Skip to main content

Follow on YouTube

සිංහල විචාර 63 - වස්සානය පද්‍ය විචාරය 02 | රත්න ශ්‍රී විජේසිංහ

පරිසරයේ ජීව අජීව වස්තූන් කෙරෙහි වස්සාන සමයේ බලපෑම කවියා වර්ණනයට හසු කරන අයුරු විස්තර කරන්න.

අපේ කාලයේ අපූර්වතම සාහිත්‍යධරයෙකු ලෙස හැඳින්විය හැකි රත්න ශ්‍රී විජේසිංහ නම් ඒ මහා ගාන්ධර්වයාගේ කාව්‍ය කෘති අතර සුවිශේෂ වූ ස්ථානයක් උසුලන කාව්‍ය නිර්මාණයක් ලෙස "වස්සානේ" නම් කාව්‍ය කෘතිය හැදින්විය හැකිය. කලක් ගුරුවරයෙකු ලෙස සේවය කරමින් මොණරාගල හුලංදා ඔය සමීපව ජීවත් වූ සමයක හුලංදා ඔය දැක ප්‍රබෝධයට පත් රත්න ශ්‍රී විජේසිංහ ශූරීන් ගෙතූ වස්සානය පද්‍ය පන්තිය වස්සානේ කාව්‍ය කෘතියෙහි හමුවන තවත් සුවිශේෂී වූ පද්‍ය නිර්මාණයකි. 

රත්න ශ්‍රී විජේසිංහ කවියා ප්‍රබෝධයට පත් කල වස්සානය නම් වැසි සමයට පෙර, හුලංදාව කලක් නියගයෙන් වියලී තිබූ බව මෙලෙසින් ප්‍රකාශිතය.

"ගිම්හානයේ ගිලන් වී කෘශව සුදුමැලිව 
 ඇදි ඇදී ඉකි ගැසූ ගඟ නැවත පිරිපුන් ය"

හුලංදා ඔය වියලී කුඩා දිය පහරවල් කීපයක් ලෙස ගලා ගිය අතීතය කවියා දැක ඇත්තේ හුලංදා ඔය කදුලු සලනා විලාසයෙනි. ඒ ඔය දැන් එලෙස නොමැත. ජලයෙන් පිරී ඉතිරී, රත්න ශ්‍රී විජේසිංහයන්ගේ වචනින්ම කිවහොත් හුලංදා ඔය පිරිපුන් වී ඇත. මෙය නම් වස්සානය අජීවී වස්තූන්ට කල බලපෑම කදිමට නිරූපිත පද පේලිය කි. 

"ඔය දෑල දොඩමලුය, සුවද බැරුවා    ඉන්ට
 නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද? 
 කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන 
 සොඳුර නුබ වාගේ ම හිනැහේය මා   එක්ක"

ගිම්හානයේ අවසන ඇදහැලුනු මහ වැස්සෙන් මෙතෙක් සිදී තිබූ හුලංදා ඔය ජලයෙන් පිරී ඔය දෙපස ඉවුරු වල ජල රල නිතර නිතර ගැටීමට පටන්ගෙනය. රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කවි ඇසට අනුව ඔය ඉවුර ජලය සමග කතාබහකය. වස්සානය අජීවී පරිසරයේ ඇති කල වෙනස රත්න ශ්‍රී විජේසිංහයන් වර්ණනාවට ලක් කර ඇත්තේ එලෙසිනි. 

වස්සානය අජීවී වස්තූන්ට ඇති කල බලපෑම නැවතත් කවියා වර්ණනා කරනුයේ "කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන" යනුවෙන් උත්ප්‍රේක්ෂාලංකාරයකිනි. වස්සානය නැතිනම් වර්ෂාව හේතුවෙන් පෙර වියලී තිබූ කෙකටිය පඳුරු වල දැන් මල් කැකුළු පිපී තිබේ. මෙය කවියා වර්ණනා කරන අපූර්වත්වය නම් තමාගේ ප්‍රිය බිරිඳ සිය බිළිදා වඩාගෙන කවියා හා හිනැහෙන්නා සේ කෙකටිය පඳුර කවියාට පෙනෙන්නට විය. "සොඳුර නුබ වාගේ ම හිනැහේය මා එක්ක" මෙවන් වූ ආදරණීය හැගීම් කවියා තුල පහල වනුයේද වස්සානයේ බලපෑම පාරිසරික සුව පහසුව නිසාමය.

"කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට
  දිය කෙලින හැටි පුංචි මාලුවෝ දුටුවාද? "

වස්සානයේ බලපෑම නැවතත් වර්ණනා කරනා රත්න ශ්‍රී විජේසිංහ කවියා වස්සානයේ වර්ෂාව නිසා පිරුණු හුලංදා ඔයේ වතුර වල කුඹුක් අතු ගෑවෙන අයුරු වර්ණනා කල ආකාරය අපූරුය. එනම් පෙර කිසිවෙකු නොකල ආකාරයේ වර්ණනාවකි. කුඹුක් ගසට ජීවී බවක් එක්කාසු කරමින් කුඹුක් ගස වතුර දෙසට නැවී වතුර අතගානා බලනුයේ පුංචි මාලුවන් ජලයේ සෙල්ලම් කරන අපූරුව බව රත්න ශ්‍රී විජේසිංහ කවියා පවසා සිටී.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය. 


වස්සානය රත්න ශ්‍රී විජේසිංහ කවියාට ඇති කර ඇති ආදරණීය, සෙනේහමය බලපෑම, ඒ හැගීම් වල වෙනස මෙවන් පද තුළින් හරි අපූරුවට එළි බැස ඇත.

"වැසි සමේ රෑ ඇදේ සිහිනයක් වී ඉන්න"

"ඔබෙ සිනාවෙන් නිවේ හුණුව ගිය ලේ නහර"

මෙවන් වූ සෑම පද පේලියකින්ම වාගේ වක්‍රාකාරව හෝ රත්න ශ්‍රී විජේසිංහ කවියා වර්ණනා කර ඇත්තේ ජීව අජීව සෑම වස්තුවකටම වස්සානය නිසා සිදුව ඇති බලපෑමයි. එම වර්ණනාවන්ගේ උච්චතම වර්ණනය ලෙස "හුලංදා ඔය කිම් ද මල්වරව ඉල්මහට ?"යනුවෙන් මේ වස්සානය නිසා පිරී ඉතිරී ගිය හුලංදා ඔයේ සුන්දරත්වය මල්වර වූ දැරියකට සමාන කරන රත්න ශ්‍රී විජේසිංහ කවියාගේ අපූර්ව වර්ණනාවන්, වර්ණනා කල යුතුමය.


- Admin -