Skip to main content

කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට විචාරය 02

කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට පාඩමේ එන පරිසර වර්ණනාවේ විචිත්‍රත්වය අගයන්න.


කෝට්ටේ සාහිත්‍ය යුගයට අයත් හංස සංදේශය සයවන පරාක්‍රමබාහු රජ දවස වීදාගම මෛත්‍රේය මාහිමි විසින් රචනා කොට ඇත. හංසයෙකු දූතයා කරගෙන පණිවුඩය යවන බැවින් මෙයට හංස සංදේශය යන නම ලැබුණි. මෙම සංදේශය රචනා කිරීමේ අරමුණ වූයේ කෑරගල වනරතන හිමියන් ලවා පිරිත් කියා සිරි පැරකුම්බා රජු හට සෙත් සිරි පැතීම විය.

හංස සංදේශයේ දූතයා පැමිණෙන පරිසරයේ විචිත්‍රවත්ව කෑරගල වැනුම තුල අව්‍යාජ ලෙස නිර්මාණය කොට ඇත. ස්වභාව සෞන්දර්යයෙන් ඉතා ඉහළ කෑරගල ගම්පියස දූතයාගේ සිතෙහි සතුට වඩවාලයි. චමත්කාරජනක පරිසරයක් චිත්‍රණය කරන කෑරගල වැනුම මෙලෙසින් විමසා බලමු.

සා ර පලය අඹ දඹ රඹද වල්         පිට
මී ර ජලය ඇල දොළ කඳු පිටින්    බට
නෑර ලොලය වඩවන දුටු දනන්    හට
කෑර ගලය වැජඹෙයි මේ ලෙසින්  සිට

සරුසාරවත් ඵල වලින් බරව සැදුණු අඹ, ජම්බු හා කෙසෙල් වලින් පිරුණු වන බිම්, උස් කඳු මුදුන්වලින් ගලා බසින නිල්ල පිරුණු ඇළ දොළ ආදියෙන් ගහන කෑරගල ගම්පියස දකින ජනයාගේ සිත් තුල බොහෝ ආශාව ප්‍රිය උපද්දවයි. මෙහි දී කතු හිමියන් පරිසර වර්ණනාව වඩවාලීමට "අඹ දඹ රඹද" යනුවෙන් පලතුරු තුනක් අනුප්‍රාසාත්මකව යෙදීම ඉතා අපූරුය. "මී ර ජලය" යනුවෙන් කතුහිමියන් ජලය සඳහා යෙදූ විශේෂණය ද ඉතා විශේෂය. ඉතා අලංකාරවත් ලෙස පබදින හංස සංදේශය තුල මෙලෙසින් පරිසරය හරි අපූරුවට වර්ණනාවට ලක් කොට ඇත.

පැසෙයි නිබඳ සුවඳැල් කෙත් වත්    අවට
ඇසෙයි ළමා වසු පැටියන් හඬ          දුරට
දිසෙයි වෙහෙර එහි සුරවිමනක්   ලෙසට
රසෙයි අමා රසමය ඒ පියස                 දුට

කෑරගල පරිසරයේ විචිත්‍රවත්ව කතු හිමියන් තව දුරටත් ප්‍රකාශ කරන්නේ මෙසේ ය. බැලූ බැලූ අත පෙනෙන සුවඳැල් වී පැසුණු කෙත් වතු වලට ඈතින් වසු පැටවුන්ගේ නාදය ද ඇසෙන අතර ඈත දීම දිස්වෙන විහාරය දිව්‍ය විමානයක් ලෙස පෙනෙයි. පරිසරයේ විචිත්‍රත්වය කොතරම්ද යැයි කිවහොත් කතු හිමියන් පවසන පරිදි මේ පරිසරයේ විචිත්‍රවත්ව දකින විට සිතට ඇති වන්නේ අමෘත රසයකි.

නිබඳ පැසී පල ලඹ දෙන          මිහිර'ඹය
සුවඳ විහිද සිටි විලිකුන් කැන්         රඹය 
නොමද තැනින් තැන වලු බර වන  රඹය
එමැද වෙහෙර දිලි දුර ලන        සසරබය

පැසී පල බර වූ මිහිරි අඹ වලු එල්ලී තිබෙන, දසන්තයේ සුවඳ විහිදුවාලමින් ඇති ඉදුණු කෙසෙල් ඇති, අඩුවකින් තොරව වලු පිටින් සෑම තැනම වල් කෙසෙල් ඇති මෙම කෑරගල ප්‍රදේශය මධ්‍යයේ සංසාර බිය දුරු කරන කෑරගල විහාරය බබලන්නේය, යනුවෙන් හිමියන් තවදුරටත් කෑරගල පරිසරයේ විචිත්‍රත්වය වර්ණනා කරයි.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.


නොයෙක් තැනම පිපි මල් පිරුණු  පොකුණුය
ගෙයක් කන ම සැදහෙන් දෙවන        දකුණුය
සුදක් ලෙස තිබෙයි මළු මං හැර          කුණුය
සියක් අය කෙරෙති වැඳ පුද            පැදකුණුය

ස්වභාව පරිසරය කොතරම් විචිත්‍රවත් වූවද එහි පැවැත්ම බොහෝ තැන්හි මිනිසා විනාශ කරයි. නමුත් කතු හිමියන් වර්ණනා කරන පරිදි කෑරගල අවට පොකුණු වල මල් පිපිල තිබෙයි. සෑම නිවසකම දන්දෙන දනට පිනට බර සැදැහැවතුන් ජීවත් වෙයි. මග තොට පිරිසිදුව තබා ගනියි. කෑරගලයේ වෙසෙන ජනතාවගේ ද හිත් සුන්දර බව මේ අනුව පෙනී යයි.

සුන්දර මිනිසුන් වෙසෙන විචිත්‍රවත් කෑරගල පරිසරය කතු හිමියන් වර්ණනා කර ඇත්තේ මේ අයුරිනි.



Key words 

කෑරගල වැජඹෙයි මේ ලෙසින් සිට විචාරය 
කෑරගල වැජඹෙයි මේ ලෙසින් සිට විචාරය 02
කෑරගලය විචාර 
කෑරගලය විචාර pdf
හංස සංදේශය විචාරය
කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට
කෑරගල කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට විචාර
කෑරගලය වැජඹෙයි විචාර
කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට pdf
කෑරගලය වැජඹෙයි මේ ලෙසින් විචාර

Comments