ලාල් හෑගොඩ ශූරින්ගේ සතුට පද්‍ය පන්තිය රසාස්වාදය
ලාල් හෑගොඩ ශූරීන්ගේ සතුට පද්‍ය පන්තියට අනුභූතිය වී ඇත්තේ පුද්ගල සිතේ නිතර ඇතිවන චංචල ස්වභාවයයි. පුද්ගල ආධ්‍යාත්මය පිළිබඳ ගවේෂණ ශීලී වන ලාල් හෑගොඩ කවියා නිදහස් කාව්‍ය ආකෘතියෙන් සතුට පද්‍ය පන්තියේ අනුභූතිය ප්‍රති නිර්මාණය කරයි. එහිදී ලාල් හෑගොඩ ශූරීන් උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය යොදා ගැනීමද සතුට පද්‍ය පන්තියේ අනුභූතියට ඉටු කල සාධාරණය කි. ලාල් හෑගොඩ කවියාගේ අරමුණ වන්නේ සතුට පද්‍ය පන්තිය රසවිදින සහෘදයාහට ජීවිතාවබෝධය ලබාදීම යි.
දැවටෙන්නේ සේද සළුවක් සේ
සතුටු සිතුවිල්ලක් මිස
සිත පුරා "
ලාල් හෑගොඩයන් පවසන පරිදි ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව හමායන සුළග ගත කිළිපොළවන සුළුය. ඇතුළාන්තයට කිදා බසින අමුතුම සිසිලස කි, සතුටකි. ඒ තුළ කථකයාට අමුතුම ආස්වාදයක් දැනෙයි. එහෙත් ඒ සිරිපා සීතලම නම් නොවෙයි. සේද සළුවක් සේ ගත දැවටෙන්නේ සිතේ ඇති චමත්කාරයයි. එහිදී ලාල් හෑගොඩ කවියා යොදා ගන්නා උපමාව ඖචිතය ගුණයෙන් අනූනය.
කථකයාට සිත ගත පිනා යන අපූරු ආස්වාදයක් දැනෙයි. එය ලාල් හෑගොඩයන් පවසන පරිදි අලුත් ලෙයක් නහර වැල් දිගේ ගලන්නාක් මෙනි. මෙහි මීට පෙර ලෙයක් ගැලූ බවද අලුත් ලෙයක් යන්නෙන් ධ්වනිතාර්තවත් වෙයි. "අළුත් මල් පිපී තිබෙයි නම් නොදත්" මෙහි දිසි අරුථ වන්නේ ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව පිපී තිබෙන මල් වල නම් නොදන්නා බවයි. එහෙත් යටි අරුත තුල අලුත් ආදරණීය හැගීමක් සිත තුලට ඇතුළු වූ බව සතුට පද්‍ය පන්තිය රචනා කරන ලාල් හෑගොඩ කවියා ධ්වනිත කරයි. සිත සැහැල්ලු වූ විට, සොම්නසින් පිරුණු විට ඇසෙනා ඝෝෂාව පවා ලයාන්විතය. ලාල් හෑගොඩයන් හටද ශ්‍රී පාද බැතිමතුන්ගේ හඬ ඇසෙන්නේ ලයාන්විත ස්වරයකිනි. ගතේ සිතේ වෙහෙසද නිවී යයි. කිසිදු විඩාවක් ඇති නොවෙයි. ඒ සිතේ ඇති වූ චමත්කාර ජනක හැගීම ඒ මේ අත දෝලනය වන නිසයි. "නිමිත්තක් නැති සතුටකි" ලාල් හෑගොඩයන් යොදන මෙම යෙදුම වූ කලී සතුට පද්‍ය රසවිදින පාඨකයා තුල කුතුහලය තීව්‍ර කිරීමට සමත් වූවකි.
