ලක් මවුනි මගේ පද්‍ය පන්තිය රසාස්වාදය
අයර්ලන්තයේ සහ ඉතාලියේ ජාතික නිදහස වෙනුවෙන් ජාතික අභිමානය වෙනුවෙන් කටයුතු කළ ෂෙලී සහ බහිරන් යන දෙදෙනා තම කවිය අවියක් ලෙස ගෙන සටන් කිරීම තුලින් ජාතිකානුරාගය හා දේශානුරාගය ජනිත කළා සේම ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන් ද මෙරට අධිරාජ්‍යවාදීන්ගේ පාලනයට නතුව තිබූ කාලයේ දී මෙරට තොටිල්ලේ සිටින ළදරුවාගේ සිට වැඩිමල් ළදරුවාගේ දක්වා සිතට දේශානුරාගය දේශ මමත්වයක් එක් කිරීමට පද්‍ය රචනා යොදාගෙන ඇත. 'ලක් මවුනි මගේ' යන පද්‍ය පන්තිය එහි ලා අති විශිෂ්ට වූ පද්‍ය අලංකරණයකි.
තවද ලංකා මාතා, නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය, වැනි තවත් සුවිශේෂී වූ නිර්මාණ කොළඹ යුගයේ ප්‍රථම කවි තරංගයට අයත් වන ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන් ගෙන් නිර්මාණය විය.
'ලක් මවුනි මගේ 'මෙම පද්‍ය පන්තිය ලංකා මාතාව හෙවත් මාගේ අම්මා යන පද්‍ය පන්තිය ඉතාමත් අලංකාරවත් අයුරින් විවිධ අලංකාරයන් යොදා කවියා නිර්මාණය කරන්නට විය. මෙහිදී කවියාගේ සුවිශේෂී හැකියාවන් කැටි කොට මෙරට දනන්ගේ ජාතිකානුරාගය ජාතික මමත්වය ඇතිකරලීමට කවියා සමත් වේ.
සැ ප ති න් වැඩෙන පෙම්බර ලක් මවුනි මගේ
ල බ මි න් පිහිට ඉටු දෙවියන්ගෙනුත් සගේ
ය හ ති න් ඉන්න මල් බර සල් රුකක් වගේ"
'ලක් මවුනි මගේ' පද්‍ය පන්තියේ ඇති ඉහත සඳහන් කවිය තවත් විදේශිකයෙකු අතින් ලියැවුනා වූවත් ස්වදේශිකයෙකු අන්දමට ලියූ කවියෙන් පැහැදිලි වන්නේ කවියා ලංකාව නැමැති අම්මට කොතරම් ආලයක් අභිමානයක් ගෞරවයක් ඇතිද කියා නොවේද? .
කියා නිම කරන්නට නොහැකි සැප සම්පත් වලින් හෙබි මේ ශ්‍රී ලංකාව කෙතරම් උතුම් වූ භූමියක් ද යන වග කවියා ඉතා අලංකාරවත් ලෙස කවිය අවසානයේ දක්වා ඇත්තේ ලක් මව නම් වූ තමාගේ මාතාව සියලු කල්හිම යහතින් ඉන්න මල් බර සල් රුකක් වගේ වැජඹෙන්න යනුවෙන් ප්‍රාර්ථනාවක් එක් කරමිනි. එහි සරල තේරුම වශයෙන් තමාගේ අම්මා නම් වූ මෙම ශ්‍රී ලංකාව මල් වලින් පිරුණා වූ සල් රුකක් සේ සෑම කල්හිම වැජබෙන්න යන්න කවියාගේ උතුම් ප්‍රාර්ථනය විය. මෙම සල් ගස බුදුදහම හා ඉතා සමීප වන අතර මෙහිදී ආගමික භක්තිය වැනි උදාර හැගුම් කවියා ජනිත කරවයි. මෙසේ මෙය විවිධ රසයන්ගෙන් පෝෂණය කරනු ලැබ ඇති බව නොරහසකි. තවද එළිසමය රැකගෙන කවියේ අලංකාරවත් බව රැක ගැනීමට කවියා මහත් උත්සාහයක් දරා ඇත.
මු තු මිණි රනින් මට අත් වන පලේ කිම
පු තු වෙමි ඔබට උපදින හැම තැනේදිම
පැ තු මෙන් මගේ සිරි ලක් මව වදිම් මම"
ලංකාව තරම් උතුම් වූ වෙනත් රටක් දේශීයක් නොමැති බව කවියා විසින් ඉතා නිරවුල් ලෙස කවියට නගා ජාතිකානුරාගය, ජාතික ආලය, මමත්වය ඉතා අලංකාරවත් ලෙස කවිය තුළින් විදහා පෑමට උත්සාහ දරා ඇති බව නොරහසකි. ලංකාව නම් වූ මාතාව ළඟ සිටින විට මුතු, මැණික්, රන් ආදී ලොව වටිනා අගයන් ගන්නා දෙ තිබුණත් ඉන් පලක් නොමැති බව කවියා ඉතා අලංකාරවත් අන්දමින් කවියට යොදා ගෙන ඇත. කවියා පද්‍යය අවසානයේ දී දක්වා ඇත්තේ පැතුමෙන් වුවද නැවත යළි යළි ඉපදීමට තමා ප්‍රාර්ථනා කරන්නේ මේ සිරි ලක් මවගේ වී පමණි යන්නයි. එහි සුවිශේෂීත්වය වන්නේ අනෙක් සියලු දේ අභිබවමින් ලංකාව ඉහළ තැනක තැබීමට කවියා ගනු ලබන උත්සාහය යි.
