Skip to main content

සිංහල විචාර 57 - පේමතෝ ජායතී සෝකෝ විචාරය 05 | Pematho jayathi soko

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන්ගේ පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයේ විවරණය වන ගුරු ගෝල සම්බන්ධතාව නිදසුන් ඇසුරින් පැහැදිලි කරන්න.


පේමතෝ ජායතී සෝකෝ නාට්‍යය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන් විසින් නිර්මාණය කර ඇත. මෙම නාටකය ගීත නාටකයක් නැතහොත් ඔපෙරාවක් වේ. මෙම නාටකය උත්තර භාරතයේ රාගධාරී සංගීතයට අනුව නිර්මාණය කර ඇත. පේමතෝ ජායතී සෝකෝ නාට්‍යය ප්‍රතම වතාවට පේරාදෙණියේදී රංගනය කර ඇත. මෙම නාටකය රචනා කිරීමට පාදක කර ගෙන ඇත්තේ ගම්පොල රාජධානි සමයේ ධර්මකීර්ති හිමියන් විසින් රචිත සද්ධර්මරත්නාවලියේ ඇතුළත් ස්වර්ණතිලකා කතා වස්තුවයි. 

ස්වර්ණතිලකා කතා වස්තුවේ කතානුභූතිය වූයේ කාන්තාවක කෙරෙහි ලොල් වූ බහුශ්‍රැත පඩිවරයෙකුට අත් විඳීමට සිදුවූ ඛේදවාචකයයි. එනම් උද්දාල ඇදුරුතුමා අත්විඳින ලද අපහාස උපහාස චෝදනා වේදනා සහ සකල විද දුක් දෝමනස්සයන් විවිධ දරා ගනිමින් අවසානයේ ස්වර්ණතිලකාගේ වියෝව දරාගත නොහැකිව දැඩි කම්පනයට පත්ව රාජාංගනයෙහි සෑයක් බැද ගින්නට පැන ජීවිතය තොර කර ගැනීමේ කතා පුවතයි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කරන ලද පේමතෝ ජායතී සෝකෝ ගීත නාටකයේ ප්‍රධානතම ජවනිකාව වූයේ උද්දාල ඇදුරුතුමාය. තරුණ විය ඉක්මවා මැදවියට ලං වූ මෙම උද්දාල පඬිවරයා බොහෝ ඇසූ පිරූ තැනැත්තෙකි. වියතෙකි. උද්දාලගේ තක්සලාවේ ශිල්ප ලබන ශිෂ්‍යයෝ සියල්ලම මෙතුමාට ගරුබුහුමන් දක්වති. උද්දාල ඇදුරුතුමාගේ සිප්හලෙහි ඉගෙනුම ලබන ශිෂ්‍යයෝ කිහිපදෙනෙක් ලෙස අග්නිදත්ත, දප්පුල, පිංගල හැදින්විය හැකිය. මොවුන් කීප දෙනා උද්දාල බමුණාගේ ශිෂ්‍යයන් මෙන්ම මිතුරන් වැනිය.

මෙම පේමතෝ ජයති සෝකෝ නාට්‍යයේ ගුරු ගෝල සම්බන්ධය සරච්චන්ද්‍රයන් විසින් ප්‍රේක්ෂකයන් වෙතට ගෙනහැර දක්වන්නේ අපූර්වත්වයෙනි.

සැබැවින්ම මෙම උද්දාල බමුණා ස්ත්‍රීන් කෙරෙහි ලොල් නොබදින ස්ත්‍රීන් දුටු විගස එම අශුභය සෝදා හැරීමට කිරි කල වලින් ස්නානය කරන ලද පඬිවරයෙකි. එමෙන්ම මොහු තම සිප්හලේ ශිෂ්‍යයන්ටද ස්ත්‍රීන්ව පිළිකුල් කරන ලෙස පැවසුවේය. එමෙන්ම එම සිප්හලේ ශිෂ්‍යයන්ද ස්ත්‍රීන් පිළිකුල් කළේය.

