකාව සහ පියාව උත්තර මධුරාපුරයෙන් පිටුවහල් කර යවයි. එලෙස යැවීම නිසා ස්වර්ණතිලකා තමාගේ තිබූ අසරණකම නිසා මෙන්ම තම පියාට සැලකීමේ අරමුණින් පංච මධුරාපුරය බලා පිටත්ව යයි.
ඇදුරුතුමා ගුණ නදන්
ම පියාට වූ ගැහැට "
" නිෂ්කාරණේ ගොදුරු වී රාජ උදහසට.."
ඒ අනුව මෙම නිර්මාණ දෙක අතර පවතින තවත් එක් වෙනස්කමක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.
" නූටන් කෙළවරින් දෘෂ්ටිය හෙළා ස්වකීය හෝ මදලස..."
කතාවස්තුවෙහි ස්වර්ණතිලකා තමා පෙර ආත්මයේ ප්‍රාර්ථනාවෙන් ලබා ගත් රූපය නිසා උඩඟුකමින් කටයුතු කරයි. එහෙයින් තම කුලයේ මෙන්ම පහත් කුලවල පුරුෂයන් ප්‍රතික්ෂේප කරයි. ඇය පංච මධුරාපුරයට යන්නේ ද උද්දාල බ්‍රාහ්මණයා විවාහ කර ගැනීමේ අරමුණෙනි. ඇය නිරන්තරයෙන් ඇයගේ බැල්මෙන් පුරුෂයින් තමා වෙත ආකර්ෂණය කර ගනී. ධර්මසේන හිමි නිතර ඇයගේ චරිතය නිර්මාණය කරන්නේ දුර්ගුණ පිරි ස්ත්‍රියක ලෙසයි. කිසිඳු විටෙක ඈ තුළ පවතින හොඳ ලක්ෂණ හඳුනා ගත නොහැකි ය. ඇය උද්දාල බ්‍රාහ්මණයා සමඟ විවාහ වූ පසුව ද උද්දාල බ්‍රාහ්මණයා රාජ සේවයට නොයවයි.
"ඒ බ්‍රාහ්මණයා ස්වර්ණතිලකා ගෙට ආ දවස් පටන් සාර මසක් මුළුල්ලේ රාජසේවයටත්..."
කතාවස්තුවේ ස්වර්ණතිලකාගේ චරිතයේ පවත්නා වූ දුර්ගුණයන් පමණක් කතු හිමි මෙසේ දක්වා තිබේ.
එහෙත් සරච්චන්ද්‍රයන්ගේ ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍ය තුළ හමුවන ස්වර්ණතිලකා එවැනි දුර්ගුණ පිරි චරිතයක් ලෙස පෙන්වා නොදෙයි. ඇය උද්දාල තමා සමඟ විවාහ වීමට පවසන විටදීද එයට අකමැති වන්නේ තීක්ෂණ බුද්ධියෙන් හෙබි කාන්තාවක් ලෙසයි. ඇය එම අවස්ථාවේදී තමා සැඬොල් දුවක් යන බවත් උද්දාල බ්‍රාහ්මණයා කුලවන්ත පුරුෂයෙකු බවත් තමාට ඔහුව නොගැළපෙන බවත් පවසයි. ඔවුන් දෙදෙනා විවාහ වූ පසු ප්‍රේමණීය ජීවිතයක් ගත කරන අතර රාජ සේවයට නොයන උද්දාල බ්‍රාහ්මණයාව රාජ සේවයට යවමින් යහපත් තැනැත්තකු කිරීමට නිතරම කටයුතු කරයි.
සුළු දෙයින් කලකිරි
බොළඳ සිතුවිලි රැසක්
නැග ඒ ක්ෂණයකින් "
සිසුන්ට ශිල්ප ලබා දීමට උද්දාල නොයන විටදී සිසුන්ට ශිල්ප ලබාදීමට යන ලෙස ස්වර්ණතිලකා ආයාචනා කරයි. ඒ අනුව නාට්‍යයේ ස්වර්ණතිලකා කතා වස්තුවේ ස්වර්ණතිලකාට වෙනස් වූ නිතර තීක්ෂණ බුද්ධියෙන් හා ජීවිත පරිඥානයෙන් හෙබි කාන්තාවක් ලෙස කටයුතු කරයි. ඒ අනුව ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍යය හා කතා වස්තුවේ ස්වර්ණතිලකා එකිනෙකට වෙනස් චරිත ලක්ෂණයන්ගෙන් යුක්තය.
