ස්වර්ණතිලකා චරිතය
එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "පේමතෝ ජායතී සෝකෝ" නාට්‍යයෙහි ස්වර්ණතිලකා චරිතය පිළිබඳව විමසුමක යෙදෙන්න.
සරත්චන්ද්‍රයන් තමා විසින් නිර්මාණය කරනු ලැබූ "මනමේ", "සිංහබාහු" ආදී බොහෝ නාට්‍යයන් තුළ කාන්තා චරිත නිරූපණයේ දී ප්‍රේක්ෂකයාගේ අනුකම්පාවට ලක් කරමින් සානුකම්පිත දෘෂ්ටියකින් යුතුව නිර්මාණය කොට තිබීම දැකිය හැකිය. දෙවන ධර්ම කීර්ති හිමියන් විසින් රචිත සද්ධර්මාලංකාරයෙහි ස්වර්ණතිලකා කතා වස්තුව මූලාශ්‍ර කොට ගෙන සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කළ පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයෙහි හමුවන ප්‍රබල කාන්තා චරිතය වන ස්වර්ණතිලකා චරිතය නිරූපණය කිරීමේ දී තේමාවෙන් වෙනස්ව ගොස් ස්වර්ණතිලකා චරිතය නිර්මාණය කොට ඇති අයුරු නිදසුන් ඇසුරින් විමසා බලමු.
කතා වස්තුවෙහි ස්වර්ණතිලකා මෙන්ම නාට්‍යයෙහි ස්වර්ණතිලකා ද රූමත් වූ තරුණියක් විය. කතා වස්තුවෙහි ස්වර්ණතිලකා එම රූපය මත උඩඟුකමින් ක්‍රියා කරන අතර කුලවන්ත පුරුෂයින් පමණක් පතා තමාගේ කුලයේ පුරුෂයින් පිළිකුල් කරන කුලයෙන් හීන වූ සැඬොල් දුවකි. එහෙත් නාට්‍යයෙහි ස්වර්ණතිලකා එසේ නොවීය. කතා වස්තුවේදී ස්වර්ණතිලකා සැඬොල් බ්‍රාහ්මණ පුත්‍රයාව ප්‍රතික්ෂේප කරන්නේ කුලවන්තයෙක් පතා හා තමාගේ රූපය මත තිබූ උඩඟුකම නිසාවෙනි. නාට්‍යයෙහිදී ඇය ඔහුව ප්‍රතික්ෂේප කරනුයේ ඇයගේ සිතෙහි ඇති වූ පිළිකුල නිසාවෙනි. ඉන් පසුව කෝපයට පත් වූ සැඩොල් පුත්‍රයා උත්තර මධුරාපුර රජු ඉදිරියෙහි මුසා බස් පවසාලයි. එහිදී එය විශ්වාස කළ රජු හේතු නොවීමසාම ඇයව උත්තර මධුරාපුරයෙන් නෙරපා හරී. එසේ ඇයට නිශ්කාරණේ රාජ්‍ය උදහසට ලක්වීමට සිදුවන්නේ ඇය තුළ පැවති වරදක් නිසා නොවීය.
ඇදුරුතුම ගුණ දහන්
ම පියාට වූ ගැහැට
අපමණ ය මා නිසා"
තමාට හා පියාට එලෙස සිදුවූ දුක්බර වූ පුවත ඉහත දැක්වූ පරිදි ස්වර්ණතිලකා විසින් උද්දාල බ්‍රාහ්මණයා හමුවේ පවසා සිටී. තමා නොකළ වරදකට තමා ජීවත්ව සිටි රට අතහැර දමා යාමට සිදුවිය. ඒ අනුව පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයෙහි ස්වර්ණතිලකා චරිතය යහපත් චරිතයකි. එනම් කතා වස්තුවෙහි ස්වර්ණතිලකාවට වඩා වෙනස් බව මෙයින් පෙනී යයි.
