Skip to main content

සිංහල විචාර 83 - හානා හීය පානා අඬ හැරෙන් දැනේ විචාර ප්‍රශ්ණ 02

යහපත් ජීවිතයක් සඳහා ජන කවියෙන් ලද හැකි ආභාෂය හානා හීය පානා අඬ හැරෙන් දැනේ පාඩමේ උදාහරණ දෙමින් පැහැදිලි කරන්න.

හානා හීය පානා අඬ හැරෙන් දැනේ පාඩම සැකසී ඇත්තේ අගනා වටිනා ජන කවි කිහිපයක එකතුවකිනි. ජන කවිය අතීත ජන ජීවිතය හා තදින්ම බැදී පැවති අංගයක් විය. ජන කවි වර්ග රැසකි. බොහෝ ජන කවි වලින් ජන ජීවිතය සරු කර ගැනීමට බොහෝ උපදෙස් ලබා දෙයි. එසේ උපදෙස් ලබා දීම සඳහා අපූරු උදාහරණ සහ අලංකාරවත් බස් වහරක් ද ජන කවියා භාවිතා කර ඇත. 

මෙය මෙය තවදුරටත් හානා හීය පාන අඬ හැරෙන් දැනේ යන අපගේ පාඩමෙහි එන ජන කවි තුළින් විමසා බලමු.

නහින දෙහින කාලෙට පින් කෙරුම        යුත
වහින කලට කූරීන් විල් වලින්                   එත 
බහින දියෙන් දිය දෝතක් මුත් ගතොත් ඇත
පණින රිලවුන්ට ඉනිමං කමක්               නැත

ඕනෑම දේකට නිසි වෙලාවක් කලාවක් ඇත. කලට වේලාවට කටයුතු කල යුතු සේම ඒ ඒ දේවල් නිසි කාලයේ කල යුතුය. මේ බව බව දක්වන ජන කවියා වසයට ගිය පසු කල යුත්තේ පිං දහම් බව පවසයි. ගලා බසින ජලයෙන් දිය දෝතක් හෝ ගත්තොත් ඒ ටික හරි ඉතිරි වන බව උදාහරණ ලෙස ගෙන පවසා ඇත්තේ නැති වී විනාශ වී යන දෙයකින් කුඩා හෝ ප්‍රයෝජනයක් ගත හැකි නම් එය ගත යුතු බව පෙන්වා දෙමිනි. පනින රිලවුන්ට කිසි විටෙකත් ඉනිමං අවශ්‍ය නැත. ඔවුන් කෙසේ හෝ ගසින් ගසට පැන යයි. 

මෙසේ පවසා ඇත්තේ වැරදි සිදු කරන්නන් හට වැරදි සිදුකිරීමට අවශ්‍ය අනුබල ලබා නොදිය යුතු බව පෙන්වා දෙමිනි. මෙසේ කවිය පුරාවට ජන කවියා, යහපත් ජන ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

රන්විමනයේ සිටි මුත් දුක නැතිවෙද්   ද 
පැණි මීයේ කෑ මුත් බඩගිනි         නැද් ද 
මිණි බරනින් සැදුමුත් ගත    නොදිරද් ද
පැණිවරකා ගසටත් හෙන    නොවදිද් ද

මෙම ජන කවිය තුළ ද වටිනා උපදේශ කිහිපයක් දැක ගත හැකිය.

ඊළඟ පිටුවට .. 

මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.



රත්‍රන් මාලිගාවක ජීවත් වූවත් දුක් කම්කටොලු නැති වන්නේ නැත. පැල් පතක ජීවත් වන දුගියාට පමණක් නොව මාලිගා වල ජීවත් වන සිටු වරුන්ගේ ජීවත තුළද බොහෝ ප්‍රශ්න ඇත. එසේ නම් අග හිඟ කම් නිසා ප්‍රශ්න පැමිණේ යන්න මිත්‍යාවකි. සැබෑ ප්‍රශ්නය නම් තමා සිතන පතන ආකාරයයි. මෙය ජීවිතයට අගනා උපදේශය කි. කිරි, මී පැණි වැනි ඉතාමත් රසවත් ආහාර ගත්තත් බඩගින්න නැවත නැවත ඇති වේ. මෙහිදී ආහාර යනු හුදෙක් උදාහරණයක් පමණි. 

ජීවිත් වීම සඳහා අනවශ්‍ය දේ සිදු කිරීමේ නිශ්ඵලත්වය ජන කවියා සාමාන්‍ය ජනයාට පහසුවෙන් තේරුම් ගත හැකි උදාහරණයක් මගින් කියා දී ඇත. රන්, මුතු, මැණික් ගත දවටා ගෙන තම ශරීරය සරසාගෙන සිටියද කිසියම් දිනක සියල්ලෝම පොළොවට දිරා යයි. මෙම උදාහරණය තුල ජීවිතයේ අනිත්‍ය බව මෙනෙහි කරන ජන කවියා අල්පේච්ඡ ජීවිතයක් හොඳ බව වියංගවත් කර ඇත. පැණි වරකා යනු කොතරම් වටිනා ගසක් වූවද අකුණකට එය නිකම්ම ගසක් පමණි. එයින් කියා දෙන උපදේශය නම් තම ජීවිතය ගැන සිතමින් ඕනවට වඩා උඩඟු කමින් දිවි ගෙවීම නොකල යුතු බවයි. 