එක් දවසක් උත්තර මදුරා නුවර සිට පංච මධුරා නුවරට යන ස්ත්‍රියක් සහ වීනා වාදකයෙක් මෙම උද්දාල ඇදුරුතුමාගේ සිප්හලට පැමිණීමත් සමග වීණා වාදකයා සමග පැමිණි ස්ත්‍රිය කෙරෙහි උද්දාල බමුණා කාම ආශාවෙන් පෙළී සිහි මූර්ජා වූයේය.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය. 


සැබවින්ම මෙම ස්ත්‍රිය නිසා උද්දාල බමුණා පත් වී සිටින අසරණභාවය කියා නිම කළ නොහැකි තරම්ය. කිසිදාක ස්ත්‍රියක් කෙරෙහි නොබැලූ මෙම උද්දාල බමුණා තමන් පත් වී සිටින අසරණ භාවය පිළිබඳව ශිෂ්‍යයන්ට මෙසේ පැවසුවේය.

" පිය සිසුනි සිදු වුයෙ 
  විපතක්ය මට මහත් 
  නොදැනේය පුවත් කිසි, 
  සිත මාගෙ වියවුල්ය.
  මෙතෙක් කල් ඔබ හැමට 
  දුන්නෙ උපදෙස් මාය.
  දැන් ඔබෙන් උපදෙසක් 
 මට ලබා ගන්ට වේ.
 කියව මට කුමක් හෝ,
 විගස අස්වසනු මා "

සැබවින්ම කාන්තාවක් නිසා කෙතරම් පීඩාවට පත්වෙනවා දැයි මෙම කතාවෙන් පැහැදිලි වන්නේ චිත්ත රූප මවමිනි. උද්දාල ඇදුරුතුමාගේ සිප්හලේ ශිෂ්‍යයින් තිදෙනෙක් ලෙස අග්නිදත්ත, දප්පුල හා පිංගල දැක්විය හැකිය. මොවුන් තිදෙනා උද්දාල බමුණාගේ ශිල්පය මැනවින් ප්‍රගුණ කරන අය ලෙස හැඳින්විය හැකිය. කාන්තාවක් නිසා තම ගුරුවරයා පීඩාවට පත්ව සිටින බව මෙම සිසුන් නොදනියි.

කෙසේ වෙතත් සිප්හලෙහි ග්‍රන්ථකරණයෙහි නියත වූ සිසුන් කැළඹුණු මනසින් සපැමිණි ඇදුරුතුමාගේ ප්‍රකාශයෙන් අන්ධ වෙයි. සැබැවින්ම ඇදුරුතුමා කිසි දිනෙක මෙලෙස කලබලකාරීව සිහියක් නොමැතිව නොපැමිණි බව ශිෂ්‍යයන් දනී.

"පිය සිසුණි සිදු වූයේ විපතක්ය මට මහත්"

ඇදුරුතුමා පත්ව සිටින අසරණභාවය මෙයින් ප්‍රකාශ මානවේ. තම ගෝලයන්ගෙන් පිළිසරණක් පතන්නේ කිසි දිනක අත් නොවිඳපු දෙයක් ලෙසටය. සැබැවින්ම සිදුවී ඇත්තේ කුමක්දැයි සිසුන් නොදනී ය. අවුල් වූ සිත සනසා ගැනීමට සිසුන්ගේ පිළිසරණ යදින ඇදුරුතුමාගේ පෞරුෂය සිදී බිඳී ගිය ආකාරය මැනවින් එම ප්‍රකාශයෙන් ප්‍රත්‍යය මාන වේ.

"මෙතෙක් කල් උපදෙස් දුන්නේ මාය. ඔබෙන් දැන් මට උපදෙසක් අවශ්‍යය" යන්න අවධාරණයෙන්ම උද්දාල ගුරුතුමා සිසුන්ගෙන් ඉල්ලා සිටි. උද්දාල ඇදුරුතුමාගේ චරිතය පිරිස්සීමේදී ගුරු සිසු භාවිතාවේ පෙරළිකාර ස්වරූපය ප්‍රේක්ෂකයන්ද පෙරළිකාරව විස්මිතව නරඹයි. එමෙන්ම නාට්‍ය පෙළ කියවන්නා වූ පාඨකයාද විශ්මිත වනු නොඅනුමානය.