සිත තුළද සැරි සරමි
නිමිත්ත සොයා මේ සතුටු හැඟුමේ"
ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව උප සංස්කෘතිය මතුවන ආකාරයට ලාල් හෑගොඩ කවියා සතුට පද්‍ය පන්තිය නිර්මාණයේදී පද යොදා ගනී. "කරුණා කරමින්" , "කරුණා හඬෙහි" යන යෙදුම් ඒ සඳහා කදිම උදාහරණ ලෙස ගත හැකිය. පහළට කරුණා කරන කථකයාගේ සිත අවිනිශ්චිත හැඟුමෙන් පිරී ඇත. සිත සිත තුලම සොයන්නේ මේ සතුටු හැඟුමේ නිමිත්තයි. එය සතුට පද්‍ය රසවිදින සහෘදයාට පසක් කර දෙන්නට යොදා ගන්නා උපමාවද ඖචිතය ගුණයෙන් යුක්ත ය. අමතක වූ වචනයක් මෙන් සිතක ඇතිවන අවිනිශ්චිත සිතුවිල්ලක දෝලනය කදිමට නිරූපණය කරන්නට ලාල් හෑගොඩ කවියා සමත්ය. මෙහි අවිනිශ්චිත බවේ තරම "කොයිබ සිට ආවේ ද", "කොයි වෙසින් ආවේ ද" යන යෙදුම් තුල වඩාත් ධ්වනිතාර්ථවත් වේ.
ඝණ්ඨාර හඬ මැවේ
සිත රැගෙන ගියා ආපහු
අමතක අඳුරු වලා බිදිමින්"
ද්වන්ද සිතුවිල්ලක පැටළුණු සිතක යථා ස්වරූපය ලාල් හෑගොඩ කවියා මැනවින් නිරූපණය කරයි. සිත කෙතරම් පැටලී ඇද්ද කිවහොත් සමීපයේ ඇසෙන ඝණ්ඨාර හඬද ඇසෙන්නේ ඈතින් මෙනි.
"සිත නැවත දිව යයි ශ්‍රී පාද මළුවට"
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
මෙහිදී ලාල් හෑගොඩ කවියා යොදා ගන්නා "අමතක අඳුරු වලා" යනු ප්‍රබල රූපකාර්ථයකි. මෙතෙක් පැවති කුතුහලය සිද බිද දමන ලාල් හෑගොඩ කවියා මේ පැටලවිල්ලට හේතුව සතුට පද්‍ය පන්තියේ අනුභූතිය හෙළිදරව් කරයි.
දුම්බර සිට ආ නඬයක් මැද හිද
සිනා සුනා දැරියක්
හිරිමල් සිනා පා "
කුතුහලය නිමා කරමින් කථකයාගේ සිතේ ඇති වූ චමත්කාරයට හේතු වූ කරුණ ලාල් හෑගොඩ ශූරීන් හෙළිදරව් කරනුයේ මෙලෙසිනි. එනම් තරුණියකගේ නෑඹුල් සිනාවයි.
අනුභූතිය, සහෘදානුභූතියක් බවට පත් කිරීමෙහිලා ලාල් හෑගොඩ කවියා සතුට පද්‍ය පන්තිය තුල යොදා ගන්නේ සරල බස් වහරකි. සතුට පද්‍ය පන්තිය තුළ යොදා ගන්නා එකම උපමාවද ඖචිතය ගුණයෙන් යුක්තය. "දැවටෙන්නේ සේද සළුවක් සේ" යනු එයයි. මෙහි "මල්" යනු ප්‍රබල සංකේතාර්ථයකි. කරුණා හඬෙහි, කරුණා කරමින් වැනි යෙදුම් තුළින් ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත උප සංස්කෘතිය මනාව නිරූපණය කර ලාල් හෑගොඩයන් විශ්වාසනීයත්වය ද ගොඩ නගයි. "අමතක අඳුරු වලා" යනු ප්‍රබල රූපකාර්ථයකි. සංෂිප්ත භාවය ද කවි පන්තියට ආලෝකයකි. සමස්ථයක් ලෙස ගත් විට ලාල් හෑගොඩ ශූරීන්ගේ සතුට පද්‍ය පන්තිය අති සාර්ථක පද්‍ය නිර්මාණයක් ලෙස අගය කල හැකිය.
- දිසල්ජා කෝණාර-
Comments