මේ ආකාරයට ජන කවියා කියා දීමට උත්සාහ ගන්නා ගැඹුරු දහම මෙවැනි වූ උදාහරණ තුළින් ජනයාට වඩා පහසුවෙන් ඒත්තු ගන්වා ඇත. මෙසේ මෙම ජන කවි තුලින් ලබා දෙන උපදෙස් වටහාගෙන අපට සාර්ථක යහපත් ජීවිතයක් ගොඩනඟා ගත හැකිය.

ඇස නැති දා පොත ගත්තේ        කියන්ට ද
දත නැතිදා උක් දඬු ගිනි             තපින්ට ද 
යුධ ඇති දා නැති කඟ කොස් කොටන්ට ද
වෙර නැති ගහ ගත්තේ            ... දිනන්ට ද 

"යුද්දෙට නැති කඩුව කොස් කොටන්ට ද" යන්න අප නිතර අසා ඇත. ස්ථානෝචිතව කටයුතු කිරීම හෙවත් නිසි කාලයේදී නිසි දේ සිදු කළ යුතුය. අවශ්‍ය දේට අවශ්‍ය දේ භාවිත කල යුතුය යන උපදේශය මෙම කවිය තුල අන්තර්ගත වේ. ජීවිතය සාර්ථක කර ගත හැක්කේ මෙලෙස ස්ථානෝචිතව, කාලෝචිතව ක්‍රියා කල විටය. ඇස් පෙනෙන කාලයේ පොත පත කියවා දැනුම ගත යුතුය. වයසට ගොස් බණ පොත් දෙස බොරුවට බලා සිටීම නිශ්ඵල වන්නේය. එසේම දත් නැතිනම් උක් දඩු කෑමට නොහැකිය. 

වාරු නැති කල ගහ මරා ගැනීමට යෑමෙන් තමාට අයිති කර ගත හැකි දෙයක් නොමැතිය. මෙසේ ජන කවියා සියලන්ගේම ජීවිතයට යහපත් උපදේශයක් ලබා දෙන බැව් උක්ත කවියෙන් ගම්‍යමාන වෙයි.

අඳුරු කරුවලේ පදුරට මුවා          වෙලා 
විදුලි එළිය දැක ගිනි හුල දියේ      හෙලා 
අනුන් ලියන් දැක තම ලියට තල    තලා 
දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා

කළුවර කාලේ පඳුරකට මුවා වී සිටි මිනිසෙකු විදුලි එළියක් දැක තම ගිනිහුල හෙවත් පන්දම දියට දමති. විදුලි එළිය පන්දමට වඩා එලිය වූවද පවතිනුයේ සුලු කාලයකි. තවද අන්සතු බිරින්දෑවරුන්ගේ ගුණ දකින බොහෝ පුරුෂයන් තම බිරිඳගේ දුර්ගුණ පමණක් දකියි. තවද පලා නෙලමින් සිටි අයෙක් දිව යන මුවෙක් දැක පලා වලට වඩා මුව මස් හොඳයි සිතා තමා නෙලාගත් පලා විසිකර මුවා පසු පස යයි. 

මුවකු එලෙස අල්වා ගැනීම ඉතා අපහසු අතර අවසාන ලෙස තමා මුලින් නෙලා ගත් පලාද තමාට අහිමි වේ. දුරදිග බලා කටයුතු නොකිරීම නිසා තමා සතු දේ පවා නැති වී යන අයුරු මේ ලෙස උදාහරණ ඔස්සේ ජන කවියා දක්වා ඇත.

ඉහත කවි තුළින් ජීවිතයට වැදගත් සහ අත්‍යවශ්‍ය උපදෙස් රැසක් ලබාදෙයි. එය අලංකාරවත් උපමා භාවිත කර සරල බස් වහරකින් ජන කවියා පාඨකයා හට සමීප කරයි. විටෙක ජන කවිය උපදෙස් බොහෝමයක් සියලු දෙනාගේම ජීවිත වලට ලබා දෙන බව ඉහත කවි තුළින් පැහැදිලි වන අතර ජන කවියෙන් මිනිස් ප්‍රජාවට ලබා දෙන උපදෙස් බොහෝ දුරට සාර්ථක වී ඇත.



Key words 

හානා හීය පානා අඬ හැරෙන් දැනේ විචාර 

හානා හීය විචාර ලිවීම 

හානා හීය 10 ශ්‍රේණිය විචාර ලිවීම 

යහපත් ජීවිතයකට උපදේශ හානා හීය විචාර 

හානා හීය පානා විචාර pdf download 

Comments