කොළඹ යුගයේ දෙවන කවි පරපුර නියෝජනය කරන සාගර පලන්සූරිය කවියා විසින් රචිත "ඉගිලෙන සිහින" පද්‍ය පන්තිය පිළිබඳව රසාස්වාදයක යෙදෙන්න.
කොළඹ යුගයේ දෙවන පරපුර නියෝජනය කරන සාගර පලන්සූරිය හෙවත් "කේයස්" කවියා විසින් රචිත "ඉගිලෙන සිහින" පැදි පෙළ සඳහා වස්තු විෂය බවට පත් වී ඇත්තේ කුරුළු කැදැල්ලක මවුපිය සෙනෙහස, රැකවරණය හා පෝෂණය මත හැදුනු වැඩුණු කුරුලු පැටවකු තුළ නිදහසේ පියඹා යන්නට ඇති වූ දැඩි ආශාවකි. කවියා මෙය සංකේතාත්මක පැදි පෙළක් ලෙස ගෙනහැර දක්වයි.
කෙතරම් සෙනෙහස ආදරය රැකවරණය යටතේ ජීවත් වූවද මිනිස් සන්තානගත සිතිවිලිවල ස්වභාවය අනුව නිදහසේ ජීවත්වීමට නැඹුරුතාවයක් දක්වයි. එකී යථාර්ථය කුරුලු ලෝකය ඇසුරෙන් සංකේතාත්මකව අවලෝකනය කරන්නට කවියා අරමුණු කොට ගනී. කවියා ස්වකීය පැදි පෙළ සහෘදයා හමුවට ගෙන එන්නේ සරල සිව්පද ආකෘතිය මුල් කර ගනිමිනි.
ඇත මේ කුරුලු කූඩුව උස ගහක බෙනේ
නැත උවදුරක් මෙහි මෙතුවක් පහළ වුණේ
පැටවගෙ කුඩා දෙනෙතට නිල් අහස පෙනේ"
කවියා සිය පැදිපෙල ආරම්භ කරන්නේ කුරුළු පැටවා ජීවත්වන පරිසරය අපූරුවට සිතුවම් කරමිනි. ඒ සඳහා සරල සුගම බස් වහරක් උපයුක්ත කොටගෙන තිබේ. "මිනිසා නගන කටහඬ නොම වැකෙන කනේ" යනුවෙන් මිනිස් කටහඬ පවා නොඇසෙන ස්ථානයක කුරුලු කූඩුව පිහිටා තිබීමෙන් කිසිදු අනතුරක් අන්තරාවක් සිදු වීමට ඉඩකඩක් නොමැති බව හඟවයි. කවියා මෙයින් ධ්වනිතාර්ථවත් කරන්නේ නිදහසේ සාමකාමීව ජීවත් වන්නට කුරුලු පැටියාට ඕනෑතරම් ඉඩකඩ සැලසී ඇති බවයි.
මවුපිය රැකවරණය යටතේ කිසිදු අතුරු ආන්තරාවක් නොමැතිව සෙනෙහස සුව සිසිල විදිමින් ජීවත් වන්නට කුරුලු පැටවාට හැකි වූවද නිදහස තරම් සුවයක් එහි නොමැත.
කුරුළු නිවහන තුළ කුරුළු මවගේ උතුරා යන සෙනෙහසේ සුව සිසිල විඳිමින් ජීවත් වූවද එයට රිසිවී සිටින්නට කුරුළු පැටියාට ඇල්මක් නැත. " පැටියා කැමති නැත සිරවී සිටින්නට යන්නෙන් එය ගෙනහැර දක්වා තිබේ. නිදහසේ සුව විඳින්නට සතා සිවුපාවා පමණක් නොව ඕනෑම ජීවියෙකු ප්‍රිය කරන බව කවියා ගෙනහැර දක්වයි.
උන්ගේ ආලයේ වෙසෙතත් ගජමුතුව
පැටවගෙ දෙනෙත පවතී කවදත් රතුව
සැපතක් ඔහුට නැත ඉගිළෙන්නට නැතුව"
කුරුලු පැටවා ඉතා පටු සීමාවකට කොටු කර ඇති බව පැටියා සිතයි. මවුපියන්ගෙන් ලැබෙන අසීමිත ආදරය රැකවරණය ඉමහත් වටිනාකමකින් යුතු බව කවියා දක්වන්නේ "උන්ගේ ආලයේ වෙසෙතත් ගජමුතුව" යන රූපකාර්ථවත් යෙදුම උපයෝගී කර ගනිමිනි.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
මවුපියන් ස්වකීය ලෙයින් මසින් සැදුනු දරුවන් කෙරෙහි දක්වන්නේ අසීමාන්තික සෙනෙහසකි. එසේ සෙනෙහස මෙලොව කිසිවෙකුටත් ලබාදිය නොහැක්කකි. කැදැල්ලෙන් පිටව ගොස් ආහාර සොයා තම කටින් රැගෙන ගෙන එන කුරුළු මව එම ආහාර දරුවාගේ කටෙහි තබන්නේ උතුරා යන සෙනෙහසකිනි. කොතරම් සෙනෙහස ලැබුණද කුරුළු පැටවා කූඩුවෙන් පිටව යාමට සිහින දකී. "ඉගිලෙන සිහින පිට මං කළ නොහැක සිතින්" යන්නෙන් කවියා ගෙනහැර දක්වා ඇත්තේ එයයි.