පුරානෝක්තිය සම්පූර්ණයෙන්ම බැහැර කරන පේමතෝ ජයතී සෝකෝ නාට්‍යයකරුවාට අනුව උද්දාල හා ස්වර්ණතිලකාගේ ප්‍රථම නේත්‍රා ගැටුම සිදුවූයේ කිසිවෙකුට පා තැබීමට අවස්ථාවක් නොවූ ශිල්ප ශාලාවෙහිය.

උද්දාල ඇදුරුතුමාගේ චර්යාමය වෙනසට හේතු පාදක වූයේ කවරේදැයි දැන ගැනීමට සිප්හලේ සිසුවෝ සියල්ලෙක්ම වඩාත් උත්සුක වූහ. එයට දෙස් දෙන්නක් ලෙස, 

" ඇදුරුතුමා කිම්ද මේ,
  ඔබතුමා කියන බස් 
  අසා අපි කැලඹුණෙමු "

සිප්හලෙහි ශිල්ප අධ්‍යයනයේ යෙදුනු සිසුවෝ ඇදුරුතුමන්ට ගෞරව සම්ප්‍රයුක්තව ආමන්ත්‍රණය කරමින් කිසිදිනක නොදුටු ආකාරයේ ඇදුරුතුමාගේ චිත්ත ආතතිය වටහා ගැනීමට උත්සාහ දරයි. අග්නිදත්ත දප්පුලගේ මුවට නංවන ලද ගීතාවලියෙන් ගුරු සිසු දෙපාර්ශවයේ අන්‍යෝන්‍ය සබදතාවය මැනවින් ගම්‍යමාන වනු ඇත.

"මුළු ගම වෙවුලයි ඩහදිය වැගිරේ 
 කිසි කල නැත අප ඔබතුම දුටුවේ 
 මේසා චංචල ගතියෙන් පසුවනු "


" අස්වැසි සිටිනු මැන 
  ගුරු දේවයෙනි අපගෙ 
  හිඳගන්න මේ අසුනෙ 
  සැනසිල්ලෙ අප සමඟ 
  කියනු මැන සිදු වූයේ 
  කිම්ද මේ ඔබතුමට "

මේ අවස්ථාවේදී සිසුන්ගේ ගුරු දේවයන් වූ මාර්ගෝපදේශය ලබාදෙන ගුරු පෞරුෂය සිදී බිඳී යැමට හේතුව කුමක්දැයි දැන ගැනීමේ මහත් ආශාවෙන් ප්‍රේක්ෂකයෝද නාට්‍යයේ සිටින්නෝද විශ්මයෙන් බලා සිටී. සැබැවින්ම ශිෂ්‍යයන් ගුරුවරයාට දක්වන ආදරය ඔහුට දක්වන සැලකිලි ඉතා අතිමහත්ය. එමෙන්ම ගුරුවරයා හා ශිෂ්‍යයන් අතර පවතින අන්‍යෝන්‍ය බැදීම යළි යළිත් හරිස්චන්ද්‍රයන් විසින් ප්‍රේක්ෂකයාගේ මනසේ චිත්‍රනය කරන්නේ අපූර්වතම එනම් පෙර නොවූ විරූ නිර්මාණයක් ලෙසටය.

උද්දාල ඇදුරුතුමාගේ චර්යා රටාව වෙනස් වීමට බලපාන ලද ප්‍රබලතම බලවේගය ප්‍රේක්ෂකයා වෙත සමීප කරවීමට නාට්‍ය කරුවා සමත් වී ඇති බව කරුණු අනුව ගම්‍ය වේ. එයට දෙස් දෙන්නක් ලෙස, 

" කාලකන්නියක් දුටුවෙමි මම අද
  කවර පාපයක් දෝ පෙර නොදනිමි
  සක්මන් කරමින් හුන්නෙමි උයනේ
  හුදෙකලා පෙදෙසක්ය.
  කිසි කෙනෙකු නොහැසිරෙන
 මහලු මිනිසෙකු කැටුව හුන්කල,
 පියා දෝ ඇගෙ නොදන්නෙමි ඔහු
 මං මුලා වී ඳෝ එදෙදෙනම"