ස්වර්ණතිලකාට හා පියා හට වූ එම විපත නිසා ඔවුන් දෙදෙනා පංච මධුරාපුර බලා පිටත්ව යයි. කතා වස්තුවෙහි ස්වර්ණතිලකා පංච මධුරාපුරට යන අතරතුර රාජ්‍යයන් පහක් හමුවේ. ඇය එම රජවරුන් දැක ඇස් අගින් බලමින් තම වසඟයට ගනියි. ස්වර්ණතිලකාගේ එම බැල්මෙන් උමතුවට පත් රජවරු ඇයව ලබාගත නොහැකි බව දැන තමාගේම කඩුව ගෙන ගෙල කපාගෙන මියෙන්නට විය. ඉන් පසුව එම රාජධානි පහම පසු කරමින් පංච මධුරාපුර බලා පිටත්ව යන්නේ උද්දාල විවාහ කර ගැනීමේ අරමුණිනි. ගාන්ධර්ය කෙනෙකු වූ ස්වර්ණතිලකාගේ පියා රැකියාවක් සොයා හා ඔවුන්ට රටින් පිටුවහල් වීමට සිදු වූ නිසා තමාගේ පියාගේ අසරණ බව හා තම පියාව රැකගැනීමේ අරමුණින් පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයෙහි ස්වර්ණතිලකා පංච මධුරාපුර බලා පිටත්ව යයි.
දියණිය වේම පිය
යන්නෙමු තනතුරක් සොයා
රජ වාසලේ
පංච මධුරපුර රජිදාගේ සෙවයේ"
පංච මධුරා පුරයට පැමිණීමට හේතුව මෙලෙස ස්වර්ණතිලකාගේ පියා විසින් උද්දාල බමුණා හමුවේ පවසා සිටී. ඒ අනුව ඔවුන් දෙදෙනාගේ පැමිණීම තුළ ඔවුන් තුළ වෙනත් වූ අරමුණක් නොතිබුණු බව පැහැදිලිය. පෙර කාන්තාවන් දුටු කල කිරි පැනින් මුව දොවා, යන මාර්ගය දිගට කිරිපැන් ඉස්සවාලූ උද්දාල බමුණා උත්තර මධුරා පුරවරයෙන් පැමිණි ස්වර්ණතිලකා දකී. පළමුව ඔවුන් දෙදෙනා මුණ ගැහෙනුයේ සිප්සලේදී ය. එලෙස හමුවී ස්වර්ණතිලකා දුටු උද්දාල ස්වර්ණතිලකාගේ රූපයෙන් උමතුව ඇය තමාගේ කර ගැනීමට සිතා ස්ත්‍රී ලෝලී සිතින් කටයුතු කරයි. එලෙස කටයුතු කර පසුව ස්වර්ණ තිලකාව හමුවී ඇයව විවාහ කර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරයි. එහෙත් එහිදී ස්වර්ණතිලකා පවසා සිටිනුයේ උද්දාල තමාට නොගැළපෙන බවය.
උභය කුල පාරිශුද්ධ
බමුණෙක් ය ඔබතුමා
ලෝ පසිඳු පඬිතුමෙකි."
උද්දාල තමා හට නොගැලපෙනුයේ ඇයිද යන බව මෙලෙස ස්වර්ණ තිලකාව විසින් පවසා සිටී. ඇය පවසනුයේ තමා හීන කුලයේ උපන් සැඬොල් දුවක් බවත් අඥාන බොළඳ කාන්තාවක් බවත්, උභය කුල පාරිශුද්ධ ඔබගේ බිරිඳ වීමට තමා සුදුසු නොවන බවත්ය. ස්වර්ණතිලකා කතා වස්තුවෙහි ස්වර්ණතිලකා පංච මධුරාපුර බලා පිටත්ව යන්නේම උද්දාල බමුණා විවාහ කර ගැනීමට සිතාය. කතා වස්තුවෙහි ස්වර්ණතිලකාට වඩා වෙනස්ම වූ ස්වර්ණතිලකා චරිතයක් පේමතෝ ජායතී සෝකෝ නාට්‍යය තුළ නිර්මාණය කරන සරච්චන්ද්‍රයන් විසින් ඇය පිළිබඳ සානුකම්පිත වූ දෘෂ්ටියක් හෙලන්නේ මෙසේය.
මෙම අවස්ථාවේ ස්වර්ණතිලකාට හමුවූයේ විශේෂ වූ ඇරයුමකි. එහෙත් ඇය එයට අකමැති බව නොපවසා උද්දාල වෙත කරුණු පහදා දෙනුයේ දෙදෙනා අතර පවතින්නා වූ වෙනස්කම් එනම් ස්වර්ණතිලකා තුළ පවතින්නා වූ දුබලතා උද්දාල හමුවේ ඇය විසින්ම පවසා සිටිමින් ය. පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයයේ ස්වර්ණතිලකාවන් ඇරයුම කළ සැණින් එයට කැමැත්ත ප්‍රකාශ නොකොට ජීවිත පරිඥ්ඥානයෙන් හෙබි කාන්තාවක් ලෙස කටයුතු කරයි.
