පුද්ගල සිතෙහි ක්‍රියාකාරීත්වය පිළිබද විනිවිද දකිමින් සිදු කළ මනා විවරණයක් චන්දකින්නර ජාතකය තුළ දක්නට ලැබේ. උදාහරණ ඇසුරින් විමසන්න.
"මිනිසෙකු වසර 200ක් ජීවත් වීමෙන් ලැබිය හැකි අත්දැකීමත්, මානව චරිත පිළිබද අවබෝධයත් ජාතක පොත වරක් කියවීමෙන් ලද හැකිය "
හෙළදිව මහා ගත් කරු වූ මාර්ටිං වික්‍රමසිංහයන් දැරූවේ ජාතක කතා පොත පිළිබදව මෙවන් අදහසකි. එය කෙතරම් සාධාරණ ද යන්න ජාතක කතා කිහිපයක් ඇසුරු කළ අයෙකුට වූවද මනාව වැටහෙනු ඇත. ජාතක පොත යනු සාරධර්ම අගයන සමාජයක් ගොඩ නැගීමෙහී ලා මිනිස් චින්ත සන්තානයට ලබා දුන් දිව්‍ය ඖශධයක් වැන්න.
මනුශ්‍ය චිත්ත අභ්‍යන්තරය ස්පර්ශ කරමින්, එහි යථා ස්වභාවය හුවා දක්වමින් කථා කීමට ජාතක කතා කරු තරම් වෙන කිසිවකු සමත් වී නැත. මිනිස් සිත ඉතා ගුප්තය. එහි ක්‍රියාකාරීත්වය පිළිබද විනිවිද දකිමින් එය මනාව විවරණය කිරීමට කුරුණෑගල යුගයේ බිහි වූ ජාතක කතා පොතෙහි එන චන්දකින්නර ජාතකය ඇසුරින් කතා කරුවා ගත් උත්සාහය විමසා බැලීම යුක්ති යුක්ත වේ.
"එසද බරණැස් රජ්ජුරුවෝ ඒ ගායනා ශබ්ධය අසා පියසන් නො ඇසෙන සේ සෙමෙන් අවුදින් ලිය කිදුරානන් උන් නියාවද නටමින් සිටි කිදුරංගනාවන් දැක පිළිබද සිත් ඇතිව මේ කිදුරා විද දිවි තොර කොට මෑ සමග වාසය කරමී' යී සිතා සැගව සිට කිදුරාට හීයක් විද්දේය"
පුද්ගලයාගේ චිත්ත අභ්‍යන්තර ක්‍රියාවලිය සිදු වන ආකාරය සාමාන්‍ය අයකුට අනුමාන කිරීමට ඉතා අසීරූ කටයුත්තකි. බ්‍රහ්ම දත්ත රජුගේ චිත්ත ක්‍රියාවලියද ඔහු පිළිබඳ බාහිරින් බලන්නෙකුට සිතාගන්නට නොහැකි විය හැකිය. නමුත් පුද්ගලයකුගේ සිත ඉහත කී ආකාරයට ක්‍රියා නොකරනු ඇතැයි කාට නම් කිව හැකිද ? සිතෙහි ස්වභාවය එයයි. එම ස්වභාවය ජාතක කතා කරුවා කැඩපතකින් දුටුවා සේ විනිවිද දකිමින් විවරණය කර ඇත්තේ කෙතරම් අපූරුවටද ?
මුලු බරණැස් නුවරටම අගරජු වූ බ්‍රහ්ම දත්ත රජුට දඹදිව ඕනෑම රාජ්‍යකින් කුමාරිකාවක් තම බිසව කර ගැනීමට ධනය, බලය, කීර්තිය, තිබිය දී වනයේ දී දුටු තිරිසන් ස්ත්‍රීයක් පිළිබඳව ඇති වූ ආශාව නිසා ඇගේ සැමියා මරණයට පත් කරන්නේ ඉතා ක්ෂණික සිතුවිල්ලකට අනුවය. මෙවන් ක්ෂණික සිතුවිලි නිසා වර්ථමාන සමාජයේ වූවද මෙවැනි ඛේදනීය සිදුවීම් සිදු වන බව අපට ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබේ. ජාතක කතා කරු බරණැස් රජුගේ චරිතය ඇසුරෙන් විවරණය කළේ එවන් පුද්ගල චිත්ත ක්‍රියාකාරීත්වයයි.
"මේ ශෝක දුක්ඛය හුදෙක් මාගේ ජීවිත අපේක්ශාවෙන්ම නොවෙයි. මා මළ කල්හි මාගේ වියෝගශෝකයෙන් හඩා........ඒ ඒ තැන්හි හඬා ඇවිදිනා තිගේ අදෝනාකම් අපේක්ෂා දරන්නා වූ මම හඩන්නෙමි."
