Skip to main content

Follow on YouTube

සිංහල රචනා 2 - සාහිත්‍ය හා ජීවිතය රචනාව

නූතනයේ මිනිසා සාහිත්‍ය විෂයන්ගෙන් ඈත් වෙමින් පවතී. සාහිත්‍ය හැදෑරීමේ වැදගත්කම පෙන්වා දෙමින් වචන 250 කට නොඅඩු රචනාවක් ගොඩ නගන්න.

සාහිත්‍ය හා ජීවිතය 

"සාහිත්‍ය සංගීත කලා විහීන:
ශාක්ෂාත්පශුපෘච්ඡ විශානහීන:
තෘණන්නකාදං නපි ජීවමාන:
තද්භාගදේයං පරමං පශූනං: "

" යමෙක් සාහිත්‍ය සංගීතය කලාව නොදනී ද ඔහු සිවුපාවකු හා සමානය. ඒකා තණ නොකා ජීවත් වීම සිවුපාවන්ගේ වාසනාවකි" සමාජය විනිවිද දැකීම නැතහොත් සියුම් ලෙස අවබෝධ කරගැනීම යනු අතිශය සූක්ෂම සංවේදී කාරණයකි. අප නොමග යවන සාවද්‍ය සංසිද්ධීන් නිරවද්‍ය සත්‍ය කාරණා ලෙස පෙනී යාම මෙහිදී සඳහන් කළ යුත්තකි. පෙනෙන දෙය තුළත් නොපෙනෙන හඳුනාගත නොහැකි ප්‍රපංචයනුත් අතර ඇත්තේ ආසට පොළොව මෙන් ඉතාම දුර සම්බන්ධතාවයක් බව පැහැදිලිය. මෙම සංකීර්ණ සමාජ රටාව තේරුම් ගැනීමට උපකාරී වෙන අසිරිමයක් දැනුම් වේදයකි සාහිත්‍යය.

සාහිත්‍යය පැති ගණනාවකින් අපට උපකාරී වේ. එක් අතකට සාහිත්‍යකරුවා කරන්නේ සමාජය සමඟ සංවාදයකි. එම සංවාදයේදී පුද්ගලයන් තේරුම් ගැනීම මෙන්ම ඔවුන් නිශ්චිත අරමුණක් වෙනුවෙන් හැඩ ගැස්වීමටද සාහිත්‍යයට හැකිවේ. අනික් අතට එම සංවාදයේදී කුමන හෝ සමාජ චල්‍යතාවයක් හදුනාගත හැකි වීම වැදගත් වේ. පුද්ගලයාගේ ආකල්ප හෝ සමාජයේ පවතින සංස්ථාවන් අතර දැකිය හැකි මේ ස්වභාවය විපරිණාමය පෙරළා මිනිස් ජීවිතවලට බලපාන්නේ කෙසේද යන කරුණ සාහිත්‍යකරුවා අතින් සූක්ෂමව විවරණය වන්නකි. සාහිත්‍ය හා මානව සමාජය අතර ඇති අවියෝජනීය සම්බන්ධතාව මානව ජීවිතයේ ආරම්භයේ සිටම පැහැදිලි කරගත හැකි වේ. බිලිදෙකු වැඩි වර්ධනය වන්නේ මවකගේ ළයාන්විත ගීයක් රස විඳිමිනි. එතැන් පටන් මරණය දක්වාම අපට මුහුණ දීමට තිබෙන සෑම සිදුවීමක් සමගම බැදුණු සාහිත්‍යයක් මිනිසා සන්තකව පවතී.