ද හ අත ගලන ඔබගේ මහ කුළුණු ගති
ම හ තයි දිගයි ගම්බීරයි කියනු යුති
ම හ වැලි කැලණි කළු ගං ගල-ගලා යති"
ඉතා සුවිශේෂී ගංගාවන් සතර දිසාවට ගලා යාමෙන් රටම පෝෂණය කරවයි. ලංකා මාතාවගේ සශ්‍රීකත්වය සෞභාග්‍යය කවියා මෙහිදී සංකේත කර දක්වා ඇත. එසේම ජාතිය, ආගම, කුලය, භේද නොතකා කවියා මෙම 'ලක් මවුනි මගේ' යන පද්‍ය පන්තියෙන් දක්වනු ලබන්නේ ලංකාව නම් වූ සුන්දර ආස්වාදයන්ගෙන් හෙබි මාතාව සියලු සෑම කෙනෙකුටම සමානතාවයක් දක්වන බවය. තවද තම කවි රසය අලංකාරයට එළිසමය සෑම තැන්හිදීම භාජනය කරනු ලබයි. කවියේ මුල් අවස්ථාවේදී මෙන්ම, කවියේ අවසන් අවස්ථාවේදී ද එළිසමය භාවිතා කිරීම මගින් කවියේ ඇති ප්‍රාණීත්වය, අලංකාරත්වය වැනි කාව්‍යයෝපක්‍රම එහි රුචිකත්වය වර්ධනය කරනු ලබයි. අප්‍රාණික යෙදුම් ද භාවිත කරමින් කවිය අලංකාර කිරීමට ගත් උත්සාහය මහත් අගනේය.
පො ව මින් නලව නලවා ගන්වමින් දිරී
ලො ව ඔද වඩන නොකැළැල් පෙම් ගුණෙන් පිරී
ක ව රෙක් ඇද්ද මගෙ සිරි ලක් මවට සරි"
ලංකාව නම් උදාර මාතාවට සමාන කළ හැකි වෙනත් දේශයක් ලොව කොතැනක හෝ නොමැති බව කවියා එක එල්ලේ ඉදිරිපත් කරන බව අපට වටහා ගත හැකිය. සියලු සම්පත් වලින් හෙබි ශ්‍රී ලංකාව නම් වූ අපගේ උදාර මාතාව මෙලෙස අසම සම දේශයක් වී ඇත්තේ විදේශිකයෙකුට වීම සුවිශේෂී වේ. නිවන නම් බෞද්ධයා හට ඇති උත්තරීතර සැපතයි. එම සැපත ලබා දී මට සමත් සිරිලක් මාතාව තරම් පිංවත් දේශයක් තවත් නොමැත. මේ බව කවියා ඉතා අලංකාරයෙන් අන්දමින් අවධානය කරනු ලබන අතර එළිසමය අනුප්‍රාසය මනා ලෙස උචිත ස්ථාන වලට කවියා යොදා ගැනීම කවියේ ඇති අලංකාරභාවය වඩ වඩාත් අලංකාර කිරීමට තුඩු දෙන්නකි.
ඉ ඳු වා වඩා සමනොල මල් යහන් කුස
උ දු රා සමය කුල නිල බේ නපුරු විස
පු දු මයි ඔබ කවන සැටි සමගියේ රස"
ලොවුතුරා බුදුන් ගේ පාද ස්පර්ශයෙන් අති පාරිශුද්ධ වූ සමනල පර්වත මුදුනත් බුදු දහමින් සුපෝෂිත වූ ජන සමාජයත් ජාති, කුල මල, බෙදීම් නැමැති විෂ දුරු කර එක මවකගේ දරුවන් මෙන් මෙරට එක්සේසත් කරන්නට ලංකා මාතාව සමත් වන අයුරු කවියා පළ කරන්නේ මහත් අභිමානයෙනි. ඒ අනුව කවියා ලක් මවගේ ගුණ ශෝභාව සෘජුව නොපවසා ව්‍යංගාර්ථවත්ව පාඨකයාට දැනගැනීමට ඉඩ හැර ඇත.
කාව්‍ය අවසානය පිණිස මහින්ද හිමි ලක් ඉතිහාසයේ තුළ සිදු වූ අනුස්මරණීය සිදුවීමක් ස්මරණය කරන්නේය. ඒ වනාහි මහින්දාගමනයයි. මහින්ද හිමියන් මෙරට වෙනුවෙන් කර්ම දානයෙහි නියුක්ත වූ ආකාරය අපූරු සංකල්පනාව කින් කවියට නැගෙනුයේ මෙලෙසිනි.