කැදැල්ලේ සිට හාත්පස බලන කුරුලු පැටවාට අවට ලෝකයේ උවදුරු රැසක් ඇති බව වැටහෙයි. එනමුදු කැදැල්ලෙහි සිරවී සිටීමට වඩා එය සැපතක් යැයි සිතයි. පැටවා කැදැල්ලේ වෙසෙන්නේ සිතේ සතුටකින් නොවේ. කුරුලු පැටවාගේ සිත තුළ පමණක් නොව මෙම සිතුවිලි මනුෂ්‍ය ලෝකයේ කුඩුම්භයක ජීවත්වන දරුවන් තුළ ද දැකිය හැකි වේ. වැඩිහිටියන්ගේ ලෝකයේ දරුවන් සදාකාලික සිරකරුවන් නොවන බවත් දෙමව්පියන්ගේ උත්සාහය නිර්ධක බවත්, එය සමාජයේ ප්‍රගමනයට අත්‍යවශ්‍ය වූවක් බවත් කවියා ව්‍යංගාර්තව ඉදිරිපත් කරයි.
මේ රැකවරණය තුළ ඇති සුවසිරි දුකෙක
උවදුරු දිගේ යන දිග මාවත මිසෙක
නිදහස කරා යන වෙන පාරක් කිමෙක"
නිදහසේ අයිතිය ඕනෑම කෙනෙකුට උරුම වන්නේ ඒ සඳහා කැපකිරීම් සිදුකළ තරමටය. "සටනක් නැතිව සැපතක් ඇතිවිය නොහැක" යන්නෙන් ගම්‍යමාන කොට ඇත්තේ ඒ යථාර්ථයයි. කවියා ස්වකීය පැදි පෙළෙහි නිමාව සනිටුහන් කොට ඇත්තේ ලොව සදාතනික යථාර්ථයක් ගෙනහැර දක්වමිනි. එනම් කෙතරම් සැපවත්ව සෙනෙහසින් ඇති දැඩි කළද ස්වකීය දරුවන් නිදහස අවශ්‍ය වූ විට ඉන් පිට මං වී යන බවයි. මව්පියන්ගේ අකමැත්තෙන් වුවද එය සිදුවන්නකි.
කවියා ස්වකීය පැදි පෙළ සහෘදයා හමුවට ගෙන එන්නේ සරල බස් වහරක් උපයුක්ත කොට ගනිමිනි. එය වයස් භේදයකින් තොරව කාටත් වැටහෙන බසකි. එමෙන්ම ධ්වනිතාර්ථවත් අවස්ථාද උපයුත්ත කොටගෙන තිබේ.
"පැටවාගේ දෙනෙතට නිල් අහස පෙනේ"
"පැටවා කැමති නැත සිරවී විසිල්ලෙහි"
"සිතුවිලි නිසා ඇති නිදිබර ගතිය හැරී"
"සටනක් නැතිව සැපතක් ඇතිවිය නොහැක"
යන අවස්ථා කුරුළු පැටියාගේ චිත්තාභ්‍යන්තරය ධ්වනිතාර්ථවත් කරන අවස්ථාවේ. "උන්ගේ ආලයේ වෙසෙතත් ගජමුතුව" යන්න සංකල්ප රූප නංවන රූපකාර්ථවත් අවස්ථාවකි. "කුරුලු පොරය" යන්නෙන් ලැබූ නිදහසේ සතුට ද "අරුණලු " යන්නෙන් නව ආලෝකය ද "නිල් අහස" යන්නෙන් නිදහස ද සංකේතාත්මකව ඉදිරිපත් කර ඇති බව පෙනී යයි.
සමස්ථයක් ලෙස ගත් කල සාගර පලන්සූරිය කවියාගේ "ඉගිළෙන සිහින" පැදි පෙළ මව් පිය දූ දරු පරම්පරා ගැටුමක් සියුම්ව නිරීක්ෂණය කරන පැදි පෙළක් ලෙස අගය කල හැකිය.
උසස් පෙළ කලා අංශය
කු / තිසෝගම ජාතික පාසල
Comments