සාහිත්‍යය ආත්මයේ සහ පෞරුෂත්ව ‍අධ්‍යාපනයේ ප්‍රබල ප්‍රභවයකි. කලාත්මක ප්‍රතිබිම්බ හෙළිදරව් කිරීම තුළින් සාහිත්‍ය අපට යහපත හා නපුර සත්‍ය සහ අසත්‍යය පිළිබඳ සංකල්ප ලබා දෙයි. කිසිදු තර්කයක් ඉතාමත් චතුර ලෙස තර්ක කිරීමත් වඩාත් ඒත්තු ගැන්විය හැකි සත්‍ය කරුණක් ලෙස ඈදා ගන්නා ලද ප්‍රතිරූපයක් මෙන්ම මනසට එවැනි බලපෑමක් කළ නොහැක. සාහිත්‍යයේ ශක්තිය හා වැදගත්කම මෙයයි. එමෙන්ම සාහිත්‍යය යනු සුව කළ හැකි බලවත් ආයුධයකි. එම සාහිත්‍යයෙන්ම අපට ස්වයං දියුණුවේ මාර්ගයද පෙන්වයි.


ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.



එමෙන්ම සාහිත්‍යයේ ප්‍රභේද ගණනාවක් පවතී. එනම් ගද්‍ය සාහිත්‍ය, පද්‍ය සාහිත්‍යය හා දෘශ්‍ය සාහිත්‍යය යනාදියයි. සාහිත්‍ය නව පරම්පරාවන්ගේ හැදී වැඩීමට හා සංවර්ධනයට දායක වන අතර අනාගත පරම්පරාව සඳහා තමන්ගේම කැපී පෙනෙන සලකුණක් තබමින් මානව දියුණුව සඳහා නව ක්ෂිතිජයන් විවෘත කිරීමට උපකාරී වේ. සෑමක් අයෙකුගේම ජීවිතයේ පොත්පත් සාහිත්‍යය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. කෘතීන් කියවීමෙන් පසු වසර ගණනාවක් මුළුල්ලේ අනාගතය දෙසටත් අතීතය දෙසටත් විවිධ ස්වාභාවික සුන්දරත්වයන් නිරීක්ෂණය කිරීමටත් සිත් ඇදගන්නා සුළු සිදුවීම් දැකබලා ගැනීමටත් මුළු යුගයක් හරහා ගමන් කිරීමටත් අපට අවස්ථාව උදාවී ඇත.

සාහිත්‍ය ජනප්‍රිය කරවීම උදෙසා පාසල් විෂයක් ලෙස අනිවාර්ය කිරීම, සාහිත්‍ය සංගම් පැවැත්වීම, සාහිත්‍ය උත්සව පැවැත්වීම, මෙන්ම ජනමාධ්‍ය මගින් ද සාහිත්‍ය ජනප්‍රිය කිරීමටත් කටයුතු කළ යුතුය. කුඩා පහන් එළි සිය ගණනාවකින් විශාල ආලෝක ප්‍රභවයක් නිර්මාණය කළ හැකි බව අපි දනිමු. ඒ ආලෝකය සමාජයේ වසා පැතිරෙන යම් ඟනදුරක් වේ නම් එයද පලවා හැරීමට හේතුවක් වනු ඇතැයි මාගේ විශ්වාසයයි. සාහිත්‍ය නම් වූ පහන් එළියෙන් අපි අපේ ජීවිතය ආලෝකමත් කර ගනිමු.


- විදුෂි නතාෂා -
(සංඝමිත්තා බාලිකා විද්‍යාලය
කිරිඳිවැල)





Key words 

සාහිත්යයේ වැදගත්කම රචනා
සිංහල සාහිත්‍යයේ වැදගත්කම රචනාව 
සාහිත්‍යයේ වැදගත්කම රචනා pdf
සාහිත්ය රචනා
සිංහල සාහිත්ය යනු කුමක්ද
සාහිත්ය හා ජීවිතය රචනා
සිංහල සාහිත්ය රචනා
සාහිත්ය යනු කුමක්ද
සාහිත්ය වැදගත්කම
සාහිත්යයේ වැදගත්කම රචනා
සාහිත්ය යනු pdf
සාහිත්ය රචනා


1
2