බයානක රිය අනතුර වෙනදා අම්මා කූද්දන තුරුම අවදි නොවන මා අද අම්මාටත් පෙර අවදි වී පාන්දර හතර වන විට පාසල් යාමට සූදානම් වී අවසන් විය. අද මා තුල පාසල් යාමට තද නොඉවසිල්ලක් ඇත්තේ පාසලෙන් නුවරඑළිය බැලීමට විශේෂ චාරිකාවක් සූදානම් කර ඇති නිසාවෙනි. පොත් නැති වූවත් වෙනදාටත් වඩා විශාල වූ බෑගය කරේ දමාගත් මා තාත්තා විසින් විගසින් පාසලට ඇරලුවේ ය. යාලුවන් සියල්ලන්ම වාගේ මා යන විටත් පෝලිම් ගැසී බලා සිටී. පෝලිමේ මැද හරියේ සිටි මාගේ හොඳම යාලුවා ලඟට මා රිංගා ගත්තේ කාගේත් ඇස් වසාය. හැමෝම බස් රිය එන තුරු පෙරමං බලා සිටි නිසා පෝලිම පැණීම මට ඉතා පහසු විය. නොබෝ වේලාවකින් පැමිණි පාට පාට ලයිට් දැමූ බස් රිය කාගේත් සිත් තුල අර ගීතය සිහි ගන්වන්නට වීය. පංති භාර ගුරුතුමිය, නම් ලකුණු කරමින් අප සැම බස් රථය තුළට නැංගූ සැණින් මා යාලුවන් සමඟ හොඳම ශීට් එක තෝරන්නට විය. මා වීදුරුව අසල ශීට් එකක ටක්ගාලා වාඩි වූවත් යාලුවා සමඟ මාරුවෙන් මාරුවට අයිනෙ ශීට් එකේ ඉදගෙන යාමට එකග විය. වටපිටාව අන්ධකාර වූ නිසාත් මෙතරම් පාන්දර අවදි වී නුපුරුදු නිසාත් යාලුවන් සේම මා ද තද නින්දට වැටුණි. එක පාරටම ක්‍රී..ස් ගා ගැසූ බ්රේක් පාරට හිස ඉස්සරහ ශී...
සිංහල විෂය සහ සාහිත්‍ය රසවින්දනය ඔප් නැංවීම සඳහා ඇති අවකාශයකි.