ස්වර්ණතිලකාවගේ බස් ඇසූ උද්දාල ඒ කිසිවකුත් ගැන නොසිතා ඇය තම බිරිඳ කර ගනී. එලෙස බිරිඳ වීමෙන් අනතුරුව සාර මසක් මුළුල්ලේ උද්දාල රාජ සේවයට නොයන අතර තමා ශිල්ප ලබා දෙමින් සිටි සිසුන් හට ශිල්ප ලබාදීමටද නොයයි. මෙලෙස ප්‍රේමණීය ජීවිතයක් ගත කරමින් සිටිය ද පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයයේ ස්වර්ණතිලකා උද්දාලව රාජ්‍ය සේවයට යැවීමට හා සිසුන්ට ශිල්ප ලබා දීමට යා යුතු බව පවසා සිටී. ඇය මෙම අවස්ථාවේදී කටයුතු කරන්නේ අඥාන බොළඳ කාන්තාවක් ලෙස නොව බුද්ධිමත් කාන්තාවක් ලෙසයි.
සමීපෙට ඔවුන්ගේ
මුදු මොළොක් තරුණ සිත
සුළු දෙයින් කලකිරේ
බොළඳ සිතුවිලි රැසක්
නැඟ ඒය ක්ෂණයකින්."
සිසුන් හට ශිල්ප ලබා දීමට යන ලෙස ස්වාර්ණතිලකා විසින් මෙලෙස පවසා සිටීම විචක්ෂණශීලී බිරිඳක් හා ප්‍රේමයෙහි මතුපිට ස්පර්ශ කරනා කාන්තාවකගේ චරිතයක් නොව ගැඹුරු අභ්‍යන්තර විවාහ ජීවිතය පිළිබඳ කරුණු අවබෝධ කරගත් චරිතයක් ලෙස ස්වර්ණතිලකාව පෙන්වා දිය හැකිය. තවද, ප්‍රේමණීය විවාහ ජීවිතයෙහි ආධ්‍යාත්මික වූ ප්‍රේමයක් අපේක්ෂා කළ තැනැත්තියකි. ඇය පවසනුයේ ඇය ඔහුගේ ශිල්ප නොලැබූවට ඇදුරු වන ලෙසත් ජීවිතය නමැති දුර්ගය නැගීමට අත්වැලක් වන ලෙසත්ය.
නුදුන් නමුත් ශිල්ප සතර
ජීවිතයේ ගිරි දුර්ගය
නගින්න අත්වැලක් වෙන්න"
පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයයේ උද්දාල ස්වර්ණතිලකා සමඟ විවාහ වීමෙන් පසු සාර මසක් මුළුල්ලේ සිසුන් පන්සීයක් දෙනාට ශිල්ප ලබාදීමට නොයයි. එලෙස නොයන්නේ ඔවුන් දෙදෙනා ප්‍රේමණීය දිවියක් ගත කළ නිසා වෙති. පෙරදී ස්වර්ණතිලකා පැවසූ පරිදි සිසුන් තරුණ හෙයින් ඉක්මනින් කලකිරේ. අපේක්ෂා භංගත්වයට පත් සිසුන් ස්වර්ණතිලකා නිසා එසේ සිදු වූ බව සිතා ස්වර්ණතිලකා සමඟ කෝප සිතින් කටයුතු කළ බව දැන ගැනීමට හැකි බුද්ධියක් ඇය සතු විය. ඇය අධික ලෙස සතුටු වීමේ අන්තය ගැන සිතූහ. එනම් පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයයේ ස්වර්ණතිලකාවන් වර්තමානය ගැන පමණක් නොව අනාගතය පිළිබඳව ද සිතා කටයුතු කළ කාන්තාවක් හා බිරිඳක් විය.