තමා මිය යන මොහොතේ පවා තමාගේ බිරිඳගේ හෝ ස්වාමීයාගේ සුබසිද්ධිය සිතන්නේ නම් ඒ පරමාදර්ශී ස්වාමියෙකි. බිරිදකි. මේ එවන් චරිතයක සිතේ ක්‍රියාකාරීත්වයයි. බෝධි සත්ත්ව කිදුරාගේ සිතුවිලි වලින් නිරූපණය වන්නේ සමාජයේ ජීවත් වන යම් යම් පුද්ගලයන්ගේ චිත්ත අභ්‍යන්තරයට කිදා බසිමින් ඒ තුළ පවතින ප්‍රේමය, රාගය, ද්වේශය, වෛරය වැනි සිතුවිලි ක්‍රියාත්මක වන ආකාරය ජාතක කතාකරු ගෙන හැර දක්වන්නේ විශිශ්ඨ මනෝ විද්‍යාඥයකු පරිද්දෙනි.
මෙහිදී ඔහුගේ ඥාණ විශයට හසු වන්නේ පුද්ගල ප්‍රේමයෙහි ස්වභාවය යි. සැබෑ ප්‍රේමය ආත්මාර්ථයෙන් තොරය. කිදුරාද ශෝක වන්නේ තමාගේ දිවි තොර වීම පිළිබද නොව තමාගේ බිරිඳ තමා මිය යාමෙන් පසු තම කින්නරාවියට සිදු වන විරහ වේදනාව පිළිබදව සිතමිනි.
"අවලක්ෂණ තෝ මා නිසා නිරපරාද වූ මාගේ සමණා මැරීද ? ඔහු කෙරේ ස්නේහයේ අඩා මියන පමණක් මුත් තොපට පාදපරිචාරිකා වීමෙක් ඒකාන්තයෙන් නොවෙයි......."
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
චන්දකින්නර ජාතකයේ කිදුරියගේ චරිතය සකල ලෝක වාසීන් සියළුම ස්ත්‍රීන් හට ආදර්ශයක් වන්නේය. ඒ ඇගේ සිතුවිලි ක්‍රියා කළ ආකාරය නිසාය. මිනිස් සිත ක්‍රියා කරන්නේ එක්කෝ යහපත් සිතුවිලි වලිනි නැත්නම් අයහපත් සිතුවිලි වලිනි. කිදුරිය මේ නිසා කෝපයකින් රජුට නිග්‍රහ කොට වචන පිට කරන්නේ ඇගේ සිතෙහි තම සැමියා කෙරෙහි තිබූ ප්‍රේමයේ තරමටය. සැමියා කෙරෙහි අසීමිත ස්නේහයෙන් කටයුතු කරන ඇය තම සැමියාට හී පහර විදි රජු කෙරෙහි දැවෙනා කෝපයෙන් කටයුතු කරන්නේය.
එපමණක් ද? සැමියා නැති ශෝකයෙන් හඬා වැලප මිය ගියත් රජුට බිසවක් නොවන බව සපත කරයි. මේ නම් තුන් කාලයටම වටිනා ආදර්ශයකි. අනියම් සැමියා නිසා තම සැමියා මරණ්නට කටයුතු කරන ස්ත්‍රීන් එදත්, අදත්, හෙටත් සිටී. එවන් ස්ත්‍රීන්ට කිදුරිය සපයන්නේ පරමාදර්ශයකි. ඇය දඹදිව රජ සැප කෙරෙහි ලොල් නොවන්නේ සැමියාට ඇති ප්‍රේමය නිසාවෙනි. කිදුරියගේ ඇති චිත්ත ස්වභාවය සැබෑ ප්‍රේමයක් ඇති ස්ත්‍රියකගේ සිතෙහි ස්වභාවය, ක්‍රියාකාරීත්වයට සමාන වේ. ජාතක කතා කරුවා එවන් ස්ත්‍රීයකගේ චිත්ත ස්වභාවයන් විනිවිධ දකිමින් විවරණය කරන්නේ ඒ ආකාරයට ය.
සමාජය සැදී පවතින්නේ විවිධාකාර මනෝභාවයන් සහිත පුද්ගලයන්ගෙනි. ඔවුන්ගේ හැසිරීම්, චර්යා රටා තීරණය වන්නේ සිතෙහි ක්‍රියාකාරීත්වය අනුවය. එවන් විවිධ චෛතසිකයන් විනිවිද දැකීමට ජාතක කතා කරුවා දැක්වූ විස්මිත හැකියාව ඉහත ආකාරයට චන්දකින්නර ජාතක කතාව ඇසුරින් සනාත කිරීමේ වරද කිම. නූතන මනෝ විද්‍යාඥයන්ගේ විග්‍රහ කිරීම් තුළ බ්‍රහ්මදත්ත රජු, කිදුරා, කිදුරිය වැනි චරිත ඕනෑ තරම් දක්නට ලැබේ. කෙසේ නමුදු මේ සියල්ලම කැඩපතකින් දුටුවා සේ විවරණය කිරීම අපූරුය. ජාතක පොත සර්වකාලීන අගයකින් යුතු වන්නේ ද මෙවන් විවරණයන් හේතු කොට ගෙනය.
- දිසල්ජා කෝණාර -
Key words
චන්දකින්නර ජාතක කතාව විචාරය
චන්දකින්නර ජාතකයේ විචාර
චන්ද කින්නර ජාතකයේ විචාරය pdf
චන්න කින්නර ජාතක කතාව විචාරය
චන්නකින්නර ජාතකයේ විචාරය
ජාතක කතා පොත මිනිස් සිතේ ස්වභාවය
මිනිස් සිතේ ගූඪ ස්වරූපය ජාතක පොත
Comments