සද්ධර්මරත්නාවලිය විචාරය 04 (පුරාතන ගද්‍ය සංග්‍රහය)
සද්ධර්මරත්නාවලි කතුවරයා හාස්‍ය, උපහාසය හා අනුකම්පා රසය ඉස්මතු වන පරිදි අවස්ථා හා සිද්ධි ඉදිරිපත් කරන අන්දම නිර්දිෂ්ඨ කතා වස්තු දෙක ඇසුරින් සාකච්ඡා කරන්න.
පොලොන්නරු යුගයේ දී චෝල ආක්‍රමණ හේතුවෙන් පිරිහී තිබූ සිංහල සාහිත්‍ය නැවත නගා සිටුවන ලද්දේ දඹදෙනි යුගයේ දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ කාලයේ දීය. මෙම දඹදෙනි යුගය වැදගත් වන්නේ එම කාලය තුල සිංහල සාහිත්‍යයේ වැදගත් වූ ග්‍රන්ථ ගණනාවක් රචනා වූ බැවිනි. මෙලෙස රචිත කෘති අතර සද්ධර්මරත්නාවලියට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. "සද්ධර්මරත්නාවලිය" යන්නෙහි අර්ථය වන්නේ සද්ධර්මය නැමති මාණික්‍ය අමුණන ලද මාලය යන්නයි.
"සද්ධම්මට්ඨති මච්ජන්තෝ
ධම්මසේන යතිස්සරෝ
අකාසි පවරං ඒතං
සද්ධර්මරත්නාවලිං "
මෙම ගාථාවෙහි අර්ථය වන්නේ සද්ධර්මයෙහි අඛණ්‌ඩ පැවැත්ම පිණිස ධර්මසේන නම් හිමි නමක් විසින් සද්ධර්මරත්නාවලිය රචනා කොට ඇති බවයි. ඒ අනුව සද්ධර්මරත්නාවලිය රචනා කිරීම සදහා මූලාශ්‍ර කරගෙන ඇත්තේ පාලියෙන් රචනා කර තිබූ පාලි ධම්මපදට්ඨ කතාවයි. මෙම කෘතියෙහි ඇති සුවිශේෂීත්වයක් වන්නේ ධර්මසේන හිමියන් හාස්‍ය, උපහාසය හා අනුකම්පා රස ඉස්මතු වන පරිදි අවස්ථා හා සිද්ධි ගොඩනගා ඇති අන්දමයි. එම සුවිශේෂීත්වය මට්ඨකුණ්ඩලී කතා වස්තුවෙහි හා කුණ්ඩලකේෂී කතා වස්තුවෙහි මැනවින් නිරූපණය වේ.
ඉතාමත් මසුරු සිත් ඇති අදින්නපුබ්බක බමුණා තම පුත්‍රයා වන මට්ටකුණ්ඩලීට වැළඳුණු පාණ්ඩු රෝගයට බෙහෙත් කිරීම සඳහා වෛද්‍යවරුන්ට වියදම් දරන්න වෙන නිසා අදින්න පුබ්බක බමුණා වෛද්‍යවරුන් ළඟට ගොස් බෙහෙත් අසාගෙන ඇවිත් සාදා දෙයි. ඒ බව ධර්මසේන හිමියන් දක්වා ඇත්තේ කෙසේද යත්,
"පය බරවායට පිටිකර බෙහෙත් බඳනා සේ"
යනුවෙනි. මෙහිදී පාදයේ හට ගන්නා බරවා රෝගයට ගෙලෙහි බෙහෙත් බැදීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැත. එය නිෂ්ඵල ක්‍රියාවකි. මෙහිදී අදින්නපුබ්බකගේ මසුරුකම නිසා මෝඩකම ඉස්මතු වන ආකාරයට හාස්‍ය, උපහාසය මතු කර ඇති ආකාරය දැකගත හැකි වේ.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
එමෙන්ම පාණ්ඩු රෝගයට බෙහෙත් කිරීම සඳහා වෛද්‍යවරුන් ගෙදරට ගෙන ආවොත් වියදම් දරන්නට වන නිසා මේ මසුරු බමුණා වෛද්‍යවරුන් ළඟට ගොස් බෙහෙත් අසාගෙන ඇවිත් සාදා දෙයි. ඒ අවස්ථාවට කතාවෙහි ධර්මසේන හිමියන් දක්වා ඇත්තේ,
"ඇස් සරහන්ට තොල අඳුන් ගානා සේ"
යනුවෙනි. මෙහිදී ඇස් සැරසීමට තොලෙහි අඳුන් ගෑමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැත. එයද නිශ්ප්‍රයෝජන ක්‍රියාවකි. මෙහිදී ද මෙම හාස්‍යෝප්පාදක උපමාව මට්ටකුණ්ඩලී කතා වස්තුව තුල යොදා ගැනීමද ශ්‍රාවකයාට මෙන්ම පාඨකයාට ද හාස්‍ය උපහාසය ජනනය වන අවස්ථාවක් ලෙස දැක්විය හැකිය.
තවද මට්ටකණ්ඩලයගේ පාණ්ඩු රෝගය සුව කිරීමට අවශ්‍ය වේලාවේදී වෛද්‍යවරුන් ගෙන්නුවේ නැතුව රෝගය උස්සන්න වූ අවස්ථාවේදී පිළියමක් වශයෙන් වෛද්‍යවරුන්ගෙන් වීම ධර්මසේන හිමියෝ දක්වා ඇත්තේ,
"ආදා යවා තබාලා වල්පත ගත්තා සේ"
යනුවෙනි. මෙහිදී ආදාට යන්නට ඉඩ හැර වල්ගය ගත්තා සේ යන්න ගැමි ව්‍යවහාරයෙන් උපුටා ගත් උපමාවකි. මෙම උපමාවෙන්ද හාස්‍ය උපහාසය ජනනය වන ආකාරය දැකගත හැකි වේ.