බලත් මා දෙස නිතර ඔරවා
මා කෙරෙහි නම් නැත පහන් සිත උපදවාගෙන ඔවුන් කිසිවෙකු"
විඳින මේ ප්‍රීති ප්‍රබෝධයෙන්
චකිත වේ සිත මාගේ
මිරිඟුවක් ද මේ සියල්ල"
ස්වර්ණතිලකාව මරා දැමීමේ අරමුණින් සිසුන් උපායක් යොදවයි. ඒ රා පෙවූ ඇතෙකු එවා එය බැලීමට ස්වර්ණතිලකාව කැඳවා ගොස් ඇයව මරා දැමීමට සිතුවේ ඔවුන් තුළ පැවති ආර්ත්මාර්ථකාමී බව නිසා වෙනි. තමාගේ ඉදිරි අධ්‍යාපනය වෙනුවෙන් තමා ගැනම පමණක් සිතා දරුණු උපක්‍රමයක් යොදා කාන්තාවක් මරා දැමීමට තරම් මෙම සිසුන් අකාරුණික හා අමානුෂීය වේ. ඔවුන් යෙදූ උපක්‍රමයේදී එක් අවස්ථාවක ඇය නිවසින් පිටතට ගැනීමට සිතන සිසුන් ඒ සඳහා නොයෙක් වූ දේ පවසාලයි. රා බී වීදි හරහා දිව යන ඇතා දැක ගැනීමට කුතුහලය සිත තුළ වුවද ඇය එය ප්‍රතික්ෂේප කරනුයේ තම ස්වාමියා එනම් උද්දාලගෙන් අවසර නොගෙන යා නොහැකි බව සිතාය.
කෙලෙස ද මා බැහැර යන්නේ
අසිරිමත් වූ දෙයක් වෙතත්"
මෙමගින් පෙනී යන්නේ පේමතෝ ජායතී සෝකෝ නාට්‍යය තුළ ඇය සාර්ථක විවාහ දිවියක් ගත කිරීමේදී සිතාමතා කටයුතු කළ ආකාරයත් ස්වාමි භක්තියෙන් යුතුව ක්‍රියාකළ බවත්ය.
කෙසේ වෙතත් අවසානයේ දී සිසුන්ගේ මුසා බස් වලට රැවටුනු ස්වර්ණතිලකා සිසුන්ගේ එම බස් ඉවත දා නොහැකි නිසාම ඔවුන් සමඟ එම භයංකාර වූ දර්ශනය නැරඹීමට යයි. එහිදී සිසුන්ගේ උපක්‍රමය සාර්ථක වීමෙන් ඇතා විසින් ස්වර්ණතිලකාව බිම දමා පාගා මරා දමයි.
මහ පොළොවෙන්
සිත පිත් නැති
"සුණු විසුණු කොට සිරුර මොළකැටි"
අවසානයේදී කිසිවකුගේ පිළිසරණක් නොමැතිව අසරණව මියෙන්ට සිදුවූයේ තමා තුළ තිබූ වරදක් හෝ තමාගෙන් අන් අය හට සිදුවූ වරදක් හෝ නිසා නොවීය. කතා වස්තුවෙහි ස්වර්ණතිලකා හට මෙම ඉරණමට මුහුණ දීමට සිදුවූයේ ඇයගේ වරද නිසාවෙනි. එහෙත් පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයෙහි ඇය තුළ එවැනි කිසිදු වරදක් නොතිබුණ ද නිෂ්කාරණේ එවන් වූ ඉරණමකට මුහුණ දීමට සිදුවිය.
ඇය නිතර ජීවිත පරිඥානයෙන් හෙබි, තීක්ෂණ බුද්ධියෙන් හා ස්වාමි භක්තියෙන් යුතු පරාර්ථකාමී තරුණියක මෙන්ම යහපත් වූ බිරිඳක ලෙස කටයුතු කළ චරිතයක් ලෙස "පේමතෝ ජායතී සෝකෝ" නාට්‍යය තුළ එදිරිවීර සරච්චන්ද්‍රයන් ස්වර්ණතිලකා චරිතය නිර්මාණය කොට ඇත්තේය.
උසස් පෙළ කලා අංශය
මප/ව/මඩුල්ල ද්විතීයික පාසල
key words
ස්වර්ණතිලකා චරිතය
ස්වර්ණතිලකාව
ස්වර්ණතිලකා චරිතය විචාර
පේමතෝ ජායතී සෝකෝ නාට්‍යය විචාරය 06
පේමතෝ ජායතී සෝකෝ pdf download
පේමතෝ ජායතී සෝකෝ විචාර ප්‍රශ්න
Swarnathilaka charithaya vichara
pematho jayathi soko
pematho jayathi soko vichara
pematho jayathi soko vichara pdf download
Comments