අවසානයේ කතා වස්තුවේ ස්වර්ණතිලකා මිය යන්නේ සිසුන්ගේ උගුලට හසුවීමෙනි. මුලින්ම සිසුන් ස්වර්ණතිලකාව මැරීමේ අරමුණින් රා පෙවූ ඇතෙකු යන මාර්ගයට ගෙනයයි. එහෙත් එම ඇතා හට ස්වර්ණතිලකාව මරා දැමීමට නොහැකි විය.
" එකල්හි රා බී මත්ව කෝපයෙන් සොඩ ගෙන බිම පහරමින් මහත් වූ කුංචනාදයෙන් දස දිග් පුරමින් ඒ ඒ අත මිනිසුන් ලුහුබඳවමින් සෙණ පහරන සේ දිව අවුත් පන්නා වූ ඒ ඇත්තෙම ස්වර්ණතිලකාව දැක එකෙනෙහි උපන්නා වූ ස්නේහයෙන් සොඬින් ගෙන ඔසවා තමාගේ කුම්ඔස්තලයෙහි තබා ගන..."
එම ඇතා ස්වර්ණතිලකා දැක ඇය සොඬින් ගෙන තම කුම්ඔස්තලයෙහි තබා ගන්නට විය. ඇතා හට ස්වර්ණයතිලකා මැරීමේ නොහැකි වීම නිසා ඉන් පසුව සිසුන් සොරු කණ්ඩායමක් යවා ස්වර්ණතිලකාව මරා දමයි. ඒ අනුව කතා වස්තුවෙහි සොරුන් අතින් ස්වර්ණතිලකා හට මියෙන්නට සිදුවිය.
එහෙත් ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍යයෙහි සිසුන් යෙදූ පළමු උපක්‍රමයෙන්ම එනම් රා පෙවූ ඇතා අතින්ම ස්වර්ණතිලකා මරණයට පත්විය. "ස්වර්ණතිලකා සොඬින් ඔසවා උඩ දමා ඇයව බිමට හෙළුවේ රුදුරු ලෙස ඇය මරා දැමුවේ" මෙමඟින් පෙනී යන්නේ ස්වර්ණතිලකාගේ මරණය සිදුවූයේ එකිනෙකට වෙනස් අයුරින් වන බවයි. තවද,
සිසුන් යෙදූ උපක්‍රමයෙන් ස්වර්ණතිලකා මිය යන අතර එසේ මැරුවේ සිසුන් බව සිසුන් විසින් ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍යයේදී පාපොච්චාරණය කරයි. එහෙත් කතා වස්තුවෙහි එසේ සිදුවීමක් සිදු නොවේ.
පව් කිළියක් වන ඇයගේ
පව් හසරින් ඔබතුමා ද
මුදවා ගන්නා අටියෙනි"
එයද මෙම නිර්මාණ දෙක අතර පවත්නා වූ තවත් එක් වෙනස්කමක් ලෙස පෙන්වා දිය හැකි ය.
ඒ අනුව ඉහත සඳහන් නිදසුන් සියල්ල අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ සරච්චන්ද්‍රයන් විසින් ස්වර්ණතිලකා කතා වස්තුව මූලාශ්‍ර කොට ගත්ත ද "ස්වර්ණිතිලකා කතා වස්තුව" හා එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් රචිත "ප්‍රේමතෝ ජායතී සෝකෝ" නාට්‍යය තේමාව අතර වෙනස්කම් බොහෝමයක් ඇති බවය.
උසස් පෙළ කලා අංශය
මප/ව/මඩුල්ල ද්විතීයික පාසල
Comments