තවද අදින්න පුබ්බකගේ මසුරුකම හාස්‍ය උපහාසයකින් යුතුව ධර්මසේන හිමියන් පෙන්වා දෙන්නේ මෙසේය. එනම්,
"ආභරණ කරවන්ට බඩාල් කෙනෙකුන් ගෙනාවොත් කර්මාන්ත කරවන තෙක් දවස් උන්ට බතුත් දිය යුතුය. එසේ කලට නැකත් වී සාල් වියදම් වෙයි.."
යනුවෙනි. මෙම නිදසුනින්ද පෙනීයන්නේ අදින්න පුබ්බකගේ මසුරුකම හාස්‍යයෙන් හා උපහාසයෙන් යුතුව ධර්මසේන හිමියන් ඉදිරිපත් කර ඇති ආකාරයයි.
සද්ධර්ම රත්නාවලියෙහි ඇති මට්ටකුණ්ඩලේ කතා වස්තුවෙහි ධර්මසේන හිමියෝ හාස්‍ය උපහාසය හා අනුකම්පා රස ඉස්මතු වන ආකාරයට අවස්ථා හා සිද්ධි නිරූපණය කර ඇති අතර කුණ්ඩලකේෂී කතාවස්තුවෙහිද හාස්‍ය, උපහාසය හා අනුකම්පා රස ඉස්මතු වන අවස්ථා හා සිද්ධි ඉදිරිපත් කර ඇත. ඒ අනුව කුණ්ඩලකේෂී කතා වස්තුවෙහි ධර්මසේන හිමියන් මෙසේ දක්වා ඇත.
" සිටුදුවණියෝ එවක් පටන් ඔහු සිත් ගන්ට සම්භරණ ලා සැරහීගෙන තුමූ ම ඕහට බත් මාළු පිසති, කවති, පොවති, ඉස සෝදවතී, නාවති.."
යනුවෙනි. මෙයද ද ධර්මසේන හිමියන් විසින් මනා ලෙස ශ්‍රාවකයාට මෙන්ම පාඨකයාට හාස්‍ය උපහාසය දනවන අයුරින් යොදාගත් අවස්ථාවක් ලෙසට නිරූපණය කළ හැකිය. මෙහිදී සිටුදුවනිය වන කුණ්ඩලකේෂී කිසිම ආදරයක් නැති සොරකුගේ හිත් දිනා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදේ. මෙහිදී අනුකම්පා සහගත බවක්ද පාඨකයාට මෙන්ම ශ්‍රාවකයාගේ සිතට නැගෙයි.
තවද ධර්මසේන හිමියන් විසින් කුණ්ඩලකේසියගේ චරිතයේදී තවත් අවස්ථාවකදී හාස්‍ය හා උපහාසය අනුකම්පා රසය ජනය වන ආකාරයේ උදාහරණයක් මෙසේ විමසා බලමු.
" ලෙඩක් නිසා දැයි විචාරා නැත'යි කී කල්හි දෙමාපියන්ගෙන් මුසුප්පුවක් ඇති නියා දැ'යි විචාරා නැතැ' යි කී කල්හි.."
මෙහිදී කුණ්ඩලකේෂිය සොරාගෙන් ප්‍රශ්න අසයි. එහිදී ඔහු ඕනවට එපාවට පිළිතුරු දෙයි. සද්ධර්මරත්නාවලියෙහි කතු හිමියන් පෙන්නුම් කරන්නට උත්සාහ දරා ඇත්තේ මෙම අවස්ථාවේදී කොණ්ඩලකිය සේ චරිතය පිළිබඳ අනුකම්පා සහගත රසයකි. සොරාගේ චරිතයෙන් උපහාසාත්මක නැතහොත් හාස්‍ය උත්පාදනයකි.
ඒ අනුව සද්ධර්මරත්නාවලී කතුවරයා වන ධර්මසේන හිමියන් විසින් මට්ටකුණ්ඩලී කතා වස්තුවෙහි හා කුණ්ඩලකේෂි කතා වස්තුවෙහි ශ්‍රාවකයාට මෙම පාඨකයාහට හාස්‍ය උපහාසය හා අනුකම්පා රස ඉස්මතු වන පරිදි අවස්ථා හා සිද්ධි ඉදිරිපත් කර ඇති අන්දම මනා ලෙස නිරූපණය වේ.
තවද ශ්‍රව්‍ය ගෝචර රටාව මුල්කරගෙන රචනා කරන ලද මෙම ග්‍රන්ථයෙහි බොහෝ තැන්වලින් හාස්‍ය රසය මතු කර ගත හැකිය. සමාජයේ දුර්වලතැන් උපහාසයට ලක් කිරීම තුළින් උපහාස රසයද ඉස්මතු කර ඇති ආකාරය සද්ධර්මරත්නාවලියෙහි මට්ටකුණ්ඩලී හා කුණ්ඩලකේෂි කතා වස්තු දෙකෙහි දක්නට ඇත.
D. ඉෂානි සදුනිකා
උසස් පෙළ කලා අංශය
Key words
සද්ධර්මරත්නාවලිය විචාරය 04 pdf
සද්ධර්මරත්නාවලිය හාස්‍ය හා උපහාසය විචාරය
සද්ධර්ම රත්නාවලිය විචාරය 04 pdf download
Saddarma rathnavaliya vicharaya pdf
සද්ධර්මරත්නාවලිය පුරාතන ගද්‍ය විචාරය
පුරාතන ගද්‍ය විචාර උසස් පෙළ pdf
Comments