ද ම් මි පෙවිය සිරිමත් ඔබ ගුණට නැමී"
එහි ලා ධර්මය මී පැණි ලෙස ගෙන ලක් මව සිරිමත් දියණියක ලෙස ගෙන අරහත් මිහිඳු හිමියන් මවක සේ ඈ වෙත නැමී දහම් නම් වූ මී පැණිය පෙව් මානුෂීය කවි දෙපෙළ තුළින් විග්‍රහ වේ.
ඒ අනුව කවියා මෙහි අවසන් කවි දෙපදය තුළින් මිහිඳු හිමියන් ලක් මවට පෙමින් පෙව් ධර්මය නැමැති මී පැණිය සිය මුවින් උරා බොමින් සමස්ථ ලෝකයාටම ප්‍රදානය කිරීමට පොරොන්දු වන්නේ මෙලෙසිනි.
අ ම් මෙනි එය ම මුළු ලෝකෙට පොවමි දෙමී"
සැබෑ ශ්‍රී ලාංකිකයෙකු ලෙසින් කාව්‍යය නිර්මාණයේ යෙදුණු ඇස් මහින්ද හිමියන් සොඳුරු පද සංගණනයේ දී ඇතැම් විට හැදින්වීමට අනුචිත ලෙසින් අම්මෙනි, මම, ආදී වදන් ඉදිරිපත් වූවද එය පැදියේ රස සුන්දරත්වය ඉස්මතු කිරීමට හේතුවක් වී ඇත.
සමස්ත පැදිපෙල පිරික්සන විට කවියා ලක් මව කෙරෙහි වූ භක්තිආදරය නංවමින් දේශානුරාගය, දේශ මමත්වය, උද්දීපනය කරන්නට ලක් මවුනි මගේ කවි පන්තිය භාවිතා කළ බව පෙනී යයි. කවියාගේ පද්‍ය රචනය රස වින්දනයට බුදුන් කියාදුන් කිරීමේදී ඒ සාර්ථකත්වයට පත් කිරීමෙහි ලා කවියා භාවිත කළ කාව්‍යෝපක්‍රම රචනෝපක්‍රම පිලිබද ඇගයීමක් කිරීම අවශ්‍ය වන්නකි. කාව්‍ය ආකෘතිය සැළකීමේ දී පැරණි කවීන්ගේ ආභාසයට අනුව යමින් සිව්පද ආකෘතියට ගැඹුරු වූ බැව් පැහැදිලිය. විශේෂයෙන් භාවිත කළ භාෂාව පිළිබඳ සැලකිල්ලට යොමු කිරීමේදී සරල සුමග යෙදුම් හැඟුම්බර අයුරින් මෙහි යෙදීමට සමත් ව ඇත. උපමා, රූපක අලංකාර
ගුණය රැකෙන අයුරින් අවස්ථානෝචිතව භාවිතයට කවියා බෙහෙවින් සමත් වූ ආකාරය අපූරුය. එළි සමය රැක ගැනීම කරුණු කොටගෙන යම් තැනක කාව්‍ය රසය ගිලිහෙන බවක් දැනුන ද, එය රසවින්දනයට හෝ අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් හානියක් සිදුවී නොමැති බව පැවසිය යුතුමය. ලංකා මාතාවට ගරු කරන දරු පරපුරක් නිර්මාණය කිරීමේ ලා මෙන්ම රට රැක ගැනීමේ උතුම් මෙහෙවරට උරදී කටයුතු කරන්නට අවශ්‍ය හැඟීමක් පාඨක හදවත් තුළ ජනිත කරවීමට ගත් කවියාගේ තවත් උත්සාහයක් මේ අනුව සාර්ථක වී ඇති බව තහවුරු කළ හැකිය.
සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යාම කවියාගේ අරමුණයි. ඒ අනුව කවිය අවියක් කරගත් ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන් මෙරට මවකගෙන් කිරි උරා බී වැඩි ලක් මවගේ දරුවකු ලෙසින් ජීවත්ව සිටි කෙනකු සේ අධිරාජ්‍යවාදීන්ගේ කුරිරු හස්තයට මේ ලක් දෙරණ අත්ව තිබූ සමයේදී තොටිල්ලේ නැලවෙන දරුවා සිට වැඩිහිටියා දක්වා ජාත්‍යනුරාගය දේශානුරාගය දේශමාමකත්වය හැඟීම් උද්දීපනය කරන්නට ගත් උත්සාහය මුල් කොටගත් "ලක් මවුනි මගේ" නිර්මාණය ඉටු වී ඇති බව ඉස්මතු කෙරෙන වටිනා ජීවන හරයන් සමුදායක් හදවත් කරා ගෙනයන සාර්ථක නිමැවුමකි.