සැබවින්ම උද්දාල බමුණාගේ මුවට නංවන ලද ඉහත පද පේළියෙන් ස්වර්ණතිලකා උයනෙහිදී අහඹු ලෙස නෙත ගැටුණු ආකාරය මැනවින් නිරූපිතය. මෙම තක්සලාවේ වෙසෙන අන්තිවාසිකයන්ට මග හසර පෙන්වමින් ශිල්ප ලබාදීමේ මෙහෙය මැනවින් ඉටු කළ එහි නියමුවාගේ වෙනසක් සිදුවන බව දැන ගැනීමත් සමග සිසුන් අන්ද මන්ද විය.

උද්දාල බමුණා කාන්තාවන් කෙරෙහි ජුගුස්සා දක්වා අප්‍රිය කර ඔවුන් දෙස නොබැලූ බව ශිෂ්‍යයන් දනී. එහෙත් කාන්තාවක් නිසා දැන් ගුරුතුමා පත්වී සිටින අසරණ භාවය ඉතා තාත්වික අන්දමට ප්‍රේක්ෂකයා වෙතට මවාපායි.

සැබවින්ම ඇදුරුතුමාගේ තෙදවත් ඔදවත් පරමාදර්ශී චරිතය ප්‍රේක්ෂකයා ඉදිරියේ නාට්‍ය රචකයා මහත් ගුණ කදම්බයකින් වර්ණනාවට ලක් කරයි. සැබවින්ම සිසුන්ගේ ලෝකයේ වීරයා ඇදුරුතුමා බවට පත්කිරීමට මැනවින් නාට්‍ය රචකයා උත්සාහ දරා ඇති බව පැහැදිලි කර ගත හැකිය. ශිෂ්‍යයන් විසින් තම ගුරුවරයාට දක්වන ලද භක්තිය අති මහත්තය. කෙසේ වෙතත් මෙම ස්වර්ණතිලකා නමැති ස්ත්‍රියගේ ආගමනයත් සමග උද්‍දාල බමුණා කිසි කලෙක පත් නොවූ අසරණ භාවයකට පත්වී ඇති අන්දම නාට්‍ය රචකයා යළි යළිත් විස්තර කරන්නේ අපූර්වත්වයෙනි.

තම ගුරුවරයා ස්ත්‍රියක් නිසා පත්වී සිටින අසරණ තත්ත්වය ශිෂ්‍යයන්ට විස්මයජනක දෙයකි. ශිෂ්‍යයන්ගේ එකම පැතුම වන්නේ තම ගුරුවරයා මෙම ස්ත්‍රියගෙන් බේරා ගැනීමයි. අතීතයේදී ස්ත්‍රියක් දුටු විගස කිරිපැනින් මුහුණ දෝවනය කර එම පිළිකුල ඉවත් කලද උද්දාල ගුරුවරයාට ස්වර්ණතිලකා කෙරෙහි බැඳී තිබෙන සිත එලෙස ඉවත් කර ගැනීමට නොහැකි බව ශිෂ්‍යයන් දනී.

සැබැවින්ම මේ ගුරුවරයාගේ තෙදවත් ඔදවත් පරමාදර්ශී චරිතය නාට්‍ය රචකයා ප්‍රේක්ෂකයා වෙතට මවා පාන්නේ ඉතා තාත්වික ආකාරයටය. එයට දෙස්දෙන්නක් ලෙස,

" ගල් වැඩක් සේ නොසැලෙන අප
  ඇදුරුතුමා අද පරඬැලක් සේ
  සුළගේ පාවෙන දුබල වූයේ
  කුමන හේතුද?
  සිප් සයුරේ පතුලටම
  කිමිදෙමින් නොමසුරුව දෙන අපට
  මුතු මැණික් සරුසාර
  එතුමාට මේ වෙලේ
  කෙසේ අපි දක්වමුද
 භක්ති ආදර අපේ"

ඉහත උදාහරණය තුළින් ගම්‍ය මාන වන්නේ උද්දාල ඇදුරුතුමා ශක්ති සම්පන්න පුද්ගලයකු බවයි. ස්වර්ණතිලකා පැමිණෙන්නට පෙර තම ගුරුවරයාගේ තිබුණු ශක්ති සම්පන්න භාවය ස්වර්ණිතලකාගේ පැමිණීමත් සමගම වියැකී ශක්තියක් නොමැති පරඩලයක් මෙන් හැසිරෙන්නට විය. එම හැසිරිම නිසා ශිෂ්‍යයන් මහත් සේ දුකට පත්විය. තම ගුරුවරයා කුමක් නිසා මෙවන් තත්ත්වයකට පත් වී සිටීදැයි ශිෂ්‍යයන්ට කුතුහලය ඇති විය.

ශිල්ප ශාස්ත්‍රයේ පතුළටම කිමිදෙමින් තම ගුරුවරයා ශිෂ්‍යයන්ට ශිල්ප ශාස්ත්‍රය ලබාදුන් ආකාරය ඔවුන්ට මතක් විය. එමෙන්ම ශිෂ්‍යයන් විසින් තම ගුරුවරයාට දක්වන ආදරය කියා නිම කිරීමට නොහැකිය. ගුරුවරයා හා ශිෂ්‍යයන් අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධය ඉමහත්ය. 

සැබැවින්ම උද්දාල පඬිවරයා මුනිවරයකු හා සමාන රාග ද්වේෂ මෝහ ප්‍රගුණ කළ බහුශ්‍රැත පඩිවරයකු බව තවත් අවස්ථාවකදී නාට්‍යකරුවා මෙසේ දක්වා ඇත. 

"අදහන්ට බැරි දෙයකි.
 අපේ ඇදුරු තුමාණෝ 
 වසඟයට පත් වෙත්ද 
 මාතුගාමයෙකුගේ? 
 ජුගුස්සන කටයුතුය 
 ගැහැණු ජාතිය කෙරෙහි 
 යන බස නොවේද 
 අප ශ්‍රමණ පථ රැව් දෙන්නේ? "

මහත් හැඩිදැඩි ගුණයෙන් යුත් ඇදුරුතුමා අද පරඬැල් පතක් වැනිය. ඒ තරමටම සලිත වී ඇත. එමෙන්ම ගුරුතුමාගේ සිතද සලිත වී ඇත. මේ තරමට ගුරුවරයා පිළිබඳ ශිෂ්‍යයන්ට හැගෙනුයේ ගුරුවරයාට හා ශිෂ්‍යයන් අතර වූ ගුරු ගෝල සම්බන්ධතාව නිසාමය. ස්ත්‍රී සේවනය කිරීම සුදුසු නොවන බව සිසුන්ගේ චරිත අභ්‍යන්තරයට කාවැද්දූ සිප්හල භාරව සිටි එකම ශාලාධිපතිවරයා වූයේ උද්දාල පඩිවරයාය. ඔහුගේ වෙනස සිසුන්ට තදින්ම දැනෙනුයේ ඔවුනොවුන් අතර වූ ගුරු ගෝල සම්බන්ධතාවේ ප්‍රබලත්වය නිසාමය.

ස්වර්ණතිලකාගේ පැමිණීම උද්දාලගේ ශිෂ්‍යයන් දකින්නේ මායාවක් ලෙසටයි. තම ගුරුවරයා පිළිබඳව තැබූ විශ්වාසය කෙතෙක්ද යන්න මෙයින් වටහා ගත හැකිය. තම ගුරුවරයා ස්ත්‍රියකට ලොල් වූ පසු එයින් මුදා ගැනීමට මෙම ශිෂ්‍යයන් වෙර දැරීම තුලම ශිෂ්‍යයන් තුල මෙම ගුරුවරයා කෙරෙහි වූ අසීමිත බැදීම පසක් වන්නේය. මේ ආකාරයෙන් උද්දාල ඇදුරුතුමා හා ශිෂ්‍යයන් අතර වූ ගුරු ගෝල සබදතාවය මනාව විවරණය වන්නේය.

D.G කවීෂා දෙව්මිණී 
උසස් පෙළ කලා අංශය 
ර/පොහොරබාව මහා විද්‍යාලය






Comments